Watch Trailer

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ.…

ආයුබෝවේවා!

මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ. ඇත්තම ලයිටා වෙනුවට ලයිටාගෙ ක්ලෝනයක් පාවිච්චි කරල වෙග්තෝර් වල විනාශය සටහන් කරන්න, ක්ලෝන ලයිටට මැරෙන්න හරිනව. මේකෙන් පස්සෙ දරුණු සිවිල් යුද්ධයක් ආරම්භ කරන්න තමයි සොඩ් උත්සාහ කරන්නෙ. නමුත් ඩූම්ස්ඩේ නැතුව මේ සටන කරගෙන යන්න සොඩ් කැමති වුණේ නෑ. ඒ නිසා තමයි බ්ලැක් මර්සි විෂ අරගෙන ඩූම්ස්ඩේ යටත් කරගන්න උත්සාහ කරන්නෙ. කොහොමහරි බ්ලැක් මර්සි විෂ ඩූම්ස්ඩේට වැඩ කළා වුණත්, ලයිටාගෙ මනසෙ හිර කූඩුව බිඳවැටෙන්න ගන්නව. ඊට පස්සෙ ලයිට එතනින් පැනගන්නව. ඔහොම තමා කලින් කොටස ඉවර වුණේ.

අද කොටසින්..

අද කොටසෙදි සෙඩ්, ඩූම්ස්ඩේ වෙග්තෝර් වලට නිදහස් කරනව. ඔන්න ඩූම්ස්ඩේගෙ වැඩ ඇත්තටම බලාගන්න පුළුවන් වෙයි අද. මේ ප්‍රහාරය දියත් වෙන අතරෙ පිරිසට ප්‍රහාරයෙන් බේරෙන්න ඩූම්ස්ඩේ උමං ඇතුළෙ හිර කරන්න වැල් සැලැස්මක් හදනව. ඒ අතරෙ ඩූම්ස්ඩේගෙ ප්‍රහාරයෙන් හැකි තරම් පිරිස බේරගන්න නීසාගෙ නායකත්වයෙන් පිරිසක් සටන් කරනව. කොහොමහරි සෙග් සහ කෙම් දෙන්නට වගේම, වැල් සහ ඇඩම් දෙන්නටත් ඩූම්ස්ඩේ ප්‍රහාරයෙන් බරපතල හානි වෙනව. ඒ වගෙම සැලැස්මෙ විදියට දුරස්ථ පාලකයක් මඟින් උමං පුපුරුවන්න සැලසුම් කළා වුණත්, බලය ලබා ගැනීමෙ ගැටළුවක් ඇතිවෙන නිසා ඩෙටනේටර් එකක් මඟින් පිපිරුම කරන්න සෙග් තීරණය කරනවා. මේ තීරණය නිසා මෙතෙක් කතාවට ලොකු සේවයක් කරපු කෙනෙක්ගෙ ජීවිතය බිලි දෙන්න වෙනව. වීරයෙකුගේ නික්ම යෑම ඒ විදියට අද සනිටුහන් වෙනව. ඊලඟ කොටස අරගෙන ආයෙත් හමුවෙනකල් හැම කෙනෙකුටම ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

2,080 downloadsDownload Krypton-S02-E09.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,080 downloadsDownload Subtitles28 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  3. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Ayesh Prashan

    Thank You

  6. dx12

    Niymi saho
    Thanks saho
    Godk pin saho
    The boys tv series ekta sub demu saho
    Good luck

  7. Hiran Eranda

    thanks for sub

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. MAALnath

    Thanks .....................good luck .....................

  11. chinthaka.max4

    thankx machan