Watch Trailer

Legion [S01 : E01] with Sinhala Subtitles | මාවල් විශ්වයේ තවත් විකෘතිකයෙකුගේ කතාවක ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

Legion (ලීජන්) කියන්නේ සිංහල අරුතෙන් නම් “පුරාණ රෝම හමුදාවේ 3000-6000 අතර සේනාංක වලට. නමුත් මාවල් කොමික් විශ්වය තුල ඉන්නා විකෘතිකයන් අතරේ ලීජන් කියලා චරිතයකුත් ඉන්නවා. අපි කතාව පැත්තට හැරෙන්න කලින් පොඩ්ඩක් එයා ගැන විස්තර හොයලා බලමු නෙහ්?! කවුද මේ ලීජන් කියන්නේ? ඇත්තටම ලීජන් කියන්නේ මාවල් විශ්වයේ ඉන…

Legion P1

Legion (ලීජන්) කියන්නේ සිංහල අරුතෙන් නම් “පුරාණ රෝම හමුදාවේ 3000-6000 අතර සේනාංක වලට. නමුත් මාවල් කොමික් විශ්වය තුල ඉන්නා විකෘතිකයන් අතරේ ලීජන් කියලා චරිතයකුත් ඉන්නවා. අපි කතාව පැත්තට හැරෙන්න කලින් පොඩ්ඩක් එයා ගැන විස්තර හොයලා බලමු නෙහ්?!

කවුද මේ ලීජන් කියන්නේ?

ඇත්තටම ලීජන් කියන්නේ මාවල් විශ්වයේ ඉන්න තවත් බලගතුම විකෘතිකයෙක් කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්තම් එයා ඔමේගා මට්ටමේ විකෘතිකයෙක්. මහාචාර්ය චාල්ස් සේවියර් හා ගැබ්රියල් හෝලර් දෙන්නා කියන්නේ මනෝවිශේෂඥ ආයතනයේ වැඩ කරපු දෙන්නෙක්. පස්සේ කාලෙක මේ දෙන්නගේ මේ සම්බන්ධය ආදරයක් බවට පත්වෙලා ගැබ්රියල් ගැබ් අරගෙන තියෙනවා. නමුත් ගැබ්රියල් මේ ගැන චාලස්ට කියලා නැහැ. කොහොම කොහොමින් හරි ගැබ්රියල්ගේ හා චාලස්ගේ ළමයා ඉපදිලා තියෙනවා. එයාගේ නම තමයි ඩේවිඩ් චාලස් හෝලර් කියන්නේ. පස්සේ කාලෙක තමයි එයාට කෙටි නමක් හැටියට ලීජන් කියලා නම් කරලා තියෙන්නේ. පස්සේ කාලෙක දැන හදුන ගත්ත නිසාවෙන් තාත්තයි පුතයි අතරේ සම්බන්ධය ඒ හැටි ශක්තිමත් එකක් වෙලා නැහැ.

ලීජන්ට තියෙන්නේ බහු පුරුශ්ත්වයක්/බහු චරිත පුද්ගලතා තියෙන අයෙක්. කොමික් වල නම් එයාගේ බහු චරිත දහස් ගණනක් තියෙනවා කියලා සදහන් වෙනවා. මම නම් දන්නේ නැහැ හරියටම මෙච්චරයි තියෙන්නේ කියලා කියන්න. නමුත් මං එකක් දෙකක් කියන්නම්.

  • පුද්ගලතා අංක #02 – Jemail Karami නම් ත්‍රස්තවාදියෙක් හැටියට.
  • පුද්ගලතා අංක #03- Jack Wayne නම් විවිධ කම්කරු වැඩ කරන ගවේෂකයෙක්.
  • පුද්ගලතා අංක #04- Cyndi නම් කැරලිකාර කෙල්ලෙක්.
  • පුද්ගලතා අංක #05- Legion (ලීජන්) ඒකෙන් අදහස් වෙන්නේ “සැබෑ මම යන්නයි.” ඔහුට කාලය විපරීවර්ථ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේම ඔහු නිසාම තමයි “Age of Apocalypse” නැතිනම් වැනසිල්ලේ යුගය නම් මාවල් ක්‍රොස්ඕවර් චිත්‍රකතාව 1995-1996 කාලයේ ලියවිලා තියෙන්නෙත්.
  • පුද්ගලතා අංක #67 – Sally නම් හල්ක් වැනි සුපරි ශක්තියක් තියෙන කාන්තාවක්.
  • පුද්ගලතා අංක #115 – Punk Rocker නම් සංගීතකාරයෙක්.ඔහුට ධ්වනි තරංග හැසිරවීමේ හැකියාව තියෙනවා.
  • පුද්ගලතා අංක #762 – මුහුදු මංකොල්ලකාරයෙක්. ඔහුට ඇසිඩ් ගෑස් පිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
  • පුද්ගලතා අංක #898 – Centaur නොහොත් ග්‍රීක මිත්‍යාවන්ට අනුව මිනිස් හිසක් හා අශ්ව කදක් තියෙන කෙනෙක්.

ඔය වගේ තව හුගක් පුද්ගලාතාවයන් තියෙනවා. මට ඉතින් ඔක්කොම කියන්න බැහැ. තේරෙනවා ඇතිනේ දහස් ගානක් කියන්න අමාරුයි කියලා.

එයාට තියෙන බලයන් මොනවාද?

මෙයාට තියෙන පුද්ගල්තාවයන් කිව්වනේ.ඒ ඒ පුද්ගල්තාවයන්ට අනුව විවිධ බලයන් තියෙනවා. විශේෂයෙන්ම මෙයාගේ මේ කොන්ඩේ තමයි බලයන් තියෙන්න ඕන. තියෙන බලයන් ටික මෙහෙමයි.

  • පරචිත්ත විඥානය – සිතකින් සිතකට පණිවිඩ යැවීමේ හැකියාව.
  • දුර තියෙන දෙයක් සිතේ බලෙන් සෙලවීමේ හැකියාව.
  • මිනිස් හිසක් හා අශ්ව කදක් තියෙන කෙනෙක්.
  • හැඩරුව වෙනස් කිරීමේ හැකියාව.
  • කාල තරණය කිරීමේ හැකියාව.
  • දුරගමනය කිරීමේ හැකියාව.
  • සුපිරි මිනිස් ශක්තිය.
  • සොනික් බ්ලාස්ට් -ස්වනික විනාශකය.
  • පියාසර කිරීමේ හැකියාව.
  • එක්ස් රේ විෂන්. (සුපර්මෑන්ට එහෙම තියෙන්නේ)
  • සුව වීමේ හැකියාව.
  • හැගීම් මෙහෙයවීමේ හැකියාව.
  • වේදනාව පිටපත ඇදගැනීමේ හැකියාව.
  • යතාර්ථය ඇදගැනීමේ හැකියාව.

ඔය වගේ තවත් තොගයක් තියෙනවා. ටිකක් දැනගත්තම මදැයි. මොකද මේවා දැනගන්න කිව්වා මිසක් මේ හැමදේම කතාවෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද කතමලාවකට කවදාවත් 100% පදනම් වෙන්නේ නැති නිසා.

FOX නාලිකාවෙන් ආරම්භ කල ලීජන් කතාමාලාව

ජනවාරි අටවෙනිදා ඉදන් ෆොක්ස් නාලිකාව ලීජන් කියලා මේ මාවල් විශ්වයේ විකෘතිකයාගේ කතාව පටන් ගත්තා කියලා දන්නවා ඇතිනේ. ඒ නිසාමයි කතාමාලාව ගැන කියන්න කලියෙන් හොයාගත්තු පදනම් විස්තරයක් දුන්නේ. දැනට කොටස් අටකින් සමන්විත වෙලා තියෙනවා. IMDb දර්ශකය තුල සම්පුර්ණ කතාමාලාව සදහා 9.2/10 ක අගයක්ද පළමු කොටස 9.7/10 ක අගයක් ලබා ගැනීමට සමත්වෙලා තියෙනවා. Action, Drama, Sci-Fi කියන කැටගරි වලට තමයි අයිති වෙන්නේ. එක් කොටසක් විනාඩි 60ක කාලයක් ධාවනය වෙනවා. බදාදා දිනයෙ තමයි කතාමාලාව විකාශය වෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ පිටපත හා උපසිරැසිය නිකුත් වෙන්නේ බ්‍රහස්පතින්දා දිනයේ.

රංගන නළු කැල මතක් කලොත් ලීජන්ට රංගනයෙන් දායක වෙන්නේ Beauty and the Beast (2017) චිත්‍රපටයේ මෘගයාට රංගයෙන් දායක වූ මෙන්ම The Guest (2014), Night at the Museum: Secret of the Tomb (2014) වගේ තවත් සුපිරි සලරූ වලට ප්‍රධාන චරිතයෙන් දායක වුනු “Dan Stevens.” Jean Smart, Mackenzie Gray, Mackenzie Gray, Scott Lawrence, Katie Aselton, Tatyana Forrest, වගේ සුපිරිම සුපිරි චිත්‍රපට වලටම රංගනයෙන් දායක වුනු නළු නිලියන් කැලක් තමයි මේ කතාමාලාවට දායක වෙන්නේ.

උපසිරැසිය නම් වීඩියෝ පිටපත ආපු දවසේ රෑ වෙලා ඉවර කරගත්තත් මිට කලින් දෙන්න හැකියාවක් තිබුණා. නමුත් මගේ කරුමෙට පීසි එකේ හාඩ් එක පිච්චුනා. ලැපට පින්ස දීලා ඉතින් කොටගෙන ගියා. “ඉතිරි කොටස් හත සතියෙන් සතිය විකාශය වන නිසා අපේ තවත් සහෝදර උපසිරැසිකරුවන් හය දෙනෙක් ඉතිරි කොටස් හත ඔබ වෙනුවෙන් උපසිරැසි ගන්වලා ගෙන එන්න සුදානමින් ඉන්නේ.” අපි එක්කම රැදිලා ඉන්නකෝ එහෙනම්. ඉතින් දැන් උපසිරැසිය දුන්නු එකේ බලලම ඉන්නකෝ. බලලම කියන්නකෝ කොහොමද කතාව හිතට ඇල්ලුවද කියලා.

මිලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය!!

මාවල් රසිකයන්ට තවත් සුභ ආරංචියක්…

FOX නාලිකාව Legion නිර්මාණය කලා වගේම ඉදිරියේදී X MEN කතාමාලාවකුත් එළිදැක්වීමට නියමිත බවට දැනුම් දීලා තියෙනවා. මේ වෙද්දී රූපගත කිරීම් ආරම්භ කරලා ඉවරයි කියලත් මෑතකදී සදහන් කලා. ලීජන් කියන්නේ එක්ස් මෙන්ලට සම්බන්ධ කෙනෙක් නිසා ලීජන් එකයි එක්ස් මෙන් එකයි අතරේ ක්‍රොස්ඕවර් එකක් නොයා ඉන්න එකක් නැහැ. ඒකත් මේ වගේම සුපිරියක් වුණොත් හොදා. 🙂 🙂

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

legion.s01e01.480p.hdtv.x264.rmteam
Legion.S01E01.PROPER.HDTV.x264-KILLERS
Legion.S01E01.720p.HDTV.2CH.x265.HEVC-PSA
Legion.S01E01.PROPER.720p.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

3,110 downloadsDownload Legion.S01E01.Baiscopelk.com_.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

All BT1Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,110 downloadsDownload Subtitles26 KB

58 comments

  1. Sajeewa Dilshan

    Fatta bro..denakn balagena idiye..

  2. Mystry

    Hamme menna thawa ekak patan gaththa...

  3. Yasiru Hasaranga

    thanks for the sub

  4. කවින්ද බුද්ධික

    හම්මේ බොහෝම ස්තූතියි සහෝ මෙච්චර ඉක්මනට මේකේ උපසිරැසිය දුන්නට.. ජය වේවා...

  5. Devaka Sadaruwan

    ස්තුතියි සහො

    ජය වේවා

  6. JR

    Thanks brother..!

  7. lahiru

    Tanx bro alut katwak dunnata !....

  8. Danawrid

    ස්තූතියි සහෝ.......!

  9. උදාර දිල්ශාන්

    පට්ටම චාමර සහො සින්හල උපසිරැසියට ස්තූතීයි
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා....

  10. Bhagya

    ela ela thanks.....!

  11. Zeal

    Thanx mcn... Digatama sub 1ka demu... ela ela...

  12. අසිත

    ade paata wage ekath balamu ehenam ne.
    jaya wewa saho!!!

  13. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  14. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  15. Lasawblpk

    බොහොම ස්තුතිවන්ත වෙනවා..

  16. Mahesh

    Sub ekata thanx macho

  17. Kasun Widusha

    Lipiyath maru sub ekatat tnx ...dukai hard eka giyata kollo.................

  18. yumal

    thankZZZZZ bro!!!!!!!!!!!!!!!

  19. silent$

    Thnxxxxxxxxxxxxxx

  20. එල්.සී. දමැල්

    Thanks Chama!!!
    X men tv එකක් ආවොත්නම් නියමයි...

  21. Nirodha uthpala

    Kolla mekatathe ata gahuwa keyanne elama tamai digatama demu obata jaya

  22. Kulanjana Maduranga

    patta ahhhhhhhhhh…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

  24. gihan

    Maru maru bro

  25. Kavinda Athukorala

    Mcn ela.. Eeth ai bn doctor stranger eke sub ek ubala denne natte dn gdk kal ghnne PSA torrent ekk awit nadd thama rply to this

  26. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  27. KAVINDA GAMAGE

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  28. Bhanuka Priyasad

    Supiri aiye..
    Jaya wewa...!!!

  29. thisal

    thanks mcn

  30. mayantha

    sub ekta bohoma stuthi

  31. Ravindu Rukshan

    thx sub ekata

  32. chin

    the 100 season 4 eka awith sub denna puluwan nam

    1. Udara Damith B/K

      ඇයි සබ් දීලා තියෙන්නේ

  33. Chalana Rukshan

    thnx bro...

  34. D.Chamara

    bohoma sthuthi sahooo. aniwa balillak thama ..

  35. දිලාන්

    බොහොම ස්තුතියි....

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Captain America

    Thanks for sub!

  38. sudeera

    අද තමා බලන්නේ බන් එලම ආ....... ඔය අනිත් සබ් දෙන උන්ට වෙලාවට දෙන්න කියාන් හරිද.....

  39. Captain America

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!

  40. agent 94

    sthuthii....harima venas kathavak marvel/dc lage anith katha valata vada.

  41. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා සාමර. දැනුයි මේක බලන්නේ ඔන්න.

  42. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

  43. Dilanda Rukshan

    tnx bro sub 1ta...

  44. හසිත

    දිගටම සබ් එක දෙන්න...ජය වේවා..

  45. Udara Damith B/K

    දෙවෙනි කොටහ ඇවිල්ලා පුළුවන් ඉක්මනට දෙමු කෝ

  46. LSM HUSKAA

    elw thanks saho

  47. Web-බුවා

    x-men series එනකං පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ බලාන ඉන්න තමයි තියෙන්නේ.

    ජය! :)

  48. PDROX

    tanx bro

  49. Eranga Deshapriya

    Supiri. ela niyamai

  50. sandun_zuti

    thnks bro sub ekta...meka patta tv series eka digtma sub tika demu.. jaya

Load more comments