“කියමනක් තියනවා, ඔබේ දෑත් තියෙන්නෙ ඔබ වැඩියෙන්ම ආදරේ කරන කෙනාව වැළඳ ගන්නයි කියලා, ඔබේ දෙපා තියෙන්නෙ ඔබට වටිනාම කෙනා ළඟට දුවන්නයි කියලා. ඔව්, පිස්සුවෙන් වගේ අපි මේ දුවන්නේ ඇය ළඟට.. මං අවෝයි, ඇය අකාරි.. මේ මගේ කතාව වගේම තවත් අවෝයි කෙනෙක්ගේ කතාව..!” මේ සූදානම් වෙන්නේ අපූරු තුන්කොන් ආදර කතාන්තරයක පළමු…

“කියමනක් තියනවා, ඔබේ දෑත් තියෙන්නෙ ඔබ වැඩියෙන්ම ආදරේ කරන කෙනාව වැළඳ ගන්නයි කියලා, ඔබේ දෙපා තියෙන්නෙ ඔබට වටිනාම කෙනා ළඟට දුවන්නයි කියලා. ඔව්, පිස්සුවෙන් වගේ අපි මේ දුවන්නේ ඇය ළඟට.. මං අවෝයි, ඇය අකාරි.. මේ මගේ කතාව වගේම තවත් අවෝයි කෙනෙක්ගේ කතාව..!”
මේ සූදානම් වෙන්නේ අපූරු තුන්කොන් ආදර කතාන්තරයක පළමු වැනි දිගහැරුම බයිස්කෝප්වාසි ඔබ වෙත ගෙන එන්නයි. කොටස් 9කින් සමන්විත වෙන මේ සුන්දර ජපන් කතාන්තරය Koinaka 2015 නමිනුයි නම් වෙලා තියෙන්නේ. Imdb දර්ශකයේ දැනට 7.8 ක අගයක් හිමි කර ගෙන තිබෙන නාට්‍යමය, ආදර කතා කැටගරියට අයත් වෙන Koinaka 2015 ගැන ඔත්තුව දුන්නේ මයුර සුරාජ් මල්ලි. ඒ මල්ලිට බොහොම ස්තූතියි කියන ගමන් මං මේ කතාන්තරයේ එන ප්‍රධාන චරිත ගැන මෙහෙම කියන්නම්.
අවෝයි, ශෝතා, අකාරි.. ඔව්, දැනටමත් ඔයගොල්ලොන්ට තේරෙන විදියටම මේක එක කෙල්ලෙකුට ආදරේ කරන කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් තමයි. එහෙම කතා ඉහේ කෙස් ගානට බලලා එපා වෙලත් ඇති නේද? මටත් එහෙමයි. ඒත්, මං මේ කතාව එකදිගට, එකපෙළට කිසිම කම්මැලිකමක් නැතුව බැලුවා. ඒකට හේතුව අකාරිට රඟපාන කොන්ඩෙ කොටට කපපු නිළියගෙ හුරතල් හිනාවද, ඕනම වැදගත් වැඩකදි මොකක් හරි අලකලංචියක් කර ගන්න අවෝයිගෙ වැඩ නිසාද, එහෙමත් නැත්නම් අවෝයිගෙ ප්‍රතිවාදියා වෙච්ච, හැම අතින්ම පරමාදර්ශී, දක්ෂ කොල්ලා ශෝතා නිසාද කියලා මට හරියටම කියන්න බෑ. සුපුරුදු කතා තේමාවක්, පුදුම තරම් ලස්සන විදියට ගලා යනවා කියල විතරක් මං කියන්නම්.
එහෙනම්, දෙවැනි කොටසෙන් හමුවෙමු. ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP01.720p.HDTV.x264.AAC-DoA
1,163 downloadsDownload Koinaka.EP01.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
20 comments
anura ranjan
Ishan Madusha
බොහොම ස්තූතියි.
ජය වේවා!rawidu
thanks akke me karana deyata
Mayura
මේක හෙලිලි අක්කා දෙයි කියලයි හිතාගෙන හිටියේ. ඒත් ඊට කලින් අක්කා දුන්නනේ. කොහොමහරි තෑන්ක්ස්ස් වේවා..
Navodani Thilini Sasanika
:) :)
Helili Hemamali
මයුර මල්ලිගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වුනා, ඒත් කමෙන්ට් කරේ ඔයානේ. කමක් නෑ, බොහොම ස්ධූදියි!
Navodani Thilini Sasanika
Koinaka එකට උපසිරසි දුන්නට බොහොම ස්තූතියි අක්කෙ!
Kulanjana Maduranga
lassana drama ekak wge...subata thanks sis...keep it up....
ලහිරු විනෝජ්
උපසිරැසියට බොහොම ස්තූතියි
geeganagamage
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන ට්වි සීරියස් ගේනවට
Chanu mikhail
thank u, jaya !
Udara Damith Dissanayaka
ස්තුතියි
Achi
අම්මෝ මෙයානේ කරන්නේ...වැඩේ ඉක්මනට ඉවර කරනවා කියලනම් 1000% ක් සුවර්...ටිවි සිරියස් වලින් සබ් එක ඉක්මනට දෙන අය අතරින් උඩින්ම ඉන්නෙ ඔයා...කොරියන් ඉවට ෆට්ටා ආසයි ඉතිං...ටැන්ක් අක්කේ ඉක්මනට ඉවර කරන්න ගැම්ම ලැබෙවා...ආදරෙයි
amilaqs
yako me wage torrent or derect link adu eka deddi link ekak dipalla. link ekak dunna kiyala ubala FBI eken ussana yan ne
Navodani Thilini Sasanika
Direct Link one tharama tyenawa saho, torrent walin download karanna danna kenek direct link hoyaganna bh kiyala ke gahnawa pudumayi, upasirasiya deepu manussayatawath respect karanna danne nh.
Helili Hemamali
ඩවුන්ලෝඩ් කරගන්න බැරි අයට Koinaka. HDTV. 720p.x 264. Topfilmz කියලා ගූගල් සර්ච් කරලා cm browser එකෙන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
Charaka Milan
ගොඩක් ස්තූතියි උපසිරැසියට..
පළවෙනි අාදරේ ගැන කතාවක් බලනකොට හිතෙනවා අයියෝ ආදරෙයි කියල කියපන්කෝ, පස්සෙන් පලයන්කෝ කියලා. ඒත් අත්දැකීමක් තියන අපි ඕන කෙනෙක් දන්නවා පළවෙනි පාරට ඇත්තටම ආදරේ හිතුන කෙල්ලෙකුට ආදරේ ප්‍රකාශ කරන එක ලෝකෙ තියන අසීරුම වැඩක් කියලා, කොච්චර හිර වෙනවද ඒ වෙලාවට.. දෙයියනේ...Shan
බොහොම ස්තූතියි හෙළිලි සහේලි සිංහල උපසිරැසියට.. ;)
මේ කතාව එක හුස්මටම මාත් බැලුවා, ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.
එ්වගේම බලපු නැති අනිත් අයටත් අනිවාර්යයෙන්ම මේ කතාව බලන්න ආරාධනා කරනවා.
දැන් ඉතින් සිංහල sub එකත් තියෙනවනේ හෙළිලි නිසා.. ❤❤
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි උපසිරසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanx sub එකට ජපන් එකක් දෙනකම් හිට්යේ