හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ…

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න,
“ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි කතා මාලාවක් විකාශය වෙන්නෙ නැහැ. ❤️ “
ඉතිං ඒ අනුව මේ තමයි ක්‍රිප්ටොන් කතා මාලාවේ ඔබ නරඹන අවසානම අවසාන කතාංගය වෙන්නෙ. පළමුවැනි කතා සමයට තරම් දෙවනි කතා සමයට බයිස්කෝප් සහෘදයින් වුණත් ඒ තරම් ප්‍රතිචාර දැක්වීමක් කරල තිබුණෙ නැහැ. බාගත කිරීම් සංඛ්‍යාව දැක්කම ඒක හිතාගන්න පුළුවන්. අදහස් දැක්වීම් ගැන කතා නොකර ඉමු. මොකද සීරීස් එකකට සබ් දෙන එක නතර කළා කියල කියල කිව්වම “උඹලට දෙන්න බැරිනම්, එහෙම සීරීස් පටන් ගන්න එපා” වගේ කතා කියන්න විතරක් කටවල් ඇරෙන අපූරු රටක, අපුරු ජාතියක් අපි. ඉතිං ඒ වගේම ක්‍රිප්ටොන් කතා සමයන් දෙකේදිම උපසිරැසිකරුවන් බොහෝ පිරිසක් මේක සඳහා උපසිරැසි ලබාදෙන්න දායක වුණා. ඒ හැම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ මේ වෙලාවෙ. තව මතක් කරන්න ඕනෙ, දෙවැනි කතා සමයටත් උපසිරැසි නොදී ඉන්න තීරණය වුණු වකවානුවක “හසන්ත අයියගෙ” කැපවීම නිසා තමයි මේ කතා මාලාව ඔබේ අතට පත් වෙන්නෙ. ඉතිං ඇඩ්මිවරයෙක් විදියට හසායියාව ගෞරවයෙන් මතක් කරනව වගෙම ස්තුතිවන්ත වෙනව මෙතෙක් දුර මේ කතා මාලාව රැගෙන ඒම සම්බන්ධයෙන්. ඒ වගේම අදහසක් දක්වපු, බාගත කරපු හැම කෙනෙකුටම මගේ ශීර්ෂ ප්‍රණාමය මේ අවස්ථාවේ පුදකර සිටිනවා..! කාගෙහරි හිතක් රිදුණනම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා..!
හරි, ඉතිං අපි කලින් කතාංගයේ දි දැක්ක සොඩ්, ඩූම්ස්ඩේ මුදා හරිනව වෙග්තෝර් වලට. මේකෙන් මහා විනාශයක් වෙනව, සෑහෙන පිරිසක් සමූල ඝාතනය වුණා. ඒ වගේම කෙම් ක්‍රිප්ටොන් වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළා, සෙග් ඇතුළු කැරලිකරුවන්ට ජීවිතය ලබා දෙන්න වගෙම සොඩ්ගෙන් ක්‍රිප්ටොන් වලට විමුක්තිය ලබා දෙන්න. වැල්, නීසා, සෙග්, ඇඩම් ඇතුළු පිරිස ඒ නිසා ජීවිතය බේරා ගත්ත.
ඉතිං අද කතාංගය ඇතුළෙදි ඔන්න බලාගන්න පුළුවන්, මේ බේරුණු පිරිස නිව් මර්ලන් වලට ඇවිල්ල සොඩ්ව පරාද කරන්න සැලැස්මක් හදන හැටි. ඒ වගෙම නීසා තනියම තමන්ගෙ පුතා හොයාගෙන යන්න තීරණය කරනව. ඒ තීරණයත් එක්ක කතා සමය තුන්වැනි කතා සමයකට මඟ කිව්වත්, වාසනාවට වගේ කතා සමය අවලංගු වෙනව. ඉතිං කවුරුහරි කෙනෙක් බලාගෙන හිටියනම් ආයෙත් පාරක් “ලෝබෝ” දකින්න තිබුණනම් කියල, ඔන්න අවසාන වතාවට ඔහුවත් දැකල හිත සනසගන්න පුළුවන්. තව මොකුත් විස්තර ඕන නෑ කියල හිතනව. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා..!
“Our fight is over”
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,386 downloadsDownload Krypton-S02-E10.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
28 comments
Ravindu Rukshan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයgeeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
dx12
Thanks bro
Patta bro
Godk pin bro
Good luck
Bro pluwanm the boys tv series ektath sub demu.dx12
Oya kiwa dewal okotma podu na harida
Tv series maga nathra karama baninna withark newi API comment danne harida.
Gihin podk tv series comment balanwa.
API balana tv series walata thanks karala comment danwa.api hamadama baiscopelk ekka inne.උදයංග සම්පත් හතරසිංහ
හිත රිදුණනම් සමාවෙන්න ඕනෙ. ඔයාට අදාල නැත්තං බාර ගන්න එපා සහෝ. අදහසක් දක්වන අයට ගෞරවණීය විදියට ස්තුති කරල තියෙනව සමහරවිට ඔයා දකින්නෙ නැතුව ඇති. එහෙම කෑල්ලකුත් ඕකෙ මම ලියල තියෙනව. ප්‍රශ්නෙ වැරදි කොණෙන් අල්ලගන්න එපා. තරහ අවසර..!
Ishan Madusha
සබ් එකට ස්තූතියි සහෝ
darshana100
sub akata thanks saho ath aka deyak kiyanna tiyenawa oyala dana sub walata bahutarayak stutiya tama pala karala tiyenna bohoma sulu tarayak tama mona hari kiwwot kiyala tiyenne neda oba samaharak kiyana dain ara bahutarayata hoda madi neda mokada a bahu taraya oya gollanta bohoma lengatuwa post danne mamath boho welawa coment tiruwe danna bari unat oya gollange fb page akta hari stuti karala danawa
උදයංග සම්පත් හතරසිංහ
හිත රිදුණනම් සමාවෙන්න ඕනෙ. සහෝදරය මුලින්ම මුළු ලිපියම කියවන්න කියල තමයි ඔයාටත් කියන්න තියෙන්නෙ. අදහස් දක්වපු හැමෝටම මම ගෞරවණීය විදියට ස්තුති කරල තියෙනව. වැරදි කොණෙන් අල්ලගන්න එපා. තරහ අවසර..!
Tharindu07
Thanks Machooo......!!!! Help karapu hemootama thanks......!!! Jayaweva.....!!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් කරපු හැමෝටම තැන්ක්ස්...
Season 1 එක බැලුවට 2 එක බලන්න තාම බැරි උනා...Hiran Eranda
thanks for sub udayanga ayiye.....jaya wewa!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ කතා මාලාව පුරාවට උපසිරස සැපයූවාට...බුදුසරණයි...ජය වේවා!
Shadow125
Tnx bro for all of your subs :)
anuranga10
thanks
Ayesh Prashan
Thank You Series Ekata Sub Dunnata
Naveen Rangana
Thanks for Subtitle.....................
Jayawewa..................!!!!!!!!!!!!!!yomalravindu
Thanks.....!!!
Madushanka
Thanks
Dileepa77
bohoma sthuthiy sub sunnata meke..iwara wenakmma.. kawru monawa kiwwat api oyala sub denkm balan inne.. tnx.. jaya wewa.. 1
Cavil
Thanks Saho Sub ekta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sashitha
thanks bro sub ekata.. podi aulak thiyanawa, mn asawen balapu kathawak thamai meka..eth ai oyala meka iwara wechcha ekata sathutu wenne.. s03 ekkata mn asawen hitiye...aparade bng
MAALnath
Thanks ...............good luck ...................
Nuwandika Dil
Thanks machn. Issarahata awoth aye s03 ekatath puluwnnm denna. Thank u
chinthaka.max4
thankx machan
Anonymous
tnx sub walta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thx