පෙර කොටසින් ට්‍රිෂ් දරුණු විදිහට සැලින්ජර්ටපහර දුන්න නිසා එයා රෝහල් ගත කරන ගමන් හිටියෙ. මුනේ එක පැත්තක සෑහෙන ලොකු කැළලක් ඇතිවෙලත් තිබුණා. ට්‍රිෂ් ඒ වෙලාවේ තමන්ගේ අම්මාගෙ මරණේ වෙනුවෙන් සැලින්ජර්ට පහර දුන්නත් එයා හෝ ජෙසිකා දැනන් හිටියෙ සැලින්ජර් ඒ වෙලාවේ සිද්ද වෙච්ච හැමදේම වීඩියෝ කරගෙන තිබිලා කියලා.…

පෙර කොටසින්
ට්‍රිෂ් දරුණු විදිහට සැලින්ජර්ටපහර දුන්න නිසා එයා රෝහල් ගත කරන ගමන් හිටියෙ. මුනේ එක පැත්තක සෑහෙන ලොකු කැළලක් ඇතිවෙලත් තිබුණා. ට්‍රිෂ් ඒ වෙලාවේ තමන්ගේ අම්මාගෙ මරණේ වෙනුවෙන් සැලින්ජර්ට පහර දුන්නත් එයා හෝ ජෙසිකා දැනන් හිටියෙ සැලින්ජර් ඒ වෙලාවේ සිද්ද වෙච්ච හැමදේම වීඩියෝ කරගෙන තිබිලා කියලා. ජෙසිකා බය වුණා සැලින්ජර් මේක එලියට දායි කියලා. මොකද වෙස් මූනක් දාගත්ත අනික් සුපිරි වීර කාන්තාව කියන්නේ තවමත් අනික් අයට අභිරහසක්. මේ හින්දම ජෙසිකයි සැලින්ර් අතරයි ගිවිසුමකට ආවා. සැලින්ජර්ටඕන වෙලා තිබුනේ එයා හිරේ නොයන විදිහට සාක්ෂි විනාශ කරවන්නයි. මේ නිසාම ජෙසිකා එරික් ලවා දුෂිත පොලිස්කාරයෙක්ව හොයාගෙන සාක්ශි තියෙන තැනට ගිහින් ඒ දේවල් විනාශ කලා. සැලින්ජර්ව හිරේ යවන්න තිබුණු එකම විදිහත් නැති කරපු නිසා ට්‍රිෂ් ජෙසිකා එක්ක හුගක් තරහින් හිටියෙ.
ජෙසිකාගෙ වැඩ නිසා හැමදාමත් එයාගෙ වටේ ඉන්න අයට ලොකු බලපෑමක් වෙනවා. මැල්කම්. ඒවගේම තමයි පරීක්ෂක කොස්ටා, එයාට එයාගෙ රස්සාව නැතිවෙලා ගියා ජෙසිකා කලින් කරපු වැඩ නිසා. මේ දේවල් හැමදේම වෙන අතරේ වතාවක් NYPD එකේ පොලිස් නිලධාරින් වගයක් ජෙසිකාගෙ නැවතුම්පල සෝදිසි කරන්න ගත්තා ජෙසිකා එරික් එක්කලා සාක්ෂි විනාශ කරන්න හොයාගත්ත දුෂිත පොලිස් නිලධාරියා නස්බැව්මර් මැරිලා ඉද්දි හොයාගෙන තිබුණු නිසා. එරික් මුලින්ම ජෙසිකා එක්ක ඔය නස්බැව්මර්කියන නිලධාරියා මුණගැහෙන්න ගියාම එරික් හැසිරුණේ හරිම අමුතු ආක්‍රමණශීලි විදිහටයි. ඒවගේම නස්බැව්මර් අවසානෙදි යන්න කලින් කිව්වා එරික්ගෙ මූන අදුරගත්ත එක හොදයි කියලා. ඉතින් මේ දේවල් එක්ක ජෙසිකා හිතන්න ගන්නවා නස්බැව්මර්මරන්න ඇත්තේ එරික් කියලා. ඇත්තටම එරික් වෙන්න ඇතිද? මොකද සැලින්ජර්තාමත් ඉන්නේ ඉස්පිරිතාලෙ. මේ දෙන්නා එකට වැඩ කරනවා ඇතිද? එහෙම නැත්තම් සැලින්ජර්ට අමතරව මේ වතාවේ පසුබිම් දුෂ්ටයෙකුත් ඉන්නවා ඇතිද?
අද කොටසින්
ට්‍රිෂ්ගෙ අම්මාගෙ අවසන් කටයුතු සිද්දවෙන්නේ මේ කොටසින්. එරික් ගැන අලුත් තොරතුරු දැනගන්න ලැබෙන ජෙසිකාට ලොකු කරදරයක් ඇති වෙනවා නොකරපු දෙයක් නිසා. මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකො.මේක තමයි මම ජෙසිකා ජෝන්ස් තුන්වන (අවසන්) කතාසමය වෙනුවෙන් උපසිරැසි ගන්වන එකම ගා අවසන් කොටස. ඉතිරි කොටස් තුන ඉදිරි දින කිහිපය ඇතුලත ලැබේවි.
මං ගිහින් එන්නම්. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,760 downloadsDownload Jessica-Jones-S03-E10.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
sachintha
malithmadhushan45
බොහොම ස්තුතියි චාමර අයියේ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
The Exorcist season 02 එකටත් සබ් දෙන්න :)
ජය වේවා.!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව එපි 3යි...Suranjan
Thanks jayawewa.......!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
dush135
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ