අන්තර්ජාල සිංහල උපසිරසකරණයේ මහ ගෙදර තමුන්ගේ 9 වැනි උපන් දිනය සමරන මොහොතේ මේ අපේ සුදානම ඔබ වෙත එක පොකුරට විශිෂ්ඨ ටෙලි කතා මාලාවගේ අරගෙන එන්නයි. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ හැම දෙයක්ම කෙනෙකුගේ සිහිනයක් පමණයි, මේ සියල්ල සැබෑ වෙන්නේ මෙවැනි වෙබ් අඩවියක් අපි අතෙරේ තියන නිසා ඉතින් උපසිරැසකරුවන් ඔබට හැකි…

අන්තර්ජාල සිංහල උපසිරසකරණයේ මහ ගෙදර තමුන්ගේ 9 වැනි උපන් දිනය සමරන මොහොතේ මේ අපේ සුදානම ඔබ වෙත එක පොකුරට විශිෂ්ඨ ටෙලි කතා මාලාවගේ අරගෙන එන්නයි. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ හැම දෙයක්ම කෙනෙකුගේ සිහිනයක් පමණයි, මේ සියල්ල සැබෑ වෙන්නේ මෙවැනි වෙබ් අඩවියක් අපි අතෙරේ තියන නිසා ඉතින් උපසිරැසකරුවන් ඔබට හැකි අයුරෙන් දිරි ගන්වන්න, විශේෂයෙන්ම අද අපේ අඩවිය එකක් දවසම රැදී හිටියොත් ඔබට එක එක විදිහේ නිර්මාණ දැකගන්න ලැබේවි, කෙටියෙන් කියනවා නම් ඔබ කොයි කාටත් මොනවම හරි දෙයක් අද අපෙන් ලැබෙයි….
බොහොම දෙනෙකුගෙන් ඔබට අවශ්‍ය මොන වගේ සුපිරි බලයක්ද කියලා ඇහුවොත් කියාවි, අමරණීයත්වය කියලා… ඒ අපි හැමෝම ජිවිතයට ආසා කරන නිසා, මේ හැම දෙයක්ම කරන්නේ ජිවත් වෙන්න ජීවිතය විදින්න නෙව, අතීතය, වර්තමානය හෝ අනාගතය කියල වෙනසක් වෙන්නේ නැහැ ඒ කාරණයට ආවහම මිනිස්සු… අපි මිනිස්සු මරන්න අලුත් ක්‍රම හොයාගන්නවා වගේම ජිවිත බේරා ගන්නත් හැමදාම තාක්ෂණයත් එකක් අලුත් අලුත් දේ හොයා ගන්නට වෙහෙසෙනවා…. අද ලෝකයේ සිදුවෙන සැත්කම්, ස්වභාවිකව දරුවන් හදාවඩා ගත නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඇති වෙනත් පිළියම්, වගේ දේවල් ඇහුවම මම හිතන්නේ නැහැ අපි අද මේ ගෙන්න හදන අනාගතය වැඩි දුරක තියේවි කියලා, මේ මුළු අනාගතයම මෙහෙම නම් වෙන්න එපා, එහෙම වෙන එකකුත් නැහැ නමුත් ඒ තීරණය ඔබට භාරයි එහෙනම්…
මේකත් කලින් එව්ව කරා වගේම කණ්ඩායම ක්‍රියාවක්.ඇත්තටම මේක ආපු කාලෙම වගේ කරන්න හිතාගෙන හිටියත් යම් යම් වැඩ නිසා මේක කරන්න උනේ නැහැ. පස්සෙ සමීර කරුණාරත්න අයිය තමයි කරමුනෙ කියල පෙළඹෙව්වෙ. කරන්න ගත්තට එච්චර ලේසි උනෙත් නැහැ. ඒ කොහොමහරි හැමෝම වගේ දැනටම නම අදුරගන්න ඇතියි කියල හිතෙනවා.
මේකත් Netflix ලාගෙ වැඩක්. The Punisher, Defenders, The Dark, Jessica Jones ආදී බොහොමක් කතාමලාවන් නිකුත් කරපු ආයතනයෙ වැඩක්.IMDb අගය 8.4 වගේම Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය 67% අරගැනීමට සමත් වෙලා තියෙන කතාමලාවක්. මෙය අයිති වෙන්නෙ Sci-Fi, Thriller, Drama යන කාණ්ඩයටයි හැබැයි ක්‍රියාදාම කොටසත් යස අගේට එක්කාසු කරගෙන තියනවා. පෙබරවාරි මාසේ 2 වෙනිදා සියලුම කොටස් 10 ය නිකුත් වූවා. ඇත්තටම අපි මේක Netflix ලා හිතුවට වඩා ගොඩක් ජනප්‍රිය සිරීස් එකක් උනා. සතියක් ඇතුළත මෙය මිලියන 2.5 ජනතාවක් බලල තියෙනව.ඇත්තටම එය Netflix ලා නොහිතපු විදියෙ ප්‍රේක්ෂක විව්ස් ප්‍රමාණයක්. ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Joel Kinnaman, James Purefoy, Martha Higareda, Chris Connor, Dichen Lachman, Ato Essandoh. Kristin Lehman යන නළු කැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මෙම කතාමාලාව අනාගතය පෘතුවිය හා සම්බන්ධ එකක්. ඒ කිව්වෙ 2384 දී සිද්ධ වෙන දේවල්. Blade Runner 2049 බලල තියෙන කෙනෙක් නම් ඒ ගැන දන්නවා ඇතිනෙ.මං කිව්වෙ අනාගතය ලෝකයේදී පෘතුවිය යාන වාහන ඇතැම් තාක්ෂණණික උපකරණ වගේ දේවක් අන්න එවැනි අනාගත ලෝකයක් වගේ තමයි මේකයි. හැබැයි බෙහෙවින් වෙනස්.අනාගතයේදී පුත්ගලයෙකුගෙ මතකයන් එහෙමත් නැත්තම් විඥ්ඥානය “Cortical Stack” නැමති උපකරණයට ගබඩා කළ හැකිය. ඉතින් මෙම උපකරණයට කිසියම් හානියක් සිදු උනොත් ඔහු සදහටම මැරුණා වෙනවා.හැබැයි එහෙම නොවුනොත් එය වෙන කෙනෙකුගෙ ශරීරයකට සම්බන්ධ කිරීමට හැකියි.ටකාෂි කෝවැක් නමැති භටයා මීට අවුරුදු 350 කට පෙර ත්‍රස්තවාදීන්ට උදව් කිරීම වැනි චෝදනාවක් මත මොහුගෙ සිරුර විනාශ කළ ඔහුගෙ බාහික කැටිය අවුරුදු ගාණක් ගබඩා කර තබනවා. ඉතින් මොවුව නැවත අවුරුදු 350 කට පසුව වෙනත් කෙනෙකුගෙ සිරුරක් මත ශරීර ගත කරනවා.ඒවගේම කියන්න ඕන මොහු හුගක් විශේෂ හැකියාවක් පවතින සොල්දාවෙක් වගේ කෙනෙක්.ඉතින් මොහුගෙ උදව්ව අරගන්නෙ ඉහළ පෙළපතට සිටින ලෝරන්ස් බැංක්‍රොෆ්ට් නැමති පුත්ගලයෙක් මගින්. ඒත් මොකටද ත්‍රස්තවාදීන්ට උදව් කරපු කෙනෙක්ව වැඩකට අරගන්නෙ? නැහැ. ඔහු ත්‍රස්තවාදීන්ට උදව් කරපු කෙනෙක් නෙමේ.ඔහුට එවැනි දේකට පටලවනවා.ඒවගේම තමයි මොහිට සුවිශේෂ හැකියාවක් පවතින කෙනෙක් සහ ඔහු කලින් U.N එකට සේවය කරපු භටයෙක්.ඉතින් බැංක්‍රොෆ්ට්ට මොවුගෙන් අවශ්‍ය වෙන්නෙ ඔහුව ඝාතනය කරපු පුත්ගලයාව අල්ලගන්න එකයි. ඉතින් මොහු ටකාෂිට පූර්ණ නිදහස සහ සල්ලි ලබාදෙනවා කියන ගණුදෙනුවක් මගින් ඒ අභිරහස විසදන්න කියනවා. ඉතින් අපි බලමුකො මොහු එය විසදන්නෙ කොහොමද කියල.
විශේෂයෙන්ම කියන්න ඕන කරන දෙයක් තියෙනව.ඒ තමයි මෙහි ඇති යම් වචන කිහිපයක් ගැන.ඒවා ඇත්තටම Sci-Fi වචන කිහිපයක් මෙම කතාවටම ආවේණික වෙච්ච. ඉතින් ඒවායෙ තේරුම් සමග මම මෙතන දාන්න මොකද නැවතිල හරි ලිපිය කියවල යන උදවිය වෙනුවෙන්. ලිපිය නොකියවන අය වෙනුවෙන් සබ් එක බලන් යනකොට එම වචන වල තේරුම් යටින් වැටෙයි. ඉතින් ලිපිය කියවන අමතක කරන්න එපා මේ ටික දැනගෙනම කතාව බලන්න.ඒවා තමයි,
- Sleeve = මේකට කියන්නෙ අර කලින් කියපු “Cortical Stack” එහෙමත් නැත්තම් “බාහික කැටිය” උපකරණය සම්බන්ධ කරන මිනිසුන් හටයි.
- Aerium = අහසේ ජීවත් වෙන මිනිස්සු.තවත් විදියකින් කිව්වොත් ගොඩක් පොහොතක් මිනිස්සු(මෙත් කියල කියන අය) ජීවත් වෙන ස්ථානයටයි.
- Bay City = උතුරු ඇමරිකාවේ ඇති අති විශාල නගරයක්.ඒවගේම තමයි එය මිනිස්සු මිලියන දහයකගෙ වාසස්ථානයක් වෙනවා.තව ඊට කලින් ඒකට පවසන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නමින් ය.
- Combat Sleeve = මෙයාලත් අර උඩ සදහන් කර වගේ ශරීර ගත් කරන මිනිස්සුන්මයි.හැබැයි මොවුන්ව විශේෂයෙන්ම සාදල තියෙන්නෙ සටන් වලට.
- Digital Human Freight (D.H.F.) = මෙය මනුශ්‍ය විඥ්ඥානයට කියන තවත් වචනයක්.
- Reaper = මෙය එක්තරා මත්ද්‍රව්‍යයක්.මෙමගින් මිනිස්සුන්ගෙ හැගීම් වගේම උෂ්ණත්වය අඩු කරගැනීමට හැකිය.ඒවගේම මෙය ඉහළ ප්‍රමාණයක් ලබාගතහොත් එම මිනිස්සු මිනීමරණ යන්ත්‍ර වලට පවා හැරෙන්න පුලුවන්.
- Rawling’s Virus = මෙය ඉහළ සදහන් කරපු “Cortical Stack” එහෙමත් නැත්තම් “බාහික කැටියට” හැදෙන වයිරසයක්.
- Real Death = “බාහික කැටියෙ” විනාශ වීම,ඒ කියන්නෙ මේ කෙනාව නැවත ශරීර ගත කිරීමට නොහැකියි. මැරුණොත් මැරුණම තමයි.ඒ නිසාමයි D.H.F උපස්ථ(Back-Up) ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ.කෙනෙකුගෙ “බාහික කැටිය” විනාශ උනත්,ඔවුන් ළග එම අයගෙ විඥ්ඥානයෙ පිටපත් තිබෙනවා.
- Envoys = මෙයාල සුපර්හියුමන් සොල්දාදුවන් වගේ කට්ටියක්.ඉතින් මෙයාලට කතාමලාවේදී මම යොදා ඇත්තෙ “භටයින්” කියන නමක්. ඒවගේම තමයි මෙයාල U.N. ආරක්ෂිත රාජ්‍යට වැඩ කරන අය.
- Simulspace = මෙය අතාත්වික යතාර්ථයක්. ඒවගේම තමයි මෙය සත්‍ය ජීවිතෙයෙන් වෙන් කොට හදුනාගත නොහැකියි.
- Spin Up = මේකත් ශරීර ගත කිරීම වගේම දෙයක් තමයි.හැබැයි මෙය තාවකාලිකව. ඒ කියන්නෙ යම් කිසි පුත්ගලයෙක් කෙනෙක්ව ඝාතනය කරොත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සදහා තාවකාලික ශරීර ගත කරන එහෙකටයි.
- Synthetic Sleeves = මෙය පරීක්ෂණාගාරයෙදී ගොඩනගන සිලිකන් ශරීර වගයක්. ඒවගේම මේවා සුපර්හියුමන් හැකියාවන් වලට වෙනස් විය හැකිය.
- Sleeve Sick = “බාහික කැටිය” අලුත් සිරුරකට ඇතුළු කිරීමෙන් පසුව ටික වෙලාවක ඇතිවෙන මංමුළා වෙන ගතියක්.හරියට අපිට අසනීපෙන් වෙනව වගේ.
- Sleeve Death = මේකෙදි කියවෙන්නෙ ඔය “බාහික කැටිය” ඇතුළත් කරන ශරීරය බාවිතා නොකරන තත්ත්වයකට විනාශ වීමයි.
- Broadcast Blocker = භෞතික ලෝකය අන්තර්ජාලය ලෙස සිතුවොත්, ඔබේ දැක්මට බාදා කරමින් අපැහැදිලි වෙළද දැන්වීම් නිරන්තරයෙන්ම හැම තැනකම ප්‍රදර්ශන වෙනවා. “Cortical Stack” එක පිටුපසට විකාශන බාධකයක් සවිකරාම,මේ පිස්සුවෙන් වෙන්කර තබාගන්නවා.
- Double Sleeving = මේකෙදී කියවෙන්නෙ එක විඥ්ඥානයක් ශරීර කිහිපයකට ගබඩා කිරීමක් ගැනයි.ඒ කියන්නෙ එක විඥ්ඥානයක පිටපත් කිහිපයක් ගෙන එය ශරීර කිහිපයකට උඩුගත කිරීමක්.
- Head in the Clouds = ගණිකා මඩුවක් වැනි ස්ථානයක්.
- Methusalah (Meth) = ගොඩක්ම පොහොසත් තැනැත්තාට කියන වචනයක්. මෙත්ලට පුලුවන් අත්ත්‍ය යතාර්ථ අමරණීයත්වයක් ළගා කර ගන්න ඔවුන්ගේ සිරුරු වල ක්ලෝන නිර්මාණය කිරීමට හැකියව ඇති වගේම D.H.F පිටපත් කිරීමට.
- Needle Cast = විශ්වය හරහා එක් සිරුරකින් තවත් සිරුරකට වේගවත් ඩිජිටල් මිනිස් පරිවහනය කිරීමේ ක්‍රියාවලියකට තමයි මෙම වචනයක් පාවිච්චි කරන්නෙ.
- Al Hotel = මෙය එක්තරා ආකාරයක හෝටලයක්.මෙය සාදා තිබෙන්නෙ 19 සතවර්ෂයේ මන්දිරයක් හැටියට පේන්න වගේ.නමුත් එය ආක්‍රමණශීලී ස්ථානයක්.ඒ කිව්වෙ කෝකටත් කියල අවි-ආයුධ ගබඩා කරල තියෙන්නෙ.හැබැයි මේක හුගක් චාම් ස්ථානයක්.
- Contagion Bomb = මෙය එක්තරා යුධමය අවස්ථ වලදී මහමාරියා වැනි ලෙඩක් වේගයෙන් පැතිරවීම සදහා පාවිච්චි කරපු දෙයක්.ඕල්ඩ් බේ සිටි කියන ස්ථානයෙ තවමත් මොවුන්ගෙන් පැවතගෙන එන අය සිටිනවා.ඒවගේම තාමත් එම ප්‍රදේශය නිරෝධානයි.
- Cortical Stack = මෙයට තමයි තමන්ගෙ විඥ්ඥානය පවතින්නෙ.මෙය ඉතා කුඩා උපකරණයක් තමන්ගෙ සුෂුම්නාවේ සම්බන්ධ කරන.ඒවගේම මෙය පිටසකවල ශිෂ්ටාචාරයයේදී දාල ගියපු ලෝහයකින් තමයි හදන්නෙ.
- Dipper = “බාහික කැටිය” මගින් පෞද්ගලික තොරතුරු ලබාගන්නා හැක් කරන උදවියට කියන නාමයක්.
- On Ice = D.H.F ගබඩාවට කියන නමයි. සමහරවෙලාවට දඩුවමක් හැටියට D.H.F එක අවුරුදු සිය ගාණක් මෙම ගබඩාවේ තියනව. ටකාෂි හටත් සිදු වෙන්නෙ මේ දේමයි.
- D.H.F. Backup = තමන්ගෙ විඤ්ඤාණ හෝ D.H.F වල පිටපත් (D.H.F Backup) තියාගන්න පුළුවන්කමක් තියෙන්නෙ ධනවත්ම පුද්ගලයින්ට (Meths)විතරයි. D.H.F Backup ගබඩා කරල තියෙන්නෙ cortical stacks ඇතුළෙ. සෑම මිනිත්තු කීපයකටම වතාවක් සැටලයිට් හරහා අලුත් මතකයන් D.H.F Backup වලට ස්ම්ප්‍රේෂණය වෙනවා. මේ නිසා ඔවුන්ගේ cortical stacks විනාශ වුණත් ගැටළුවක් නැහැ මොකද තව Backup එකක් තියන නිසා.
- Grounder = Grounder කියන්නෙ බේ නගරයේ ජිවත් වෙන පුද්ගලයින්ට. මේ අය ගොඩක් ධනවත් කට්ටිය නෙවෙයි. ඒ වගෙම එයාලට වළකුළුවලට එහායින් තියන ගොඩනැගිලි වල ජීවත්වෙන්න හැකියාවක් නැහැ.
- Neo-C = Neo-C කියන්නෙ මරණයින් මතු නැවත ජීවය ලබා නොදිය යුතුයි කියල විශ්වාස කරන කතෝලික ආගමික කණ්ඩායමක්. මේ ආගමික කණ්ඩායම Cortical stacksලාගේ දැක්ම හා අදහස් හෙළා දකිනවා, මොකද එයාල විශ්වාස කරන විදිහට අපිට ජීවත් වෙන්න තියෙන්නෙ එක ජීවිතයක් විතරයි.
- Neo-C Coding = Neo-C Coding පුද්ගලයෙක් Neo-C කණ්ඩායමේ කෙනෙක් බව හදුනාගත්තොත්,එයාගෙ D.H.F නැවත බාහික කැටියට ඇතුළත් නොකළ යුතුයි කියල ඇඟවෙන ආගමික කේතකරණයක් යටතේ වර්ග කරනවා. අන්න ඒකට තමයි Neo-C Coding කියන්නෙ.
- Personality Frag = බොහෝ වාර ගණනක් බාහික කැටිය හුවමාරු කිරීම පෞරුෂත්වයේ හා මානසික මට්ටමේ බිඳවැටීමකට හේතු වෙන්න පුළුවන්. ඒකට තමයි Personality Frag කියන්නෙ. මෙත්ලා එයාලගෙ D.H.F වල කොපියක් තියාගන්න Personality Frag එකත් හේතුවක්.
- Portable 3D Bio Printer = මේ ගැජමැටික් එකෙන් කරන්නෙ පුද්ගලයෙකුගේ ක්ලෝනයක් නිවැරදිව පිටපත් කරන එක.
- Proposition 653 = රජය විසින් තමන්ගේ මිනීමැරුම් නඩු වලට පෙනී හිටින්න වගෙම සාක්ෂි දීමට Neo-C Coding යටතේ වර්ගීකරණය වුණු මිනිස්සුන්ට අවසර ලබාදීම.
- Protectorate = Protectorate කියන්නෙ පෘථිවිය වගෙම පෘථිවිය පවතින සියළුම කොලනි පාලනය කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක ආයතනයක්.
- Psychasec = Psychasec කියන්නෙ නිරන්තරයෙන් Methsලට වාසිදායක අන්දමේ සියළුම තාක්ෂණික කටයුතු සිදුකරන බලවත් සමාගමක්. ක්ලෝන ආදිය නිර්මාණය කරන්නෙ මේ සමාගම මඟිනුයි.
- Psychosurgery = Psychosurgery කියන්නෙ මානසික හානිවීම් සිදුවුණු D.H.F අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියට.
- TAC = CTAC කියන්නෙ Colonial Tactical Assault Group එහෙම නැත්නම් උපාය මාර්ගික යටත්විජිත ප්‍රහාරක කණ්ඩායම හඳුන්වන කෙටි නමක්. CTAC බළකායෙන් කරන්නෙ කැරලි කෝළහල මැඩ පවත්වලා කොලනි වල පාලනය දිගටම පවත්වාගෙන යන එක.
අවසාන වශයෙන් පවසන්න තියෙන්නෙ මෙහි අතැම් දර්ශන හේතුවෙන් 18± එකක් කතාමලාවක් වෙනවා.ඔය Westworld, Game Of Throne, Strike Back වැනි කතාමාලා වගේ.එහෙනම් ඉතින් ඔබගේ වටිනා අදහසක් මට විතරක් නොව අනෙකුත් සියළුම කොටස් රැගෙන එන උපසිරැසකරුවන්ට ලබා දෙන්න.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
38 comments
ChithRaka
උදයංග සම්පත් හතරසිංහ
සබ් එකට ස්තුතියි මචං... බාගෙන තිබ්බෙ මේක දැං එක හුස්මට බලාගෙන යන්න පුළුවන්..
Kulanjana Maduranga
niayamai…ada dawase api wenuwen supiri gift 1k...supiri wadak....suupiri series 1k...supiri lipiyak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Helili Hemamali
බොහොම ස්තුතියි මල්ලි. නියම වැඩක්!
viraj harsha
Episodes okkoma tika download karagena sub Denakn maga balagena hitiye....thanks bro
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
dsdkavishka
Super bro thenks sub ekata
daypal
Thanks for subs.
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••බුදුසරණයි..ජය වේවා•••••••••GeethD
niayamai…thanks saho.
arrow 1ta sub dennako..,,sandeepa lakmal
yaluwane....me epi s tika direct download kragnna puluwn link ekk dennko
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....
නියම උපන්දින තෑග්ගක්....
අවුරුදු 10ට මීටත් වඩා සුපිරියට දෙමු.....Isaac
ගොඩක් ස්තූති අයියා... මේ series එකට sub එක ගේනකන් මග බලාගෙන හිටියේ...
Udara Damith Dissanayaka
ලිපියනම් නියමයි
මන් එක සේවු කරගත්තා
එක හෙන වටිනවා
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
Kaushan Herath
Sci fi නම් නොබලා කොහොමද.සබට තැන්ක්ස්.
Dilanfcb10
Best of luck...thanx for sub
Hiran Eranda
good luck
Kasun A.
sabata thuthi ravidu saho.jaya!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!nimanaka
thanks brother
sam fisherr
අපි baiscope වල කැමතිම එක තමා හැමදාම අලුත්ම කතා සම්පුර්නවම දිලා දානව නියමයි කට්ටිය සුපිරි වැඩක් ස්තුති හැමටග
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Godaak thanks aluth series 1ta.....!!!
Chokzi
Tnx very much......
NavinduTharaka
supiri
Nuwan_sri
Tnx ජයවේවා ...
Tharu
tnq
Batman
thx bn sub ekata
Nishan Chaturanga
Altered carbon season 2 complete sub ekama dannakoo please...
melinda
thank you
Hiran Eranda
thanks
Shaggie
Thnks mchn
Rumesh Asanka
thank you
Anonymous
ela
ලාල්
thank you very much!! All the best!
chamindu Kesara
season 2 එකත් ඕනේ ඔක්කොම plz
Jineth
ai machan meka download karanna denne natte .......... Download will not allowed for this file type kiyala watenawa
Advertisement


Elaz