Kaiju No. 8 [S02 : E04] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 4 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන…

Kaiju No. 8 Sinhala Subtitles
එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 4 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ අලුත්ම කොටස ඊට වඩා තවත් රසවත් බලවත් එකක් බව කියන්නම ඕනි දෙයක්.
නගරයේ හිටි හැටියේම තැන් දෙකක මතු වුනු කයිජු අංක 9 ප්‍රහාරයන් නිසා පළමු හමුදාංශයේ කැප්ටන් නරුමි ඇතුළු හමුදාංශයට අලුතින් එකතු වුනු කිකොරු ෂිනොමියාගේ ප්‍රතිප්‍රහාරයන් අපිට දකින්න ලැබුනා. නරුමිගේ බලවත් වේගවත් ප්‍රහාරයන්ට දෙවෙනි නොවී ෂිනොමියාත් ඒ වගේම බලවත් වේගවත් ප්‍රහාර එල්ල කරමින් කයිජු ප්‍රහාර මැඩ පැවැත්වුවා. හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක් වුනු හිබිනෝ කෆ්කාට කරගන්න බැරි වුනු කයිජු අංක 8 පැමිණීම, අන්තිමේදී කෆ්කාගේම ධෛර්යය නිසා හරි ගියා.
කයිජු අංක 9 ප්‍රහාර නරුමි සහ කයිජු අංක 8 බවට හැරුනු කෆ්කා සාර්ථකව මර්දනය කළා. ඒ වගේම කයිජු අංක 8 සටන් විලාසය හැමෝවම පුදුමයට පත් කළා. ඒත් ඇත්තටම කයිජු අංක 9 විනාශ වුනාද? ඒක මේ තරම් ඉක්මනින් වෙයිද? කවුරුවත් හිතුවෙවත් නැති විදිහෙ සැලැස්මක් කයිජු අංක 9 දියත් කරල තිබුනා. ඒ මොකක්ද? නරඹන්න මේ කොටස. මෙතෙක් අපිට දකින්න ලැබුනු දරුණුම ප්‍රතිප්‍රහාරය මේ කොටසින් දකින්න පුලුවන්. ඒ වගේම මේක ඇත්තටම බලවතෙකුගේ පැමිණීමක් සහ නික්ම යාමක් වේවි. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : The Man Called Isao Shinomiya
Released Date : 2025.08.09
IMDB Rating : 9.4
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,790 downloadsDownload Kaiju-No.8-S02E04.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Akila Dilhara
Advertisement



Thanks for Sub...❤️