Watch Trailer

Kaiju No. 8 [S02 : E05] Sinhala Subtitles | පලිගැනීමේ මග සොයා… [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S02 : E05] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 5 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන…

Kaiju No. 8 Sinhala Subtitles

එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 5 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.

කයිජු අංක 8 සහ කැප්ටන් නරුමිගේ ප්‍රහාරයන් හමුවේ කයිජු අංක 9 විනාශ වුනා කියල හිතුවත් ඇත්තටම ඒක එහෙම වෙලා නෑ. ඒ සටන් වලට ඇවිත් තිබුනෙ කයිජු අංක 9 යේ ස්වරූප පිටපත් දෙකක් විතරයි. ඒ අනුව සැබෑම කයිජු අංක 9 යේ සැලැස්ම වුනේ වෙනම එකක්. ඒ තමයි ආරක්ෂක බලකා අධ්‍යක්ෂකතුමා පාවිච්චි කරන කයිජු අංක 2 න් නිර්මාණය කරපු ආයුධය අයිති කරගන්න එක. ඒ අනුව කයිජු අංක 9 තමන්ගේ අලුත්ම සැබෑ ස්වරූපය හෙලි කරමින් අධ්‍යක්ෂකතුමා එක්ක කරට කර සටන් කළා. මීට කලින් දැකපු කයිජු අංක 9 ට වඩා මේ වතාවෙ තිබුනු දරුණු ස්වරූපය නිසා මේ සටන කොහෙත්ම ලේසි උනේ නම් නෑ. අධ්‍යක්ෂකතුමත් කයිජු අංක 2 ගේ ආයුධය දරාගෙන මනුස්සයෙක් විදිහට එල්ල කරන්න පුලුවන් දරුණුම පහර සතුරාට එල්ල කළා. ඒ වෙද්දි තම තමන්ගේ සීමාවන් වල කෙළවරට මේ දෙන්නම ගිහින් තිබුනත්, මනුස්ස හැකියා අභිභවපු කයිජු අංක 9 විසින් අධ්‍යක්ෂකතුමාව ආයුධයත් එක්කම ගිල ගත්තා.

මේ ඔක්කොම ඒ විදිහට ඉවර වෙද්දි තමයි කැප්ටන් නරුමි සහ කයිජු අංක 8 එතනට ආවෙ. අධ්‍යක්ෂකතුමා වෙන තමන්ගේ තාත්තව බේරගන්න කිකොරු ෂිනොමියාත් එතනට එනවා. දරුණුම කයිජු කෙනෙක්ට එරෙහිව මිනිසෙක් සහ දෙමුහුන් කයිජු කෙනෙක් සටනක් ආයෙත් අරඹනවා. මේ සටන කෙළවර වෙන්නෙ කොහොමද? දුවට තමන්ගේ තාත්තාව බේරගන්න පුලුවන් වේවිද? මීළඟට මොකක් වේවිද? නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : I Want to be Strong
Released Date : 2025.08.16

Kaiju No. 8, Kaiju No. 8 [ Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,634 downloadsDownload Kaiju-No.8-S02E05.zip12 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,634 downloadsDownload Subtitles12 KB

3 comments

  1. Akila Dilhara

    Thanks for Sub....

  2. Thevinu nethsara

    Ilaga episode eka ikmathata one

  3. Kusal

    ilaga ekath ikamanata dandoooooo