Prehistoric Planet [S01: E01] Sinhala Subtitles විද්‍යා ප්‍රබන්ධයන්ට වැඩි කැමැත්තක් දක්වන බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් තමයි මේ රූපවාහිනී කතා මාලාව මන් අරගෙන ආවෙ. බයිස්කෝප් අඩවිය ඔස්සේම පෙර උපසිරැසිකරනයට ලක් කර ඇති Planet Earth, Cosmos a Spacetime Odyssey වැනි විශිෂ්ට වාර්ථාමය විද්‍යා ප්‍රබන්ධ රූපවාහි…
Prehistoric Planet [S01: E01] Sinhala Subtitles
විද්‍යා ප්‍රබන්ධයන්ට වැඩි කැමැත්තක් දක්වන බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් තමයි මේ රූපවාහිනී කතා මාලාව මන් අරගෙන ආවෙ. බයිස්කෝප් අඩවිය ඔස්සේම පෙර උපසිරැසිකරනයට ලක් කර ඇති Planet Earth, Cosmos a Spacetime Odyssey වැනි විශිෂ්ට වාර්ථාමය විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවන් වටා එක්වුණු පිරිස අතරට තවත් එක් විශිෂ්ට වාර්ථාමය කතා මාලාවක් මන් මේ විදියට එකතු කරවනවා. වාර්ථාමය වැඩසටහනක් ලෙස පැවසූ වහාම බොහෝ දෙනෙක් එවැනි විශිෂ්ට හරවත් වැඩසටහන් මඟහැර යාම සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගෙ තත්වයක්.
නමුත් ඔබ ජීවත් වන තත්‍ය ලෝකය තුල ඔබ අනිවාර්‍ය වශයෙන්ම දනුවත්ව සිටිය යුතු ඉතාම රසවත් හා හරවත් කරුණු ගොන්නක්ම මේ වාර්ථාමය වැඩසටහන් තුළින් ඔබ වෙතට ගෙන එනු ලබනවා. ඒ වගේම ඔබ ප්‍රියතාවයෙන් නරඹන ලද ක්‍රියාදාම, සටන් ජවනිකා ඇතුළත් නිර්මාණයන් තුළින් ඔබව තත්‍ය ලෝකයේ විද්‍යාත්මක පිරිවිතරන්ගෙන් කෙතරම් දුරකට ඈත් කර තබා ඇතිදැයි ඔබට සිතාගතවත් නොහැකිවනු ඇති.
ඉතිං අද ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන අරගලය ඔවුන් සමඟින්ම විඳගන්න මෙහිදී ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් නරඹන ලද ඔවුන් සම්බන්ධ ත්‍රාසජනක සහ ක්‍රියාන්විතයන් සපිරි නිර්මාණයන් විසින් ඔබගෙන් ඔවුන් පිළිබඳ වසන් කරන ලද තොරතුරු කෙතරම්ද යන්න ඔබට වැටහේවි…
ඉතිං එක්වන්න ඒ දැවැන්තයින් සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ ඇවිද යමින් කතන්දර පිටුපස විද්‍යාව ගවේශනයට.
මේ කතා මාලාව IMDB දර්ශකය 8.5ක් දක්වාම කරකවන්න සමත්වෙලා තිබෙනවා වගේම Rotten Tomatoes දර්ශකයත් 90% ක් දක්වාම ගෙන ඒමට හැකිවෙලා තියෙන එකෙන්ම ඔබට තවත් මේ කතාමාලාව පිළිබඳව විස්තර කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ කතාමාලාව මඟින් අවසාන ක්‍රිටේසියස් යුගයට පෙර වසර මිලියන 66කට පෙර ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ගේ ලෝකය පරිඝනක සජීවීකරණය ඔස්සේ ඔබට දිගහැරේවි.
Prehistoric Planet කතා මාලාව Apple TV විසින් 2022 මැයි මස සිට කතාංග පහකින් යුතු කතාමාලාවන් දෙකක් ලෙස 2023 මැයි මස දක්වාම විකාශනය කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනී විකාශකයෙකු, ජීවවිද්‍යාඥකු, ස්වභාවික ඉතිහාසඥයෙක් වගේම ප්‍රවීණ කතුවරයෙක් වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ (Sir David Frederick Attenborough) විසින් පසුබිම් කථනයෙන් යුතුව සහ MPC (Moving Picture Company) ආයතනය විසින් සිදුකරණ ලද ත්‍රිමාණ සජීවීකරණයන්ගෙන් සමන්විතවයි. MPC ආයතනයේ සජීවීකරණයන් ලෙසට The Little Mermaid 2023, Harry Potter and the Sorcerer’s Stone 2001, Transformers: Rise of the Beasts 2023, Top Gun: Maverick 2023 ආදී කැපී පෙනෙන නිර්මාණයන් පෙන්වන්න පුළුවන්. ඉතිං දැන් මන් හිතනව තවත් මේ සජීවීකරනයන් ගැනත් ඔබට විස්තර කිරීමට මට අවශ්‍ය නොවේවි කියල.
එහෙනන් සූදානම් වන්න අද කතාංගය සමඟින් අවසාන ක්‍රිටේසියස් යුගයේ පළමුවන චාරිකාව සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ සාගරයන් තුල කිමිදීමට..
දෙවන කතාංගයත් සමඟින් ඉකමණින්ම එක් වෙමු….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.
5,992 downloadsDownload Prehistoric-Planet-S01-E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prehistoric Planet, Prehistoric Planet [S01: E01] Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
- #Apple TV+
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Prehistoric Planet
- #Prehistoric Planet [S01: E01] Sinhala Subtitles
- #Prehistoric Planet sinhala sub
- #Prehistoric Planet sinhala subtitle
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #ලහිරු ලක්මාල් කිරිල්ලාවල
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
21 comments
anuka bimsara
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Hiran Ganepalla
උපසිරසියට බොහොම ස්තූතියි ලහිරු සහෝ. ජය වේවා !
Anonymous
Thanks a lot, keep continue!
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා!
මේ වගේ ඒවා තමයි වටින්නේ වැඩියෙන්ම.
විනෝදය වගේම දැනුමෙනුත් පිරෙන්න පුළුවන් මෙහෙම ඒවගෙන් විතරමයි.
දිගටම මේ වගේ වටිනා ඒවට උපසිරසි ලබාදෙන්න.kavii
ithiri tikath denna bro. s2 episodes 5kuth awa.. thank you
Sudarshana
meka nam godak vatinava saho. me vage vatina vartha vadasatahan apita sinhalenma genavata oyalata godak pin. digatama me vage vartha vadasatahan valata sub denna shakthiya labeva oyalata. jaya wewa saho.
Bimsara Yashan(ඔලිව)
මේ වගේ වටිනා සීරිස් එකකට සබ් දෙන්න තෝරගත්තු එක නම් වටිනවා. ජයවේවා!
NPK
Thank you broo
Anonymous
sub wada nane
Hiran Ganepalla
සබ් එක වැඩ. නැවත උත්සහ කරන්න
Gamage
Thank you Very Much..
Malinga Prabath
Thank You
indika 75
thanks..
Buddhika Lakmal
මේ මගේ සීරිස්වලට සබ්දෙනවට බොහෝම ස්තූතියි සහෝ.....
Manu
Godak sthuthi..Jaya wewa!
sanjaya
Bohoma sthuthi,
Dewadithya
Thanks for Sub!
Anupama
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeera Madhusanka
Thanks Brother.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Prehistoric Planet [S01 : E01] Sinhala Subtitles | ප්‍රාග් ඓතිහාසික වෙරළ තීරයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Prehistoric-Planet-.jpg)



Better Call Saul කථා මාලාවේ ඉතිරි s05, s06 subs upload කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි