Watch Trailer

Lazarus [S01 : E13] Sinhala Subtitles | ලාසරස් සාර්ථක වේවිද? ලෝකය අවසාන වේවිද? [සිංහල උපසිරසි]

Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…

Lazarus Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 13 වන කොටස හෙවත් අවසාන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අපි Lazarus Season 1 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ.

ආචාර්ය ස්කිනර්ව හොයන්න තැනින් තැන විසිරුනු ලාසරස් කණ්ඩායමට අවසානයේදී ස්කිනර් ඉන්න තැන ගැන පැහැදිලි විශ්වාසදායී උත්තරයක් හම්බ වුනා. ස්කිනර්ගේ කෘතිම හදගැස්ම නිරීක්ෂණය කරන පොප්කෝන් විසාඩ් කියන හැකර්වරියව හොයාගෙන පාකිස්තානයට ගිය කණ්ඩායමේ එලේනාට, මේ පොප්කෝන් විසාඩ් විසින් ස්කිනර් ඉන්න තැන හෙලි කරනවා. අන්තිමේදි ස්කිනර් ඉඳල තියෙන්නෙ ලාසරස් කණ්ඩායම ඉන්න බැබිලෝනියා නගරයේමයි. ඒ අතරේ Army INSCOM එකේ කොන්ත්‍රාත්තුවකට කණ්ඩායමේ ඇක්සෙල්ව මරන්න ආපු කුලී ඝාතකයා අතින් ඇක්සෙල් දරුණු තුවාල ලබල අඩපණ වෙනවා. ඒත් එක්කම ඒ ඝාතකයාත් දරුණු තුවාල බලන්නෙ මේ සටනෙදි “හන්ඩන්” නමින් දෙයක් මතකයට නැගුනු නිසයි. ඒ නිසා තමන් කවුද කියන එකම ඝාතකයට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමන්ගෙ කණ්ඩායම ආරක්ෂා කරගන්න ගියපු හාෂ්ව INSCOM එක බලෙන් රඳවගෙන ඉන්නවා.

හාෂ්ව රඳවගෙන ඉන්නෙ ඇයි? ලාසරස් කණ්ඩායමට ස්කිනර්ව හොයාගන්න මේ අන්තිම අවස්තාවෙ පුලුවන් වේවිද? හන්ඩන් කියන්නෙ මොකක්ද? කුලී ඝාතකයා කවුද? ඇක්සෙල්ට මොකක් වේවිද? ආචාර්ය ස්කිනර්ගේ දින ගණනට අනුව ලෝකය අවසානයට එක දවසයි තිබුනෙ. ඊට කලින් තමන්ව හොයාගත්තොත් ප්‍රති ඖෂධය දෙන්නම් කියන අභියෝගය තමයි ස්කිනර් ලෝකයාට දුන්නෙ. ඉතින් ලාසරස් සාර්ථක වේවිද? නැත්නම් ලෝකය අවසාන වේවිද? කතාවේ අවසානය මේ අවසාන කොටසින් දැනගන්න ඔබට පුලුවන්.

ඒ වගේම මෙහි අවසානය එක්ක Lazarus දෙවෙනි කතා සමයක් ගැන මෙතෙක් නම් තොරතුරක් නිකුත් වෙලා නෑ. සමහරවිට එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන් මොකද මේක කිසිම මූලාශ්‍රයක් පදනම් කර නොගත්තු Original නිර්මාණයක් නිසා. දෙවෙනි කතා සමයක් ආවොත් ආයෙත් අපිට ලාසරස් කණ්ඩායම මුණ ගැසේවි. එහෙනම් ආයෙත් අලුත් ඇනිමෙ කතාවකින් හමුවෙමු. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : The World is Yours
Released Date : 2025.06.28
IMDB Rating : 7.8

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

334 downloadsDownload Lazarus-S01-E13-Sinhala-Subtitles.zip15 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Lazarus Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

334 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks❤️