ඔන්න මම මේ සැරේ අත ගැහුවේ ලොවෙත් නැති එලම එල Tv Series එකකට.(ඇත්තටම මම මේ පලවෙනි කතාමාලාවම ඉවර කලේ 10 වසරේ ඉන්නකොට, එක දිගටම එපි ටික දෙන්න ඕනේ නිසයි දෙවෙනි කතාමාලාවයි තුන්වෙනි එකයි ඉවරකරල දුන්නේ, හිමීට හිමීට කරන්නම් කිවුවට ටික දවසකින් දෙවෙනි කොටස්වල වැඩේ අතහැරලා දැම්මා,අපේ වීමා අයියා ආයේ උනන්දු කරල…

ඔන්න මම මේ සැරේ අත ගැහුවේ ලොවෙත් නැති එලම එල Tv Series එකකට.(ඇත්තටම මම මේ පලවෙනි කතාමාලාවම ඉවර කලේ 10 වසරේ ඉන්නකොට, එක දිගටම එපි ටික දෙන්න ඕනේ නිසයි දෙවෙනි කතාමාලාවයි තුන්වෙනි එකයි ඉවරකරල දුන්නේ, හිමීට හිමීට කරන්නම් කිවුවට ටික දවසකින් දෙවෙනි කොටස්වල වැඩේ අතහැරලා දැම්මා,අපේ වීමා අයියා ආයේ උනන්දු කරලා ගත්ත නිසා කොහොමහරි ඉවර කලා,ඉවර කරනකොට 13 වසරටම ඇවිත්.).ෆොටෝ එක දැක්කම දැනගන්න ඇතිනේ තියෙන විශේෂත්වය.දැක්කෙ නැතිනම් ආයෙත් හොඳට බලන්නකෝ.දැන් දැක්කනේ.මිනිහගේ නාභියක් නෑ නේද.(බුරියක් බං බුරියක්).එහෙනම් මේ අමුතුම කෙනා කවුද කියලා දැනගන්නයි මේ හදන්නේ.සේරටම කලින් මේ කතාමාලාව ගැන ඔයාලා පොඩ්ඩක් දැනගත්තොත් හොඳයිනේ. මේකගෙ බුරිය නැතිවුනේ කොහොමද කියලා එහෙම දැනගන්න ආස ඇතිනේ.(බුරිය නැතිවුනේ කොහොමද කියලා මමවත් තවම දන්නේ නෑ..,ඉස්සරහට දැනගන්න ලැබෙයි..)
මෙහෙමයි..මේ කතාමාලාව තමයි ABCනාලිකාවේ අඩුම කාලෙකින් වැඩිම ජනප්‍රියත්වයක් ගත්ත කකතාමාලාව.මේ කතාමාලාව පටන්ගත්තේ නම් 2006 ජූනි 26 වෙනිදා.කතාමාලා 3 කින් සමන්විත උනු මෙහි පළවෙනි කතාමාලාවේ කොටස් 10කින් සමන්විතයි.එය 2006 ජූනී 26 වනදා සිට 2006 අගෝස්තු 28 වනදා දක්වා විකාශය උනා.නමුත් පළමු කතාමාලාවේ තිබුනු අධික ජනප්‍රියත්වය නිසා දෙවෙනි කතාමාලාවට කොටස් 13 ක් අමතරව එකතු වීම නිසා එහි කොටස් 23 ක් අඩංගු කිරීමට නිශ්පාදකයින් සිදුවුනා.එය 2007 ජූනි 11 සිට 2008 මාර්තු 17 දක්වා විකාශය උනා.තෙවෙනි කතාමාලාව නැවතත් සුපුරුදු ලෙස කොටස් 10 කින් සමන්විත උනා.එය 2009 ජනවාරි 14 සිට 2009 මාර්තු16 දක්වා විකාශය උනා.මෙම කතාමාලාව ඇසුරින් නවකතා දෙකක්ද රචනා කර තිබෙනවා.ඔය ඇතිනේ.ඇත්තටම සුපිරිම කතාවක් තමයි මේකට අන්තර්ගත වෙලා තියෙන්නේ.මෙහි දර්ශන රූගත කර තිබෙන්නේ වැන්කුවර් වල සහ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශවලදී.
හරි දැන් පොඩ්ඩක් කතාව ගැන කියමු.මේ කතාව රචනා කරලා තියෙන්නේ Eric Bress සහ J.Mackye Gruber කියන දෙන්නා.මෙය මුලින්ම විකාශය උනේ ABC Family නාලිකාවේ.එක් කොටසක් විනාඩි 44 ක් පුරා දිව යනවා.නිශ්පාදකයන් වන්නේ ABC ස්ටූඩියෝ ම තමයි.බෙදාහැරීම සිදුකරලා තියෙන්නේ Disney සහ ABC යන ආයතන දෙකම එකතුවෙලා.මෙම කතාමාලාවටImdB ශ්‍රේණිගතකිරීම් වලින් 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා.හැමකොටසක්ම වගේ IMDb අගය 7.4 පන්නලා අරගෙන තියෙනවා.මෙය රටවල් 62 ක අති විශාල ප්‍රේක්ශක ප්‍රතිචාර මැද විකාශය වෙලා තියෙනවා.(සෙල්ලන්ද රටවල් 62 ක් කියන්නේ)දැන්වත් කතාවට එන්ටර් වෙමු.
කතාව ආරම්භවෙන්නේ තරුණ ලස්සන කොල්ලෙක් නිරුවතින් හා රෝස පැහැති දියරයකින් ආවරණය වී කැලයක් මැද්දේ වැටී සිටීමෙන්. මොහු පිටත ලෝකය ගැන කිසිම දෙයක් දන්නේ නෑ.අඩුම තරමේ එතෙන්ට ආවේ කොහොමද කියලාවත් දන්නේ නෑ.නමුත් මොහු හරිම අහිංසකයි.ඔහු නිරුවතින්ම ලඟම ඇති නගරය වෙත ලඟා වෙනවා.පසුව පොලීසියෙන් ඇවිත් මෙයාව අරගෙන යනවා මනෝවිද්‍යාඥයෙක් ගාවට.ඔහු මෙයා ගැන කොච්චර හෙවුවත් කිසිම තොරතුරක් නැති වෙනවා හොයාගැනීමට.ඒත් මොහු දකිනවා මේ ළමයගේ බුරියක් නෑ කියලා.ඒක විශේශ දෙයක් හින්දා මේ මනුස්සයා මේ අමුතු ළමයාව රැක බලාගැනීමට වෙනත් කාන්තාවකට බාරදෙනවා.මේ කාන්තාවගේ නිවසේ සිට සිදුවෙන දේවල් තමයි කතාවට අන්තර්ගත වෙලා තියෙන්නේ.සේරම දේවල් ගේ ඇතුලෙම සිද්ධ වෙන්නේ නෑ හරිද?.හැබැයි මේ කොල්ලගේ එක විශේෂත්වයක් තමයි මොහුට යමක් දැකීමෙන් හෝ ඇසීමෙන් එය තමන්ගේ මතකයට ඉක්මනින් එකතු කරගත හැකි වෙනවා පමණක් නෙවෙයි අවශ්‍ය වෙලාවට එම මතකයන් ඉතා නිවැරදිව නැවත ලබා ගැනීමට හැකියි.ඒ විතරක් නෙමෙයි අනෙත් කිසිම කෙනෙකුට නැති තරමේ බුද්ධියක් පවා මොහුට තියෙනවා.(කතාවේ හැටියට හරිද)ඔය ටිකම ඇතිනේ කතාව ගැන පොඩි හරි අදහසක් ගන්න.
එතකොට මේ කොල්ලට නමක් ලැබෙන්නේ කොහොමද?,ඔහු අනෙත් මිනිස්සු සමග සන්නිවේදන ය කරන්නේ කෙසේද?,ඔහුට ඇති වෙනත් හැකියාවන් මොනවාද?,මේ සෑම දෙයක්ම දැනගන්න ඉතින් මේක බලන්නම වෙන්වනේ.ඕවා විතරක් නෙමෙයි ඉතින් විශේෂත්ව.තව ගොඩක් තියෙනවා.ඔය සේරම කියන්න බෑනේ..කොහොම උනත් මම කියන්නේ මේක මම බලපු සුපිරිම කතතාමාලාවක්.ඔයාලත් මේක බැලුවොත් එහෙම හිතෙයි.නිකන් කතාව කියවලා,රූපයක් බලලා අන්තර්ගතය දැනගන්න බෑනේ..ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියලා..එක කොටසක් බැලුවට පස්සේ තේරෙයි කතාව කොච්චර හොඳයිද කියල.ඕන කෙනෙක් සමග බලන්න පුලුවන් නිසා අවුලකුත් නෑ.දැන් නම් ඇතිත් කියලා හිතෙනවා..කමක් නෑ ඕන කරන ටික කිවුව හින්දා හිතට සතුටුයි…ඒ හින්දා වෙච්ච මහන්සියට හිත හැදෙන්නත් එක්ක සබ බාගන්න ගමන් පොඩි අදහසකුත් තියලා යන්න..මොකද කවුරුවත් බනින එකක් යැ.. .
එහෙනම් දිගටම කතාමාලාව සමගින් රැඳී ඉන්න කියන ගමන් මම ගිහින් එන්නම්.. පලවෙනි කතා මාලාවම බාගත්තට අවුලක් නෑ,,සේරටම සබ් දීලා තියෙන්නේ.වැරදිනම් ඇති.මොකද පොඩි කාලේ කරපු එකක්නේ,අවුලක් නැතිව වැරදි සේරම තියලා යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
1,787 downloadsDownload Kyle-XY-S01E01.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
රඛිත රණතුංග
Subtitles
31 comments
Adithya Gimhana
Rakitha Ranathunga
ස්තූතියි සහෝ
Kasun
Niyamai bro.anith epi tikath ikmanata demu
Saketha Pulasthi
නියමයි සහෝ...මගේ ගාව මේකේ සීසන් 3ම තියෙනවා..දැන් ඉතින් බැලිල්ලක් තමා තියෙන්නේ...
උපසිරසියට බොහොම ස්තූතියි :)Rakitha Ranathunga
ස්තූතියි සහෝ
ayesh
patta thanks. man gaawa dan aurudu ganak tisse season 3ma hiyeno.baliuwe nae sub nati hinda.dan rakitha ta pinsiddawenna balanna puluwan.thanks
ayesh
1st epiya baluwa.pattai.digatama sub dennaooooo
Kasun Widusha
Tnx ikmanata anit seaon 2 katat demu bro
pasindu
සුප්ප..........!
දිගටම සබ් දෙන්නෝ.........................!
torrent link එකක් දෙන්නකෝ..........!Krishan NiShalya
mona kiyannada
patta.....
☺☺☺☺☺digatama denna
Good Luck...!
☺☺☺☺Kulanjana Maduranga
niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
pasindu
thanks..............!
නවින් නිසල්
සුපිරිම වැඩක් . නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න !!!!
Uditha
Link plz.......plzz......
udaya
ela ela maru
srkpoorna
pattamaaaaaaaa kathawa oka hebei oke season 3n series eka cancel wenawa man hugak kal balala oka ai balanna asai.
සුපුන් බුද්ධික
පරණ උනත් සුපිරි කතාවක් දීලා තියෙන්නේ..
ආයෙත් බලනවා වෙලවක් හම්බ උනම..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Rithesh
Thank you bro.. මේක ගොඩක් ඉස්සර Art එකේ ගියා .එත් ඔක්කොම බලන්න බැරි උනා.හොය හොයා හිටියේ.
Chalana Rukshan
bro link ekath denawada?
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Dimuthu
මේ සිරියස් එකේ ටොරන්ට් ලින්ක් හොයාගන්න නෑ බන්. තිබ්බත් ඒවගේ සීඩ්ලා නෑ. උබ ගත්ත තැනක් තියෙනවානම් ලින්ක් ඒක දාපන්.....
Rakitha Ranathunga
Piratebay එකේ තියෙනවා
Prabod wijesingha
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
athula
pls help me mata dowload karanna ba.hash ekakwath na mokada katanne man link ekak ewanawada
Rakitha Ranathunga
Piratebay එකේ තියෙනවා
kasun
pls tiyenawanam torrent link ekak dennako
Isuru Akalanka
මේකෙ කියල Kyle.XY.S01E00.එපියකුත් තියෙනවනේ...ඒකට සබ් නැද්ද????
dilan
ගොඩක් ස්තුතියි යාළුවා
sunanda shanth
thanks
warunachamira
Thanks. Download karaganne kohenda tv Series eka
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මාත් ඕන් එහෙනම් බෑවා... ,
බොහොම ස්තූතියි සහෝ සබ් එකට... ,
ඉතුරු ටිකටත් ඉක්මනට සුබ් දෙමු.... ,
~~~ ජය වේවා ~~~