It: Welcome to Derry S01 Sinhala Subtitles ඔන්න එහෙනම් Welcome to Derry කතා මාලාවේ අවසාන කොටසට, ඒ කියන්නේ 8 වෙනි කොටසට අපි ඇවිත් ඉන්නේ. මේක ඇත්තටම හුස්ම හිර කරගෙන බලන්න වෙන විදිහේ දරුණු අවසානයක්. මේ කොටස පටන් ගන්නේ මුළු ඩෙරී නගරයම අමුතු, බියකරු මීදුමකින් වැහිලා යන තැනින්. ඩෙරී හයි ස්කූල් එකේ ළමයි ඔ…
It: Welcome to Derry S01 Sinhala Subtitles
ඔන්න එහෙනම් Welcome to Derry කතා මාලාවේ අවසාන කොටසට, ඒ කියන්නේ 8 වෙනි කොටසට අපි ඇවිත් ඉන්නේ. මේක ඇත්තටම හුස්ම හිර කරගෙන බලන්න වෙන විදිහේ දරුණු අවසානයක්.
මේ කොටස පටන් ගන්නේ මුළු ඩෙරී නගරයම අමුතු, බියකරු මීදුමකින් වැහිලා යන තැනින්. ඩෙරී හයි ස්කූල් එකේ ළමයි ඔක්කොම එක තැනකට රැස් කරවලා පෙනිවයිස් එයාගේ නියම, බිහිසුණු ස්වභාවය පෙන්නනවා. අර අපි කලින් කොටස්වල දැක්ක විනාශ වුණු කණුව තිබ්බ තැනින් එහාට, මෝහනය වුණු ළමයින්ව පෙනිවයිස් අරගෙන යනවා. විල් පවා මේ අතර ඉන්නවා.
තමන්ගේ පන්තියේ යාළුවෝ ඔක්කොම අතුරුදහන් වෙලා කියලා දැනගන්න ලිලී, රොනී සහ මාර්ජ් නිකන් ඉන්නේ නෑ. එයාලා පරණ කිරි ට්‍රක් එකක් හොයාගෙන මේ ලේ පාර දිගේ ළමයින්ව බේරගන්න පිටත් වෙනවා. අනිත් පැත්තෙන් ලෙරෝයිට පෙනිවයිස්ගෙන් තර්ජනාත්මක කෝල් එකක් එනවා. කොහොමහරි ලෙරෝයි, මානසිකව වැටිලා ඉන්න ඩික් හැලොරන්වයි, රෝස්වයි එකතු කරගෙන මේ අන්තිම සටනට ලෑස්ති වෙනවා. මේ යකාව ආපහු හිර කරන්න නම් එයාලට අර පූජනීය ඩැගර් එක (කිණිස්ස) අනිවාර්යයෙන්ම ඕන වෙනවා. හැබැයි රෝස් අනතුරු අඟවනවා මේ ඩැගර් එක ලේසි පහසු එකක් නෙවෙයි, ඒක පාවිච්චි කරන කෙනාගේ මනස විකෘති කරන්න ඒකට පුළුවන් කියලා.
මිදුණු ගඟක් මැද්දේ, මීදුම අතරින් පෙනිවයිස් එක්ක කෙරෙන මේ අන්තිම සටන හරිම තීරණාත්මකයි. ජෙනරල් ෂෝ තාමත් හිතාගෙන ඉන්නේ මේ යකාව පාලනය කරන්න පුළුවන් කියලා, හැබැයි එයාට ඒකෙ ප්‍රතිවිපාකවලට මූණ දෙන්න වෙනවා. ළමයිනුයි, ලෙරෝයි ඇතුළු කණ්ඩායමයි පෙනිවයිස්ව නවත්තන්න දරන අන්තිම උත්සාහය සාර්ථක වෙයිද? අපේ බලාපොරොත්තු නොවුණු කෙනෙක්ගේ ආත්මයක් මේ වෙලාවේ ළමයින්ට උදව්වට එන්නේ කොහොමද?
ඒ වගේම අනාගතයේදි අපි IT චිත්‍රපටියේ දකින Richie Tozier ගැනත් පුංචි ඉඟියක් මේ කොටසේදී බලාගන්න පුළුවන්. අවුරුදු 27කට සැරයක් එන මේ ශාපය ආපහු නිද්‍රාවට යයිද, නැත්නම් ඩෙරී නගරය සදහටම විනාශ වෙයිද කියලා බලාගන්න මේ අන්තිම කොටස අතාරින්නෙ නැතුව බලන්න.
ඉතින්, කොටස් 8ක් පුරාවට මේ බියකරු ඩෙරී නගරයේ අභිරහස් විසඳන්න අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි! IT විශ්වයේ තවත් අඳුරු පරිච්ඡේදයක් මෙහෙම අවසන් වෙනවා. ජය!
It: Welcome to Derry Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,020 downloadsDownload IT-Welcome-to-Derry-S01E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
10 comments
kavinda gamage
Hasindu
අඩෝ එනකං හිටියෙ පිස්සුවෙන් වගේ... පර්ක්කු වුනාට කමක් නෑ... බොහොම ස්තුතියි සහෝ...
Dasun
thq brdh
Anonymous
thank you sub ekata bro.good luck
sumed
sub ekata thank you bro.good luck
Sahan Gayantha
thanks a lot Milinda saho sub ekata
Sandaru Nimsara
Thanks ❤️
Buddhika laKMal
උපසිරැසියට ස්තූතියි මචං
Lahiru Lakshan
thanks...
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි නියම වැඩක්