Watch Trailer

Ascension (TV Mini-Series 2014) [S01 : E03] Sinhala Subtitles | මිනීමරුවා සොයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? එහෙනම් කලින් කොටසෙ වුන දේවල් මතක් කරගෙන ඉමුකො, මතක ඇති නේ කැප්ටන් ගල්ට් ට රහසේ කරන්න කියලා පරික්ෂණයක් බාර දුන්න, ගල්ට් මේකේ වැඩ කටයුතු කියපු විදිහටම කරා අන්තිමට හොයාගත්ත නේ ලෝරලයිව මරල දාපු තැන, එතන තිබිල ගල්ට් හොයාගන්නවා නේ බ්ලීච් කරපු පොතක්, පස්සේ මෙයාල පොත අරන් කැප්ටන් ගාවට ගියාම තමයි දැ…

කොහොමද? එහෙනම් කලින් කොටසෙ වුන දේවල් මතක් කරගෙන ඉමුකො, මතක ඇති නේ කැප්ටන් ගල්ට් ට රහසේ කරන්න කියලා පරික්ෂණයක් බාර දුන්න, ගල්ට් මේකේ වැඩ කටයුතු කියපු විදිහටම කරා අන්තිමට හොයාගත්ත නේ ලෝරලයිව මරල දාපු තැන, එතන තිබිල ගල්ට් හොයාගන්නවා නේ බ්ලීච් කරපු පොතක්, පස්සේ මෙයාල පොත අරන් කැප්ටන් ගාවට ගියාම තමයි දැනගන්නේ කලින් කඩාකප්පල් කරපු තැන් වල සැලැස්මවල් තිබුන පොතක් කියල. හැබැයි ගල්ට් මේක ගැන වැඩිය දන්නේ නෑ ඉතින් මෙයා කැප්ටන් ගෙන් අහනකොට ඒ ඇයි කියල වැන්ඩහාස් කියනවා මතක ඇති නේ මේ කඩාකප්පල් කාරයෝ පහල තට්ටු වල අය කියල. ඒ වෙලාවේ ගල්ට් ට තරහ යනව මොකද එයත් පහල තට්ටුවලින් ආපු කෙනෙක් නිසා,( මෙතන මේ පෙන්නන පන්ති බේදය කතාවේ ඉස්සරහටත් ගොඩක් බලාගන්න පුළුවන් වෙයි). කොහොම හරි අන්තිමට කැප්ටන් අණ කරනව පහල තට්ටු සෝදිසි කරන්න කියල. මේක සෝදිසි කරන්න ගියාම එතන ඉන්න ස්ට්‍රොක්ස් එක්ක වැන්ඩහාස් රණ්ඩුවක් ඇතිකරගත්ත මතක ඇති නේ, කොහොම හරී ඒ අතරේ විකිරණ කුනාටුවකුත් එනවා ඔය ඔක්කොම වෙන අතරේ නෝරයි ජෙම්ස්තුයි ලෝරලයි හංගපු වීඩියෝ කාඩ් එක හොයාගන්නවා, ඒක වැදගත් වෙන්නේ කොහොමද කියල කතාවේ ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි 🙂 . කුනාටුව වෙලාවේ ගල්ට් ආවරණ හදන්න ගියාම දැනගන්නව ලෝරලයිට තුවක්කුවක් දුන්නේ ස්ට්‍රොක්ස් කියල. ඔය අතරේ කුනාටුව වෙලාවේ යානාවේ සැරිසරන අභිරහස් මිනිහෙකුත් මතක ඇති නේ කට්ටියට, කොහොම හරි කුනාටුව ඉවරවුනාට පස්සේ ආරක්ෂක නිලදාරීන් ගිහිල්ල ස්ට්‍රොක්ස් ව අල්ලගෙන එනව, ඒත් එයා දිගටම කියන්නේ කවුරුහරි මේකට එයාව අහුකලා කියල නේ. ඔය අතරේ කොහොම කොහොම හරි ලෝරලයි ගේ සිරුරත් අභ්‍යවකාශයට මුදා හරිනවා , ඔය අතරේ ගල්ට් ක්‍රිස්ටගේ මාර්ගයෙන් දැන ගන්නව කැප්ටන්තුත් ලොර්ලයි එක්ක යාළුවෙලා ඉදල තියනව කියල. කොහොම හරි ස්රෝක්ස් ගේ හිරකුඩුවේ දොර ඇරිලා මිනිහ එලියට ඇවිත් නෝරා ව අල්ලාගෙන තමන් නිර්දෝෂී කියල කියන්න හදනව ඔය අතරේ වෙන රණ්ඩුවකින් ගල්ට් තුයි ස්ට්‍රොක්ස් තුයි වා අගුලේ හිර වෙලා වා අගුල ඉබේම ඇරිල ස්රෝක්ස් ව එලියට ඇදිල යනව. මෙතැනදී තමයි වැදගත්ම විස්තය දැනගන්න පුළුවන් වෙන්නේ ඒ ඇසෙන්ෂන් එක කවදාවත් අභ්‍යවකාශ ගත කරලා නැති බව :3 මොකද අන්තිමට පෙන්නනවා නේ දොරවල් ඇරල ස්ට්‍රොක්ස් ව වා අගුල ගාවට ගෙන්නවල තියෙන්නේ ඩොක්ටර් එන්ස්මන් කියල. අන්තිමට බලපු කොටසෙන් කියනවා ඇසෙන්ෂන් කියන්නේ වියාපෘතියක් කියල.

මේ කොටස ගැන කතා කරනකොට ඔයාටල බලාගන්න පුළුවන් වෙයි ඇසෙන්ෂන් එකේ ඇත්ත අරමුණ මොකද්ද කියල, ඒ වගේම ඉස්සරහට කතාවට ලොකු බලපෑමක් කරන චරිතයකුත් අද කොටසෙන් කතාවට එකතු වෙනවා. ඒ වගේම ගල්ට් ගේ අතීතය ගැනත් ටිකක් දැනගන්න පුළුවන් වෙයි. මේ කොටස ගැන වැඩි විස්තර කියන්නේ නෑ මොකද අකිව්වොත් වැඩක් නෑ නේ :v බලන්න දෙයක් නැති වෙනව නේ. ආ කියන්න අමතක වුනා ඔයාලට මතකද ක්‍රිස්ටා කියනව ගොලෝබස් කියල කෙනෙක් එයාල් දිහා බලන් ඉන්නව කියල, මේ කොටස් හොදට බැලුවොත් ග්ලෝබස් කවුද කියල ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. හොදයි එහෙනම් කට්ටිය කතාව බලන්නකෝ ආපහු අනිත් කොටසෙන් හමුවෙමු 🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

1,505 downloadsDownload Ascension.Episode.03.Baiscopelk.com_.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

1,505 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Udara Damith Dissanayaka

    කලින් කොටස නියමය්ටි
    එල

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය...

    ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

  4. Suranjan

    Thanks machan.......jayawewa........!

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Darshika

    Episode 2 subtitle aka na. Puluwannam eka danna.