Watch Trailer

Kaiju No. 8 [S01 : E02] Sinhala Subtitles | කයිජුලා පරදවන කයිජු! [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E02] Sinhala Subtitles ඔන්න එහෙනම් highly anticipated Kaiju No. 8 කතාමාලාවේ ඊයේ දවසේ නිකුත් වුණු දෙවෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් ගෙනාවා. මේක නම් කරලා තියෙන්නේ “The Kaiju who Defeats Kaiju” කියලයි. ඒ කියන්නේ “කයිජුලා පරදවන කයිජු” කියන එකයි. ඉතින් ඒකෙන් කියවෙන්නේ අපේ ප්‍රධාන චරිතය වන…

 

Kaiju No. 8 Sinhala Subtitles

ඔන්න එහෙනම් highly anticipated Kaiju No. 8 කතාමාලාවේ ඊයේ දවසේ නිකුත් වුණු දෙවෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් ගෙනාවා. මේක නම් කරලා තියෙන්නේ “The Kaiju who Defeats Kaiju” කියලයි. ඒ කියන්නේ “කයිජුලා පරදවන කයිජු” කියන එකයි. ඉතින් ඒකෙන් කියවෙන්නේ අපේ ප්‍රධාන චරිතය වන කෆ්කා ගැන කියලා තේරෙනවා ඇතිනේ.

පසුගිය කොටසින්…

පළවෙනි එපිසෝඩ් එකෙන් අපට මේ ලෝකය ගැන හොඳ හැඳින්වීමක් ලබා දුන්නා කියලා කියන්න පුළුවන්. නිතර නිතර කයිජුලාගේ ප්‍රහාරවලට මුහුණ දෙන ජපානය උන්ගෙන් ආරක්ෂා කරන්නේ ඇන්ටි-කයිජු ආරක්ෂක බලකාය විසින්. ඒවගේම ඇන්ටි-කයිජු ආරක්ෂක බලකායේ කැප්ටන් විදියට වැඩ කරන්නේ කෆ්කාගේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක් වෙච්ච මිනා අෂිරෝ. ඒ දෙන්නා පොරොන්දු වෙනවා ලොකු වෙලා එකට කයිජුලා මරන බවට.

ඒත් අපේ ප්‍රධාන චරිතය වන කෆ්කා හිබිනෝ කොච්චර උත්සහ කළත් එයාට මේකට බැඳෙන්න බැරි වෙනවා. ඉතින් එයා ඒ හීනය අතෑරලා දානවා. එයා දැන් වැඩ කරන්නේ මරපු කයිජුලා සුද්ධ කරන කෙනෙක් හැටියටයි.

එතනට අලුතෙන් බැඳෙන ඉචිකාවාට පුළුවන් වෙනවා කෆ්කාගේ ආරක්ෂක බලකායට බැඳීමේ හීනයට නැවත පණ දෙන්න. ඒත් කයිජු ප්‍රහාරයකදී කයිජු ලේ ශරීරගත වීම නිසා සහ / හෝ එපිසෝඩ් එක අවසානයේ දැක්ක අර පරපෝෂිතයා වගේ සතා නිසා (මටත් තාම ඒකට හේතුව හරියට පැහැදිලි නෑ) කෆ්කාට කයිජු කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් වෙනවා. එපිසෝඩ් එකේ අවසානයේදී එයා කයිජු කෙනෙක් බවට වෙනස් වෙනවා දකින්න ඇති නේ.

ඉතින් මේකෙන් එයාගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද? කෆ්කාගේ ආරක්ෂක බලකායට බැඳීමේ හීනයේ අවසානය මේකද? ඇත්ත දැනගත්ත ඉචිකාවා මොනවා කරයිද? මේ එපිසෝඩ් එක බලලාම උත්තර හොයාගන්නකෝ.

තුන්වෙනි කතාංගයෙන් එහෙනම් ඊළඟ සතියේදී හමුවෙමු. පීස් ✌️.

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,620 downloadsDownload Kaiju-No.-8-S01-E02-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Nxt Season BT12

Subtitles

3,620 downloadsDownload Subtitles15 KB

5 comments

  1. heveez

    Thanks brother

  2. Sahan sasmika

    E ban puluwannam " summer time rendering " anime ekatath sub diyanko ban nethnm wena kata hari denna kiyannako

  3. sasindu

    me anime eka maru bro. puluvnnm Frieren: Beyond Journey's End anime ekatath sub denna

  4. Akila Dilhara

    Thanks for Sub...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.