එහෙනම් ඔන්න තවත් මාවල් කතාමාලාවක අවසාන කතාසමයක් අරන් ආවා. මං දන්නවා මම මේකට උපසිරැසි අරන් එන්නෙ නැහැ කියලා දෙවෙනි කතාසමයෙ අවසන් කොටසෙදි කිව්වා කියලා. ඒත් මේ කතාව මෙතනින් ඉවර වෙන නිසා කලින් වතාවල් වලදී පස් හය දෙනා එකතු වෙලා කරපු වැඩේ තනියම හරි කරලා ඉවරයක් කරන්න ඕන කියලා හිතුවා. මං හේතු කාරණා කියන්න…

එහෙනම් ඔන්න තවත් මාවල් කතාමාලාවක අවසාන කතාසමයක් අරන් ආවා. මං දන්නවා මම මේකට උපසිරැසි අරන් එන්නෙ නැහැ කියලා දෙවෙනි කතාසමයෙ අවසන් කොටසෙදි කිව්වා කියලා. ඒත් මේ කතාව මෙතනින් ඉවර වෙන නිසා කලින් වතාවල් වලදී පස් හය දෙනා එකතු වෙලා කරපු වැඩේ තනියම හරි කරලා ඉවරයක් කරන්න ඕන කියලා හිතුවා. මං හේතු කාරණා කියන්න යන්නෙ නැහැ මොකද අවසානයට ලබා දුන්නු කොටසෙ මං ඒ හැමදේම එකින් එක කිව්වා. අනික මම එහෙම හේතු පැහැදිලි කරන්න ඕනත් නැහැ කියලා හිතනවා මොකද මේක මගෙ කතාමාලාවකුත් නොවන නිසා.
චාල්ස් එක්සේවියර්ගෙ පුත් ඩේවිඩ් හෝලර් කියන්නෙ මොන විදිහෙ චරිතයක්ද කියලා මුල් කතාසමය පුරාවටම දැකගන්න ලැබුනා. එයාගෙ ඇග ඇතුලේ ශැඩෝ කිං ඉද්දි මේ කිසිම දෙයක් ගැන නොදැන එයාට මානසික රෝහලක ප්‍රතිකාර කෙරෙව්වා මානසික රෝගියෙක් ගානට දාලා. මානසික රෝහලින් පිටවෙලා යාමත් එක්ක එයාට පස්සෙ මිත්‍ර පාර්ශවිකයෝ ගොඩනගාගන්න හැකියාව ලැබුනා. ඒවගේම තවත් විපරිත හැකියාවන් තියෙන සිඩ්නි කියලා හරි අපූරු ගැහැණු ළමයෙකුත් ඩේවිඩ්ට මානසික රෝහලේදී මුණගැහිලා එයාගෙ ඉදිරි වැඩ වලට උදව් කරමින් එයා ලගින්ම හිටියා. දෙවෙනි කතාසමය වෙන් වෙලා තිබුණේ වරක් චාල්ස් එක්සේවියර් විසින් පරාජයට ලක්වෙන ශැඩෝ කිංගේ ශරීරය හොයාගෙන යන ගමන අතරේ වෙච්ච සිදුවීම් වගේම මුණගැහුණු තවත් අපූරු චරිත වටායි. බාස්කට් නොහොත් අද්මිරල් ෆූකියාමාව එහෙම මතක ඇති කියලා හිතනවා.
මේ අපුරු චාරිකාව අතරේ තුන්වෙනි කතාසමය ගොඩනැගෙන්න පාදක වුනු කරුණු දෙකක් දෙවෙනි කතාසමය තුලින් මතුවෙනවා. එකක් තමයි ශැඩෝ කිං ව හොයාගෙන යන ගමන අතරතුර ඩේවිඩ් විසින් සීඩ්ව මත් කරලා එයාව දුෂණයට ලක් කෙරෙනවා. මේ දේ නිසාම සිඩ්නි වගේම ඩේවිඩ් අතරේ දුරස් බවක් ඇතිවෙලා මේ දෙන්නා දුරස් වෙනවා. ඒවගේම ඩේවිඩ් කියන්නේ මේ ලෝකේ විනාශ කරන්න ඉන්න කෙනා කියලා එයාගෙ වටා හිටිය හැම කෙනෙක්ම දැනගන්න ගත්තා. මේ නිසාම එයාගෙ මිත්‍ර පාර්ශවිකයො, සෑහෙන කාලයක් පුරාවටම හතුරෙක් විදිහට සලකපු ශැඩෝ කිං පවා එකතු වෙලා ඩේවිඩ්ව මැඩපවත්වන්න උත්සහයක් ගත්තා. මේ නිසා ඩේවිඩ් හැමදේම දාලා ලෙනී එක්ක පැනලා යන්න තීරණය කලා.
තුන්වෙනි කතාසමය පුරාවටම දැකගන්න ලැබෙයි හැමොගෙන්ම ඈත්වෙලා ගිය ඩේවිඩ් වගේම ලෙනී දෙන්නා එයාලගෙම සමුහයක් ගොඩනගාගෙන ඉන්න විදිහ වගේම කලින් ඩේවිඩ්ගෙ යාලුවො වෙලා හිටිය අය, හතුරො වෙලා හිටිය අය හැමෝම එකතුවෙලා ඩේවිඩ් මරන්න හදන හැටි, ඩේවිඩ් කාල තරණය කරන්න පුලුවන් කෙල්ලෙක්ව හොයාගෙන අතීතයට ගිහින් පෙර සිදුවීම් නිවැරැදි කරන්න උත්සහ කරනවා. මේ දේවල් සාර්ථක වෙයිද? එහෙනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.
ඩිස්නි – ෆොක්ස් අතර සිද්දවුනු සිද්දවෙච්ච ගිවිසුම් නිසාම FOX සමාගම යටතේ (වර්තමාන අයිතිය ඩිස්නි) තිබුණු FX නාලිකාවේ විකාශය වුනු Legion කතාමාලාව නවත්තලා දාන්න තීරණය කරලා තිබුනා. හරියට FOX යටතෙ තිබුණු The Gifted, Prison Break වගේ කතාමාලා නවත්තන්න තීරණය කලා වගෙ. ඒ කියන්නෙ ආයෙ ලීජන් කතාමාලාව විකාශය වෙන්නෙ නැහැ කියන එකයි. ඒවගේම කියන්න ඕන, මම මේක සම්පුර්ණ සීසන් එකක් විදිහට එක සැරේ දුන්නේ මගේ පුද්ගලික හේතු කිහිපයක් නිසා වගේම මගේ කැමැත්ත නිසා. ඒ නිසා ඉදිරියේදී මේ වෙබ්අඩවිය හරහා කට්ටිය එක්කාසු වෙලා හෝ තනියෙන් කවුරුහරි කෙනෙකුගේ මහන්සියෙන් ලබා දෙන අනික් කතාමාලා මේ විදිහට සම්පුර්ණයෙන්ම ඉල්ලලා කරදර කරන්න එපා. මොකද ඔයාලා, ඔයාලගේ පහසුව ගැන විතරක් හිතලා එක සැරේ බලන්න ඉල්ලුවට, කමෙන්ට් එකක්වත් නොදා සබ් එක විතරක් අරන් යන පෝස්ට් එකක් විතරක්ම වෙනවනම් ඒක සබ් කරපු කෙනාට වෙන ලොකු අසාධාරණයක්.
එහෙනම් ඔන්න මං මගෙ කොටස අහවරක් කලා. 😀
ගිහින් එන්නම්. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,388 downloadsDownload Legion-S03-Complete-Season.zip126 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
25 comments
dsdkavishka
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරිම සුපිරි වැඩක්...
Netflix වගේ වෙලා එක පාරම සබ් දෙන්නේ Season එකේම....
මේක කොහොම හරි ඉවර කරලා දාපු එකනම් සුපිරි වැඩක්...
එත්කොට් ඉවරෙටම ඉවරයි...
මේ වෆේ එකතු වෙලා හරි Jessica Jones Season 3 එකටත් සබ් දීලා ඉවර කරනම් පට්ට....
එතොකොට සයිට් එකේ complete series ම තියනව බාගෙට නැතිව..SASANDA SENEVIRATHNE
Ambooo athi ynthm
Rocky45
godak thank you..........................................................................................................................................................................................................
Kavindu12345desilva
thanks ayye download krla thibbe baluwe na sub nathi hinda
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි මචං සබ් ටිකට.. :)
පුලුවන් නම් ඔයාලා සබ් දෙන එක අතරමඟ නතර කරපු ටීවි සීරිස්වලට සබ් දෙන්න, ලොකු දෙයක් :(sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ...හැකි නම් Marvel Netflix හවුලේ අවසාන කතාමාලව වන Jessica jones S03 ටත් සබ් දෙන්න සහෝ ....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
kavintha
thanks !!!
13 reasons why s 03 ,
jessica jones s 03 ,
puluwannan subtitles dennaසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..මෙන්න මෙවා තමා සුපිරිම වැඩ..ආයෙ ඉතිං ස්තූති කරන්න වචන නෑ. පුලුවන්නම් 13 reasons why එකටත් කට්ටිය එක්ක එකතු වෙලා උපසිරස අරන් එන්න. අතරමග නැවතුන සීරිස් ගොඩක් තියෙ. ඒ ටික කොහොමහරි කරලා ඉවර කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. අපි දන්නවා ඔයාලා වැඩ රාජකාරී ගොඩක් අස්සේ මේවා කරන්නෙ කියලා සහෝ. ඒක නිසා අලුත් ඒවට කලින් අර ටික කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා! ජය..!
thathsaragayan
thank mcn supiri wadak bn. ekmanatsa sub eka dhunna 1ka.
Nuwan Adhikari
thankz sub ekata.. digatama karanna.
Ravindu Rukshan
Thx
Hashan M. Priyadarshana
චාමර සම්පත් පුළුවන් නම් අතරමඟ නවත්තපු The Exorcist ටීවී සීරිස් එකට සබ් දෙන්න..
තව,
Supergirl
Ancient Aliens
Timeless
X Files
වගේ අතරමඟ නතර කරපු ටීවී සීරීස්වලට සබ් දෙන්න කියල බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලෙන් ඉල්ලනවා.. මේ ටිකට අමතරව තව අතරමඟ නවත්තපු ටීවී සීරිස් ඇති ඒවට සබ් දෙන්න පුළුවන් නම්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
V.T.Piyumal
thnks bro sub set ekatama...!!!!
Hishan Lakshika
Thanks mchn
upeksha240
ෆට්ටම
Mahesh ruwan
bohoma sthuthi
RMRAMADUSHANKA
thnks bro
Amila Indeewara
Thanks bro.....good luck
Sachee...
බොහෝම ස්තූතියි සහෝදරයා. <3
Anonymous
ස්තුති ඔබට
Saminda
ස්තුති ඔබට
Kosala
Sub ekta Thanks cudda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thenks for sub brother