It: Welcome to Derry S01 Sinhala Subtitles ස්ටීවන් කිං 1986 දී IT නවකතාව එළියට දානකොට, ඒක නිකන්ම පොතක් වුණේ නෑ. ඒක වුණේ පරම්පරාවක බියකරු සිහිනයක්. පිටු දහස් ගාණක් පුරා දිවෙන මේ දැවැන්ත කතාවෙන් කිව්වේ මේන් ප්‍රාන්තයේ ඩෙරී කියන නගරයට හැම අවුරුදු 27කට සැරයක්ම ඇවිත්, පොඩි ළමයින්ව බිල්ලට ගන්න Pennywise…
It: Welcome to Derry S01 Sinhala Subtitles
ස්ටීවන් කිං 1986 දී IT නවකතාව එළියට දානකොට, ඒක නිකන්ම පොතක් වුණේ නෑ. ඒක වුණේ පරම්පරාවක බියකරු සිහිනයක්. පිටු දහස් ගාණක් පුරා දිවෙන මේ දැවැන්ත කතාවෙන් කිව්වේ මේන් ප්‍රාන්තයේ ඩෙරී කියන නගරයට හැම අවුරුදු 27කට සැරයක්ම ඇවිත්, පොඩි ළමයින්ව බිල්ලට ගන්න Pennywise කියන දරුණු, ඕනෑම රූපයක් මවාගන්න පුළුවන් අමනුෂ්‍ය බලවේගයක් ගැන. මේකට විරුද්ධව සටන් කරන The Losers’ Club කියන ළමයි හත් දෙනාගේ යාළුකම, ධෛර්යය සහ එයාලා ලොකු වුණාට පස්සේ ආයෙත් මේ යක්ෂයාට මුහුණ දෙන හැටි තමයි කතාවේ හදවත වුණේ.
මේ කතාව කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, 1990 දී මේකෙන් ටෙලි නාට්‍ය මාලාවක් හැදුණා. ටිම් කරීගේ පෙනිවයිස් රංගනය නිසා ඒ කාලේ ළමයි විකටයෝ දිහා බැලුවෙත් බයෙන්. ඊට පස්සේ 2017 සහ 2019 දී ආපු IT ෆිල්ම්ස් දෙකෙන් බිල් ස්කාස්ගාඩ්ගේ පෙනිවයිස් අලුත් පරම්පරාවම භීතියෙන් වෙව්ලවන්න සමත් වුණා.
Welcome to Derry ශාපයේ ආරම්භය
ඉතින්, Welcome to Derry කියන්නේ ඔය අපි දන්න Losers’ Club එකේ කතාවට අවුරුදු ගාණකට කලින්, ඒ කියන්නේ 1960 ගණන්වල ඩෙරී නගරයේ සිද්ධ වුණු දේවල් ගැන කියවෙන කතා මාලාවක්. පෙනිවයිස්ගේ ශාපය ඩෙරී නගරය පුරා පැතිරෙන්න පටන් ගත්ත මුල් කාලය ගැන තමයි මේකෙන් කියවෙන්නේ.
කතාව පටන් ගන්නේ 1962 දී, මැටී ක්ලෙමන්ට්ස් කියන පොඩි කොල්ලෙක් සිනමා ශාලාවකින් පැනලා දුවන සිදුවීමකින්. ඩෙරී නගරයෙන් කොහොමහරි පැනගන්න හදන මැටීට, අමුතු පවුලක් මුණගැහෙනවා. “ඔයාව කොහෙන්ද බස්සන්න ඕන?” කියලා ඇහුවම, මැටී කියන්නේ “ඩෙරී ඇරෙන්න වෙන ඕනම තැනකින්” කියලා. හැබැයි, ඒ පවුලේ අමුතු හැසිරීම් එක්ක මැටීට හිතාගන්නවත් බැරි බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා.
මාස හතරකට පස්සේ, කතාවේ අලුත් චරිත ටිකක් අපිට මුණගැහෙනවා. ඩෙරී ගුවන් හමුදා කඳවුරට අලුතින් එන ලෙරෝයි සහ පෝලි කියන හමුදා නිලධාරීන් දෙන්නා, මැටීගේ අතුරුදහන් වීම ගැන තාමත් දුක්වෙන එයාගේ යාළුවෝ වෙන ටෙඩී, ෆිල් සහ ලිලී මේ අතර ප්‍රධානයි.
කතාවේ කුතුහලය ඇවිස්සෙන්නේ, ලිලී එයාගේ ගෙදර නාන කාමරයේ ඉද්දී, බටේ ඇතුළෙන් මැටීගේ කටහඬ ඇහෙන්න ගත්තමයි. මැටී අතුරුදහන් වුණු දවසේ බලපු The Music Man චිත්‍රපටියේ සින්දුවක් තමයි එයා කියන්නේ. මේ අද්භූත සිදුවීමත් එක්ක, මේ ළමයි කණ්ඩායම මැටීට ඇත්තටම මොකද වුණේ කියලා හොයන්න පටන් ගන්නවා.
මේ විමර්ශනය අතරතුර එයාලට ඩෙරී නගරයේ අඳුරු රහස්, මිනිස්සුන්ගේ හිතේ තියෙන බිය සහ හිතාගන්නවත් බැරි තරම් දරුණු, අමනුෂ්‍ය බලවේගයක සෙවණැලි මුණගැහෙනවා. පළවෙනි කොටස අවසන් වෙන්නේ, මේ ළමයි කණ්ඩායම තමන් හොයන දේට මුහුණ දුන්නම, ඒක එයාලා හීනෙකින්වත් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි කියලා තේරුම් යන තැනකින්.
Welcome to Derry පළමු කොටසෙන්ම ඩෙරී නගරයේ තියෙන බියකරු බව, අභිරහස් සහ ඉදිරියට වෙන්න යන දේවල් ගැන ලොකු කුතුහලයක් ඇති කරනවා. IT රසිකයෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාවක්
It: Welcome to Derry Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,341 downloadsDownload IT-Welcome-to-Derry-S01E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
7 comments
Arawinda
Kesara Withanage
ඉතාම ඉක්මණින් ලබාදුන්නා සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ඔබට ජයවේවා! තෙරුවන් සරණයි!Buddhika laKMal
ස්තූතියි මිලින්ද සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙනවට........
Sahan Gayantha
thanks a lot Milinda saho sub ekata
Lahiru Lakshan
thanks machn...
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H