ජීවිතය, ඔව් ඒක අපිට විතරක් පොදු කාරණයක් නෙමෙයි. ජිවිතය කියන දේ මිනිසුන්ට සහ අපේ මේ පෘතුවිය තුල ගොඩබිමේ ජලයේ වෙසෙන සත්වයන් සහ ශාඛ යන සෑම කොට්ඨාශයකටම අදාළ පොදු කාරණයක්. ජීවිතය කියන දේ ලැබුනට එය පවත්වාගෙන යන්න තම වර්ගයාගේ උන්නතිය ගැන වගකීම ජිවිතයක් හිමි සත්ව සහ ශාඛ දෙපිරිසටම සහජයෙන් උරුම වෙන කාරණයක්.…

ජීවිතය, ඔව් ඒක අපිට විතරක් පොදු කාරණයක් නෙමෙයි. ජිවිතය කියන දේ මිනිසුන්ට සහ අපේ මේ පෘතුවිය තුල ගොඩබිමේ ජලයේ වෙසෙන සත්වයන් සහ ශාඛ යන සෑම කොට්ඨාශයකටම අදාළ පොදු කාරණයක්. ජීවිතය කියන දේ ලැබුනට එය පවත්වාගෙන යන්න තම වර්ගයාගේ උන්නතිය ගැන වගකීම ජිවිතයක් හිමි සත්ව සහ ශාඛ දෙපිරිසටම සහජයෙන් උරුම වෙන කාරණයක්. ඉතින් අද වගේ විශේෂී වූ දවසක අපිත් එක්ක පුරා වසර නමයක් පුරාවට අත්වැල් බැඳගෙන බයිස්කෝප් සිංහලෙන් කියන සයිබර් අවකාශයේ වෙසෙන ජීවියාගේ උන්නතිය වෙනුවෙන් ඉවහල් වූ ඔබ සැමගේ දැනුම් පිපාසාව සංසිඳුවන්න බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මණ්ඩලය අද මෙසේ පෙළ ගැසෙනවා. BBC නාලිකාව තුලින් කොටස් දහයකින් සමන්විත වූ මේ වැඩසටහන 2009 වසරේ ඔක්තෝබර් 12 ඔබට මට දැකගන්න විකාශය ආරම්භ උනා. බයිස්කෝප් සිංහලෙන් ආරම්භ වූ වසරේම විකාශය ආරම්භ වූ මේ රූපවාහිනී වැඩසටහනට අදාළ උපසිරැසි සියල්ලම අද දින ඔබට වරින් වර අප වෙබ් අඩවියෙන් ලබාගන්න හැකියාව ලැබෙනවා.
වසර නමයක් පුරාවට විවිධ බාධක කම්කටොලු මැද්දේ අපි දිගු ගමනක් ඇවිත් තියෙන්නේ ඔබෙන් ලැබුන දිරිගැන්වීම් නිසාමයි. සිංහල උපසිරැසි ලබා දීමේ පුරෝගාමියා ලෙසින් වසර 9 කට පෙරාතුව ආරම්භ කල මේ ගමන අඛණ්ඩව ඔබට නොමිලේ උපසිරැසි ලබා දෙමින් අද මෙසේ දසවන වසරට පා තබන්නේ තවත් මේ සේවය වඩ වඩාත් හොඳින් ඔබට සමීප කරන බලාපොරොත්තුව සමඟිනුයි. පසුගිය වසර කීපය ගැන කෙටි සමාලෝචනයක් කළහොත් වෙබ් අඩවියක් ලෙසට අප අත්පත් කරගත් දේ බොහොමයි. කාලය ගතවත්ම බයිස්කෝප් සිංහලෙන් පවුලට තවත් වෙබ් අඩවි කීපයක් එකතු උනා.
එහි මුල්ම සාමාජිකයා උනේ ඔබේ සිනමා දැනුම රූපවාහිනී දැනුම පුළුල් කරන්න නිර්මාණය උන බයිස්කෝප් මංසල වෙබ් අඩවියයි. ඉන් පසු දිගු කාලයකට පසුව බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ බයිස්කෝප් ෂොප් යන වෙබ් අඩවිත් අපට එකතු උනා. ඒ වගේම තමයි දිනෙන් දින අප සමඟ එකතු වූ උපසිරසිකරුවන් පිරිසත් අදදින වනවිට 850 ඉක්මවා යනවා. ඒ වගේම තමයි අප වෙබ් අඩවිය පරිශීලනය කරන ඔබ සැම, ඔබත් මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙක්. මන්ද එදිනෙදා අපිත් සමඟ එකතුවන ඔබ නිසා තමයි අදටත් අපි මේ තරම් දුරක් පැමිණ තිබෙන්නේ.
මීට අමතරව අප විසින් නොමිලේ ලබාදෙන උපසිරැසි වලට අමතරව සමාජයේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකිකයන වශයෙන් අපෙන් විය යුතු යුතුකමක් ලෙසට දැනට අප විසින් සමාජ සත්කාර්ය කීපයක් සාර්ථකව අවසන් කළා. එහි සිව්වැන්න පසුගිය පෙබරවාරි 3- 4 දින කැකිරාවේ, බැඳිවැව ඉතාමත් දුෂ්කර පාසල් දෙකක දරු දැරියන්ට සහා ඒ පාසල් දෙක පිහිටා ඇති ගම් වල අපේම මිනිසුන් උදෙසා නොමිලේ වෛද්‍ය සායනයක් ලබා දෙන්නත් අප කටයුතු කළා.
ඒ ගැන විස්තර ඔබට අපේ ෆේස්බුක් පිටුවේ මෙතනින් දැකබලා ගන්න පුළුවන්. එහෙනම් මම සුපුරුදු මාතෘකාව දෙසට හැරෙන්නම්.
ස්වභාවධර්මය ගත් කල, තම පැටවුන් බිහිකරගන්න මට්ටම තෙක් ජීවිතය පවත්වා ගෙන යාම මහත් අර්බුදකාරී ගැටළුවක්. ඒ අවස්ථාව ලබා ගන්න බොහොමයක් සතුන් සහ ශාඛ මහත් පරිශ්‍රමයක් දරනවා. ඉතින් මේ කොටස් දහයකින් සමන්විත ජීවන අර්බුදයේ මුලින්ම අපි කතා කරන්නේ ජීවන අභියෝග පිළිබඳවයි. වෙනස් ආකාරයේ සත්වයන් රාශියක් තුලින් සත්ව ජීවිතය තුල එදිනෙද මුහුණ දීමට සිදුවන ගැටළු හයක් මේ කොටසේදී ඔබට දැකබලා ගන්න පුළුවන් වෙනවා. ජීවන අභියෝග යටතේ…
1. දඩයම් කිරීම – බෝතල් හැඩති ඩොල්ෆින්ලගේ දඩයම් උපක්‍රම, චීටා සහෝදරයෝ තුන්දෙනාගේ දඩයම් උපක්‍රම..
2. අනතුරකින් මිදියාම – තම සතුරන්ගෙන් මිදී ජීවිතය රැකගන්න වෙහෙසෙන කෘමි සත්වයන්..
3. ආහාර රැස් කිරීම – කැපුචින් වඳුරු රංචුවේ ආහාර රැස් කරගැනීමේ උපක්‍රම…
4. සහකරුවෙකු/කාරියක ආකර්ෂණය කරගැනීම – ගැහැණු සතෙක් දිනාගන්න වෙහෙසෙන කෘමින්, හිපෝ සතුන් ගැන…
5. මාතෘ ස්නේහය – පැටවුන්ගේ ආරක්ෂාව ආහාර ගැන වෙහෙසෙනගැහැණු බූවල්ලෙක් ගැන ස්ට්‍රෝබෙරි මැඩියන් ගැන…
6. පෙන්ගුයින්ලා සහ ඔරන්ඔටන් දෙමාපියන්ගේ දරුවන් රැකබලා ගැනීමේ හැකියාවන් වැනි කාරනා හයක් උදාහරණ සමඟින් ඔබට විස්තර කරදෙන්න David Attenborough මහත්මයා සැදී පැහැදී බලා සිටිනවා. ඔව් එතුමා විස්තර කරන එක කරුණු කාරණා දන්න සිංහලෙන් ඔබට සමීප කරන්න බයිස්කෝප් සිංහලෙන් අපි අද දවස පුරාවටම බලා සිටිනවා. එසේ නම් මෙහි දෙවැන්න තුලින් මොහොතකින් ඔබ සමඟ යශෝධ ශ්‍රීමාල් සොයුරා එකතු වෙනවා උරගයින් සහ උභය ජීවින් ගැන විස්තර කරන්න. එසේනම් ගහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය පතනවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,282 downloadsDownload Life-2009-E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
21 comments
Pathum Winchester
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
ස්තුතියි උපසිරසට
උදයංග සම්පත් හතරසිංහ
මං මේක English වලින් බලල ඉවර කලා.. දැනං හිටියෙ නෑනෙ මේකට සබ් දේවි කියල...Anyway ආපහු මුල ඉඳන් බලනව... Good job Bros
Helili Hemamali
මේවනේ තෑගි. මං වගේ අයට නම් මීට වඩා දෙයක් වෙන කොහෙන්ද! ඇඩ්මින් මණ්ඩලයට බොහොම ස්තූතියි!
kaweesha kalyana2
meke download link eka ona please
losaka
නියමයි ස්තුතියි බයිස්කොප්
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
•••••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••••GeethD
niayamai…thanks saho.
arrow 1ta sub dennakoGD Dhanushka
niyamai... thanks for sub....
Kaushan Herath
කොහෙන්ද බන් මේක ඩවුන්ලෝඩ් කරගන්නේ
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....
නියම උපන්දින තෑග්ගක්....
අවුරුදු 10ට මීටත් වඩා සුපිරියට දෙමු.....Udara Damith Dissanayaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
happy birth dayTharakaWAS
thanks for sub.
happy birthday....!!!
me sub 1ka tv 1ke baladdi play wenna hada gnna widiyak kiyla denna.plz...sachintha
Sub ekata thanks Hasantha ayya
Elama...Jessica Jones Season 2 sub denna...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
කලින් ඉංග්‍රීසි උපසිරැසි එක්ක බැලුවා උනත් ආයෙමත් සිංහල උපසිරැසි එකක් බලන්න ඕන.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති documentary series එකක් තමයි Life 2009 කියන්නේ.
ජයෙන් ජය.JL Fernando.
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
Thanks
tdsk
හසන්ත සහෝ ඔයා ඇතුළු කණ්ඩායම උපසිරසි ලබාදී තිබෙන මේ වැඩසටහන් මාලාවේ කොටස් 10 ම ආසාවෙන් බැලුවා..මට ලබා ගන්න හැකිවුණු මේ දැනුම් සම්භාරයට ඔයාලා හැමදෙනාටම බොහොම පින්...
Pasindu
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks bro sub ekt. Good luck