Watch Trailer

Money Heist aka La casa de papel [S02 : E06] Sinhala Subtitles | කෙලින්ම සිංහයාගේ ගුහාවට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කට්ටිය සෑහෙන උනන්දුවකින් බලපු Money Heist කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවන කතාංගය කරන්න බාර ගත්තෙ මම. හැමෝම දන්නව වගේ තරිඳු සහෝ මේ කාලෙ සෑහෙන කාර්‍යබහුල වෙලා ඉන්න නිසා දෙවනි කතා සමය අපි කීපදෙනෙක් එකතුවෙලා තමයි කරගෙන ආවෙ. හැබැයි ඉතිං කියන්න සෑහෙන කණගාටුයි මම දැක්ක පහුගිය කතාංගයකදි තරිඳුට සෑහ…

ඔන්න ඉතිං කට්ටිය සෑහෙන උනන්දුවකින් බලපු Money Heist කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවන කතාංගය කරන්න බාර ගත්තෙ මම. හැමෝම දන්නව වගේ තරිඳු සහෝ මේ කාලෙ සෑහෙන කාර්‍යබහුල වෙලා ඉන්න නිසා දෙවනි කතා සමය අපි කීපදෙනෙක් එකතුවෙලා තමයි කරගෙන ආවෙ. හැබැයි ඉතිං කියන්න සෑහෙන කණගාටුයි මම දැක්ක පහුගිය කතාංගයකදි තරිඳුට සෑහෙන අඩුකුලේ කමෙන්ට්ස් දාල කොල්ලව සෑහෙන දිරිගන්වපු පිරිසකුත් හිටිය.. ඒ ගැන කතා කරන්න ගියොත් අපිත් ඒ කුලේටම වැටේවි කියල හිතෙන නිසා මම තවත් ඒ ගැන මොකුත් කියන්නෙ නෑ.. ඉතිං මේ වෙලාවෙ මම සෑහෙන හෘදයාංගමව කවිෂල් රසින්ත මලයව සිහිපත් කරන්න ඕනෙ, පහලින් ලියල තියෙන සම්පූර්ණ ලිපිය ලියල දුන්නට. කිව්ව ගමන් “හා අයියේ, ලියල දෙන්නං” කියල බාර අරන් විනාඩි ගාණක් ඇතුළත ලිපියත් ලියල මට එව්ව. ඉතිං කවිෂල් මලය ගොඩක් ස්තූතියි ලිපියට.. එහෙනං කවිෂල්ගෙ ලිපිය බලල කතාව බලන්න පටන් ගමු නේහ්..

පසුගිය කොටසින්…

පහුගිය කොටස නූල් පොටකින් සූක්ෂම වුනත් ලොකු වුනත් ඕනිම සැලැස්මක් විනාශ වෙනවා කියලා ඔප්පු කරපු කොටසක්. ප්‍රොෆෙසර් තමන්ගේ හැදුනුම් කම දන්න එකම කෙනා ඒ කියන්නේ ඒන්ජල් කෝමා එකෙන් නැගිටලා කියලා පොලිසිය ප්‍රචාරය කරපු තොරතුර ඇත්තද නැත්තද කියලා ඉතා ලෙහෙසියෙන් තමන්ගේ මොළය පාවිච්චි කරලා හොයාගන්නේ පොලිසිය තව තවත් අඩියටම ඇද දමමින්. එහෙත් මේ අතරතුර රෝයල් මින්ට් එක ඇතුලේ ප්‍රාණ ඇපකාරයෝ ගෙනගියපු කැරල්ලෙන් ආර්තුරෝ ඩෙන්වර්ව තම ග්‍රහණයට ගත්තත්, ඒත් ප්‍රාණ ඇපකාරියක් වුන මොනිකා නිසා ඒ ප්‍රාණ ඇපකාරයන්ගේ සියලුම අවස්ථා මග ඇරි යන්නේ අර්තුරෝගේ ඔලුවට පොල්ලකින් ගහලා ඩෙන්වර්ව බේරගත්තට පස්සෙයි. ප්‍රොෆෙසර් තමන්ගේ පෙම්වතිය රැකල් එක්ක ඉන්න වෙලාවේ තමයි රැකල්ට ඔක්කම තේරුම් යන්න පටන ගත්තේ. ඒ නූල් පොටක් හින්දා. රෝහලට ඇතුල් වෙලා ඒන්ජල් කෝමා එකෙන් නැගිටලද කියලා බලන්න කවටයෙක් වෙලා තමයි ප්‍රොෆෙසර් ගියේ. ඒ විකටයගේ කොණ්ඩේ නූල් පොටක් තමයි ප්‍රොෆෙසර්ගේ ඇගේ ඒ වෙලාවේ තිබුනේ. එතනින් පස්සේ රැකල්ට එකින් එක හැමදෙයක්ම තේරුම් යන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ප්‍රොෆෙසර්ව රැකල් අත් අඩංගුවට අරගෙන පොලිසියට අරගෙන යන්නේ නැතුව ටොලෙඩෝ වල ප්‍රොෆෙසර්ලා සැලැස්ම හදපු ගෙදරට එක්කගෙන යන්නේ වෙන උවමානවක් හින්දා වෙන්න පුලුවන්, ටෝකියෝ තමන්ට කලින් ලැබුනු උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් තමන්ගේ ආරක්ෂක දේවදූතයා තමාව බේරගන්න ඒවි කියලා අපේක්ෂාවෙන් මහාධිකරණයට යන්න පිටත් වෙන්නේ පොලිස් ආරක්ෂාව මැද්දේ. මොනිකා තමන් අපරාධ කාරයෙක් විදිහට හිතාගෙන කළකිරිලා ඉන්නවා පෙන්නුවත් ඒකට වගකියන්න ඕනි ආර්තුරෝ කියලා හැමෝම දන්නවා. ආර්තුරෝගේ නායකත්වයෙන් කරගෙන ගියපු කැරල්ල මැඩ පැවත්තුවත් ඒකෙන් වඩාත් කම්පනයට පත් වෙන්නේ නයිරෝබි, මොකද ඇය ප්‍රාණ ඇපකරුවන්ට පොරොන්දු වෙලා තිබ්බ දේවල්, නිදහස සියල්ල කඩ කරපු නිසත්, ඇයගේ සැලැස්ම විනාශ කරලා දාපු නිසාත්. ඇය අන්තිමේ එතනින් අයින් වෙන්නේ ආපහු රෝයල් මින්ට් එක ඇතුලේ මංකොල්ලකරුවන්ගේ බොස් බර්ලින්ව කරලයි. ඒ වගේම හෙල්සින්කි සහ බර්ලින් අර්තුරෝව පුපුරන ද්‍රව්‍ය ඇගට තියලා ගැට ගහලා ඔහුගේ දඩුවම ඔහුට ලබාදුන්නා ඔහුගේ ක්‍රියාව නිසා. අන්තිමේ ප්‍රාණ ඇපකාරයන්ට වුනේ තමන්ට තිබුන සියලුම නිදහස සහ සියලූ දේවල් නැති කරගත්ත එකයි.

අද කොටසින්…

අද කොටස වෙන් වෙන්නේ ටෝකියොගේ ගැලවීමට සහ ප්‍රොෆෙසර් රැකල්ට කොටු වීමෙන් පසු සිදු වූ සිදුවීම් වලටයි.ප්‍රොෆෙසර් තමන් ටෝකියෝට හැමවෙලේම දීලා තිබුන පොරොන්දුව වුනේ ඇයව හැමවෙලේම ආරක්ෂා කරවනවා කියන එකයි. ඉතින් කලින් කොටසේ ප්‍රොෆෙසර් රැකල්ගේ ග්‍රහණයට පත් වුනාට පස්සේ ඒ ටෝකියෝව ගලවගන්න සැලැස්ම හරියට ක්‍රියාත්මක වෙයිද? ප්‍රොෆෙසර්ව පොලිසියට රැගෙන යන්නේ නැතුව ටොලේඩෝවල නිවසට රැගෙන ගියේ මොකක් නිසාද? ප්‍රොෆෙසර්ගෙ අවසානය මෙය වෙයිද? මංකොල්ලයේ මහ මොළකරු නොමැතිව සැලැස්මවල් කෙරීගෙන යනවද? ඒ වගේම ඔබ ඇතැම්විට ප්‍රොෆෙසර් නොකරයි කියල හිතපු වැඩකුත් අද ප්‍රොෆෙසර් කරනව.. ඒ මොකද්ද? අද කොටස ගත්තොත් බොහෝ ක්‍රි‍යාදාම සපිරි කොටසක්. අද මංකොල්ල පිරිසගෙන් එක් අයකුට අවසානයේ වෙඩි වැදෙන්නේ මරණය ලගා කරලා. ඉතින් ඒ කවුද? ඔහු හෝ ඇය මැරෙයිද? මේ කොටස අරගෙනම බලන්න මොකක් වෙයිද කියලා? රෝයල් මින්ට් මහා මංකොල්ලයේ අවසාන අදිය‍රට කෙමින් කෙමින් ලගා වෙනවා.

ඊලඟ කොටසත් අරගෙන සුපුරුදු විදියට තරිඳු සහෝ ඒවි. මම ගිහින් එන්නම්.. කවිෂල් ආයෙත් ස්තූතියි ලිපියට.. ජය වේවා..!

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

49,808 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

49,808 downloadsDownload Subtitles24 KB

42 comments

  1. කවිශල් රසින්ත (කවී)

    නියමයි අයියේ... ස්තූතියි සබ් එකට...
    Gd luck N keep Continue...

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata brother....

  3. pryantha gallage

    thanks to sub jayawewa

  4. laxeg

    thanks bro... niyamai....

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. තරිඳු ගමගේ

    ගොඩක් ස්තූතියි උදයංග කියන්නත් කලින්ම කොටසක් කරලා දෙන්නම් කියලා,මටත් කලින් වැඩේ ඉවර කලාට. කවිෂාල් මල්ලිටත් ස්තූතියි !!! ඊළඟ කොටසින් හමුවනතුරු ජය...!!! ✌

  10. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ........

  11. max rock

    me ekakawath sub set wennaha msg damma godak kawuruth reply naha. oyala karanne godak loku wadak ea unata apith me add click karala puluwan supprt denawa. eath mekata wisadumak denna

  12. max rock

    biaskope download eke torrent like eken seson ekama download kala sub ekata set wennaha

    1. කවිශල් රසින්ත (කවී)

      ගොඩක් වීඩියෝවලට මේ සබ් ගැල්පෙන්නේ නෑ සහෝ... ස්පැනිස් සිරීස් එකක් හින්දා පොඩි පොඩි අවුල් තියෙනවා.. ඉතින් හරියටම හරි යන විඩීයෝ එක හොයාගන්න බලන්න නැත්තම් සහෝ පොඩ්ඩක් ප්ලේයර් එකෙන් සබ් එක එහා මෙහා කරගන්න බලන්න. සමාවෙන්න ඔනී අපහසුතාවට ඒත් අපිට පුලුවන් උපරිමය කරලා සහෝ තියෙන්නේ... ජය....

    2. උදයංග සම්පත් හතරසිංහ

      ඔව්, මෙන්න මේක ගන්න කියල නම් හරියටම වීඩියෝ පිටපත් ගන්න තැනක් කියන්න අමාරුයි. ඒ නිසා ලේසියෙන්ම කරගන්න පුළුවන් වැඩේ තමයි සබ් එක Resync කරගෙන බලන එක. ඒ පහසුකම හැම ප්ලේයර් එකේම තියෙනව. ඒ ගැන දැනුමක් නැත්තං සබ් එකක් Sync කරගන්න විදියත් සයිට් එකේ තියෙනව. අපි සබ් දෙන්නෙ විනාඩි 45ක් තියෙන එපිසෝඩ් 9ක් විදියට තියෙන වීඩියෝ පිටපත් සෙට් එකට.

    3. max rock

      ehema player eken eha meha karath samahara sub ewa kali kotase sub tiyenne. KM player use karanne. ehata mehata kalath sub eka thiyenna kathawe kotas walata kadila. ple help. man dannawa oyala karana job eka supiri api wage ayata. jaya

  13. Nuwan_sri

    Thanks for subtitles ....

  14. Himantha

    Sub ekata thanx

  15. npmuweerasinghe

    thanks

  16. Kulanjana Maduranga

    subata thanks......

  17. Ayesh Prashan

    Thank You

  18. sandharu

    Thanks sahoo

  19. D.Chamara

    bohoma sthuthi sahoo

  20. Udara Damith Dissanayaka

    නියමයි .........

  21. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  22. SanjulaJeter

    Thanks bro

  23. KUSAL LIYANAGE

    kathawa supiri,thanks

  24. T-Originals

    sub eka galapen na kiyana ayage awadanaya pinisai. yakow season 2 eke kotas 9k thyena season eka aragena balapalla. kotas 6 thyena ewa thyenawa 15 thyena ewath thyenawa. ewata kohomath galapen na. 9k thyena season eken aran balapalla. dakke nadda sub deela thyenne kotas 9i kiyala. e kiyanne kotas 9 season ekata witharai galapenne sub. ona tharam download link hoyaganna puluwan money heist season 2 direct download kiyala google eke gahala. e ena site walata gihin kotas 9 thyena season eka download karaganilla.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Lakshan

    Thanks Bro.

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  28. Amila Mudalige

    Sub ekata Thanks

  29. ramachanuka

    Thanks brooo

  30. Kawshan98

    thanx

  31. Udara Damith Dissanayaka

    sdzgfdsd

  32. chinthaka.max4

    thankx machasn

    1. rasanga20010112

      macho komd seson 2 bave mt link dako baganna

  33. Sajithlakshan

    thanks ...................

  34. Tharindu07

    Thanks Machooo.....!!! Jayaweva....!!!

  35. Diluka

    Tnq sub ekt

  36. Nilush Angana

    Sub ekata thanx

  37. ediya

    thanks for sub...

  38. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.