Jujutsu Kaisen [S02 : E22] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 22 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහ හත්වෙනි කොට…

Jujutsu Kaisen Sinhala Subtitles

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 22 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහ හත්වෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. ඒ කියන්නෙ අපි Shibuya Incident Arc හි අවසානයට වගේම Jujutsu Kaisen Season 2 හි අවසානය හුඟක්ම ළං වෙලයි ඉන්නේ. ඒ අනුව තව එක කොටසකින් Jujutsu Kaisen Season 2 නිමාවට පත් වෙනවා. මේ වෙනකොටත් හිතාගන්න බැරි තරම් නොසිතූ නොවිරූ හුඟක් දේවල් සිද්ධ වෙලා අවසානයි. ඊට ප්‍රථමව මේ අලුත් කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

මහිතෝට එරෙහිව යූජි සහ ටෝඩෝ අරඹපු සටන නොසිතූ නොවිරූ විදිහට හරිම දරුණු විදිහට ගලාගෙන ගියා. හරිම වේගවත් ප්‍රහාරයන් ගණනාවක් එක්ක ගලා ගිය ඒක සටන නිසා ටෝඩෝට තමන්ගේ අතක් පවා අහිමි වෙනවා. ඒ නිසා මේ සටනේ ලොකු වාසියක් වුනු ටෝඩෝගේ Boggie Woogie Technique එක පාවිච්චි කරන්නත් බැරි වෙනවා. එක පිට එක වැටෙන Cursed Techniques සහ Domain Expansion අතරෙ සටන අත් නොහැරපු යූජි දිගටම Black Flash පහරවල් ඔස්සේ තමන්ගෙ සටන දිගටම අරන් යනවා. සටන් මැදදී දකින්න ලැබුනු මහිතෝගේ Ultimate Formation එකේදී, මහිතෝ දරුණු විදිහට පහර කන නිසා මහිතෝගේ සියලුම ශක්තීන් හීන වෙලා යනවා. කොටින්ම පුරසාරම් දොඩපු මහිතෝ යූජිගෙ කකුල් දෙක ඉස්සරහ බයේ අඬා වැටෙන තත්ත්වයටම පත් වෙනවා.

කොයි ආත්මෙදිත් මහිතෝට ඒකාන්ත මරණය උදා කරන්න බලාගෙන ඉන්න ඉතදොරි යූජි සහ බල බිඳුනු මහිතෝ විතරයි දැන් සටනේ ඉන්නේ. මේ අවසාන මොහොතෙදි මේ හැමදේම පිටිපස්සේ ඉන්න මහමොළකරුවා, ගෙතෝ සුගුරු බල බිඳුනු මහිතෝගේ ඉස්සරහ පෙනී ඉන්නවා. සුගුරු මහිතෝව බේරගනීවිද? මහිතෝ යූජි අතින් මැරේවිද? ගෙතෝ සුගුරු ඇත්තටම ගෙතෝ සුගුරුද? ෂිබුයා සටනේ අවසානය මේකද? එහෙම නැත්නම් මේක තවත් සටනක ආරම්භයක්ද? ඒ වගේම යූජි එක්ක සිද්ධ වුනු සටනකදි අයින් වෙලා ගිය සුගුරුගේ කණ්ඩායමේ චෝසෝ ආයෙත් මේ කොටසෙදි දකින්න ලැබෙනවා. කතාවෙ මෙතෙක් අපිට හෙළි නොවුනු හුඟක් දේවල් මේ කොටසින් දැනගන්න ලැබෙනවා. නරඹන්න මේ අතිශය උද්වේගකර කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තව එක කොටසයි අපිට ඉතුරු වෙලා තියෙන්නෙ. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දහ අටවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 23 හෙවත් Jujutsu Kaisen Season 2 හි අවසාන කොටස තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Series Arc : Shibuya Incident

Episode Name : Metamorphosis – Part 2

Air Date : 2023.12.21

Runtime : 24 min.

IMDB Rating : 9.5

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,836 downloadsDownload Jujutsu-Kaisen-S02-E22.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles

8,836 downloadsDownload Subtitles14 KB

7 comments

  1. janith

    Respect for everything brother ❤️

  2. Thilina

    Thanks sub ekata

  3. Akila Dilhara

    Thanks Brother...❤

  4. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

    1. Senu

      Supiri 23 dannko

  5. Chamath

    23 onee ❤️‍

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P