Watch Trailer

Little Mom [E05] Sinhala Subtitles | අධිෂ්ඨානයෙන් ඉදිරියට.. [සිංහල උපසිරසි]

Little Mom [E05] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E05] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…

Little Mom (2021) Little Mom Sinhala Subtitles

2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..  

Little Mom Sinhala Subtitles

අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..

එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

Little Mom Sinhala Subtitles

එහෙනම් අපි Little Mom කතා මාලාවෙ හතරවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..

Little Mom Sinhala Subtitles

තුන්වෙනි කොටසෙන් ඔයාල දකින්න ඇතිනෙ බාස්කට්බෝල් තරගය අවසානයෙ නවුරයි යූඩයි හමුවෙනවා. එතනදි නවුරා එයාගෙ හිතේ තිබුන සෑහෙන දේවල් ටිකක් කදුළු ගොඩක් ඇහේ තියාගෙන යූද්ට කියනවා. මේක හරිම සංවේදී මොහතක් වුනා. මේ අතර දිගින් දිගටම නිවසේ රැදෙමින් පාඩම් වැඩකටයුතු වල නිරත වෙමින් සිටි නවුරා, දෙමව්පියන් සමග ඔවුන්ගේ අවන්හල වෙත යෑමට පිටත් වුන අවස්ථාවක ඔවුන්ගේ වාහනය අසලින් ගමන් කරන Cipta Bangsa පාසලේ බස් රථය තුල සිටින වීඩි දකිනවා නවුරා ඔවුන්ගේ බස් රථය අසල ඇති වාහනයක වාඩිවෙලා ඉන්නවා. මෙයින් කලබලයට පත්වන ඇය සෙලීන්ටයි කිකීටයි කීනන්ටයි මේ ගැන පවසනවා.

ඉතින් ඔවුන් සැලසුම් කරනවා නවුරා පස්සෙන් යන්න. නවුරා පස්සෙන් යන සෙලීන් සහ කීනන් අවසානයේ නතර වෙන්නෙ නවුරගෙ ගෙදර ඉදිරිපිට. මේ දෙන්නව දකින නවුරගෙ දෙළොව රත්වෙනවා. කොහොමින් කොහොමහරි දෙන්නව ෂේප් කරගන්න නවුරා කීනන්ගෙ ආරාධනය මත ඔවුන්ගේ බීච් පාටියට පැමිණීමට පොරොන්දු වෙනවා. මේ බීච් පාටියේදි නවුරට ඇබැද්දි කිහිපයකටම මුහුණ දෙන්න සිදුවුනා දකින්න ඇතිනෙ. අවසානයේදී නවුරගෙ බීම එකට මත්පැන් වර්ගයක් මිශ්‍ර කර පානය සදහා ලබා දෙන්න වීඩී සමත් වෙනවා. නවුරා මෙයින් මත්ව සිහිසුන් වනවා දකින්න ඇතිනෙ. මෙයින් කලබලයට පත්වන කීනන්, නවුරව රෝහල වෙත රැගෙන එනවා. නමුත් කීනන්ව රෝහලේ එළියෙන් නවතා නවුරා තමන් නිතර ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය රිස්මා වෙත ගමන් කරනවා.

නමුත් වෛද්‍ය රිස්මා දකින කීනන් නැන්දා යයි කියමින් ඇය අසලට පැමිනෙනවා. දවසේ දෙවන වරටත් නවුරට දෙලොව රත් වන්නෙ ඒ අවස්ථාවේදීයි. නවුරා මෙතෙක් කල් ප්‍රතිකාර ලබා ගත් නාරිවේද වෛද්‍ය රිස්මා යනු කීනන්ගේ නැන්දනියක් බව දැනගන්නේ ඒ අවස්ථාවේදියි. කෙසේ හෝ ප්‍රතිකාර ලබා පිටවී යාමට මත්තෙන් වෛද්‍ය රිස්මාව පොරොන්දු කරගන්නා ඇය, කීනන් හට කිසිවක් නොපවසන බව පවසනවා. මේ අතර රෝහලේදී නවුරා සහ යූඩා මුණ ගැසෙනවා.  ඒ අවස්ථාවේදී නවුරා යූඩාව පොරොන්දු කරගන්නවා ඇයගේ දෙමව්පියන් හමුවීමට නවුරාගේ නිවසට පැමිණෙන ලෙස. අවසානයේ නිවසට පැමිණෙන යූඩා නවුරාගේ පියාගෙන් දරුණු පහරවල් කිහිපයකට මුහුන දුන්නත් ප්‍රශ්නය විසදා ගැනීමට සමත්වනවා, ඒ තමන්ගේ මාමාව මුණගස්සවන පොරොන්දුව හා දෙමව්පියන් මුණගස්සන පොරොන්දුව මතයි.

යූඩා ගේ මාමා හමුවන නවුරාගේ දෙමව්පියන්ට, යූද්ගේ මාමා විසින් නවුරා සහ යූඩා විවාහ කරදෙමු යැයි පවසනවා. මෙයින් නවුරා සහ යූඩා යම් වික්ෂිප්ත භාවයකට පත්වනවා ඔබ දකින්න ඇති.. ඉතින් මේ සියල්ල අවසානයේ සැදෑ වරුවක නවුරා සහ යූඩා කතා කරමින් සිටින අතරතුර එතනට Cipta Bangsa සිසුන් පැමිනෙනවා. නවුරා සහ යූඩා එතනින් පැන යාමට උත්සහ කලත් එය ව්‍යාර්ථ වෙනවා. Cipta Bangsa සිසුන් සමග සතුටු සාමිච්චියේ යෙදමින් සිටින අතර කීනන් සහ යූඩා අතර යම් වාග් සංග්‍රාමයක් ඇතිවනවා ඒ අවස්ථාවේදී යූඩා ගෙ මුවින් ඔහු නවුරා සමග විවාහ වීමට සිටින බව ප්‍රකාශ වනවා.. එයත් සමග සිසුන් සියළු දෙනා යම් වික්ෂිප්ත භාවයකට පත්වන අතර හතරවන කොටස එයින්අ වසන් වනවා..

අද කොටසෙන්,

යූද් ගෙ කටින් පිටවූ එම වචන නිසා නවුරා දැඩි ලෙස කෝපගන්නා අයුරු හා ඔහුට බැනවැදෙන අයුරු ඔයාට අදකොටසෙන් බලාගන්න පුලුවන්.. මේ නිසා නැවතත් Cipta Bangsa සිසුන් විසින් යූඩා සහ නවුරාගෙ සම්බන්ධය පිලිබදව සැක සිතීමට පෙළඹෙනවා. ඔවුන් නවුරාට යම් අභියෝගයක් බාර දෙනවා. ඒ අභියෝගයෙන් ජයගෙන ඇයගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන ලෙස ඔවුන් පවසනවා. මේ අතර නවුරාගේ දිනපොත ඇය අතින් අස්ථාන ගත වනවා. එයින් ඇය තව තවත් මානසිකව දුර්වල භායට පත් වනවා.. මෙය කිනම් බලපෑමක් නවුරා කෙරෙහි එල්ල කරයිද? නවුරාට එල්ලවන අභියෝගය කුමක්ද ? ඇය එයින් ජය ලබයිද. ඉතින් මේ හැමදේටම උත්තර දැනගන්න පස්වෙනි කොටසත් බලන්නම වෙනවා.

එහෙනම් අපි හ‍යවෙනි කොටසෙන් නැවත හමුවෙමු.. එතෙක් ඔබට සුභ දවසක්…

Little Mom Sinhala Subtitles


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

499 downloadsDownload Little-Mom-E05-Sinhala-Subtitles.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Little Mom Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

Subtitles

499 downloadsDownload Subtitles45 KB

2 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.