Watch Trailer

Les Misérables [S01 : E01] Sinhala Subtitle | පලමුවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි. හොඳයි ගොඩක් අය දන්නවනෙ Les Miséra…

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි.

හොඳයි ගොඩක් අය දන්නවනෙ Les Misérables කතාව ගැන. මේක Victor Hugoගෙ ප්‍රංශ නව කතාවක් ඇසුරෙන් තමයි නිපදවල තියෙන්නෙ. ඒවගේම ඒකෙ සිංහල පරිවර්තනේකුත් ආව “මනුතාපය” කියල. ඊට අමතරව ෆිල්ම් 3,4කුත් මේ ආශ්‍රයෙන් නිපද උනා. ඉතිං ගොඩක් අය දන්නවනෙ මේක කොච්චර ලස්සන කතාවක්ද කියල. ඔබ ඒ බැලූ ෆිල්ම් වලට වඩා වැඩියමක් මේ සීරිස් එක තුල අන්තර්ගත කරල ඉතා සංවේදී හා ප්‍රේමාන්විත ලෙස ඉදිරිපත් කර ඇත. තවද මේ කතාවෙ ආදරය වෙන්වීම වෛරය දුක සතුට යුද්දය මේ ඔක්කොම කැටි කරගත් සොදුරු නිර්මානෙකි. හොදයි මං පලවෙනි කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්,

මේ කොටසට IMDB 7.8ක අගයක් අරන් තියෙයි. කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් ෆැන්ටීන් කියන්නෙ ඉතා අහිංසක දුප්පත් සුරූපී තැනැත්තියක්.ඇයට වැඩි සමාජය ගැන දැනුමක් නැහැ. ඒ නිසාම මැයව සෙල්ලක්කාර පොහොසත් කොල්ලො ටිකකගෙ ප්‍රේම බස් වලට රැවටෙනව. මැයගෙ යාලුවොත් මේක ගැන පහදන්න හැදුවත් මැය තේරුම් ගන්නෑ. අන්තිමේදි මේ සම්බන්දෙ කෙලවර වෙන්නෙ ෆැන්ටීන්ට දරුවෙකු පිළිසිද ගැනීමෙනුයි.එම දරුවගෙ නම වෙන්නෙ කොසෙට්. ෆැන්ටීන්ගෙ කතාව එසේ සිදු වෙද්දි ජෝන් වල්ජෝන් කියල ශක්තිමත් සිරකරුවෙක් හල්ක් බන්දනාගාරය තුල සිටිනව. මොහු හිරෙන් නිදහස් උනත් දුප්පත් කම නිසා පොඩි පොඩි හොරකම් ටිකකුත් සිදු කරනව. තවත් පසෙකින් බාරොන් පොට්මන්සි කියල කර්නල් වරයෙක් යුද්දෙ හමාර වී තම නිවස බලා පැමිනියත් ඔහුගෙ මාමන්ඩි ඔහුව පිලිගන්නෑ.කොටින්ම ඔහුට ඔහුගෙ පුතාවවත් බලන්න දෙන්නෑ. හොඳයි එහෙනම් ප්‍රධාන වශයෙන් මේ කතාවෙ චරිතයි ඒ මේ කතාවේ ඉස්සරහට බලමු ෆැන්ටීන්ට ජෝන්වල්ජෝන්ට හා පොට්මන්සිගෙ ඉරණම් කෙසේ විසදෙයිද කියා.

හොඳයි ඒනං බාගෙන බලන්න පාඩුවක්නම් වෙන්නෑ. පවුලේ සැමට අඩුම ගානෙ නරක වචනයක්වත් මේකෙ අඩංගු වෙන්නෑ. ගෙදෙට්ට වෙලා ඉන්න එකේ බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,529 downloadsDownload Les-Misérables-S01-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

2,529 downloadsDownload Subtitles25 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් කල් ඉදන් බලාගෙන හිටියේ.

  3. ArchieAndrewsTVshowslover

    Thank you sub walata. Ep 2 ikmanata denna

    Request
    .....................
    North and south (2004) BBC 1
    .........
    Only 4 eps plzzzzzz mekatath sub dennako plzzzz

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) .. ඉතුරු කොටස්වලටත් ඉක්මනින්ම සබ් දෙමු එහෙනම්..
    මේ නමින්ම 2012 ආපු film එකකුත් තියනව නේද :)

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් අරන් එමු....

  6. malithmadhushan45

    Music ganaye film ekak thiyenawa 2012 huge jackmen act karana mekath patta saho sub ekata thanx

  7. Nipun dimantha

    Ozark ekta sub damukooo

  8. rajitha

    Thanks......jayawewa....!

  9. Kavinu

    රහ දන්නෝ බලති!
    බොහොම ස්තූතියි මචන්... දෙවෙනි කොටස දෙනකම් ඉන්නේ දැන්!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. indika75

    thanks..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. suranuwan

    thanks bro...

  16. Sandaru Nimsara

    Sub ekak thanks bro