Watch Trailer

Kaiju No. 8 [S02 : E03] Sinhala Subtitles | වේගවත් ප්‍රහාරකයින් [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S02 : E03] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි තුන්වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මුල් කොටස් දෙක නරඹපු ඔයාට දකින්න…

Kaiju No. 8 Sinhala Subtitles

එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි තුන්වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මුල් කොටස් දෙක නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ අලුත්ම තුන් වෙනි කොටස ඊට වඩා තවත් රසවත් එකක් බව කියන්නම ඕනි දෙයක්.

Season 1 එකේදී අපිට දකින්න ලැබුනු Kaiju No.9 කියන දෙමුහුම් කයිජුවරයා ආයෙත් වතාවක් නගරයේ මැදින් පොළොව යටින් මතු වුනු විදිහ දකින්න ලැබුනා. ඒත් එක්කම පළමු හමුදාංශය සටන ආරම්භ කළා. මතකයිනෙ දැන් කෆ්කා වගේම ශිනොමියා ඉන්නෙත් පළමු හමුදාංශයේ. ඒකෙ කැප්ටන් ගෙන් නරුමිට අනුව මේ දෙන්නා වැඩ පෙන්නුවොත් තමයි මෙයාලට මේකෙ පැවැත්මක් තියෙන්නෙ. සටන ඇදි ඇදී යනවත් එක්ක ශිනොමියා එකින් එක ප්‍රහාර එල්ල කරමින් වැඩ පෙන්නන්න පටන් ගත්තා.

ඒ අතරේ කයිජු අංක 8 හෙවත් හිබිනෝ කෆ්කාගේ වැඩ කිඩත් කවුරුත් බලාපොරොත්තු උනා. ඉතින් කෆ්කා කයිජු අංක 8 බවට පරිවර්තනය වෙන්න කිහිපවතාවක්ම උත්සහ කළත් එයාට ඒක කරගන්න බැරි වෙනවා. මේ පරිවර්තන නොවී මේ සටන දැන් දිනන්නත් බැරි ගානයි. කෆ්කාට කයිජු අංක 8 බවට පරිවර්තනය වෙන්න බැරි උනේ ඇයි? මීළඟට මොකද වෙන්නෙ? මේ සටනේ වීරයා වෙන්නෙ කවුද? නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Kaiju No. 8, Kaiju No. 8 [ Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,654 downloadsDownload Kaiju-No.8-S02E03.zip12 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,654 downloadsDownload Subtitles12 KB

0 comments

No comments yet.