Watch Trailer

Monster : The Ed Gein Story [S03 : E07] Sinhala Subtitles | භින්නෝන්මාදය… [සිංහල උපසිරසි] (18+)

මෙන්න එහෙනම් Monster: The Ed Gein Story කතා මාලාවේ හත්වැනි කොටසත් අපි අද අරගෙන එනවා. කළින් කොටසේදී එඩ් ගීන් අත්අඩංගුවට පත් වුණු විධිය ඔබ දකින්න ඇති. ඒ එක්කම එඩ් ගීන් කළ අපරාධ ගැන පොලිසිය විමර්ෂණ කරනවා. ඉන්පස්සේ එඩ්ට මොකද වෙන්නේ? එඩ් කියන නිදහසට කරුණු පොලිසිය විසින් පිළිගනීවිද? බර්නිස් වෝර්ඩ්න්ගේ පු…

මෙන්න එහෙනම් Monster: The Ed Gein Story කතා මාලාවේ හත්වැනි කොටසත් අපි අද අරගෙන එනවා. කළින් කොටසේදී එඩ් ගීන් අත්අඩංගුවට පත් වුණු විධිය ඔබ දකින්න ඇති. ඒ එක්කම එඩ් ගීන් කළ අපරාධ ගැන පොලිසිය විමර්ෂණ කරනවා. ඉන්පස්සේ එඩ්ට මොකද වෙන්නේ? එඩ් කියන නිදහසට කරුණු පොලිසිය විසින් පිළිගනීවිද? බර්නිස් වෝර්ඩ්න්ගේ පුත්‍රයා ෆ්‍රෑන්ක් වෝර්ඩ්න්ට මොකද වෙන්නේ? අද කතාව එතැනින් ඉදිරියට…   අද පළ වන කතාංගය ගැන:
  • හත්වැනි කොටස –  “Ham Radio”
  • අධ්‍යක්ෂක – Max Winkler
  • තිරරචනය –  Ian Brennan
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2025 ඔක්තෝබර් 03
  • IMDb Ratings –  7.2/10
අද කොටසේ කතාවට යොමුවෙමු එහෙනම්. 1958දී බර්නිස්ගේ මරණයෙන් තවමත් කම්පනයෙන් ඉන්න ෆ්‍රෑන්ක් වෝර්ඩ්න් ගීන්ගේ වතුයායට නඩු දමන්නේ එහි දේපළ වෙන්දේසි කිරීමේ අරමුණින්. එඩ් ගීන්ට අයත්ව තිබුණු දේපළ විකුණා වින්දිතයන්ට වන්දි ගෙවන්නයි ඔහු සූදානම් වෙන්නේ. වෙන්දේසි දවසේ ඔහුගේ බිහිසුණු නිර්මාණ බලන්න මහා සෙනඟක් එනවා වගේම ෆ්‍රෑන්ක් ඔවුන්ට ප්‍රවේශපත්‍ර අලෙවි කරලා එඩ්ගේ ‘භීෂණයේ නිවහන’ එහෙම නැත්නම් House of Horror මහජන ප්‍රදර්ශනයට තබනවා. ඔහු විසින් කළ නිර්මාණ ප්‍රසිද්ධියේ වෙන්දේසි කෙරෙනවා. මේ අතර එඩ්ගේ මෝටර් රථය වෙන්දේසි කරන්නට උත්සාහ කරන ෆ්‍රෑන්ක් වෝර්ඩ්න්ට අනපේක්ෂිතව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය මොකක්ද? මේ වන විට මානසික රෝගී රෝහලක සිටින එඩ් ගීන්ට එම දේපළ වෙළඳාමෙන් ලැබෙන සුළු මුදල  එඩ් යොදවන්නේ කුමක් මිලට ගැනීමටද? එඩ් ගීන් විසින් සිදුකල ක්‍රියාවන් ඇසුරින් තෝමස් හැරිස් විසින් 1988දී රචනා කළ The Silence of the Lambs නවකතාව ඇසුරින් ප්‍රවීණ අධ්‍යක්ෂක ජොනතන් ඩේම් විසින් නිර්මාණය කරන The Silence of the Lambs  සිනමාපටයට එඩ් ගීන්ගේ චරිතය ආභාසයක් වුණු අන්දම අද කතාවෙන් පෙන්වනවා.  අද කොටසත් අපි බලමු එහෙම නම්… අධ්‍යක්ෂක ජොනතන් ඩේම්, Silence of the Lambs (1991) සිනමාපටයේ පෝස්ටරයක්, එහි බෆලෝ බිල් ලෙසින් රඟන ටෙඩ් ලෙවින් සහ මෙහි එම චරිතය නිරූපණය කරන ගෝල්ඩන් ගාර්නික් කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.  අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

758 downloadsDownload Monster-The-Ed-Gein-Story-S01E07.zip29 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

758 downloadsDownload Subtitles29 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ සබ් එකට