Watch Trailer

Legion [S02 : E01] with Sinhala Subtitles | උමතුවට සාදරයෙන් පිලිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

“සෙවනැලි රජු” නොහොත් සැවොම දන්නා පරිදි “අමාල් ෆරූක්” මාර්වල් කොමික් රසිකයන්ටනම් නමක්. ඒ වගේම පසුගිය වසරේ පැමිණි ලීජන් පළමුවන සීසන් ඒක තුලින් මේ චරිතය තම රූපවාහිනී ආගමනය සිදුකරනු ලැබුවා. අපි බලමු කවුද මේ සෙවනැලි රජු නොහොත් අමාල් ෆරූක් කියලා. මොහුගේ පළමු ආගමනය සිදුවන්නේ Uncanny X-Men හි 117 තුලින්. ඒ…


“සෙවනැලි රජු” නොහොත් සැවොම දන්නා පරිදි “අමාල් ෆරූක්” මාර්වල් කොමික් රසිකයන්ටනම් නමක්. ඒ වගේම පසුගිය වසරේ පැමිණි ලීජන් පළමුවන සීසන් ඒක තුලින් මේ චරිතය තම රූපවාහිනී ආගමනය සිදුකරනු ලැබුවා.

අපි බලමු කවුද මේ සෙවනැලි රජු නොහොත් අමාල් ෆරූක් කියලා. මොහුගේ පළමු ආගමනය සිදුවන්නේ Uncanny X-Men හි 117 තුලින්. ඒ 1979 දී. ක්‍රිස් ක්ලියමන්ට් ජෝන් බයි(ර)න් අතින් මේ චරිතය නිර්මාණය වූවා. මාර්වල් කොමික් හි සුපිරිබල සහිත දුෂ්ඨයෙක් ලෙසයි මොහු නිර්මාණය වන්නේ (Supervillain).

අමාල් ෆරූක් ගේ සැබෑ නම කිසිවෙක් නොදනී. දැනට භාවිත වන නම තමයි “සෙවනැලි රජු” යන නාමය. මෙයට අමතරව ද ස්පයිඩර්, කර්මා, සයිපර්, ජේකබ් රෙයිස්, අනනාසි වැනි නම් වලින් විවිද කාලයන්හි හඳුන්වා තිබෙනවා. මොහු ඊජිප්තු ජාතිකයෙක් ලෙසයි නිර්මාණය වන්නේ. මියුටන්ට් කෙනෙක් වන අමාල් කලකදී සිරුරකින් යුතු අයෙක් වුවත් පසුව තම සිරුර අහිමිව මනස පමණක් පවතින ආධ්‍යාත්මික ජීවියෙක් බවට පත් වනවා. මිනිසාගේ සිතේ අඳුරු පැත්ත වර්ධනය කරමින් මිනිසාගේ පළමු භයානක සිහිනයේ සිට භය, වෛරය වර්ධනය කරමින් එයින් උපදින ශක්තිය ආහාරයට ගනිමින් ජීවත් වන පරපෝෂිත පිරිසිදු ආධ්‍යාත්මික ශක්තියකින් යුතු ජීවියෙක් තමා අමාල් ෆරූක්. ඒ මගින් මිනිස් සිත පාලනයකට ගනිමින් මිනිස් සිත බිදදමමින් ජීවත් වනවා.

දෙවන ලෝක යුද සමයේ බැරන් වොන් ස්ට්‍රකර් සමඟ පවා කටයුතු කල බව සඳහන් වනවා. කලකට පසුව තරුණ ස්ටෝර්ම් සමඟ චාල්ස් එක්සේවියර් (ප්‍රොෆෙසර් x) කයිරෝ වල ආපන ශාලාවක සිටියදී අනපේක්ෂිතව මානසික බලවත් පහරදීමකට ලක් වූවා. පසුව චාල්ස් සොයාගනු ලබනවා වෙනත් මානයට සිට අමාල් ෆරූක් විසින් කල පහරදීමක් බව. පසුව මොහු හා චාල්ස් කල සටනින් අනතුරුව චාල්ස් ජයගෙන ඇති අතර ඔහු විසින් අමාල්ගේ සිරුරින් අමාල්ගේ මනස එලියට ඇද දමන ලදී. සිරුර අහිමි වූ අමාල් එතැන් පටන් සෙවනැලි රජු ලෙසින් හඳුන්වන්නට පටන් ගත්තා. එතැන් පටන් මේ වනතුරු අමාල් සිරුරක් රහිත මානසික පරපෝෂිත ජීවියෙක් ලෙස සිටිනවා. පසුව මියුටන්ට් සහ මියුටන්ට් නොවන සිරුරු තුල ජීවත් වෙමින් අමාල් x-men ලා සහ චාල්ස් එක්සේවියර් ට එරෙහිව කටයුතු කර තිබෙනවා.

Dark x-men, Gladiators, Brotherhood of Mutants වැනි දුෂ්ඨ කණ්ඩායම් සමඟ මොහු කටයුතු කර තිබෙනවා. ප්‍රොෆෙසර් x ට පමණක් දෙවන වන ඔමේගා මට්ටමේ ටෙලිපතික් බලයක් අමාල් සතුයි. සිරුරක් තිබුණු කාලයේ සාමන්‍ය ශක්තියක් තිබූ නමුත් සිරුර අහිමි වූ පසු කිසිඳු භෞතික ශක්තියක් මොහුට හිමි නැත. මානසික ජීවියෙක් බැවින් අමරණීය ජීවිතයකට මොහු හිමිකම් කියනවා.

ලීජන් කතා මාලව් තුලින් “කහ ඇස් ඇති යක්ෂයා” යන නමින් මොහුව හඳුන්වනු ලැබුවා. පළමු අදියරේ මෙන්ම මේ දෙවන අදියරේදීද මොහු සුවිශේෂී චරිතයක් වනු ඇති බවට සැකයක් නැහැ.

ලිපිය – තිසර නියො

ඔන්න එහෙනම් ආයෙම වතාවක් මේ ගොඩවදින්නේ පිස්සුම වට්ටපු කතාමලාවක දෙවැනි කතාසමයත් අරගෙන. මේ කතාමාලාවේ ආරම්භය පවා අපි වෙනින් දකින සුපර්හිරොලගේ කතාමාලා එක්ක ගත්තම සැහෙන වෙනස්කමකින් යුක්ත වුනා. මාවල් වගේම ෆොක්ස් එක්කාසු වෙලයි මුල් කතාසමයේ අපිට චාර්ල්ස් සේවියර්ගේ පුත් ඩේවිඩ්ගෙ කතා පුවත අරගෙන ආවේ. ඒ වගේම ඩේවිඩ්ට තියෙන හැකියාවන් එක්ක එක්ස් මෙන් පරපුරට මේ විපරිතයාව එක්කාසු කරන්න සැහෙන ලොකු උත්සහයක් අරන් තිබුණා. කතාවේ මුල් කාලේ අපිට දකින්න ලැබුණු දෙයක් තමයි ඩේවිඩ්ට පරපෝෂිතයෙක්ගෙන් ප්‍රශ්ණයක් ඇතිවෙලා තිබුණු එක. එහෙම නැත්තම් එයාට කියන තවත් නමක් තමයි ෂැැඩො කින්ග් නොහොත් සෙවණැලි රජු. ඩේවිඩ් එයාගෙන් ගැලවෙන්න කියලා හිතාගෙන සැහෙන දේවල් කලා. එයා සිඩ්ටත් වැහුනා. ඊටපස්සේ මෙලනිටත්. ඊටත් පස්සේ කතාවේ අන්තිමට මේ ෂැඩො කින්ග් ඔලිවර්ව අලුත්ම ධාරකයා කරගෙන එයාවත් එක්කන් යන්න ගියා. ඊටත් පස්සේ අන්තිමට විකාශය වුනු කොටසේ අන්තිමටම පෝස්ට් ක්‍රෙඩිට් සීන් ටික බැලුවා නම් මතකත් ඇති ඩේවිඩ සිඩ්නි එක්ක කතා කර කර ඉද්දි පුංචිම පුංචිම රොබො ඩ්‍රෝන් එකක් ඇවිල්ලා ඩේවිඩ්ව අල්ලගෙන ගියා. සිඩ්ටයි එයාගේ කණ්ඩායමේ අයටයි සැහෙන ලොකු ප්‍රශ්ණ වගයකට මුහුණ දෙන්න වේවි කියන ඉගියත් එක්ක තමයි කලින් කොටස නිමාවට පත්වුණේ.

අද එහෙනම් දෙවැනි කතාසමයත් ආරම්භ වුනා. අද කොටසේ මොකද වෙන්නේ කියලා නම් කියන්නේ නැහැ. මොකද බලලම රස විදින එක වටිනවනේ. මේකේ ෆරූක්ගෙ නමින් ඉන්න ෂැඩො කින්ග්ට මම “සෙවණැලි රජු” නොකියා ෂැඩො කින්ග් කියලම උපසිරසේ තිබ්බා. ඒ වගේම විශේෂයෙන්ම තිසරට හුගක් ස්තුතිවෙන්න වෙනවා ලිපියක් ඉල්ලුවාම නැහැ බැහැ නොකියා ෂැඩො කින්ග් ගැන සුපිරිම සුපිරි ලිපියක් ලියලා දුන්නට. එහෙමනම් ඉතින් බලලම ඉන්නකො.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,544 downloadsDownload Legion-S02-E01.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,544 downloadsDownload Subtitles24 KB

29 comments

  1. Ravindu Rukshan

    Thx

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!

  3. විමා

    සබට තුති බන්
    ලොවෙත් දැන් මේක නැගල එනවා ආයේ
    මෙන්න ගන්නෝ
    බාගෙන සබ දෙනකම් බලන් උන්නේ :D

  4. Ishan Thilakarathne

    අම්මෝ මේක එනකන් පිස්සෙක් වගෙ බලන් හිටියෙ. ස්තුතිය සහෝ දෙවනි එකට සබ් දෙනවට.

  5. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  8. එල්.සී. දමැල්

    කියලා වැඩක් නැහැ ඇ... චාමරගෙ සබ් ඉතින් කොහොමත් සුපිරි... අහ් තව පොඩි දෙයක් කින්ග් කියනවට වඩා "කිං" කියල දැම්මනං ගැලපෙනව වගෙ...

  9. slakmal89

    බොහොම ස්තුතියි

  10. nilupul0221

    එල වැඩක් බ්‍රෝ

  11. rasangarasanga7

    Tnx bro

  12. ranga11112

    Patta....asawen hitiye ethurutika balanna... thanks saho...

  13. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට..........................

  14. tharindu gunarathna

    thanks

  15. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ....
    පිස්සු හැදෙන කතාවක්...

  17. V.T.Piyumal

    තෑන්ක්ස් සබ්එකට දිගට ම කරගෙන යමු

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sachintha

    Thanks For Sub....

  20. Nilupul Madukapriya Perera

    සබට තැන්ක්ස් සමරයෝ

  21. Pradeep Rathnayake

    thx mchan Season 2 awa kiyala dn dnne...

  22. SangeethRox

    meka download wenne naane plz help karanna

  23. ප්‍රණීත් චින්තක

    මාත් මේක බලනවා මචං. දිගටම සබ දියං. අනිත් සීනි බෝල කතා වගේ නෙමෙයි මේක. සුපිරි සයිකොලොජි ත්‍රිලර් එකක්. විමා කිව්වා වගේ මේක නැගලා යනවා. පොඩ්ඩක් විතර කට්ටියට
    මොලේ විකාර වෙලා යන කතාවක් වුනාට ඉන්ටස්ටෙලර් තේරුණු අපිට මෙව්වා ගානක් නෑ ඉතිං. :p

    එහෙනං දිගටම සබ් දීලා වැඩේ නග්ගලා ගනිං ඈ. හැමදාම කමෙන්ට් දාන්න වෙන එකක් නම් නෑ.

  24. Mahesh ruwan

    meka enakan balana hitiye bohoma sthuthi sub ekata

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. AsithaDilruwan

    ela ela thanks

  27. Ishan Madusha

    නියමයි.බොහෝම ස්තූතියි සහෝ

  28. Kasun A.

    sabata thuthi chamara saho.jaya!

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.