Watch Trailer

Sacred Games S02E03 Sinhala Subtitles | න්‍යශ්ටික ප්‍රහාරයක්…? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කුසුම් දේවි යාදව් එක්ක එකතු වෙන ත්‍රිවේදි, ගයිතොන්ඩෙව පැහැරගෙන ඇවිත්, දවස් 40ක් බෝට්ටුවක හිරකරගෙන තියාගෙන, අන්තිමේදි කෙන්යාවට එක්කගෙන එනවා. බොම්බාය හොල්ලගෙන හිටපු අපරාධකාරයෙක්ව හිටි හැටියෙ මොකටද කෙන්යාවට කුදලගෙන එන්නෙ? නිකං නෙමෙයි. කුසුම් දේවි යාදව් කියන්නෙ ඉන්දියානු රජයට වැඩ කරන කෙනෙක්. ගයිතොන්ඩේ…

  • කුසුම් දේවි යාදව් එක්ක එකතු වෙන ත්‍රිවේදි, ගයිතොන්ඩෙව පැහැරගෙන ඇවිත්, දවස් 40ක් බෝට්ටුවක හිරකරගෙන තියාගෙන, අන්තිමේදි කෙන්යාවට එක්කගෙන එනවා.
  • බොම්බාය හොල්ලගෙන හිටපු අපරාධකාරයෙක්ව හිටි හැටියෙ මොකටද කෙන්යාවට කුදලගෙන එන්නෙ? නිකං නෙමෙයි. කුසුම් දේවි යාදව් කියන්නෙ ඉන්දියානු රජයට වැඩ කරන කෙනෙක්. ගයිතොන්ඩේ මාර්ගයෙන් යම් යම් දේවල් කරගන්නවා පහුගිය කොටස් දෙකේදි දැකගන්න ලැබෙන්න ඇති.
  • කුසුම් දේවි එක පැත්තකින් ගේම ගහනකොට, අනිත් පැත්තෙන් කුසුම් දේවිට කෙලවලා දාන්නයි ගයිතොන්ඩෙගෙ කල්පනාව. කුසුම් දේවිව ශේප් එකේ තියාගෙන, තමන්ගෙ ජන්ම වෛරක්කාර ඊසාගෙන් පලිය අරගෙන, කෙන්යාවෙන් පැනලා යන්න ගයිතොන්ඩෙ වෙනම ප්ලෑනක් ගහනවා.
  • දන්න වැඩ කිඩ ඔක්කොම දාලා, ඊසව කෙන්යාවට ගෙන්නගෙන අහුකර ගත්තත්, අන්තිමේදි බැලින්නම් ඒ ඊසා නෙමෙයි, වෙන එකෙක්. කුසුම් දේවි යාදව්ගෙ දහං ගැටේකට ගයිතොන්ඩෙ බෙල්ලෙන්ම අහුවෙනවා.
  • කෙන්යාවේ එහෙම වෙද්දි, ඉන්දියාවෙ මුම්බායි නගරයේ ගයිතොන්ඩෙගෙ අපරාධ රාජධානිය බිඳ වැටෙනවා. ගයිතොන්ඩෙගෙ අපරාධකාරයො එක්කො මරලා දාලා, එහෙමත් නැත්නම් හිරේ දාලා.
  • ඔය අතරේ කෙන්යාවෙ ඉන්න ගයිතොන්ඩෙගෙ විශ්වාසවන්ත සේවක බන්ටි ඉන්දියාවෙ ඉඳන් ගයිතොන්ඩෙට අවශ්‍ය සේවය සපයනවා.
  • පෝස්ටර් එකක් පස්සෙ පන්නගෙන යන සර්ටාජ් සිං ප්‍රමුඛ පොලිස් නිලධාරීන්, අවසානයේ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තත්, තවමත් ඔවුන්ගෙන් හෝඩුවාවක් ලබාගන්න අපොහොසත් වෙනවා.
  • ඒ වගේම, වර්තමන සර්ටාජ් සිං තමන්ගෙ තාත්තා සතුව තිබ්බ මාලයක් ඔස්සේ ගුරුජීගෙ ආශ්‍රමය හොයා යන අතරෙ, අතීත ගයිතොන්ඩෙ ගුරුජීව හමුවෙලා ඔහු පිලිබඳව යම්කිසි පැහැදීමක් ඇතිකර ගන්නවා.
  • මේ අතරේ, කාගෙවත් ඇස ගැටෙන්නෙ නැතුව මැල්කම් නම් අපරාධකරුවා හොර රහසේම යම්කිසි මෙහෙයුමක නිරත වෙනවා.

මේ තමයි පහුගිය කොටස් දෙකේ සාරාංශය. පොඩි දෙයක් අහන්නම්, පුළුවන් නම් අවංකවම උත්තරයක් දෙන්න. පලවෙනි කතා සමය අවසන් වෙලා, දෙවනි කතා සමයෙත් කතාංග දෙකක් මේ වෙද්දි බලලා ඉවර ඇති. අඩුමගානේ පොඩි හරි අදහසක් තියෙනවද කතාවෙ මොකක්ද මේ වෙන්නෙ කියලා? කතාව කොහාටද මේ ගලාගෙන යන්නෙ කියලා. කතාවෙ ප්‍රධාන දුෂ්ඨ චරිතය ගුරුජීද? නැත්නම් වෙන කෙනෙක්ද? පොඩි හරි උත්තරයක් දෙන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් උත්තරයක් දෙන්න බලන්න. ඕක ගැන කල්පනා කරන්න, කල්පනා කරන්න ඔළුව ගිණි ගන්නවා තමයි, හැබැයි පුළුවන් නම් අනුමාන කරලා කියන්න බලන්න 😛

අද මේ තුන්වෙනි කොටසින් තවත් ප්‍රධාන හෝඩුවාක් දෙනවා ඔන්න. අද කතාව ප්‍රධානවම ගලා යන්නෙ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සහ තරුණියක් වටා. තිදෙනාම අතිශය දරුණු ලෙස රෝගාතුරව මරණාසන්නව ඉන්නෙ. ඇයි එහෙම වුණේ? මේ සිදුවීමත් සමගින් අනාගතය පිලිබඳව බොහොම දරුණු සැකයක් අනිවාර්‍යයෙන්ම ඔබට ඇතිවේවි. ඒ වගේම, දෙවන කතා සමයේ නිල පෝස්ටර් එකේ ඔබ දකින්න ඇති මුම්බායි නගරය සම්පූර්ණයෙන්ම ගින්නෙන් වෙලාගෙන ඇති ආකාරය. ඉතිං අනුමාන කරන්න බලන්න, මොන ආකාරයේ දැවැන්ත ව්‍යසනයක්ද මේ ටිකෙන් ටික ලඟා වෙන්නෙ කියලා.

58000 ඉක්මවූ මනාප සංඛාවක් සමගින් Imdb මීටරය 8.9 ක් දක්වා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 79 වන ස්ථානය දිනාගත් පෙරලිකාර වෘතාන්තය… නිමේශයෙන් නිමේශය, කතාංගයෙන් කතාංගය, ත්‍රාසය, භීතිය, කුතුහලය අතරේ ඔබව මංමුලා කරමින්, සුවහසක් ප්‍රේක්ශකයින් උන්මාදයට පත්කළ Netflix ඉතිහාසයේ අති සාර්ථකම කතා මාලාවක් සමගිනුයි ඔබ මේ එකතු වී සිටින්නෙ. එසේනම් රැඳී සිටින්න අපත් සමගින්, තව කොටස් 5ක් පමණයි ඉතුරුව ඇත්තේ ඒ බිහිසුණු අවසානය සඳහා…

ඒ වගේම, ඔබගේ පහසුව සඳහා කතා මාළාව සඳහා උපසිරැසි ඔබ අතට පත්වන කාල සටහන පහතින් බලාගන්න පුළුවනි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,377 downloadsDownload Sacred-Games-S02E03.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

9,377 downloadsDownload Subtitles26 KB

41 comments

  1. ලෝෂණ

    Thanks, bro.

  2. madurocks

    maru maruu

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    කාල සටහනකුත්

  4. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ....

  5. KavindaRashmin

    Thnx bn
    Ei bn baiscope download wala mewa download karanna neththe

    1. Gathsara Umesh

      TuchX google search krla baganna

  6. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck
    Jaya wewa......!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. LSMhuska

      Thank y machn.......

  8. dananja

    time table danava apiva avussanava ikmanata denavako appa

  9. Praveen

    thnkzzzzzzzzzzzzzzzz

  10. Buddi

    Thanks................

  11. Mirrors

    පට්ට තෑන්ක්ස් මචං.. සුපිරි තැනකින් ඉවර උනේ..

  12. Lucifer94

    loku deyak machan...

  13. supun priyanath

    Elama
    Thank you

  14. Suranjan

    Ela machan...thanks .....jayawewa.....!

  15. Gathsara Umesh

    Bohoooooom Sthuuthiy Ayyeee❤️

  16. Akila perera

    Ane machan season ekama douwnlod kr inne. ilaga ekath dapan plz thanz for sub.

  17. Lahiru5046

    thanks broo

  18. Ayesh Prashan

    Thank You

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Amilperera

    එලම

  21. Kapila4499

    thanks for sub

  22. rehani

    thank you soo much...

  23. Dewadithya

    Thanks for Sub!

  24. sahan malinga

    thanks bokkaaa

  25. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  26. D.Chamara

    bohoma sthuthi sahooo

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. mindika

    Thanks !!!!!!!!!!!

  29. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  30. Pramukmili

    thanxx bro............

  31. Lahiru Lakshan

    thanks macho....

  32. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  33. Dilruk lahiru

    thanks bro

  34. Sudesh manjula

    Series 2 eke episode 3 wala download link nehene puluwan nam meka hadanna episode 3 mata download karanna behe

  35. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  36. Sahan Prabhasara

    thanks brother

  37. Anonymous

    Thnx for sub ...❤️

  38. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  39. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.