කොහොමද බයිස්කෝප් වාසිනි, එන්න එන්න ඉරණම්කාරියන්ගේ කතාව උණුසුම් වෙන මොහොතක, අටවන වෙලුම දිග හරින්නයි මේ සුදානම, පසුගිය කතාවෙන්, සීමාවෙන් එපිට ලෝකයේ වගතුග පසුගිය කතාවෙන් හෙළිදරව් වූ නිසාවෙන්, නව මානයක තොරතුරුත්, ලුක් ගැනත්, ගිලීඩයට එරෙහිව නැගී සිටිනා අනෙකුත් රාජ්‍යයන් හා සංවිධාන ගැනත් අදහසක් හැමෝටම ගන…

කොහොමද බයිස්කෝප් වාසිනි, එන්න එන්න ඉරණම්කාරියන්ගේ කතාව උණුසුම් වෙන මොහොතක, අටවන වෙලුම දිග හරින්නයි මේ සුදානම,
පසුගිය කතාවෙන්,
සීමාවෙන් එපිට ලෝකයේ වගතුග පසුගිය කතාවෙන් හෙළිදරව් වූ නිසාවෙන්, නව මානයක තොරතුරුත්, ලුක් ගැනත්, ගිලීඩයට එරෙහිව නැගී සිටිනා අනෙකුත් රාජ්‍යයන් හා සංවිධාන ගැනත් අදහසක් හැමෝටම ගන්න පුළුවන් වෙන්න ඇති නේද? කැනේඩියානු රාජ්‍යයේ ඉන්න සරණාගතයින් ගැන දැන්නම් අවබෝධයක් ඇති කියලා හිතනවා. තවත් වැදගත් සිදුවීමක් ලෙස ජූන් ලුක්ට ලියනා ලද ලිපිය මෙක්සිකානු රාජ්‍ය දුතයා විසින් කැනේඩියානු-ඇමෙරිකා රාජ්‍ය නියෝජිතයන් හරහා ලුක් අතට පත්වීමයි.එය කතාවට ලුක්ගේ නැවත ආගමනයයි. පසුගිය කතාව අළුත් ප්‍රවේශයක් ලබාදුන්නත් එය ප්‍රශ්න කන්දක් ඉතිරි කලා වගේ දැනුනා මටනම් මේ කතා සාමය අවසාන මත්තෙන් ලුක්ට ජූන් කරා පැමිණෙන්නට හැකිවේවිද? මටනම් හිතෙන්නේ කාලය මදිවේවි වගේ. ඔයාලගේ අදහස කොහොමද? නැවතත් සුපුරුදු පරිදි කතාව, ජුන්ගේ පැත්තෙන් කියවන්නයි සුදානම. ජුන්ගේ හා නික්ගේ සම්බන්ධය කුමක් උදෙසා වුවක්ද කියා සිතාගන්න බැරි තැනකයි තියෙන්නේ.ඔයාලටත් එහෙම ඇති? ඒ වගේම ජූන් හා කමාන්ඩර් ෆ්‍රෙඩ් අතර ඇති සම්බන්ධය ජූන් විසින් කෙතරම් දුරකට ගෙනයාවිද ?කමාන්ඩර්ගෙන් වාසිතකා පමණද ඇය එය භාවිතා කරන්නේ ? අද කතාව ඒ සෑම දේකට පිළිතුරු සපයවී.
අද කතාව,
කොටස් 8ක් විකාශය වනතෙක් සැඟවුන චරිතයකට පණ පෙවූ නික්ගේ අතීතාවර්ජනය ගෙන එන්නටයි අද කතාවෙන් භාගයක් වෙන්වුනේ. අද කොටස සම්පුර්ණයෙන්ම වෙන්වී ඇත්තේ සැඟවුන දේවල් ගැනම කතා කරන්න වීම විශේෂත්වයක්. “සැඟවුන ජිසෙබෙල්” කරා හොරෙන්ම පියමනින්නේ කවුරුන්ද? ඇයි එහෙට යන්න තියෙන අවශ් යතාව? එහෙ මොනවාද සිද්ද වෙන්නේ? මෙතෙක් කතාවේ සැඟවුන චරිත මේ සැඟවුන ස්ථානයෙදීවත් හමුවේවිද? කමාන්ඩර්වරුන්ගේ සැඟවුන කතාවන් අද කරළියට එන්න නියමිතයි. අද කතාවේ IMDb අගය 8.1 ක් අගයක් පැවතීම පසුගිය කතාව හා සසඳන විටදී ගොඩක් පහල මට්ටමක් වුවත්, මට දැනෙන විදිහට කතාවේ ගුණයට බලපෑමක් එල්ල කරන්නට එය සමත් වුනේ නැහැ. එහෙනම් වැඩි කතා නැතුව, එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු හැමෝටම ජය !!! 🚩 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,269 downloadsDownload The-Handmaids-Tale-S01E08.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
20 comments
Rasindu Perera
Chokzi
Tnx very much.....
chathump
සුපිරි බං. දිගටම යමු
sam fisherr
මම නම් හිතන්නෙ ඔෆ්රට් දෙන්නවම පාවිච්චි කරනව එච්චරයි.කමාන්ඩරයව kiss කරාට පස්සෙ කටහොදල දතුත් මදිනව අපි දැක්කනෙ.නික් ගැනනම් කියන්න අමාරැයි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suranjan
Thanks machan.....jayawewa....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.......ජය වේවා........!!!!!!!!!!!!!
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Kapila4499
thanks for sub broo..............................
Tharu
tnq
Rasitha Illangasinghe
Thanks sub ekata..
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව එපි දෙකයි season 1 එකේ...
දිගටම දෙමු...