Watch Trailer

Life (2009) [E07] Sinhala Subtitles | ජීවිතය : දඩයම් කරන්න එසේ නොමැතිනම් දඩයම් වන්න… [සිංහල උපසිරැසි සමග]

මේ ලෝකෙට බිහිවෙන ජීවි-අජීවී හැම දේකටම උපන්දිනයක් තියෙනව, හැබැයි ඒ දිනය මතක තියාගෙන ඉඳල සමරන්නේ මිනිස් ජීවින් විතරයි, 2009 මාර්තු 10 වෙනිදා මෙලොව එලිය දුටු ‘බයිස්කෝප් සිංහලෙන්’ නමැති සයිබර් ජීවියාගේ දැන් වයස අවුරුදු 9ක්. ඉතිං අද උදෑසන පළකරපු පොස්ට් එකෙන් දැනටමත් ඒ ගැන ඔයාල දන්නවනෙ. ඉතිං මෙතෙක් කල් අ…

මේ ලෝකෙට බිහිවෙන ජීවි-අජීවී හැම දේකටම උපන්දිනයක් තියෙනව, හැබැයි ඒ දිනය මතක තියාගෙන ඉඳල සමරන්නේ මිනිස් ජීවින් විතරයි, 2009 මාර්තු 10 වෙනිදා මෙලොව එලිය දුටු ‘බයිස්කෝප් සිංහලෙන්’ නමැති සයිබර් ජීවියාගේ දැන් වයස අවුරුදු 9ක්. ඉතිං අද උදෑසන පළකරපු පොස්ට් එකෙන් දැනටමත් ඒ ගැන ඔයාල දන්නවනෙ. ඉතිං මෙතෙක් කල් අප සමග රැඳී සිටිය ඔබ සියලුදෙනා සමග එක්ක තව පරම්පරා ගණනාවක් මෙම වෙබ් අඩවිය යෙහෙන් වැජඹේවායි පතමින් අරගෙන ආව උපන්දින තෑග්ග ලිහල බලමු. 

ජීවිතය, කියන්නේ සොභාදම් මාතාවගෙන් අපිට ලැබුණ තාග්‍යක්.කවදා කොහේදී කොහොම ඇතිවුනාද කියල කවුරුත් නොදන්නවා උනත් ජිවය කියන්නේ සොබාදම් මාතාව විසින් අපිට ලබාදුන්න තාග්‍යයක්. එය ඉදිරියට පවත්වාගෙන යන්න, අසීමාන්තිකව බෝවීම වලක්වන්න, ජීවයේ පැවැත්ම මිහිමත සමතුලිත කරන්න, ඇය එක් නියමයක් ක්‍රියාත්මක කළා. ඒ නියමය මේ ලෝකේ හැම තැනකටම හැම කෙනෙක්ටම පොදු දෙයක් බවට පත්කලා. “දඩයම් කරන්න එසේ නොමැතිනම් දඩයම් වන්න” ඒකට තමයි අපි කැලෑ නිතිය කියන්නේ. දඩයම් කරන්නා තමන්ගේ සාගින්න නිවාගන්න, ජිවය පවත්වාගෙන යන්න දඩයම් කරනකොට දඩයමට ලක්වෙන, ගොදුරු බවට පත්වෙන ජීවින්, තමන්ගේ ජීවිතය බේරගන්න උත්සහ කරනව. සරලවම කැලය, මුහුද, අහස, හැම තැනක ඇති ජිවිතවල වේගවත්ම අරගලය පවතින්නේ විලෝපිකයා සහ ගොදුර අතර. කලින් කිව්ව වගේ දෙපැත්තෙම අරගලය ජිවත් වෙන්න, ජිවත් වෙන්න නම් හැකියාවෙන්, උපායෙන් අනෙකා රවටන්න ඕන. හැමදාම එකම විදියට රවට්ටන්න බැහැ. ඒ උපක්‍රමයට හුරු උනාම අනිකා ඒ ගැන දැනගන්නව. ඉතිං හැමදාම එක එක ආකාරයට ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න වෙනව.

ඉතිං මේ කතාංගයෙදී පෙන්වන්නේ මිහිමත වෙසෙන ජීවින් දඩයම් කරන්න යොදාගන්න අසාමාන්‍ය අන්දමේ, විස්මිත දඩයම් උපක්‍රම ගැන වගේම දඩයක්කාරයින්ගෙන් විස්මිත ආකාරයට උපක්‍රම යොදාගෙන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න විධි ගැන. මේ කතාංගයෙන් ඒ හැම දේම පෙන්වනවා. ඒ දේවල් අතර පහත දැක්වෙන දේවල් තමයි තියෙන්නේ.

1. පලවෙනි කතාංගයෙ පෙන්වපු චීටා සහෝදරයෝ තුන්දෙනාගේ දඩයම් උපක්‍රම සවිස්තරාත්මකව..
2. උස් කඳු මුදුන්වල වෙසෙන සතියක් පමණ වයසැති අයිබෙක්ස් එළු පැටවුන් විලොපිකයින්ගෙන් බේරෙන ආකාරය…
3. බුල්ඩෝග් වවුලන් මසුන් දඩයම් කරන ආකාරය…
4. තරුණ ස්ටෝට් මුගටියන් තමන් වගේ දසගුණයක් පමණ විශාල හාවෙකු දඩයම් කරන ආකාරය…
5. දිගසුඹු ඩොල්ෆින්ලා ෆ්ලොරිඩා බොක්කේ මාළු අල්ලන්න පාවිච්චි කරන උපක්‍රමය…
6. දුඹුරු වලසුන් සැමන් මසුන් අල්ලන ආකාරය…
7.
අප්‍රිකානු මහද්වීපයේ වෙසෙන එකම වෘකයින් වර්ගය වෙන ඉතියෝපියානු වෘකයින් මුඩු බිම්වල  දඩයම් කරන ආකාරය…
8.
මේ ලෝකයේ අමුතුම නහය හිමි තරු-නාසැති-මෝල් සත්වයා නහය ආධාරයෙන් දඩයම් කරන ආකාරය..
9.
ඉන්දියාවේ වෙසෙන චිටාල් මුවන් විලොපිකයින්ගෙන් ජීවිතය බේරගන්න ආකාරය…
10.
කැලිෆෝනියානු බිම් ලේනෙක් රැට්ල්ස්නේක් කෙනෙක්ගෙන් තම දරු පවුල බේරගන්න කරන සටන…
11. මාරක තල්මසුන් අතරින් සිල් මසුන් දඩයම් කිරීමට ලෝකේ මුල් වරට මෙවැනි උපක්‍රමයක් යොදාගන්න මාරක තල්මෙසෙකු ගැන…

ඒ වගේම මේ දේවල් මේ විදිය රුගත කරන්න අවුරුදු පහ හය සමහර වෙලාවට ඊටත් වඩා වෙහෙස මහන්සි වෙන, තමන්ගේ ජීවිතය අනතුරේ හෙලාගෙන මේ දේවල් රුගත කරණ කණ්ඩායම ගැන කතාංගය අවසානයේදී පෙන්වනවා. ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒ අය ගැන යම් ඉර්ශ්‍යාවක් නිතැතින්ම හටගනිවී. :/ ඉතිං මේ දේවල් වගේම තව ඔබ අප නොදුටු ජීවයේ අපුර්වත්වයන් ඔබට සමීප කරන්න බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ලේ අපි අද දවස පුරාවටම බලා සිටිනවා. එසේ නම් මෙහි අටවැන්න තුලින් ගැඹුරු මුහුදේ ජීවින් ගැන විස්තර කරන්න ලෝගන් සොයුරා පැමිණෙනවා. සත්තුන්ගේ නම් ගම් හොයන්න උදව් කරපු හෙළිලි සොයුරියටත් ස්තුතිය පුදමින් ගීහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

 

” ඔබ කෙදිනකවත් නොපෙනෙන අනතුරකින් පැන නොදිවිය යුතුයි.
මන්දයත්, ඔබ දිව යන්නේ අනතුර වෙතට විය හැකියි. “

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

1,515 downloadsDownload Life-S01E07-Hunters-and-Hunted.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

1,515 downloadsDownload Subtitles23 KB

13 comments

  1. කෞශල්‍ය දුෂ්‍යාන්

    මං එක.සබට බොහොම තුති විමා අයියේ.සදා ජය. :)

  2. GD Dhanushka

    HAPPY BIRTHDAY & GOOD LUCK....

  3. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  4. Helili Hemamali

    බොහොම ස්තූතියි විමා!

  5. උදයංග සම්පත් හතරසිංහ

    Good Job Bro

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වැඩක්....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith Dissanayaka

    .......උපසිරැසියට.........
    ........ගොඩක් ............
    .............ස්තුතියි........

    ******HAPPY BIRTH DAY BAISCOPE***********
    මේ වගේ ඒවා බලනකොට හිතෙනවා මේවා කොහොම කැමරා කරලද කියලා

  9. JL Fernando.

    Thanks Bro.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Nirosha Nirosha

    Thanks

  12. tdsk

    බොහොම පින් මේ කරන සේවාවට...දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....

  13. Pasindu

    Thanks