Watch Trailer

The Day of the Jackal [S01 : E06] Sinhala Subtitles | ටැලීන් වෙත පලායාම [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මන් මේ අරගෙන එන්නෙ The Day of the jackal series එකේ හයවන කොටසට අදාල උපසිරැසියි.ඔයාලට මතකනම් පස්වන කොටස ඉවර වුනේ වඩාත් උද්වේකර අවසානයකින්.ඉතිං එතනින් එහාට කුමකින් කුමක් සිද්ධවෙයිද කියලා දැන ගන්නනම් ඔයාලට මේ කොටස බලන්නම වෙනවා. හරි එහෙනම් පහුගිය කතා…

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් මන් මේ අරගෙන එන්නෙ The Day of the jackal series එකේ හයවන කොටසට අදාල උපසිරැසියි.ඔයාලට මතකනම් පස්වන කොටස ඉවර වුනේ වඩාත් උද්වේකර අවසානයකින්.ඉතිං එතනින් එහාට කුමකින් කුමක් සිද්ධවෙයිද කියලා දැන ගන්නනම් ඔයාලට මේ කොටස බලන්නම වෙනවා.

හරි එහෙනම් පහුගිය කතාංගය පැත්තට ටිකක් හැරුනොතින් ඔයාලට මතක ඇති පහුගිය කොටස ඉවර වෙන්නෙ ජැකල් ඉන්න තැන ඔහුට නව මෙහෙයුම ලාබා දුන්න කණ්ඩායමේ ඉන්න සීනා කියන කාන්තාවගේ පැමිණීමත් එක්ක.මෙතෙක් කල් මිනිස්සුන්ට තමන්ගෙ සැබෑ ස්වරූපය වසන් කරගෙන හිටපු ජැකල්ට මේ වෙන කොට ඒක තරමක අභියෝගයක් බවට පත්වෙමිනුයි පවතින්නෙ.ඉතිං ඒත් එක්කම බියංකගෙ දුවට කරදරයක් කරන්න ආව ලැරීව බිම හෙලන්න බියංකා සමත් වීමත් එක්ක ඔහුගෙන් නෝමන් ඉන්න තැන දැන ගන්න ඇය සමත් වෙනවා.ඒ අනුව ඊළගට කල යුතු දේට ඔවුන් ලෑස්ති වෙද්දි අනිත් පැත්තෙන් ජැකල් ඔහුගෙ නව මෙහෙයුම වෙනුවෙන් තවත් අපූරු ආයුධයක් නිර්මාණය කර ගන්න නෝමන් හමුවට එනවා.මෙතනදි ඔවුන් ඒ ආයුධය හදා ගන්න සමත් වෙනවා වගේම ලැරීගෙන් ලැබුන ඔත්තුව අනුව කටයුතු කරන බියංකා ඇතුළු කණ්ඩායමට නෝමන් ඉන්න තැනත් හොයා ගන්න ලැබෙනවා. ඉතිං වාසනාවකට වගේ නෝමන්ව යටත් කර ගන්න ඔවුන්ට මේ අවස්ථාවෙදි පුළුවන් වුනත් ඔහුගෙන් කිසිම තොරතුරක් පිටතට යෑම වැලැක්වීම වෙනුවෙන් ජැකල් ඔහුව ඝාතනය කරනවා. මේත් සමගම බියංකා ඇතුළු කණ්යමෙන් ගැලවී පලා යන්න දැඩි වෙහෙසක් දරන ජැකල් ඒ දේ කරගන්න සමත් වෙනවා. ඉතිං ඔන්න ඔහොමයි පහුගිය කොටස අවසන් වුනේ. මෙතනින් එහාට සිද්ධවෙන දේ දැන ගන්න ඔයාලට මේ කොටස නරඹන්නම සිද්ධවෙනවා.

එහෙමනම් ඊළග කොටසින් ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා.හැමෝටම එහෙනම් සුභ දවසක් වේවා.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,831 downloadsDownload The.day_.of_.the_.jackal.S01E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

4,831 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika laKMal

    Thanks machan sub ekata

  2. Sahan Gayantha

    thanks a lot Indragee saho sub ekata