මේ තමයි කලින් දීපු කථාංගයේ දෙවෙනි සහ අවසාන කොටස. පසුගිය කොටසෙදි ඔයාලට මතක ඇති පාප්තුමා කැතර් ආගමිකයන්ට විරුද්ධව කුරුස යුද්ධයක් ආරම්භ කළා. ඒකට සහය නොදක්වපු කාර්කැසෝනා නගරය යටත් කරගන්න සේනාව එව්වා. ඒවගේම ඒ නගරයේ ඉන්න ඇලෙයිස් කියන තරුණිය සිය පියාගෙන් උරුමවූ රහසක් ආරක්ෂා කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ…

මේ තමයි කලින් දීපු කථාංගයේ දෙවෙනි සහ අවසාන කොටස. පසුගිය කොටසෙදි ඔයාලට මතක ඇති පාප්තුමා කැතර් ආගමිකයන්ට විරුද්ධව කුරුස යුද්ධයක් ආරම්භ කළා. ඒකට සහය නොදක්වපු කාර්කැසෝනා නගරය යටත් කරගන්න සේනාව එව්වා. ඒවගේම ඒ නගරයේ ඉන්න ඇලෙයිස් කියන තරුණිය සිය පියාගෙන් උරුමවූ රහසක් ආරක්ෂා කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ඇයගේ සහෝදරිය උත්සාහ කරනවා ඒ රහස දැනගන්න. ඒ අතරෙ 2012 වසරේ කාර්කැසෝන් නගරයට යන ඇලිස්ට එහි කැණීමකදි ගුහාවක් හමුවෙනවා. එතැන් පටන් ඇයට සිද්ධ වෙන්නෙ අමුතුම සිදුවීම් දාමයකට මුහුණ දෙන්න. ඇයට හමුවෙන මුද්දක් අයිති කරගන්න රහස් සංවිධානයක් උත්සාහ කරනවා. එහි ප්‍රධානියා මෙරී-සෙසයිල්.
අද ලබාදෙන අවසාන කොටසෙදි ඔයාලට පුලුවන් මේ කතාවෙ මුල ඉඳන් තිබුණු ඔක්කොම ගැටලු නිරාකරණය කරගන්න. ඇලෙයිස්ගෙ සහෝදරිය ඇලෙයිස්ට වෛර කරන්නෙ ඇයි? ඇත්තටම මුද්දෙයි පොත් වලයි සම්බන්ධය මොකක්ද? මේකට ඇලිස් සම්බන්ධ වෙන්නෙ කොහොමද? ඒ වගේම මුල ඉඳන්ම කියවුණු ශුද්ධවූ බඳුන ගැනත් මේකෙදි දැනගන්න පුලුවන්. අද කතාව ආරම්භයේදි කාර්කැසෝනාව කුරුස භටයින් කූට ලෙස යටත් කරගන්නවා. එවිට ඔරියෝන් තමන් ළඟ තියෙන පොත් දෙකත් අරගෙන ගී ඩි එව්රික්ස් වෙත පලායනවා.ඇය ඔහුට කියනවා අනිත් පොතත් හොයල දෙන්න නන් ඇයව විවාහ කරගන්න කියලා. මේ අතරෙ කාර්කැසෝනා වලින් සියලු වැසියන් නෙරපනවා. ඇලයිස්, රික්සන්ඩ් සහ සාජේ සමග පලායනවා. එතකොටත් ඇය ගැබිණියක්. මේ අතරෙ ඇලිස් විල් එක්ක මෙරී-සෙසයිල්ගෙ රහස් එළිදරව් කරගන්න පටන් ගන්නවා. ඇලිස් බෙලාර්ඩ්ව හමුවෙලා මේ සියල සිද්ධිවල සුලමුල දැනගන්නව. ඇත්තටම බෙලාර්ඩ් කියන්නෙත් සුවිශේෂී කෙනෙක්. ඒක දැනගන්න අද කතාව බලන්නම වෙනවා. මේකෙ අවසානය ටිකක් ඛේදජනකයි. ශුද්ධවූ බදුන අතීතයේ හෝ වර්තමානයේ සතුරන් අතට පත් වෙයිද? නැත්නම් ඇලෙයිස් සහ ඇලිස්ගේ ප්‍රයත්නයන් සාර්ථක වෙයිද? එය ඔබටම බලාගන්න පුලුවන්.
කොහොම වුණත් කියන්න ඕනෙ පළවෙනි කොටස කරනකොට මට මේ කථාව ගැන තිබුණු ආකල්පය දෙවෙනි කොටසෙදි වෙනස් වුණා. මේක හුදු ඉතිහාස කතාවක් විතරක් නෙමෙයි. මේක ඊට වඩා ගැඹුරින් ජීවිතය ගැන කතා කරන කෘතියක්. සමාජයේ මිනිසුන් ආගම මුවාවෙන් සිදුකරන කෲර ක්‍රියා ගැන මේ කතාවෙන් ඉතා සංවේදීව කතා කරනවා. ඒ වගේම ජීවිතයේ අස්ථිරබව සහ මෙතෙක් අපි නොසිතපු පැතිකඩක් ගැන මේකෙ අවසානයේදි කතා වෙනවා. ඇත්තටම මට මේ කතාව ගොඩක් හිතට කාවැදුණා. ඒකෙ අවසානයේ කතා කරන දේවල් එක්ක මේක අනිවාර්‍යයෙන්ම අපිට නැවතත් අපේ ජීවිත ගැන හැරී බලන්න කරන ආත්මීය ප්‍රකාශනයක් වගේ.ඕගොල්ලොත් මේක බලලා පහළින් අදහසක් දක්වන්න. කලින් උපසිරසි වලට දීපු කමෙන්ට්වලට ගොඩක් ස්තූතියි. කතාවෙ තියෙන සුවිශේෂී වාක්‍ය කිහිපයකින් ලිපිය අවසන් කරනවා.
“මොන අයිතියක්ද තියෙන්නෙ මිනිහෙක්ට එයාගෙ ආගම වෙන මිනිහෙක් මත බලෙන් පටවන්න? ලෝකය කියන්නෙ ආගම වෙනුවෙන් දිවි පුදන අයට හැදුණු තැනක්ද? දෙවියන් කියන්නෙ යම් ආකාරයක අශිෂ්ට සතෙක් නෙමෙයි පරිත්‍යාගයක් ඉල්ලන. ඔහුට අවශ්‍ය නෑ අපි ඔහු වෙනුවෙන් මරන හෝ මැරෙන එක.”
“සත්‍ය ශුද්ධවූ බඳුන තියෙන්නෙ පොත්වල නෙමෙයි, ඒක තියෙන්නෙ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන ආදරය තුළ. අපි ගැන හැම සත්‍යක්ම සටහන් වෙලා තියෙනවා, ගල්වල, පර්වතවල, ඍතු වෙනස්වෙන රටා වල, අපේ අතීතය ගැන කියවෙන කතාවල, අපි කවදාවත් මියයන්නෙ නෑ.”
749 MB (BR) කොපිය මෙතනින් බාගන්න
b1c28c6e6a81c815608610175e4723ba630898161.4 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
9909d4a92215e22bee87e89e93e97e2a2a9920a0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
363 downloadsDownload Labyrinth.Part_.2-2012.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
13 comments
Kosala Deshan
ඉසුරු අකලංක
හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තූතියි.
Sisira Hegoda
Thanks. Niyamai.
Kulanjana Maduranga
Thanks ISURU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajeevi
thanks
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$prabhath
thanks dekama bewa den balamu
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sandaru Nimsara
සිංහල උපසිරැසිවලට බොහොම ස්තුතියි සහෝ ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx........