Watch Trailer

Loki [S02 : E06] Sinhala Subtitles | ලෝකිට උරුම පරාජය පමණක්ද? [සිංහල උපසිරසි]

Loki [S02 : E06] Sinhala Subtitles එහෙනම් ඔන්න Loki දෙවෙනි කතා සමයේ අවසානයටත් ආවා. මේ අරගෙන එන්නේ අන්තිම එපිසෝඩ් එකේ හෙවත් 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේ වෙනකොට කතාව ටිකෙන් ටික උද්වේගකර වෙමින් ඇවිල්ලා දැන් උච්ඡතම අවස්ථාවට ළං වෙලයි තියෙන්නේ. සීසන් එකේ කූටප්‍රාප්තිය මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළ…

Loki  Sinhala Subtitles

Loki Sinhala Subtitles

එහෙනම් ඔන්න Loki දෙවෙනි කතා සමයේ අවසානයටත් ආවා. මේ අරගෙන එන්නේ අන්තිම එපිසෝඩ් එකේ හෙවත් 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. 

මේ වෙනකොට කතාව ටිකෙන් ටික උද්වේගකර වෙමින් ඇවිල්ලා දැන් උච්ඡතම අවස්ථාවට ළං වෙලයි තියෙන්නේ. සීසන් එකේ කූටප්‍රාප්තිය මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වෙයි. කලින් එපිසෝඩ් එක බලලා මේ එපිය බලන්න කට්ටිය සෑහෙන කුතුහලයකින් ඇත්තේ. ඒ නිසා අපි ඉක්මනට එපිසෝඩ් 5ක් පුරා වෙච්ච දේවල් මතක් කරගනිමු.

— SPOILER ALERT! —

මෙතෙක් ආ මඟ…

E01: “Ouroborus”

සීසන් එකට ආව පූර්ව ප්‍රචාරක පටයෙන්ම අපට තේරුම් ගියා මේ සීසන් එක ලෝකිගේ ටයිම්ස්ලිප් වෙන එක – ඒ කියන්නේ කාලය හරහා අතීතයට සහ අනාගතයට ගමන් කිරීම – ගැන ලොකු අවධානයක් යොමු කරාවි කියලා. ඉතින් ඒක අපට පළවෙනි එපිසෝඩ් එකේදීම බලාගන්න පුළුවන් වුණා. මේකට හේතුව සීසන් 1 එක අවසානයේදී සිල්වි, ‘ඉතිරිව හුන් ඔහුගේ’ ටෙම්පෑඩ් එක පාවිච්චි කරලා ලෝකිව වෙනත් ටයිම්ලයින් එකකට යැවීම කියල තමයි අනුමාන කරන්නේ.

මේක හරිගස්සගන්න තමයි මෝබියස් සහ ලෝකි Repairs and Advancements අංශයට යන්නේ. එතනදී තමයි මුළු සීසන් එකටම තීරණාත්මක චරිතයක් වෙන “O.B.”ව හෙවත් ඕරොබෝරස්ව හඳුන්වලා දෙන්නේ. එයාගේ උදව්වෙන් අන්තිමේදී ලෝකිගේ ටයිම්ස්ලිප් ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වෙනවා.

මේ අතරේ ඉතිරිව හුන් ඔහුගේ මරණය නිසා අතු බෙදෙන්න ගත්ත ටයිම්ලයින් එකේ ශාඛා temporal loom හෙවත් කාල වියනයට දරාගන්න බැරි මට්ටමකට එනවා. කලින් TVA එක නම් මේ අමතර අතු කප්පාදු කරල දාන්න තිබුණා, ඒත් TVA එකේ ප්‍රතිපත්ති වෙනස් වීමක් වෙනවා. ගොඩක් දෙනා තීරණය කරනවා තවදුරටත් ටයිම්ලයින් කප්පාදු කරන්නේ නෑ කියලා. ඒත් ඩොක්ස් සහ X-5 ඇතුළු සමහරු මේකට විරුද්ධයි. ඒ නිසා එපිය අවසානයේදී එයාලා TVA හි ආයුධ ගබඩාව හිස් කරගෙන සිල්විව අල්ලන්න යනවා.

E02: “Breaking Brad”

මේකෙදී අපට දකින්න ලැබුණා සිල්වි ඉන්න තැන බ්‍රැඩ්ගේ කටින් එළියට ගන්න මෝබියස් සහ ලෝකි දඟලපු දැඟලිල්ල. බ්‍රැඩ් කියන්නේ කලින් එපිසෝඩ් එකේදී සිල්විව හොයාගෙන ගියපු අයගෙන් එක්කෙනෙක්, ඒත් එයා සිල්විව අත්අඩංගුවට ගන්නේ නැතුව එයාට ටයිම්ලයින් එකේ නළුවෙක් විදියට ජීවිතයක් හදාගන්නවා. ඉතින් බ්‍රැඩ් දන්නවා සිල්වි ඉන්න තැන. අන්තිමේදි මේක එයාගෙ කටින් එළියට ගන්න ලෝකි සහ මෝබියස් සමත් වෙනවා.

සිල්වි මේ වෙනකොට branched timeline එකක එයාටම කියල ජීවිතයක් හදාගෙනයි තියෙන්නේ. ලෝකි ඉල්ලනවා එයාගෙන් එයත් එක්ක ආපහු TVA එකට එන්න කියලා. නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඩොක්ස්ගේ සැලසුම තියෙන්නේ අලුතෙන් හැදුණු ඔක්කොම ටයිම්ලයින් ටික කප්පාදු කරල දාන්න බව දැනගත්තාම එයාව නවත්තන්න ඈ ලෝකීලත් එක්ක එන්න එකඟ වෙනවා.

එයාලට පුළුවන් වෙනවා ඔක්කොම අතු ටික කප්පාදු කරන්න කලින් ඩොක්ස්ව නවත්තන්න, නමුත් ඒ වෙනකොටත් පරක්කු වැඩියි. ඩොක්ස් විසින් යවපු මිනිට්මෙන්ලා අතු රාශියක් කප්පාදු කරනවා. ඒ ටයිම්ලයින්වල ජීවත්වෙන මිනිස්සු ට්‍රිලියන ගාණකගේ ජීවිත අවසන් කරනවා.

මේ අතරේ TVA එක ඇතුළේ වැදගත් දේවල් දෙකක් සිද්ධ වෙනවා. 1) කේසිට දැනගන්න ලැබෙනවා මිස් මිනිට්ස් දැන් වැඩකරන්නේ රෙන්ස්ලේයර් එක්ක කියලා. ඒ කියන්නේ එයා හතුරගේ පැත්තේ. 2) කාල වියනය රෙපෙයාර් කරන්න O.B. ලෑස්ති වුණත් ඒකේ දොරවල් අරින්න පුළුවන් වෙන්නේ ඒක ඩිසයින් කරපු කෙනාට හෝ මිස් මිනිට්ස්ට විතරයි. ඉතින් දැන් ඉතිරිව හුන් ඔහුව හරි මිස් මිනිට්ස්ව හරි හොයාගෙන එන්න බැරි වුණොත්, TVA එකේ විනාශය නියතයි.

E03: “1893”

මේකෙදී සිද්ධ වෙන වැදගත්ම දේ තමයි ඉතිරිව හුන් ඔහුගේ වේරියන්ට් කෙනෙක් වන “වික්ටර් ටයිම්ලි”ව හඳුන්වා දීම. එපිසෝඩ් එකේ සිදුවීම් සිද්ධවෙන්නේ 1893 කියන අවුරුද්දේ. අපි දකිනවා “ඉතිරිව හුන් ඔහු”, තමන් මැරුණොත් ක්‍රියාත්මක කරන්න කියලා මිස් මිනිට්ස්ට කියපු සැලැස්ම, ඇය හා රෙන්ස්ලේයර් එකතුවෙලා ක්‍රියාත්මක කරනවා.

රෙන්ස්ලේයර්ගේ ටෙම්පෑඩ් එකෙන් ලැබුණ හිට් එකක් අනුව ලෝකි සහ මෝබියසුත් 1893 අවුරුද්දට එනවා. එයාලට වික්ටර් ටයිම්ලිව සහ රෙන්ස්ලේයර්ව මුණගැහෙනවා. එයාලට තේරුම් යනවා වික්ටර් ටයිම්ලි කියන්නේ ඉතිරිව හුන් ඔහුගේ වේරියන්ට් කෙනෙක් නිසා, එයාගෙ ටෙම්පෝරල් ඕරා එක ස්කෑන් කරලා කාලවියනයේ දොරවල් ඇරගන්න පුළුවන් වෙන බව. ඉතින් දෙගොල්ලොම උත්සහ කරන්නේ වික්ටර්ව තමන්ගේ පැත්තට නම්මගන්නයි.

සිල්විත් ලෝකිලාගෙ පස්සෙන් ඇවිත් ටයිම්ලිව මරන්න හැදුව විදිය මතක ඇති නේ. ඒත් අන්තිමට එයාට ඒක කරන්න හිත දෙන්නේ නෑ. ලෝකිට සහ මෝබියස්ට පුළුවන් වෙනවා වික්ටර්ව ආපහු TVA එකට එක්කගෙන යන්න. සිල්වි, රෙන්ස්ලේයර්ව ‘ඉතිරිව හුන් ඔහුගේ’ වාසභවන වූ ‘The Citadel at the End of Time’ වෙත යවනවා. එතනදී මිස් මිනිට්ස් හෙළිකරනවා රෙන්ස්ලේයර් සහ ඉතිරිව හුන් ඔහු ගැන ලොකු රහසක් එයා දන්න බව…

E04: “Heart of the TVA”

එපිසෝඩ් එක මුලදිම අපට දැනගන්න ලැබෙනවා මිස් මිනිට්ස් කිව්ව ‘රහස’ මොකක්ද කියලා. ඒක තමයි, මල්ටිවර්ස් යුද්ධයේදී රෙන්ස්ලේයර් සහ ඉතිරිව හුන් ඔහු එකට වැඩ කරලා තියෙන බව. රෙන්ස්ලේයර් තමයි ඉතිරිව හුන් ඔහුගේ හමුදාවන් පාලනය කරලා එයාලට ජයග්‍රහණය අත් කර දීල තියෙන්නේ. ඊට ප්‍රතිඋපකාර වශයෙන් ඉතිරිව හුන් ඔහු කළේ රෙන්ස්‍ලේයර්ගේ මතකය අයින් කරලා එයාව TVA එකේ නිලධාරියෙක් කරපු එකයි.

මේවා වෙන අතරේ ලෝකි, මෝබියස්, B-15, O.B. සහ කේසි ගේ උත්සාහය කාල වියනයේ වළලු, අලුත් ශාඛා ටික දරාගන්න පුළුවන් තරමට විශාල කරන්නයි. ඒත් ඒක කරන්න නම් එයාල වික්ටර් ටයිම්ලි හදපු තෲපුට් මල්ටිප්ලයර් කියන උපකරණය, එයාල ළඟ තියෙන ටෙම්පෝරල් ඕරා එක්ස්ට්‍රෑක්ටර් කියන උපකරණයට සම්බන්ධ කරන්න විදියක් හොයාගන්න වෙනවා. O.B., ටයිම්ලි සහ කේසි ඒක කරන අතරේ, රෙන්ස්ලේයර් සහ මිස් මිනිට්ස් ඇවිත් TVA එකේ පාලනය එයාල අතට අරගෙන ටයිම්ලිව පැහැරගන්නවා.

සිල්වි සහ ලෝකි එකතුවෙලා ටයිම්ලිව බේරගන්නවා. රෙන්ස්ලේයර්ව කප්පාදු කරලා දානවා වගේම O.B.ට පුළුවන් වෙනවා TVA එකේ පද්ධතිය සම්පූර්ණයෙන්ම රීබූට් කරලා මිස් මිනිට්ස්වත් අයින් කරලා දාන්න. දැන් එයාලට පුළුවන් කාලවියනය හදන්න.

කාලවියනය හදන උපකරණය අරන් එතනට යන්නේ කවුද කියල වාද කරනකොට ලෝකි ඉදිරිපත් වෙනවා එයා ඒක කරන්නම් කියලා. නමුත් ටයිම්ලි කියනවා ඒක එයා කළ යුතුයි කියලා. එයා නිර්භීතව ඉදිරිපත් වෙලා කාලවියනය අලුත්වැඩියා කරලා මුළු TVA එකම සහ මල්ටිවර්ඩ්ස් එකම බේරගන්න කියලා හිතාගෙන දොරටු අතරින් එළියට යනකොටම… කාලවිකිරණ නිසා එයා ස්පැගටි වෙලා යනවා. ඒවගේම කාලවියනයත් පුපුරලා යනවා. ලෝකිට, මෝබියස්ට, සිල්විට, O.B.ට, කේසිට සහ B-15ට පුළුවන් තමන්ගේ මරණය තමන් දිහාට එන විදිය බලාගෙන ඉන්න එක විතරයි.

E05: “Science Fiction”

පස්වෙනි එපිසෝඩ් එක නම් ලේසියෙන් අමතක වෙන එපිසෝඩ් එකක් නෙමෙයි. තනිකරම Infinity War වයිබ්ස් දැනෙන එපිසෝඩ් එකක් තමයි මේක.

අපට පේනවා කාල වියනය පුපුරලා ගියාට පස්සේ TVA එක failsafe mode එකකට ගිහින් කියලා. මුළු TVA එකේම ඉතිරිවෙලා ඉන්නේ ලෝකි විතරයි. එයත් එක්ක හිටපු අනිත් අයගේ ලකුණක්වත් නැහැ. TVA එකත් ස්පැගටි වෙලා යනකොට ලෝකිගේ ටයිම්ස්ලිප් වීම ආපහු පටන් අරන් ලෝකිව බේරගන්නවා.

මේ ටයිම්ස්ලිප් වීමේ තියෙන විශේෂත්වය තමයි දැන් එයාට කාලය හරහා වගේම අවකාශය හරහාත් ටයිම්ස්ලිප් වෙන්න පුළුවන් වීම. පළවෙනි එපිසෝඩ් එකේදි එයාට පුළුවන් වුණේ එකම තැනක අතීතයට සහ අනාගතයට යන එක. නමුත් දැන් එයාට ටයිම්ලයින් එකෙන් ටයිම්ලයින් එකට මාරු වෙනන් වගේම ඒ ඕනම තැනක අතීතයට හෝ අනාගතයට යන්නත් පුළුවන්. සරලව කියනවා නම් ලෝකි කියන්නේ පණපිටින් ඉන්න ටෙම්පෑඩ් එකක් තමයි. වෙනසකට තියෙන්නේ එයාට තමන්ගේ ගමනාන්තය පාලනය කරගන්න බැරි එකයි.

ලෝකිගේ ටයිම්ස්ලිප් වීම හරහා අපට දැකගන්න ලැබෙනවා එයාගේ යාළුවො හැමෝම ආපහු එයාලගේ ටයිම්ලයින් ජීවිතවලට ගිහින් කියලා. ඒ කියන්නේ TVA එක විසින් එයාලව පැහැරගෙන එයාලව TVA එකේ නිලධාරීන් කරන්න කලින් එයාලා ගත කරපු ජීවිතේට. ඉතින් මෙතනින් ප්‍රශ්නය කීපයක් මතු වෙනවා. ඇයි අනිත් අයට එහෙම වෙලා ලෝකිට එහෙම නොවුණෙ? ඇයි ලෝකිගෙ ටයිම්ස්ලිප් වීම ආපහු පටන් ගත්තේ? ලෝකිගේ ටයිම්ස්ලිප් වීමට හේතුව මොකක්ද? වගේ ප්‍රශ්න.

TVA එකට ගන්න කලින් B-15 කියන්නේ වෛද්‍යවරියක්. මෝබියස් කියන්නේ ජෙට්-ස්කීවලට ඇලුම් කරන ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. කේසි කියන්නේ හිරකාරයෙක්. O.B. කියන්නේ විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වගේම සිද්ධාන්තමය භෞතික විද්‍යාඥයෙක් (theoretical physicist). එයාලට TVA එක ගැන අමතකයි. හැබැයි O.B.ට නම් ලෝකිගේ මේ කතාව විශ්වාස කරන්න අමාරු වෙන්නේ නෑ. එයා කියනවා එයා ලියපු පොතකත් මේ වගේ කතාවක් තියෙනවා කියලා.

O.B. ලෝකිට කියනවා එයාගේ ටයිම්ස්ලිප් වීම අහම්බෙන් වෙන දෙයක් නෙමෙයි කියලා. උදාහරණයක් විදියට, ඒක එයාව අරන් ගියේ එයාගේ යාළුවෝ හිටපු ටයිම්ලයින්වලට විතරයි. ඒ කියන්නේ ලෝකිට ඒක පාලනය කරන්න පුළුවන් කියන එකයි. ඒත් ලෝකි කොච්චර උත්සාහ කළත්, ඒක සාර්ථක වෙන්නේ නෑ.

එයාලා කතා කරනවා TVA එක බේරගන්න පුළුවන් විදියක් ගැන. ලෝකිගේ අදහස තියෙන්නේ TVA එක විනාශ වෙන්න කලින් මොහොතට යන්නයි. O.B. කියනවා කාලවියනය පුපුරන වෙලාවේ එතන හිටිය අයගේ ටෙම්පෝරල් ඕරා එකතු වෙලා ඒ මොහොතට විතරක් අනන්‍ය වෙච්ච ටෙම්පෝරල් ඕරා එකක් තියෙන්න පුළුවන් කියලා. සරලව කියනවා නම්, TVA එක විනාස වෙච්ච මොහොතෙදී එතන හිටපු අය ආපහු එක තැනකට ගත්තොත්, එයාලට කාල වියනය විනාස වෙන මොහොතට යන්න පුළුවන්.

ලෝකි O.B.ට එයා ළඟ තිබුණු TVA මාර්ගෝපදේශකය දෙනවා. ඒකේ දත්ත පාවිච්චි කරලා ඕබීට පුළුවන් වෙනවා ටෙම්පෑඩ් එකක සරල අනුරුවක් හදන්න. එයාලා ඒකෙන් ගිහින් කට්ටිය එකතු කරගන්නවා. අන්තිමට එකතු කරගන්න ඉන්නේ සිල්වි විතරයි.

එයා තමයි එකතු කරගන්න අමාරුම කෙනා වෙන්නේ. එයත් එක්ක ලෝකි කරන කතාවෙදී ලෝකි එළි කරනවා එයාට මේක කරන්න ඕන හේතුව. ඒ මල්ටිවර්ස් එක බේරගන්නවත්, ඉතිරිව හුන් ඔහුගේ වේරියන්ට්ලා එන එක නවත්තන්නවත් විතරක් නෙමෙයි. එයා මේක කරන්නේ එයාගේ යාළුවන්ව ආපහු ගන්න. අන්න ඒ ලයින් කෙනෙක්ම ලෝකිගේ චරිත සංවර්ධනය කොච්චර ප්‍රබලද කියන එක පැහැදිලියි නේ.

සිල්වි ලෝකිට තේරුම් කරවනවා ලෝකිගේ අරමුණ ආත්මාර්ථකාමියි, එයාලට තමන්ගේ පාඩුවේ තමන්ගේ ටයිම්ලයින් එකට වෙලා තමන්ගේ ජීවිත ගතකරගෙන ඉන්න දෙන්න කියලා. ඉතින් ලෝකි ආපහු ගිහින් එයාලට තමන්ගේ ටයිම්ලයින්වලට යන්න කියනවා.

එතනදී තමයි එපිසෝඩ් එක වෙනස්ම අතකට කැරකෙන්නේ. සිල්විගේ මානය සම්පූර්ණයෙන්ම ස්පැගටි වෙලා යනවා. සිල්විට පුළුවන් වෙනව එයා ස්පැගටි වෙන්න කලින් ටෙම්පෑඩ් එකක් පාවිච්චි කරලා ලෝකි ඉන්න තැනට යාගන්න. ඒත් එයාලට මොනවත් කරන්න පුළුවන් වෙන්න කලින්, හැමදේම ස්පැගටි වෙන්න පටන් ගන්නවා. ලෝකි ආදරය කරන එයාගේ යාළුවෝ, මෝබියස්, සිල්වි, කේසි, O.B. සහ B-15 එකින් එකා ස්පැගටි වෙලා යනවා.

අන්න ඒ මොහොතේ ලෝකිට පුළුවන් වෙනවා එයාගේ ටයිම්ස්ලිප් වෙන එක පාලනය කරගන්න. දැන් එයාට පුළුවන් කැමති විදියට කාලය හා අවකාශය හරහා එයාට ඕන තැනකට යන්න. එයා TVA එක විනාශ වෙන මොහොතට යනවා. ඊට කලින් එයා කියනවා ඇඟේ හිරිගඩු පිපෙන වාක්‍යයක්.

“I can rewrite the story.”

“මට පුළුවන් කතාව අලුතෙන් ලියන්න.”

ඔන්න ඔතනින් තමයි එපිසෝඩ් එක අවසාන වෙන්නේ. දැන් ලෝකි මාවල්වල ඉන්න OP ම චරිත අතරින් එකක් කියන එක අවිවාදිතයි. ගොඩක් අය හිතනවා මේ තමයි මාවල් එක “God of Stories Loki”ව MCU එකට ගන්න විදිය කියල. කොහොම නමුත් එකක් නම් පැහැදිලියි, MCU එකේ අනාගතයට ලෝකි කියන්නේ නැතුවම බැරි චරිතයක් වේවි.

එහෙනම් ඒකත් අහවරයි. සීරිස් එක ඉවර වෙනකන් බලපු හැමෝටම ස්තුතියි. එහෙම නම්, අපි ආපහු Invincible S02 E02 තුළින් හමුවෙමු. පීස් ✌️.

“Do you think what makes a Loki a Loki is the fact that we are destined to lose?”

“ඔයා හිතනවද ලෝකි කෙනෙක්, ලෝකි කෙනෙක් වෙන්නේ, අපි හැම වතාවෙම පරාද වෙන්න නියම වෙලා තියෙන නිසා කියලා?”

– Sylvie [S01:E04]

 

Loki Sinhala Subtitles, Loki, Loki sinhala sub, 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

24,059 downloadsDownload Loki-S02-E06-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

24,059 downloadsDownload Subtitles23 KB

21 comments

  1. එල්. සී. ‎දමැල්

    මරු ආ. අනිතිම කොටසත් වෙඩි වගේ දුන්නා නේද?
    වෙනදා වගේම ස්තුතියි සබ් එකට.
    ජය!

  2. වික්ටර් ටයිම්ලි

    මාවල් ඒවට ඔයාම දිගටම සබ් දෙන්න සනුප.
    ඉස්සර මාවල් ඒවට සබ් දුන්නු විමාලා, හසන්තලා, චාමරලා දැන් නැහැනෙ.
    ඔයා නම් මාරයි ආ..
    ඉස්සර හිටිය අයටත් වඩා හොදයි.
    ලිපිය, සබ් එක දෙකම පර්ෆෙක්ට්.
    සීරීස් එක දුන්නට ගොඩක් ස්තුතියි!

    1. HE WHO REMAINS

      hell yeah

  3. Udara Damith

    සීසන් තුනක් එනැවැයි

    1. Sanupa Ranmeth

      Marvel එකෙන් සීසන් 3ක් confirm කරල නෑ සහෝ.

  4. Udara Damith

    ලිපිය කොර

  5. Udara Damith

    දෙනකල් බලන් හිටියෙ

  6. Kosala

    Sub එකට Thanks කොල්ලෝ ❤

  7. THISANGA

    season ඒකම නියෙමට සාරාංශ කරල තිබ්බා.(ඉස්කෝලෙන් වෙන්න අැති ඉගෙන ගන්න අැත්තෙත්)

    Super~!

  8. Shehan randika jayathunga

    සුපිරි machan ඉක්මනට ma dunna,,, ubee vadath marama hodai

  9. Hashan

    Thanx for the sub bro.........!!!!!!!!!!!!!!!!!!

  10. baiscopelk ishu

    sub walata bohoma sthuthi sahoo

  11. THISANGA

    sub ek niymeta thibuna
    ePiy Super !
    SUBTITLE ekth gindra wage dunna
    matann duka hithuna epiyk

  12. Dewadithya

    Thanks for Sub!

  13. MSS

    Sub walatnm Thanks Bn.sub tika supiriytm tiyenw,Pahadili kireem tikath maru

  14. Sahan Gayantha

    thanks a lot Sanupa saho sub ekata

  15. naara

    thank you malle !!!

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  17. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.