Kaiju No. 8 [S02 : E02] Sinhala Subtitles ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි දෙවන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. පළමු කොටස අවසානයෙදි අහන්න විතරක් ලැබුනු ඒ Opening Theme එක වෙන “You Can’t Run From Yourself” ගීතය සහ අපිට Season 1 හි Ending Theme එක අරන් ආපු OneRepublic කණ්ඩායම…

Kaiju No. 8 Sinhala Subtitles
ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි දෙවන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. පළමු කොටස අවසානයෙදි අහන්න විතරක් ලැබුනු ඒ Opening Theme එක වෙන “You Can’t Run From Yourself” ගීතය සහ අපිට Season 1 හි Ending Theme එක අරන් ආපු OneRepublic කණ්ඩායමම ඉදිරිපත් කරන Season 2 Ending Theme එක වෙන “Beautiful Colors” ගීතය ඔන්න මේ දෙවෙනි කතාංගයේ ඉඳල අපිට අහන්න දකින්න ලැබෙනවා. මතකයිනෙ Season 1 එකේ Opening Theme එක දුන්නු අමුතුම Vibe එක. ඔන්න ඉතින් මේ පාරත් ඒකෙ වෙනසක් නෑ කියල සැක නැතුව කියන්න පුලුවන්.
කයිජු විරෝධී බලකායේ අධ්‍යක්ෂකතුමාගේ තීරණය අනුව කයිජු අංක 8 හෙවත් හිබිනෝ කෆ්කාව සහ කිකොරු ෂිනොමියා පළමු හමුදාංශයට මාරු කරනවා. ඒ වගේම මෙයාලා හිටපු තුන්වෙනි හමුදාංශයේ සමහර දෙනෙකුත් මේ විදිහට එක එක තැන් වලට මාරු කළා. ඒ වගේම පළමු හමුදාංශයේ කැප්ටන් ව සහ පළමු හමුදාංශය කයිජු ප්‍රහාරයක් හමුවේ ක්‍රියා කරන විදිහ ඒ පළවෙනි කතාංගයෙන් අපිට දකින්න ලැබුනා. හැබැයි කෆ්කාව හෝ ෂිනොමියාව මේ කැප්ටන් කොහොමවත්ම ගණන් ගත්තෙ නම් නෑ. ඉතින් වැඩ පෙන්නලා එයාලගෙ පාර විවෘතව තියගන්න එක තමයි එයාලගෙ එකම විකල්පය වෙලා තිබුනෙ.
එක කයිජු ප්‍රහාරයක් සාර්ථකව මැඩ පැවැත්වුවට පස්සෙ නගරයට නොසිතූ විදිහට භූමි කම්පාවක් එනවා. ඒක ගොඩනැගුලි පවා ගිලගත්තු ටිකක් බලවත් භූමිකම්පාවක් වෙනවා. මේ වතාවෙ වෙන්න යන්නෙ මොකක්ද? එන්නෙ කවුද? කෆ්කා සහ ෂිනොමියා දෙන්නට මීළඟ මෙහෙයුම විදිහට මේක පැවරෙයිද? මේ වතාවේ වීරයා වෙන්නෙ කවුද? නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : The Next Generation’s Trial
Released Date : 2025.07.26
IMDB Rating : 8.0
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,020 downloadsDownload Kaiju-No.8-S02E02.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Kaiju No. 8 [S02 : E02] Sinhala Subtitles | අසාර්ථක පරිවර්තනය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)


