Jujutsu Kaisen [S02 : E21] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 21 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහසයවෙනි කොටස…

Jujutsu Kaisen Sinhala Subtitles

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 21 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහසයවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. ඒ කියන්නෙ අපි Shibuya Incident Arc හි අවසානයට වගේම Jujutsu Kaisen Season 2 හි අවසානය හුඟක්ම ළං වෙලයි ඉන්නේ. ඒ අනුව තව කොටස් දෙකකින් Jujutsu Kaisen Season 2 නිමාවට පත් වෙනවා. මේ වෙනකොටත් හිතාගන්න බැරි තරම් නොසිතූ නොවිරූ හුඟක් දේවල් සිද්ධ වෙලා අවසානයි. ඊට ප්‍රථමව මේ අලුත් කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

නොසිතූ නොවිරූ විදිහට ඉතදොරි යූජිගේ ඇස් ඉදිරියේම සිද්ධ වුනු නනාමි කෙන්ටෝගේ සහ නොබරා කුගිසකිගේ මරණය නිසා, යූජි තවත් සටන් කරන්න බැරුව මානසික අතින් පහළටම වැටෙනවා. මහිතෝගේ අතින් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි අඔයි ටෝඩෝ විසින් යූජිව බේරගන්නවා. Big Boss ලගෙන් අඩුවකට හිටියේ ටෝඩෝ විතරයි. දැන් ඔන්න එයත් මේ ෂිබුයා කෙළිබිමට පය තියලයි ඉන්නේ. යූජිගේ හිත සාමාන්‍ය අතට ගත්තායින් පස්සෙ යූජි තාමත් සටන් කළ යුතුයි. සටන තාමත් ඉතුරුයි. ඒ කියන්නෙ සටනට ගැලපෙන motivation එකක් දෙන්න ටෝඩෝට පුලුවන් වෙනවා. මොකද යූජි කියල කියන්නෙ එක කුසේ නොඉපදුනා වුනත් ටෝඩෝගේ සහෝදරයෙක්. මේ සහෝදරකම හැදෙන්නෙ කොහොමද කියල අපිට Season 1 තුළින් දකින්න ලැබුනා.

ඉතින් මේ සහෝදරයින් දෙන්නාට ඉතුරු වෙලා තියෙන්නෙ අවසාන සටනට මුහුණ දෙන එක. ඒ කියන්නෙ මහිතෝට එරෙහිව යූජි සහ ටෝඩෝගේ සටන. මේ අවසාන සටන මොන විදිහකින් ගලාගෙන යාවිද? මොන විදිහකින් කෙළවර වේවිද? මේ කොටස තමයි පෞද්ගලිකව මට නම් perfect ම කොටස. මේ arc එකේ වේගවත්ම සටන් මාලාවක් දකින්න ලැබුනු සටන. ඒ වගේම Domain Expansions සමඟින් Special Cursed Techniques පවා එකවර දකින්න ලැබුනු සටන. Action Pack Collection එකක් ගෙනාපු සටන. ඉතින් තවත් වර්ණනා බලාපොරොත්තු නොවී නරඹන්න මේ අතිශය උද්වේගකර කොටස. එහෙනම් තව කොටස් දෙකයි අපිට ඉතුරු වෙලා තියෙන්නෙ. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා.

මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දහහත්වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 22 තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Series Arc : Shibuya Incident

Episode Name : Metamorphosis

Air Date : 2023.12.14

Runtime : 24 min.

IMDB Rating : 9.8

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,206 downloadsDownload Jujutsu.Kaisen.S02E21.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,206 downloadsDownload Subtitles11 KB

4 comments

  1. Anonymous

    Thanks sub ekata ❤️

  2. Dilshan buddika

    සුපිරි ❤️‍❤️

  3. Akila Dilhara

    Thanks Brother...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P