It: Welcome to Derry S01 Sinhala Subtitles ඔන්න එහෙනම් කතාවේ අන්තිම හරියටම ඇවිත් තියෙන්නේ. මේ කොටස පටන් ගන්නේ 1908 අතීතයෙන්. ඉන්ග්‍රිඩ්ගේ තාත්තා, බොබ් ග්‍රේ, පොඩි ළමයෙක් විදිහට වෙස් වලාගත්තු මේ අමනුෂ්‍යයා පස්සේ කැලේට ගිහින් ආයේ කවදාවත් එන්නේ නැති විදිහ අපිට මුලින්ම දකින්න ලැබෙනවා. වර්තමානයට ආවම දේව…
It: Welcome to Derry S01 Sinhala Subtitles
ඔන්න එහෙනම් කතාවේ අන්තිම හරියටම ඇවිත් තියෙන්නේ. මේ කොටස පටන් ගන්නේ 1908 අතීතයෙන්. ඉන්ග්‍රිඩ්ගේ තාත්තා, බොබ් ග්‍රේ, පොඩි ළමයෙක් විදිහට වෙස් වලාගත්තු මේ අමනුෂ්‍යයා පස්සේ කැලේට ගිහින් ආයේ කවදාවත් එන්නේ නැති විදිහ අපිට මුලින්ම දකින්න ලැබෙනවා.
වර්තමානයට ආවම දේවල් හරිම බිහිසුණුයි. බවර්ස්ගේ මැර කල්ලිය බ්ලැක් ස්පොට් එකට කඩා වැදිලා හෑන්ක්ව ඉල්ලලා මුළු බිල්ඩිමටම ගිනි තියනවා. හැලොරන් කොහොමහරි හෑන්ක්, රොනී සහ විල්ව බේරගත්තත්, අවාසනාවන්ත විදිහට මාර්ජ්ව බේරගන්න ගිහින් රිච් එයාගේ ජීවිතේ පූජා කරනවා.
මේ අතරේ ඉන්ග්‍රිඩ් එයාගේ පරණ කොස්ටියුම් එකත් ඇඳගෙන එතනට එන්නේ මේ පෙනිවයිස් කියන්නේ එයාගේ තාත්තා කියලා හිතාගෙන. හැබැයි පෙනිවයිස් එයාගේ ඇස් ඉස්සරහම ස්ටැන්ව මරලා දානවා දැක්කම තමයි එයාට තේරෙන්නේ මේ එයාගේ තාත්තා නෙවෙයි කියලා. අන්තිමේදී පෙනිවයිස් එයාට Deadlights පෙන්නලා එයාව සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා.
රිච්ගේ මරණය ගැන ආරංචිය අරන් මාර්ජ් සහ රොනී, ලිලීව හම්බවෙන්න යනවා. හැබැයි ඒ වෙද්දි ලිලී ඉන්නේ අර කණුව ගැන පිස්සුවෙන් වගේ.
හැලොරන්ට දැනෙනවා පෙනිවයිස් ආයෙත් නිදාගන්න (hibernation) ගියා කියලා. ඒ නිසා එයාලා එක කණුවක් ගලවලා විනාශ කරනවා. ඒත් ජෙනරල් ෂෝ එයාගේ යටි අරමුණ ලෙරෝයිට කියනවා. මිනිහට ඕන පෙනිවයිස්ව හිර කරන්න නෙවෙයි, ඌව නිදහස් කරලා ඌගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ව පාලනය කරන්න.
කොටස ඉවර වෙන්නේ හිතාගන්න බැරි තැනකින්. රෝස් හෑන්ක්ව ආරක්ෂිතව හංගගෙන හිටියට, නිදාගත්තා කියලා හිතපු පෙනිවයිස් ආයෙත් ඇහැරිලා විල්ගේ ගෙදරටම එනවා. ඇවිත් විල්ටත් අර භයානක Deadlights පෙන්නනවා.
ඉතින් ඊළඟට මොකද වෙන්නේ? රිච් නැති වුණු එක ළමයින්ට කොහොම බලපායිද? විල්ට මොකක් වෙයිද? මේ ඔක්කොම බලාගන්න Welcome to Derry 7 වෙනි කොටස බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා!
It: Welcome to Derry Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,942 downloadsDownload IT-Welcome-to-Derry-S01E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
12 comments
Sangith
Buddhika laKMal
බොහෝම ස්තූථියි සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට......
❤️❤️❤️❤️❤️❤️Sahan Gayantha
thanks a lot Subash brother sub ekata
Kesara Withanage
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝදරයා!
Saman
8ep ekath ekamanata ona sudda
Lahiru Lakshan
thanks
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Hasindu
අඩේ 8 දෙන්නකෝ ඉක්මනට... පිස්සු වගේ ඕයි... spoi වෙනවා වටෙන්ම...
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...❤️❤️❤️
Hasindu
අනේ 8 දෙන්නකෝ ඉක්මනට plz...
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



පින් සිද්ද වෙනවා අන්තිම කොටසවත් ඇවිල්ලා දවසක් ඇතුලත දියන් බන්.. බයිස්කොප් එකෙන් සබ් එක දානකන් බලන් ඉන්නවා මොකක් උනත් බලන්න.. බලපන් මෙක ඇවිල්ලා දවස් ගානක් ගිහිල්ලනෙ.. අපි දන්නවා උබල රුපියලක්වත් අරන් නෙවෙයි වෙන්න ඇති මෙවා කරන්නෙ .. එකෙන්ම ගරු කරනවා එකට eth sub eka danakan balan inne dn daa athi dan dala athi kiyala. Anthima ekawath diyan bn ikmaata