Jujutsu Kaisen [S02 : E13] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 13 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි අටවෙනි කොටස සම…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 13 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි අටවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
මුලින් මේ Jujutsu Kaisen සිංහල උපසිරැසි ගැන විශේෂ දෙයක් සඳහන් කරන්නම ඕනි. මේ season 2 එකේ ඉඳන් කොටස් වල ඉදිරියට බොහෝ විට Jujutsu Kaisen සීරීස් එකට අදාළව cursed techniques සමඟින් ඒවායේ පැහැදිලි කිරීම් අඩංගු වෙනවා. ඒ හැම technique එකකටම සිංහල නාමයක් යෙදීමේ හැකියාවක් නෑ. කොටින්ම සමහර ඒවට ගැළපෙන නමක් හදන්නම බෑ. අනිත් අතින් සමහර තැන්වලදි සිංහල නාමය ගැලපෙන්නෙත් නෑ වගේ ප්‍රශ්නෙකුත් තියෙනවා. හිතුමතේට නමක් දාලත් බෑ. ඉතින් ඒ වගේ තැන්වලදි කතාවට හානියක් නොවෙන්න, ඒ technique එකේ ජපන් උච්චාරණය උපසිරැසියට ඇතුළත් කරල තියනවා. ඊට පසුව වැඩි තේරුම් ගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි වචනය එක්ක ඒ technique එකේ පසුබිමට ගැළපෙන සිංහල වචනයකුත් මම ඇතුළත් කරල තියෙනවා. ඒකෙන් කතා සාරයට, උපසිරැසියට වගේම ඔයාලගෙ රසවින්දනයට හානියක් නොවේවි කියලයි මගේ හැඟීම.✌️
මීළඟට අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ගෝජෝ සතෝරුගේ සිරවීමත් එක්ක ටෝජි සෙනින්ව කැඳවපු මන්තරකාර කණ්ඩායමේ අවසානය සිද්ධ වුනා. එක් අයෙක් ඉතදොරි යූජි සහ මෙගුමි ෆුෂිගුරෝ අතින් පරාජයට පත් වෙද්දි කණ්ඩායමේ ඉතුරු දෙන්නා ටෝජි සෙනින් අතින්ම අවසන් ගමන් ගියා. මෙයි මෙයිට මුණ ගැහුනු ගෙතෝ සුගුරු, මෙයි මෙයිට එරෙහිව විශේෂ ශ්‍රේණියේ ශාපලත් ආත්මයක් මුදා හැරල යනවා. එතනිනුත් තවත් සටනක් ආරම්භ වෙනවා.
ඒ අතරෙ තවත් පැත්තකින් නොබරා කුගිසකිට ගෙතෝගෙ තවත් සහචරයෙක් මුණ ගැහෙනවා. ඒ සහචරයා අතින් නොබරා පරදින්න ඔන්න මෙන්න වගේ තියෙද්දි එතනට එන නනාමි කෙන්ටෝ අතින් ඒ සහචරයා හරිම පහසුවෙන් පරාජයට පත් වෙනවා. ඉතාම සුළු කාලයක් තිබුනු ඒ සටන ඇත්තටම හුඟ දෙනෙක්ව සතුටු කරපු වගේම hype කරපු සටනක් කිව්වොත් නිවැරදියි කියලයි මගේ අදහස. මොකද කියනවා නම් Jujutsu Kaisen රසිකයින්ට මේ සහචරයව දෑහට පේන්න බැරි තරමේ කෙනෙක් බවට පත් වුනු කෙනෙක්.
ඒ වගේම නනාමි කෙන්ටෝ කියන්නෙ Jujutsu Kaisen රසිකයො ගොඩක් ආදරය කරන ශක්තිමත් චරිතයක්. ඉතින් මේ නනාමි අතින් හරිම ලේසියෙන්ම අර දෑහට පේන්න බැරි කෙනා ගුටි බැට තුනකින් නිශ්ශබ්ද වෙද්දි, ඒක මේ කොටසේ ලොකු hype එකක් බවටත් පත් වුනා. අවසානයෙදි ගෝජෝ සෙන්සේව බේරගැනීමේ අරමුණින් යන ඉතදොරි යූජිට, Curse womb කෙනෙක් වුනු චෝසෝව මුණ ගැහෙන තැනින් කතාව අවසන් වෙනවා.
අද කොටස එතැනින් ආරම්භ වෙනවා. ඒ කියන්නෙ චෝසෝ තමන්ගෙ සහෝදරයො වෙනුවෙන් යූජිගෙන් පළිගන්නවා කියල කියපු තැනින් මේ කොටස ඉදිරියට යනවා. ඒ කියන්නෙ තවත් සටනක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. රුධිර හැසිරවීමේ හැකියාව තියෙන චෝසෝට එරෙහිව යූජිගේ සටන කොහොම සිද්ධ වේවිද? මේක ලෙයට ලෙය ගැටෙන උරෙන් උර ගැටෙන සටනක්. නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි නවවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 14 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Blood Scale
Air Date : 2023.10.19
Runtime : 24 min.
IMDB Rating : 9.7
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,721 downloadsDownload Jujutsu-Kaisen-S02-E13.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E13] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika Lakmal
Kalana
Thanks for subtitles!
Dilshan buddika
සුපිරි ❤️
Akila Dilhara
Thanks Brother...❤
විමා
උපසිරසියට බොහොම ස්තුතියි !
Rishitha
Thanks bro ❤️❤️❤️
Anonymous
Tokyo revengers season 2/3 sub denna puluwan da
Ransilu
anith sub tikath a\iknata denna supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E13] Sinhala Subtitles | ලෙයට ලෙය ගැටෙන සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..