Watch Trailer

Legion [S02 : E02] with Sinhala Subtitles | මට ඔබ විශ්වාසයි..] [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි සීසන් එක ආරම්භයෙ නම් ලොකු විශේෂයක් තිබුනෙ නැ, ඒත් මතක ඇති පලවෙනි අදයරෙ අවසානයට ඩේවිඩ්ව කුඩා ඩ්‍රෝන් එක්කට ඇදලා අරගන්නවා. ඊට පස්සෙ දෙවනි අදියරේදි තමයි ඩේවිඩ්ව හොයාගත්තෙ. ඒකත් අවුරුද්දකට පස්සෙ. හැබැයි ඩේවිඩ්ට ඒක දවසක් වගේ. ඩේවිඩ්ට එයා අතුරුදන් වෙලා හිටිය එක පිළිබඳව මහ ලොකු මතකයත් නැතත් පොඩි පොඩ…

දෙවනි සීසන් එක ආරම්භයෙ නම් ලොකු විශේෂයක් තිබුනෙ නැ, ඒත් මතක ඇති පලවෙනි අදයරෙ අවසානයට ඩේවිඩ්ව කුඩා ඩ්‍රෝන් එක්කට ඇදලා අරගන්නවා. ඊට පස්සෙ දෙවනි අදියරේදි තමයි ඩේවිඩ්ව හොයාගත්තෙ. ඒකත් අවුරුද්දකට පස්සෙ. හැබැයි ඩේවිඩ්ට ඒක දවසක් වගේ. ඩේවිඩ්ට එයා අතුරුදන් වෙලා හිටිය එක පිළිබඳව මහ ලොකු මතකයත් නැතත් පොඩි පොඩි දේවල් ටිකක් මතක තියෙනවා. මතක ඇති මේ අය කලින් හිටියෙ සමර්ලෑන්ඩ් කියලා තැනක. හැබැයි මේ අදියරේ ඒක නැ කොහොමහරි. දැන් මෙයාලා ඩිවිෂන් 3 එකත් එක්ක එකතුවෙලා ඔලිවර්ව හොයනවා. මතකනෙ පලවෙනි සීසන් එකේ අන්තිමට ෂැඩෝ කිං ඔලිවර්ව තමන්ගෙ ධාරකයා කර ගන්නවා. ඒ කියන්නෙ දැං ෂැඩෝ කිං ඉන්නෙ ඔලිවර්ගෙ ඇගේ, ඒ වගේම ෂැඩෝ කිං තමන්ගෙ සැබෑ සිරුර හොයාගෙන යන්නෙ. ඉතිං මේක නතර කරන්න තමයි ඩිවිෂන් 3 උත්සහ කරන්නෙ.

ඩිවිෂන් 3 පාලනය කරන්නෙ අද්මිරාල් ෆුකියාමා කියලා කෙනෙක්, අර ඔලුවට බාස්කට් එකක් දාගෙන ඉන්න තමන්ගෙ පස්සෙන් ගෑණු රොබෝලා වගයක් හැමතිස්සෙම ඉන්න හාදයා. ෂැඩෝ කිං යන යන තැන වෛරස් එකක් පතුරවගෙන යනවා, ඒ වෛරස් එක නිසා මිනිස්සු ගල් ගැහිලා දත් කටින්න ගන්නවා. මේකට පිළියම් හොයන්නෙත් ඩිවිෂන් 3 එකෙන්ම තමයි. ඒ වගේම පහුගිය අවුරුද්දෙ ඩේවිඩ් කරපු කියපු දේවල් මතක් කරන්න පුළුවන් වෙන විදිහෙ මැෂින් එකක් මේ කණ්ඩායම නිර්මාණය කරනවා මේ සිදුවීම් වලට උත්තර හොයන්න.

මතක ඇති අන්තිම දර්ශනය, ඔව් කොහොම අහඹු දැශන වලට යන එක මේ කතාවෙ හැටියක්නෙ, ඩේවිඩ් ඩ්‍රෝන් එක ඇතුලට ගියාට පස්සෙ වෙච්ච සිදුවීමක් පෙන්නුවා, එතනදි එයාට සිද්ව හම්බවෙනවා. හැබැයි එයා අනාගතේ ඉන්න කෙනෙක්, එතකොට ඩේවිඩ් වර්තමානයේ, එතනදි තමයි සිද් ඩේවිඩ්ට කියන්නෙ ෂැඩෝ කිං එයාගෙ ශරීරය හොයනවා, එයාට උදව් කරන්න කියලා. ඒ මොකටද කියන එක නම් තවත් ප්‍රශ්නයක්, මොකද හැමෝම උත්සහ කරන්නෙ ෂැඩෝ කිං තමන්ගෙ සිරුර හොයාගන්න එක නතර කරන්න. ඉතිං අපි බලාගෙන ඉමු ඉදිරියට මොකද වෙන්නෙ මොනවද මේ දේවල් වල තේරුම කියලා.අද කොටස ගැන කියන්න යන්නෙ නැ, පරක්කු වුනාට සමාවෙන්න ඕන. අවුරුදු දවස්නෙ. එහෙනම් මම යනවා. ඊලග කොටස තවත් අපෙ සහෝදරයෙක් අරගෙන ඒවි.

මතක තියාගන්න, හැමදේකම තේරුමක් තියෙනවා, තේරුම මොකක්ද කියන්න අපි තාම නොදන්නව වුනත්.

   ☀ ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,626 downloadsDownload Legion-S02-E02.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

2,626 downloadsDownload Subtitles24 KB

21 comments

  1. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  2. V.T.Piyumal

    Thanks bro sub akata,ilaga akath ikmanata denna,jaya wewa..!!!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය...

    ඔබටත් ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!

  4. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  5. AsithaDilruwan

    ela ela thanks

  6. Nilupul Madukapriya Perera

    බොහොම ස්තුතියි බං සබට..
    අවුරුදු ලබන වෙලේ මේක බලලා
    ඔළුව කුරුවල් කරගන්නයි යන්නෙ..

  7. rasangarasanga7

    Tnx mcn

  8. geeganagamage

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දෙනකම් ඉවසිල්ලක් නැතුව හිට්යේ බොහොම ස්තුතියි

  9. Ishan Madusha

    බොහෝම ස්තූතියි සහෝ

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    පිස්සු හැදෙන කතාවක්...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sahanp

    thnaks bro

  14. Udara Damith Dissanayaka

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!........

  15. Kasun A.

    suba aluth awurudak wewa lahiru saho.sabata thuthi.jaya!

  16. Mahesh ruwan

    Suba aluth auruddak wewa.sub ekata thanks

  17. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි.......................

  18. Pasan buddhi

    සුබ අලුත් අවුරුද්දක් වේවා sub 1kata thanks

  19. Dnk95

    Thnxxxxxxxxxxxx

  20. pcdanuma

    ela ma

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!