ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”පෙනිවර්ත්” කතාමාලාවේ 5 වන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිද්ධ වෙච්ච දුක්බර සිදුවීම දිහා. ඇල්ෆ්‍රඩ් කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනේ. ඒවගේම තමයි මේක කරපු කට්ටිය තවමත් නිදැල්ලේ ඉන්නෙ. හැබැයි මේක මිනීමැරුමක් වගේ නො…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”පෙනිවර්ත්” කතාමාලාවේ 5 වන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිද්ධ වෙච්ච දුක්බර සිදුවීම දිහා. ඇල්ෆ්‍රඩ් කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනේ. ඒවගේම තමයි මේක කරපු කට්ටිය තවමත් නිදැල්ලේ ඉන්නෙ. හැබැයි මේක මිනීමැරුමක් වගේ නොපෙන්වා මංකොල්ල කෑමක් විදියට හැමදේම සැළසුම් කරනවා. අනික ඇල්ෆ්‍රඩ් මේ සිද්ධ වෙච්ච දේට තමන්ටම වරද පටවගන්නවා. මොකද ඒක සිද්ධ වෙන වෙලාවේ එයා හිටියෙ වෙන ගැහැණු කෙනෙක් කෙනෙක් එක්ක. අන්න ඒ නිසයි ඒක තමන්ගෙ අතින් සිද්ධ වෙච්ච වැරැද්දක් කියලා හිතනවා. කොහොමහරි ඇල්ෆ්‍රඩ්ට යෝජනාවක් හම්බවෙනවා මරපු කෙනාව දැනගන්න නම් නිර්නාමික මණ්ඩලයෙ ප්‍රධානියාව මරණ්න කියලා. ඒවගේම තමයි ඊට අනිත් පැත්තෙන් වේන් බෙව්බෝයිව කුලියට අරගන්නවා ගාන්ට්ව මරණ්න. ඉතින් මේ වෙලාවේ දෙන්නම යනවා තමන්ට හම්බවෙන්න මේ මෙහෙයුම කරන්න. හැබැයි ඉතිං මේ දෙන්නම යහළුවෝ. ඩේව්බෝයි සල්ලි තණ්හාව නිසා තමන්ගෙ යහළුවට ද්‍රෝහී වෙයිද? නැත්තම් ඇල්ෆ්‍රඩ් තමන්ගෙ පෙම්වතියට මෙහෙම දෙයක් කරපු කෙනාගෙ නම හොයාගන්න මොහුට ද්‍රෝහී වෙයිද? එහෙනම් බලන්නකෝ මොනාද සිද්ධ වෙන්නෙ කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,416 downloadsDownload Pennyworth-2019-S01-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
12 comments
sacheee35
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Stranger
thanks
ප්‍රශාත් මදුෂංක
Tnx bro...! Good luck !
Hashan M. Priyadarshana
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Ravindu rukshantha
සබ් එකට තෑන්ක්ස්
Batwomen එකටත් සබ් දෙමුකෝ..............thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks..
s.s.m
tz sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pennyworth (2019-) [S01 : E05] Sinhala Subtitles | කූට උපක්‍රමයන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Pennyworth-Season-1.jpg)



උපසිරැසි වලට ස්තූතියි....සුපිරි