Watch Trailer

Jinn (2019) [S01 : E01] Sinhala Subtitles | යක්ෂ ජින්ගේ ආමන්ත්‍රණය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! හැමදාම ඉංග්‍රීසි කතා මාලා අරගෙන ආපු මම, ඔන්න මේ වතාවෙ අරගෙන ආව නෙට්ෆිලික්ස්ල මුදා හැරපු පළමුවැනි අරාබි කතා මාලාව. දන්නවනෙ ඉතිං නෙට්ෆ්ලික්ස් කියන්නෙ වේගයෙන් ලෝක සිනමාව වගේම, රූපවාහිනී මාලා කතා නාටක පවා ග්‍රහණය කරගත්ත ආයතනයක්. මේ වෙනකොට ඉන්දියානු රූපවාහිනී මාලා කතා නාටක සියල්ලම පා…

ආයුබෝවන් යාළුවනේ..!

හැමදාම ඉංග්‍රීසි කතා මාලා අරගෙන ආපු මම, ඔන්න මේ වතාවෙ අරගෙන ආව නෙට්ෆිලික්ස්ල මුදා හැරපු පළමුවැනි අරාබි කතා මාලාව. දන්නවනෙ ඉතිං නෙට්ෆ්ලික්ස් කියන්නෙ වේගයෙන් ලෝක සිනමාව වගේම, රූපවාහිනී මාලා කතා නාටක පවා ග්‍රහණය කරගත්ත ආයතනයක්. මේ වෙනකොට ඉන්දියානු රූපවාහිනී මාලා කතා නාටක සියල්ලම පාහේ නෙට්ෆිලික්ස්කරණය වෙමින් පවතිනව. බයිස්කෝප් නෙට්ෆ්ලික්ස් කතා සමූහය අරගෙන බැලුවම ඒක පෙනෙයි. මේ කතා මාලාව ගැන මුලින්ම දැනුම් දුන්නෙ අපේ හසායිය. ඉතිං ඉංග්‍රීසි එකම ඔට්ටු වුණු එකේ වෙනසකටත් එක්ක මේකට අතගහන්න ඕනෙ කියල මමත් වැඩේ බාර ගත්ත. එහෙනම් හසා අයියට ස්තුතිවන්ත වෙන ගමන් බලමු කතාව පැත්තට හැරිල.

“ජින්” කියල කියන්නෙ අරාබිකරයේ පුරාවෘත ගත සත්ව විශේෂයක්. සෑහෙන බලවත් මේ සත්ව විශේෂයට හැකියාව තියෙනව, මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න. හැබැයි මේ අයට විශේෂ ශරීර හැඩයක් නැහැ. ආමන්ත්‍රණය කරන අවස්ථාවක ඒකට යම් කෙනෙක් ප්‍රතිචාර දැක්කුවොත්, ඔවුන්ට හැකියාව ලැබෙනව, ඒ කෙනාගෙ ශරීරය නතුකර ගන්න. ඔහොම නතුකර ගන්න ශරීරයක හිමිකරුවාගේ කැමති අකමැති දේව මේ ජින් කියන සත්වයාට සිද්ධ කරන්න පුළුවන්. මීරා, ලෙයිලා, තාරික්, ෆෙහෙඩ්, යසීන්, හසන්, නසාර්, ඕමාර්, ජමීල්, හස්නි, වේරා සහ මිස් ඕලා තමයි මේ කතාවේ ප්‍රධාන චරිත සමූහය වෙන්නෙ.

මේ පිරිස උසස් පාසලක ශිෂ්‍යයන්. මිස් ඕලා ඔවුන්ගෙ ගුරුවරිය. පාසලෙන් යන ට්‍රිප් එකකට මේ පිරිස සම්බන්ධ වෙනව. මෙහෙම යන්නෙ පේට්‍රෝ කියන පුරාණ ශිෂ්ටාචාරගත නගරයක් බලන්න. මෙතනදි හසන් ජින් ගැන පුරාවෘතය කට්ටියට කියනව. හැමෝම ඒක විහිළුවක් විදියට තමයි සලකන්නෙ. නමුත් මේ සිදුවීම වෙන අතරෙ, තාරික් තව යාළුවො දෙන්නෙක් එක්ක, යසීන් කියන හාදයට කරදර කරනව. ඔන්න ඔය සිදුවීම එක්ක තමයි, වේරා සහ කෙරොස් (හස්නි) කියන චරිත එළියට එන්නෙ. තාරික්, යසීන්ට කරදර කළාට පස්සෙ, තාරික්ට දරුණු අනතුරක් වෙනව. එතනින් එහාට තමයි ජින් කරළියට එන්නෙ.

එහෙනම් නරඹන්න කියල ආරාධනා කරමින්, ඊලඟ කොටස් 4ත් එක හුස්මට බලන්න ඉඩ ලබා දෙමින් දෙවනි කොටස අරගෙන ආයෙ එන්නම්.

ජය වේවා..!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,166 downloadsDownload Jinn-S01E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

1,166 downloadsDownload Subtitles28 KB

10 comments

  1. Lahiru Kekulandara

    Katawa hoda athi kiyala hitanawa
    Netflix ne
    bagena balannamko

    1. Lahiru Kekulandara

      sub ekata thanks
      Puluwannam oka iwara wela SMALLVILL ekata sub eka denawada
      loku udawwak

    2. 1234hasitha1234

      Film download karanna behane

  2. Achi

    තැන්ක්ස් බොක්ක ගැම්මට සබ් දෙමු ආදරේයි

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේන්න..
    ඒ වගේම පුළුවන් නම් Supergirl අලුත් සීසන් එකටයි, Batwoman එකටයි සබ් දෙනවද බ්‍රෝ

  4. geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    හොද කතාවක් වගේ....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    terror season 2 ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න
    ජය වේවා!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P