Watch Trailer

Strike Back [S08 : E10] Sinhala Subtitles | අවසානය කරා.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් බ්ලැක්ලිස්ට් දාපු නිසා පැනලා යන ගමන් තමයි ඇලෙක්සැන්ඩර්, වායට් වගේම නෝවින් හිටියෙ. ව්‍යාජ ගමන් බලපත්‍ර අරගන්න ආපු වෙලාවේ එතනටත් CIA එකේ කැරොලීන් ෆෝටියර් එයාගෙ ටීම් එකක් දාලා 20 එකේ අයව අල්ලගන්න හැදුවේ. ඒත් ඒ වැඩේ කරගන්න බැරි උනාම එයා කලේ චෙට්‍රිව බේරගන්න ඕන නිසා මේ අයව නම්මාගෙන එයාව හ…

පසුගිය කොටසින්

බ්ලැක්ලිස්ට් දාපු නිසා පැනලා යන ගමන් තමයි ඇලෙක්සැන්ඩර්, වායට් වගේම නෝවින් හිටියෙ. ව්‍යාජ ගමන් බලපත්‍ර අරගන්න ආපු වෙලාවේ එතනටත් CIA එකේ කැරොලීන් ෆෝටියර් එයාගෙ ටීම් එකක් දාලා 20 එකේ අයව අල්ලගන්න හැදුවේ. ඒත් ඒ වැඩේ කරගන්න බැරි උනාම එයා කලේ චෙට්‍රිව බේරගන්න ඕන නිසා මේ අයව නම්මාගෙන එයාව හොයාගන්නයි. චෙට්‍රි හැදුවේ එයා ලග තියෙන සයෙෆ්ගෙ හාඩ් ඩ්‍රයිව් එකේ තොරතුරු පිටපතට දීලා බ්ලැක්ලිස්ට් ගිය මේ අයගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න. හැබැයි එයා දැනගෙන හිටියෙ නැහැ තමන් විශ්වාස කරලා තියෙන්නෙ වැරදි කෙනෙක්ව කියලා. පස්සෙ එයාව රුසියානුවන් පැහැරගෙන යනවා මේ තොරතුරු අරගෙන වාසියක් විදිහට පාවිච්චි කරන්න. මේ දේවල් වෙන අතරේ CIA තාවකාලික මැදිරියෙ බෝම්බයක් පුපුරලා කැරොලීන් ෆෝටියර් ඇතුළු තවත් නියෝජිතයන් වගයක් මැරිලා යනවා. අවුරුදු ගානක් තිස්සෙ CIA එක ඇතුලෙත් රුසියානුවන්ට වැඩ කරපු මිනිහෙක් ඉදලා තියෙනවා. මේ මනුස්සයා ඉන්න ආරක්‍ෂිත නිවාසය ගැන දැනගන්න ඇලෙක්සැන්ඩර්ට ස(ර්)කෝවාගෙන් උදව් ලැබෙනවා. එතනට ගියාම ටීම් එකට දැනගන්න ලැබෙනවා චෙට්‍රිව රදවාගෙන ඉන්න තැන ගැන.

විශේෂයෙන්ම මේ කොටස හරහා හෙළිදරව් කෙරෙනවා අරියානා ඩිමාචි කියන්නෙ රුසියානු නියෝජිතවරියක් කියලා. ක්‍රයිමීයාවල තියෙන බ්ලැක්සයිට් එකක තමයි චෙට්‍රිව හිර කරගෙන හිටියෙ.ඉ තිං මෙතනට යන්න සෑහෙන වෙහෙසක් 20 එකේ ටීම් එකට දරන්න වුණා. ඒ යද්දිත් අරියානා (එලේනා) චෙට්‍රිට වද දීලා චෙට්‍රි දන්න තොරතුරු දැනගන්නයි හැදුවේ. වධකයෙක් ලවා ගහලා ගහලා අන්තිමට චෙට්‍රි සයෙෆ්ගෙන් අරගත්ත තොරතුරු අප්ලෝඩ් කරලා තියෙන සර්වර් එකේ කෝඩ් ලියන්න ගත්තම ඒ අය හිතුවේ චෙට්‍රි අනික් සොල්දාදුවෝ වගේ නැති නිසා ලේසියෙන්ම නම්මා ගන්න ලැබුනා කියලා. හැබැයි චෙට්‍රි ලියලා තියෙන්නෙ කෝඩ් එක ඇතුලත් කලාම එයා අප්ලෝඩ් කරලා තියෙන සර්වර් එකෙන් ඉබේම තොරතුරු මැකිලා යන විදිහෙ වෛරස් එකක්. ඉතිං මේ දේවල් දැනගත්තම එලේනාට හුගක් තරහ ගිහින් ඒ වෙලාවේ චෙට්‍රිව බේරගන්න ආව 20 එකේ ටීම් එක ඉස්සරහම වෙඩි තියලා මැරුවා.

කිසිම අමතර සහයක් නැතුව 20 එකෙන් ගියෙ වෙනින් පිරිසක් බලය අල්ලගෙන ඉන්න දේශයකට. ඉතිං මේ තුන්දෙනා එලියට එද්දිත් සෙවීමේ කටයුතු ආරම්භ වෙලා තිබුණේ. දේශ සීමාව ලගදි දවස් තුනකින් මුණගැහෙන අරමුණ ඇතුව මේ තුන්දෙනා බෙදිලා ගියා. එතනින් පස්සෙ අපිට කෙලින්ම දකින්න ලැබුණේ මාස හතරකට පස්සෙ සයිබීරියාවේ වැඩ කදවුරක ඉන්න ඇලෙක්සැන්ඩර්වයි. ඒක තරමක් තේරුම් ගන්න බැරි විදිහෙ අවසානයක්.

අද කොටසින්

සයිබීරියාවේ වැඩ කදවුරේ ඉන්න ඇලෙක්සැන්ඩර් එතනට ගියෙ කොහොමද, එතනින් පැනලා ඇවිත් ආයෙ ටීම් එක එකතු කරගෙන මේ වතාවේ කතාවට මොන විදිහෙ අවසානයක්ද ලැබෙන්නෙ කියලා බලන්නම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. අවසාන කොටසෙ කියන්න දෙයක් නෑනේ ඉතිං.

පුරා වසර දහයක්,
සම්පුර්ණ කතාසමයන් අටක්,
සම්පුර්ණ කතාංග 76 ක්.

එහෙනම් ඔන්න 2010 වසරේදී ආරම්භ වුන කතාමාලාවක් “දෙවැනි වතාවටත්”අවසන් වෙනවා. ඔරිජිනල් ටීම් එකේ කතාව 2015 දී ඉවර වුනාට පස්සෙ රීබූට් වෙලා 2017 වසරේදී පටන් ගත්ත රීබූට් එකත් ඔන්න අදින් අවසන් වෙනවා. ආයෙත් කවදාහරි දවසක රීබූට් වෙන එකක් නැහැ කියලා හිතනවා. එහෙනම් ඉතිං, මේ අවුරුදු හය පුරාවටම රැදී ඉදලා සබ් ඩවුන්ලෝඩ් කරපු, කමෙන්ට් කරපු අයටත් වගේම සුපුරුදු පරිදි තමන්ගෙ වැඩේ කරගෙන මාරු වෙලා ගිය හැමෝටමත් ස්තුතියි. මෙතනින් එහාට මට ආයෙ තවත් කතාමාලා ආරම්භ කරලා උපසිරැසි ගන්වන්න බලාපොරොත්තුවක් නම් නැහැ. කට්ටිය එක්ක හවුලෙ කරගෙන ගිය කතාමාලා ටිකයි, මීට කලින් උපසිරැසි ගන්වලා ඉස්සරහට නිකුත් වෙන චිත්‍රපටවල සීක්වල් ටිකයි හැරුනම මාව ඔයාලට අලුත් නිර්මාණ වලින් දැකගන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා තවත් ඒවා කරන්නයි කියලා ඉල්ලීම් නම් කරන්න එපා ඔන්න. මොකද ඉෂ්ට නොවෙන ඉල්ලීම් කරලා ඇත්තටම වැඩක් වෙන්නෙ නැහැනෙ.

හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,388 downloadsDownload Strike-Back-S08-E10.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,388 downloadsDownload Subtitles28 KB

60 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාවක්... Original සෙට් එක තරම් ගතියක් නැති උනත් එක හැදිලා ආවා පස්සේ....
    කතා මාලාව ඉවර වෙනකන් සබ් ගෙනාවට ස්තුතියි....
    දැනට බයිස්කෝප් ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්....
    මග නැවතිච්ච කතා මාලා තියෙනවනම් ඒවත් ඉවර කරලා දාමු....

  2. lakshanxyz

    One of My Favourites. Miss u

  3. රංගික සිනෙත්

    බෝම ස්තුතියිිි සහෝ. ස්ට්‍රයික් බැක් එකට සබ දුන්නු හැම සහෝ කෙනෙකුටම ස්තුතියිිි .ජය වේවා. සීරියස් එක ආයෙ නැති එක නම් ෆට්ටම දුකක්. කෝම උනත් ජය වේවා සහෝ..

  4. Marian Avanthi Gunathilake

    bohoma sthuthi sub walata.

  5. nadun6000

    mulinma kiyanna oneh.. Bohoma isthuthi Saho.. !!! Corona sin eka nisai meka balanna patan gatte.. pattai mechchara dawasak kathawa aethule jiwath une.. Short Step dakinna wenne nena aye dukai ithin...

    Kohoma unath aye supirima ekak sub karamu..!
    Inna tike sathutin inna epay..!
    Tv Series ekak kiyanne jiwath wenna pattama tenak jivite thiyana hema deyakma amathaka karala..!

    Bohoma Isthuti...!!!
    Bohoma Pin...!!!
    Sathutin inna honde...!!!

    *** Aye hondama ekak karamu godak supiri ewa thiye tama kauruth atha nothiyapu ***

  6. Kulathunga

    සබ් වලට ගොඩාක් ස්තූතියි සහෝ....❤
    ජයවේවා....

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    1. sachintha

      මෙහෙම ඉල්ලීමක් කලාට සමවෙන්න ඕනා සහෝ
      පුලුවන් නම් මග නැවතිලා තියන Shadowhunters s03 උපසිරැසි ගන්වන්න සප් එකක් දෙන්න...

    2. Chamara sampaa

      thnx saho great work aththatama agaya karanawa ubala nohitinna mechchara hodata apita balanna wenne ne bn thnx mchn thnx maga nathara karala tyna katha tika witharak puluwan nam goda danna sup eka dipn plz mchn supergirl balcklist wage katha thnx saho

  8. harshafhjk

    බොහෝම ස්තූතියි ආසාවෙන් බලපු කතාවක්. අපි වෙනුවෙන් කරපු කැපවීම ගැන සතුටුයි. සබ ගන්නවා ජයවේවා

  9. Anonymous

    Thanks for sub

  10. asintha

    Thanks saho sub ekata jaya wewa.

  11. lakmal chathuranga

    tank you sho jayawewa

  12. Sandaru Nimsara

    ඉස්සර ඉදන් ආසවෙන් බලපු කාතාවක් තමයි.අපි වෙනුවෙන් මේකට සබ් දිලා කරපු කැපවීමට බෝහෝම ස්තුතියි සහෝ❤

  13. Ajith Priyantha

    eka kotask nara asawen balapu kathawak ....e hama kotaskam baluwe sub ekka ...ithin apita sub ekath ekka katahwa balnn sub deepu oyta godak pin e wagema karan iyana hamdema sarthaka wewa jayama wewa................

  14. Ashan sadishka

    Thanks bro

  15. Anonymous

    Thank You Chamara

    1. Anonymous

      Thnx sub ekts

  16. Nipun dimantha

    Den Ozark ekta sub damukoo

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Suranjan

    Thanks kathawa dunnata......jayawewa....!

  19. ed

    sub seratama thanks machan!!!!!

  20. suranuwan

    thanks bro.....

  21. Gayathra

    bohoma sthuthii saho ikmaninma sub eka dunnata.. jayawewa!!

  22. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි.ජය...!

  23. Dishara malshan

    Good job සහෝදරයා ස්තූතියි.

  24. Anonymous

    Thanks mcn...❤️❤️❤️

  25. Hemal

    Thank you for bring this series back for US by sacrifice your time.
    Have a blessed Day! Bro

  26. Anonymous

    thanks obe mahansiyata

  27. Nethmitpabasara

    ගොඩක් ස්තූතියි.. ඔයාගේ උපසිරැසි ඔක්කෝම නියමෙටම තිබුණා. පුංචිමවත් මිස්ටේක් එකක් නොතිබුණ තරම්. ඒ නිසාම මම මේ ටීවි සීරිස් එකට නම් ඇබ්බැහි වුණා. මෙතනින් නවතින්න එපා ඉතින්. තවත් මේ වගේම සුපිරි ටීවි සීරිස් එකක් අරන් එන්නකෝ. මේ ටීවි සීරිස් එකේ හැඳින්වීමේ ඉඳන් හැමදේම හරිම නීට්. නියමයි. ගොඩක් ස්තූතියි ඔයාට!

  28. Nadeera NIshan Perera

    Ela machan. Patta series ekak

  29. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  30. prasangamno

    බයිස්කෝප් එකට ජය

  31. Yohan Illangasinghe

    Thanks bro.. Good luck!!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. HA

      THanx bro.e wunata issarahatath sub karanna api hema support ekakma dennam

  33. BandaYB

    Mama asawen balapu TV series ekak.Jayen Jayama Wewa!

  34. chinthaka.max4

    thankxz machan

  35. Thisal

    thanks its over

  36. Manohari w

    Bohoma sthuthi sinhala upasirasiyata.. Jaya wewa..

  37. Lahiru W

    thanks

  38. Anonymous

    Sjsj

  39. shan0817

    Thanks sub ekata

  40. Anonymous

    thanks

  41. Dewadithya

    Thanks for sub!

  42. lakshan

    thanks ....................

  43. Anonymous

    Thanks ,,,,

  44. Anonymous

    Thank you

  45. Ishan

    Thanks bro

  46. isuru

    Sub valata thanks

  47. Anonymous

    thanks.,/

  48. Anonymous

    Thnx bro ❤

  49. lahiru samapth

    Seal Team Season wala puluwannam sub eke genna koooo

  50. ediya

    mechchara kalaya api wenuwen sub genawata sthuthi bokka much love.....

Load more comments