ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Kiljoys 10 වැනි කොටසයි. එහෙමත් නැත්නම් Killjoys දෙවන කථා මාලාවේ අවසාන කොටසයි. ඉතින් මේ කථා මාලාව මට උපසිරැසි ගැන්වීමට අහම්බෙන් වගේ හම්බුණ එකක්. ඒ ඉතින් මධුකප්‍රිය සහෝදරයට සහ විමා (ශාන් විමුක්ති) සහෝදරයට ස්තූති වන්ත වෙන්න. මොකද මේ කථා මාලාව බලන අය දන්නව මෙහි පළමු කථා මාලාව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Kiljoys 10 වැනි කොටසයි. එහෙමත් නැත්නම් Killjoys දෙවන කථා මාලාවේ අවසාන කොටසයි. ඉතින් මේ කථා මාලාව මට උපසිරැසි ගැන්වීමට අහම්බෙන් වගේ හම්බුණ එකක්. ඒ ඉතින් මධුකප්‍රිය සහෝදරයට සහ විමා (ශාන් විමුක්ති) සහෝදරයට ස්තූති වන්ත වෙන්න. මොකද මේ කථා මාලාව බලන අය දන්නව මෙහි පළමු කථා මාලාවට සහ දෙවන කථා මාලාවේත් කොටස් 4 කටම උපසිරැසි ලබා දුන්නේ අපේ මධුකප්‍රිය සහෝදරයා. ඉතින් මට උපසිරැසි ගන්වන්න තිබුණෙ කොටස් 6ක් වගේ පොඩි ප්‍රමාණයකට. ඒ හින්දා ඉතින් මේ කථා මාලාව ගැන සෑහෙන ගෞරවයක් සහ අයිතියක් යන්න ඕනෙ අපේ මධුකප්‍රිය සහෝදරයට.
ඉතින් කථාව පැත්තට හැරුණොත්, ගිය සතියේ කොටසින් කථාව වෙනස්ම පැත්තකට හැරෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නෙ. ඉතින් ගිය සතියේ මුලින්ම වගේ කථාව පොඩ්ඩක් අපැහැදිලියි වගේ පෙනුණත් පසුව ඒක නැතිවෙලා යන්න ඇති කියල හිතනවා. ගිය සතියේ පැරණි නගරය තුළ පිස්සු කෙළිමින් සිටි ජොනීව සහ පව්ටර්ව, ඩච් සහ ඩවින් ගිහින් බේරගෙන ඔවුන්ගේ යානය වෙත රැගෙන එනව. ඒ වගේම හතර දෙනා හොරෙන්ම ස්ප්‍රින් හිල් තුළට ඇතුල් වී පවුර විනාශ කිරීමට ක්‍රමයක් සොයනව. ඒ වගේම ජොනී ලුසීගේ මාර්ගයෙන් සොයාගන්නව ජෝල්කෝ හට පවුර විනාශ කර දැමීමට අවසර නැහැ කියල. ඉතින් පව්ටර් ඩෙල් සේයාගෙන් උදව් ඉල්ලනව පවුර විනාශ කර දැමීමට. නමුත් අවාසනාවකට ඇය එයට කැමති වෙන්නෙ නම් නැහැ. ඉතින් පව්ටර්ට සිද්ධ වෙනව වෙනත් ක්‍රමයකින් පවුර අධිභාරයට පත්කර එය විනාශ කර දැමීමට. නමුත් ඉතින් අපිට දකින්න ලැබුණ ඒ සදහා පැරණි නගරය තුළ මිනිසුන් විශාල ප්‍රමානායකගේ ජීවිත වලින් වන්දිගෙවන්න සිදුවුණා. ඒ වගේම ඩච් ජෙල්කෝව ඝාතනය කිරීමට ඔහුව සොයාගෙන යනව සහ එහිදී ඇයට හමුවන දෙයින් ඇය පුදුමයට පත්වෙනවා. හය වැන්නන් නිර්මාණය කරන හරිත ප්ලස්මා සොයාගැනීමට ඇයට හැකිවෙනවා සහ එමනිසා සමාගම පවුර මගින් පැරණි නගර වැසියනන්ට කරන්න යන දේ ඇය තේරුම් ගන්නව. එනම් සමාගම පවුර මගින් සහ විෂ යෙදු සලාක මගින් මහලු සහ දුර්වලයන් විනාශකර ශක්ති වන්තයන් පමණක් ඉතිරුකර ඔවුන්ව හය වැන්නන් බවට පත්කිරීමට සුදානම් වන බව. ඒ වගේම පැරණි නගරය තුළ පමණක් නොවේ මුළු වෙස්ටෙර්ලි පුරාම ඇති නගර තුළ එය කිරීමට සමාගම සැලසුම් කරන බව ඩච් ජෙල්කෝ ගෙන් දැනගන්නවා සහ ඒ වගේම හරිත ප්ලස්මා විශාල ප්‍රමාණයක් තබා තිබෙන ස්ථානයකුත් ඔහු දන්නා බව ඇය දැන ගන්නවා. ඒ වගේම පවුර විනාශ වූ නිසා පැරණි නගරයේ ජනයා ස්ප්‍රින් හිල් වෙත පැමිණෙනවා ජෙල්කෝව අල්ලා ගැනීමට. නමුත් ජෙල්කෝ පවසනවා ප්ලස්මා ඇති තැන පැවසීමට නම් ඔහුව බේර ගන්නා ලෙස. ඉතින් ඩච් තීරණය කරනවා ඔහුව බේර ගැනීමට. නමුත් ඔවුන්ට ස්ප්‍රින් හිල් තුළින් පිටවීමට නොහැකි වෙනවා සහ ජෙල්කෝට සහ ඩවින් හට පැන ගැනීමට වෙලාව රැගෙන දීමට ඩච් ඔවුන්ට අහු වෙනවා. ඒ වගේම ඩවින් ජෙල්කෝව රැගෙන බ්‍රොනා වෙත ගොස් මිසයිල ප්‍රහාරයකින් ස්ප්‍රින් හිල් විනාශ කර දමනවා. ඩෙල් සේයා පැරණි නගරය වෙතට පැමිණ පව්ටර් සමග සාම ගිවිසුමකට එලබෙනවා. නමුත් කවුරුවත්ම නොසිතන විදිහට ගිවිසුම අත්සන් කළ සැණින් ඩෙල් සේයා, පව්ටර්ව පිහියකින් ඇණ මරා දමනවා. ඒ වගේම ඩවින් සහ ඩච් දන ගන්නවා ඩෙල් සේයා සමග පැමිණි ස්කර්බෑක් පිරිස හය වැන්නන් බව. එලෙසම ඔවුන් කෙසේ හෝ ජොනීවද රැගෙන එතනින් පිටවී ඔවුන්ගේ යානය තුළට පැමිණෙනවා.
අද කොටස ගැන කියනවනම්, මම මේ කථා සමයේ දැනට දුටුව හොදම කොටස තමයි මේ කොටස. ඉතින් දෙවන කාථා සමයේ අවසන් කොටස නිසා එය කොහොමත් එහෙම වෙන්න එපැයි
. ඉතින් අද ක්වාඩ් බේර ගන්න කිල්ජෝයිල ගේ සහයට ඛ්ලයන් සහ ඔහුගේ සගයාත් ඔවුන්ට එකතු වෙනවා. ඒ වගේම සුපිරිම සටන් ටිකක් බලාගන්නත් පුළුවන්. ඒ වගේම අද කොටසින් ගිය සතියේ ඩෙල් සේයා “මෙය ඔවුන් ඉපදීමටත් පෙර සිට ආරම්භ වුණා” කියපු එකටත් හේතුව දැන ගන්න ලැබෙනවා. ඒ වගේම මෙතෙක් තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට අද කොටසින් පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්න ඇතිවෙනවා. එලෙසම ඔයාල මොකද හිතන්නේ කට්ටියට ක්වාඩ් බෙර ගන්න හැකි වෙයිද? ඒ වගේම ජොනී ඩෙල් සේයාට කුමක් කරාවිද? පව්ටර් මැරූ පළිය ගනීවිද? ඉතින් මේ ඔක්කොටම උත්තර හොයාගන්න නම් අද කොටසත් බලන්නම වෙනවා. එහෙනම් අවසන් කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා.
ඒ වගේම අවසාන වශයෙන් Killjoys බලන අයට සුබම සුබ ආරංචියක් කියන්න තියනවා. ඒ Syfy නාලිකාව ප්‍රකාශයට පත්කර තිබෙනවා මෙහි 3 වැනි කථා සමයක් රැගෙන එන බව සහ 12 Monkeys වගේම එයත් නිකුත් වෙන කාල වකවානුවක් නම් තවමත් ප්‍රකාශයට පත්කරල නැහැ ඔවුන්.
ඉතින් මගේ ලිවීමේ හැකියාවනම් අන්තිම සවුත්තුයි කියල හිතනවා. ඒ හින්දා අවසාන කොටස වුණත් වැඩිදෙයක් ලියන්න නම් ඇත්තේ නැහැ. එහෙනම් තවත් උපසිරැසකින් හමු වෙමු.
සුබ දවසක්……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Killjoys.S02E10.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
411 downloadsDownload Killjoys.S02E10.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Season>>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
15 comments
Udara Damith B\K
Udara Damith B\K
ice age eke aluth ekata upasirasa nene
eagle
Deveyak nemai devalayak ty bro for sub tava sub karanna avashya shakteya ha kalaya vagema data da labeva keys hadavatinma partana karanava hail biacope
විමා
ඇත්තටම අපියි උබට පිං දෙන්න ඕන මේක ඉවරයක් කරලා දුන්නට
බය වෙන්න එපා නිකම් ඉන්න දෙන්නේ නෑ
ලබන මාසේ ටීවී පෝලිමක් එයි පොඩි නිවාඩුවක් ගන්න එතකම් :D
නිලුපුල් මලයටත් බොහොම ස්තුතියි එහෙනම්.මධුකප්‍රිය පෙරේරා
ආයේ විමා කිව්වත් වගේ මමයි උබට තැන්කු කරන්න ඕනේ..
බැහැයි නොකියා කතාව බාර අරන් වැඩේ ඉවරයක් කළාට.
එහෙමනම් තුන්වැනි කතාමාලවත් ඔයාගෙම තමයි ඔන්න.
එහෙමනම් පොඩි නිවාඩුවක් කාරිය අරගෙන සුදානම් වෙලා ඉමුනේ
ලබන මාසේ දිහාවේ එන ටීවී සීරිස් ගොන්නෙන් එහෙකට සබ් දෙන්න.
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රයන් ද සිල්වා
නියමයි සහෝ 2 වන කතාමාලාව ඉවර කරලා දුන්නට ගොඩාක් ස්තූතියි
එහෙනම් තවත් සුපිරිම අලුත් කතාමාලාවකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu
Killjoys S03 sinhala subtiles den nedda sahooo AHENAM JAYAWEWA
mihiran
season 3 sub eka denna saho
nimanaka
thanks brother season 2 subtitle okkomata.
Nayantha yasiruk
season 3 parakku ai bn?
ShashiniHarshika
Ane me tv series eke season 3 & 4 sub danne nedda?
SB Senavirathna
TV series එකක් පටන් අරන් එකපාරම සබ් දෙන එක නවත්තලා දාන්න එපා එකදිගට බලන්න පටන් ගත්ත අය මගඳි හිර වෙනවා සබ් එක නැති උනාම.තව season 3ක් තියෙනවා කරන්න ඒ කියන්නෙ episode 30ක්.ඔයාල කරන දේ ඉහලින් අගය කරනවා ඒත් මේ දේ නොකියා ඉන්න බැරි උනා.ජය වේවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසට තැන්ක්ස්............................
අන්තිම කොටසේ මන් එක ...................
හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ