ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 19 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම. ඉතින් පසුගිය කොටස ගැන ටිකක් මතක් කලොත් අරුම පුදුම මායා කැඩපතක් හිමි…
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 19 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.
ඉතින් පසුගිය කොටස ගැන ටිකක් මතක් කලොත් අරුම පුදුම මායා කැඩපතක් හිමි කරගෙන ඉන්න ග්විල්ඩෝර් ඒ කැඩපතේ මායා බලයෙන් ෆ්‍රිට්ස් සහ ක්ලේරා කියන හොරු යුවලත් එක්ක මිනිසුන් රවටමින් ඔවුන්ගෙ වස්තුව මංකොල්ලකනවා. ඒත් මෙයා කැඩපතේ බලයෙන් මේ ෆ්‍රිට්ස් සහ ක්ලේරා දෙන්නව වෙනස් කරලා තියෙන්නෙ රිචඩ් සහ කෙයිලන් වගේ පේන විදිහට. ඉතින් මිනිස්සු හිතන්නෙ මංකොල්ල කන්නෙ සීකර් සහ පාපොච්චාරණය කරන්නිය කියලා. ඔය අතරෙ සෙඩ්ව හොයාගෙන රිචඩ් සහ කෙයිලන් මේ ප්‍රදේශයට පැමිණෙනවා. බියන්කා කියන තැබෑරුම් පාලිකාව සීකර්ට උදව් කරනවා වගේ හිටියත් ඇය තමා ග්විල්ඩෝර්ගෙ පෙම්වතිය. ඉතින් ග්විල්ඩෝර් විසින් ෆ්‍රිට්ස් සහ ක්ලේරා යොදාගෙන සත්‍යයෙ අසිපතත් හොරකම් කරනවා. අන්තිමට සීකර් සහ පාපොච්චාරණය කරන්නිය කියලා ඒ වේශයෙන් ඉන්න ෆ්‍රිට්ස් සහ ක්ලේරාව ඩහරානුවන්ට අල්ලලා දීලා රන්කාසි මිලියනයත් ගන්න උත්සහ කරනවා. කොහොමහරි සියල්ල අවසානයෙ මේ සියළු කුමන්ත්‍රණ පරදවලා ආපහු එන සෙඩ් එක්ක එකතුවෙන රිචඩ් සහ කෙයිලන් සත්‍යයේ අසිපත ලබාගෙන මිනිස්සුන්ගෙ වස්තුවත් බේරලා දෙනවා. ඔය විදිහට තමා 18 වන කොටස නිමාව දකින්නෙ.
අද කොටසෙදි සෙඩ්ට නගරයෙදි පණිවිඩයක් ලැබෙනවා කැඩොක් රාජ්‍යයෙ ග්‍රෙගොර් රජුගෙන්. ඒ සීකර්ගෙ උදව් ඉල්ලලා. කැඩොක් රාජධානිය කියන්නෙ ඩහරා සීමාවෙ තියෙන ඒත් ඩහරානුවන්ට එරෙහිව ඉන්න ප්‍රධාන රාජධානි වලින් එකක්. ඒ වගේම අලුත්ම ආරංචි වලට අනුව ග්‍රෙගෝර් රජතුමා සමත්වෙලා තියෙනවා ඩහරානුවන් සීමාවෙන් සෑහෙන දුරකට පළවා හරින්නත්. ඉතින් මෙවැනි ප්‍රබල තත්වයක සිටින ග්‍රෙගොර් රජුට සීකර්ගෙන් අවශ්‍ය වෙලා තියෙන උදව්ව මොකක්ද? ඒක ඔයාලට විතරක් නෙවෙයි සීකර්ටත් ප්‍රශ්ණයක්:
“ඩහරානුවන්ටත් වඩා විශාල තර්ජනය මොකක් වෙන්න පුළුවන්ද?”
වෙනදා වගේම උපසිරැසිය හදන්න ගත්තත් මේ කොටසෙ ඉංග්‍රීසි උපසිරැසියෙ සෑහෙන වැරදි තිබුනා. දෙබස් කීපයක උපසිරැසි යොදලා තිබුනෙත් නෑ. ඒ වගේම කාල පරතරයත් නිසි විදිහට නැවත හදන්න උනා. ඉතින් ඒ වැරදි හැකි අයුරින් නිවරදි කරමින් උපසිරැසියෙන් උපසිරැසිය පරික්ෂා කරමින් දෙබස් වලට සවන් දෙමින් තමා අද උපසිරැසිය ඔයාලට ගෙන එන්නෙ. මම හිතන්නෙ ඔයාලට බාධාවක් නැතිව රස විඳින්න හැකිවේවි වෙනදා වගේම. එහෙනම් 20 වන කොටසත් සමඟින් හමුවෙනතුරු මම සමුගන්නම්.
ඔබට ජය..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,150 downloadsDownload Legend-of-the-Seeker-S01E19.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
39 comments
danika
isuru
thanks machan
bandula
bohoma pin ikmnata demu jaya!!!!!!
kalinga
බොහොම තුති
ccnp
Thanks
sumudu
patta patta sub aka denakm mamath unne maru :D
eranga
supiri machan meyka nam niyamama kathwak :D
venura
bohoma thuthi
හර්ෂ ලහිරු
ස්තුතියි කැලුම් සහො
මේකත් දැන් ඉවරවෙන්න ලගයිනේwas
jaya machan patta
Achintha sameera
කැලුම් රණවක thanks macho sab ekata.,eka ikmata iwara karala seson2a patan gamu
vee
maxxa machan digatama denna
dana
niyamai..
shani
thanks........
nalaka
ඉක්මනටම මේ කොටස දුන්නට බොහොම ස්තූතියි කැලුම් සහෝ
Dinesh
Tankzzzzzzzzz macho ."LAST RESORT" mekata sub dennako
“චූටී මල්ලි”
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය..............NTH
Thankz bro.... Nice job...
Gagan
Thanx Niyama Series ekak.
ක්‍රිෂාන් දේවක
බොහොම ස්තුතියි...!
dev
bohoma stuti saho.... .
danushka
thanks machan,,,jaya wewa!!!!!
Nisal
maru pata pata gala denawane
නලින්
නියමයි කැළුම් අයියා දිගටම දෙමු.
මැක්සා කථාවජය වේවා!
ශාන් විමුක්ති [ විමා]
සෙල්ලම් නැහැ බර කට්ටක් කනවා වගේ එල එල කැළුමා
උපසිරසියට බොහොම ස්තුතියිErängä
බොහොම ස්තුතී...!!! ^_^
Buddika
Thanx........Bro........
sandaru akalanka
thanks machan! anikth ikmnta denda....
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
දිගටම දෙමු කැලුමො.
ජයවේවා.බොහෝ......................................................................ම ස්තූතියි...!NCJD
ඔන්න එහෙනම් කවදත් වගේ සීකර් ගේ කතාවේ උපසිරැස බා ගත්තා. කතාව නම් බාගෙන ඉවර නිසා දැන් සිංහල උපසිරැස ලැබෙන විදියට තමයි බලන්නේ. බොහොම ස්තුතියි කැලුම් සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්.
අසෙල්
Maxxxxxxxxxxxxxxxxxxxxxxxa thnk you S2 ikmanta dena
mahesh
legend of the seeker mama godak arsawen balanne...thnkzz kalum bro...next episode ekata sub enakan blan inne..season 2 eketh sub ikmanata oni bro...thnk u sooo mutch....
darshana
thanks...... anikath ikmanatama demu..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි කැළුම් සහෝ..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ikmnata dena aka maru :D