අද බොහොම සතුටු දවසක්. ඔයාලා දැනටමත් දන්නවා ඒ ඇයි කියලා. සුවහසක් වූ බයිස්කෝප් සිංහලෙන් රසික කැළ මෙන්ම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් සියල්ල අද දිනයේ සතුටු වන්නේ වසර 9 ක් පුරාවට මේ ආ ගමන් මඟේ කොටස්කරුවන් වීම නිසාවෙන්මයි. අද දිනය ඔබ සැමට වෙනස්ම අත්දැකීමක් වෙනවා ඇති. ඒ අත්දැකීමේ සම්පත් දායකයෙක් වන්න…
අද බොහොම සතුටු දවසක්. ඔයාලා දැනටමත් දන්නවා ඒ ඇයි කියලා. සුවහසක් වූ බයිස්කෝප් සිංහලෙන් රසික කැළ මෙන්ම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් සියල්ල අද දිනයේ සතුටු වන්නේ වසර 9 ක් පුරාවට මේ ආ ගමන් මඟේ කොටස්කරුවන් වීම නිසාවෙන්මයි. අද දිනය ඔබ සැමට වෙනස්ම අත්දැකීමක් වෙනවා ඇති. ඒ අත්දැකීමේ සම්පත් දායකයෙක් වන්නට මටත් මේ විදියට අවස්ථාවක් ලැබුණා. සෑම සාර්ථක ගමනකම පිටුපස දුක් කම් කටොළු, කටෝර බාධක, කකුලෙන් ඇදීම්, පාවාදීම් සියල්ල සැඟව තිබෙනවා. ඒ නීරස අත්දැකීම් තමයි ශක්තිමත් ගමනකට පන්නරය වන්නේ. බයිස්කෝප් සිංහලෙන් අපටත් එසේමයි. අනෙකාගේ සතුට වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන ආදරණීය මිනිසුන් රැසක් හමුවූ, ඉදිරියටත් හමුවන තොටුපළක් තමයි මේ අපේ අඩවිය. ඉදින් එහෙනම් ඒ තොටුපළට එකතු වෙන ඔබ සැමගේ ශුභාශිංසන සමඟින් තවත් චිරාත් කාලයක් සිංහල වෙබ් අවකාශයේ ජය කෙහෙළි නංවන්නට බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියට ශක්තිය, ආශිර්වාදය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
පෘථිවය මත තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජීවි කොට්ඨාශ විසින් වර්ධනය කරගෙන ඇති පුදුමය දනවන උපක්‍රම, ලොවක් ඉදිරියේ හෙළිදරවු කළ BBC Life (2009) රූපවාහිනී වාර්තා වැඩසටහන් පෙළේ දෙවන කොටස දිගහැරෙන්නේ ඩයිනෝසරයන් මේ මිහිමත රජ කරන යුගයටත් ප්‍රථමයෙන් ලොව බිහි වූ උරගයින් සහ උභයජීවීන් වටා. ඩයිනෝසර යුගය නැවත මතක් කරවන ඉන්දුනීසියාවේ කොමොඩෝ මකරුන්, වෙනිසුයුලාවේ පැන පැන ගොස් දිවි බේරාගත නොහැකි නමුත් දෙනෙත් පුදුම කරවන අන්දමේ උපායශීලිත්වයකින් යුතු ගෙම්බන්, දිය මත දිව යන කටුස්සන්, ඇඟිලි තුඩකට ගත හැකි කිසි ලෙසකින්වත් ජලයේ ගිල්විය නොහැකි බ්‍රසීල අඟුටුමිටි හූනන්, සිරුරේ උණුසුම පාලනය කරනු වස් ශරීරයේ පැහැය වෙනස් කරගන්නා අරුම පුදුම කටුස්සන්, තම සිරුරේ උණුසුම වැඩි කරගනු වස් ගැහැණු වෙස් ගන්නා කැනේඩියානු ගාටර් සර්පයින්, කරපටි තලගොයින්ගේ බිත්තර සොරා කෑමට ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරන හොස්ස එසවුණු හොග්නෝස් සර්පයින්, මුළු ජීවිතයම මුහුදේ ගත කළත් අභිජනනය උදෙසා විලෝපිකයින්ගෙන් තොර ස්ථානයක් ඉතාම උපක්‍රමශීලිව සොයාගන්නා ක්‍රේට් මුහුදු සර්පයින්, තම ඉදිරි පරම්පරාව රැක ගැනීමට තනිව වෙහෙසෙන රෞද්‍ර අප්‍රිකානු යෝධ ගෙම්බන් වගේම ඩයිනෝසර යුගයේ අත්දැකීමක් ලබාදන කොමඩෝ මකරුන්ගේ හරක් දඩයම ඔබ සැම වෙනත්ම මානයකට ගෙන යනු නිසැකයි.
ඉතින් ආරාධනා කරනවා හැමෝටම අද දවසේ අප අඩවියේ සාමාජිකයින් විසින් ඔබට සිංහල උපසිරැසි සහිතව නැරඹීමට අවකාශය ලබා දෙන මේ අගනා වාර්තා වැඩසටහනේ සියලුම කතාංග නරඹන්න. ජිවිතයට වටිනා යමක් එක් කරගන්න. සුපුරුදු විදියටම අදහස් ප්‍රකාශ කරන්න. ඔබ සැමට ජයෙන් ජය..! අපි බයිස්කෝප් සිංහලෙන්.. හැමදාමත් ඔබ සමඟයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,756 downloadsDownload BBC-Life-2009-EP-02-1.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Yashoda-e1499756189160.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
13 comments
Helili Hemamali
viraj harsha
Thanks...happy birthday baiscopelk
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••••උදයංග සම්පත් හතරසිංහ
Good Job Bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
මේකේ සෙට් එක අනිවාර්යෙන්ම බලනවා
happy birth dayJL Fernando.
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි..
Nirosha Nirosha
Thanks
ar perera
thanks siyaluma sub vala ta.......samahara
login natuwa sub denna hadapu eka loku deyak thanks.........Pasindu
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල එල යශෝධ සහෝ. බොහොම ස්තූතියි.