ඔන්න එහෙනම් Altered Carbon හය වැනි කොටස අරගෙන එන්නයි මේ සූදානම… අද බයිස්කෝප් පවුලේ අපි හැමෝටම විශේෂ දවසක් වගෙම ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අද බයිස්කෝප් අපි අපේ 09 වැනි සංවත්සරය සමරන දවස. ඉතින් ඒ ගැනත් මතක් කරගෙනම අපි යමු කතාව පැත්තට, ඔයාල කලින් කොටසෙදි දකින්න ඇතිනෙ Bay City පොලි…

ඔන්න එහෙනම් Altered Carbon හය වැනි කොටස අරගෙන එන්නයි මේ සූදානම…
අද බයිස්කෝප් පවුලේ අපි හැමෝටම විශේෂ දවසක් වගෙම ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අද බයිස්කෝප් අපි අපේ 09 වැනි සංවත්සරය සමරන දවස.
ඉතින් ඒ ගැනත් මතක් කරගෙනම අපි යමු කතාව පැත්තට, ඔයාල කලින් කොටසෙදි දකින්න ඇතිනෙ Bay City පොලිසිය ඇතුළෙදි ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ ප්‍රහාරයෙන් අබූඩ්ට එයාගෙ ජීවිතේ නැතිවෙනවා. ඔර්ටේගටත් බරපතළ තුවාල සිද්දවෙනවා. පස්වෙනි කොටස අවසානයෙදි ඔයාල දකින්න ඇති තුවාලවෙලා ඉන්න ඔර්ටේගව ටකේෂි ඇවිත් අරන් යන විදිහ. ටකේෂි තුවාල වෙලා ඉන්න ඔර්ටේගව රෝහලකට ඇතුළත් කරනවා. ඔර්ටේගගේ Stack එකට හානියක් වෙලා නොතිබුණත් එයාගෙ Sleeveඑකට නම් දරුණු හානි සිද්දවෙලයි තියෙන්නෙ. පොලිසියට එල්ලවුණු ප්‍රහාරයට පොලිසියෙ ඇතුළෙ කෙනෙක් සම්බන්ධයි කියල ටකේෂි හොයාගන්නවා. ඒ වගෙම ඔර්ටේගයි ටකේෂියි එකතුවෙලා ඒ ප්‍රහාරයේ මහ මොළකාරයව හොයන්න පටන්ගන්නවා. මේ සිදුවීම ඒ විදිහට සිද්දවෙන අතරෙ ටකේෂි ලෝරන්ස් බැන්ක්‍රොෆ්ට්ගෙ මිනීමරුවව හොයන වැඩෙත් දිගටම කරගෙන යනවා. හෝඩුවාවන් කීපයකුත් එක්ක ටකේෂි මිනීමරුව කියල හිතන්න පුළුවන් කෙනෙක්වත් හොයාගන්නවා. ඒ වුණාට එතනදි වෙන්නෙ කවුරුවත් නොහිතන විදිහෙ සිද්දියක්. තමන්ගෙ සහෝදරය මැරුව පළිය අරගන්න ඩිමී සහෝදරයින්ගෙ දෙවෙනි සහෝදරයා ටකේෂි පස්සෙන් පන්නනවා. අන්තිමේදි ටකේෂිට ඩිමී සහෝදරයව මුණගැහෙනව. ඒත් එතනදි ටකේෂි වගෙම ඔර්ටේගටත් මුහුණ දෙන්න වෙන්නෙ නොහිතපු අකරතැබ්බයකට. කොහොමින් කොහොමහරි අන්තිමේදි ටකේෂිගෙයි ඔර්ටේගගෙයි ජීවිතේ බේරගන්න වෙන්නෙ ටකේෂිගෙ නංගිටයි. ඔයාල දන්නවනෙ මේ කතාමාලාවෙ ගොඩක් විශේෂිත වචන තියෙනව කියල. ඉතින් මම ඒ වචන වල තේරුම් පුළුවන් උපරිම විදිහට උපසිරසියට ඇතුළත් කරලයි තියෙන්නෙ. ඉතින් ඒ වචන වල අදහස් එකතුකරපු එකෙන් ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නැහැ කියල හිතනවා. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…
“A Pawn In The Army Of The Righteous,
Can Be More Powerful
Than A King Who Is Without Faith.”
– Mr.Leung AKA Ghostwalker
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
Kantha_DLA
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
…….උපසිරැසියට………
……..ගොඩක් …………
………….ස්තුතියි……..******HAPPY BIRTH DAY BAISCOPE***********
Udara Damith Dissanayaka
…….උපසිරැසියට………
……..ගොඩක් …………
………….ස්තුතියි……..******HAPPY BIRTH DAY BAISCOPE***********..............
Kasun A.
sabata thuthi isuru saho.jaya!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharu
tnq
Shaggie
Thnks mchn
Rumesh Asanka
thank you
Advertisement



උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!