කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report…

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න…..
-
- Deja Vu (2006)
- The Shawshank Redemption (1994)
- I Am Legend (2007)
- Ocean’s Eleven (2001)
- Jumper (2008)
- Inside Man (2006)
- Saving Private Ryan (1998)
- Gomorra (2008)
- Ratatouille (2007)
- Harry Potter and the Half-Blood Prince (2009)
- The Pianist (2002)
- Minority Report (2002)
- Untraceable (2008)
- Body of Lies (2008)
- The Classic (2003)
- 2012 (2009)
- Fred Claus (2007)
- Ghost Town (2008)
- Avatar (2009)
- The Twilight Saga: New Moon (2009)
- Ip Man (2008)
- The Passion of the Christ (2004)
- Saints And Soldiers (2003)
- Yip Man 2 (2010)
- Percy Jackson & the Olympians: The Lightning Thief (2010)
- The Secret in Their Eyes (2009)
- Brothers (2009)
- Clash of the Titans (2010)
- The Twilight Saga: Eclipse (2010) with Sinhala Subtitles
- A Christmas Carol (2009)
- The American (2010)
- Inception (2010)
- The Prestige (2006)
- Hotel Rwanda (2004)
- The Tourist (2010)
- Leon the Professional (1994)
- Harry Potter and the Deathly Hallows Part 1 (2010)
- Memento (2000)
- Harry Potter and the Deathly Hallows Part 2 (2011)
- Pirates of the Caribbean-On Stranger Tides (2011)
- The Nativity Story (2006)
- The Twilight Saga Breaking Dawn Part 1 (2011)
- J. Edgar (2011)
- In the Womb (2005)
- Intouchables (2011)
- The Dark Knight (2008)
- Get the Gringo (2012)
- Pulp Fiction (1994)
- Star Wars: Episode V – The Empire Strikes Back (1980)
- The Avengers (2012)
- One Flew Over the Cuckoo’s Nest (1975)
- Batman Begins (2005)
- Dear John (2010)
- Revolution
- Revolution
- Revolution
- Madagascar 3: Europe’s Most Wanted (2012)
- Revolution
- Revolution
- Homeland [1×2 – Grace]
- Homeland [1×1 – Pilot]
- Taken 2 (2012)
- The Bourne Legacy (2012)
- Revolution
- Revolution
- The Dark Knight Rises (2012)
- Revolution
- Revolution
- Band of Brothers
- Band of Brothers
- Band of Brothers
- Band of Brothers
- Band of Brothers
- Band of Brothers
- Revolution
- Band of Brothers
- Band of Brothers
- Band of Brothers
- Band of Brothers
- Homeland [1×3 – Clean Skin]
- Homeland [1×4 – Semper I]
- Homeland [1×5 – Blind spot]
- Homeland [1×6 – The Good Soldier]
- Homeland [1×7 – The Weekend]
- Homeland [1×8 – Achilles Heel]
- Homeland [1×9 – Crossfire]
- Homeland [1×10 – Representative Brody]
- Homeland [1×11 -The Vest]
- Homeland [1×12 -Marine One]
- Homeland [2×1 -The Smile ]
- Homeland [2×2 -Beirut Is Back]
- Homeland [2×3 -State Of Independence ]
- Homeland [2×4 -New Car Smell ]
- Homeland [2×5 -Q&A ]
- Homeland [2×6 – A Gettysburg Address ]
- Homeland [2×7 – The Clearing ]
- Homeland [2×8 – I’ll Fly Away ]
- Homeland [2×9 – Two Hats ]
- Homeland [2×10 – Broken Hearts ]
- Lincoln (2012)
- Homeland [2×11 – In Memoriam ]
- Homeland [2×12 – The Choice ]
- Band of Brothers
- Ripper Street [1×1 – I Need Light ]
- Ripper Street [1×2 – In My Protection ]
- Ripper Street [1×3 – The King Came Calling ]
- Ripper Street [1×4 – The Good of This City ]
- Ripper Street [1×5 – The Weight of One Man’s Heart ]
- Ripper Street [1×6 – Tournament of Shadows ]
- Ripper Street [1×7 – A Man of My Company]
- Ripper Street [1×8 – What Use Our Work?]
- Revolution
- Revolution
- Revolution
- The Bible
- The Bible
- The Bible
- The Bible
- The Bible
- The Bible
- The Bible
- The Bible
- The Bible
- The Bible
- Revolution
- Safe Haven (2013)
- Revolution
- Wild Hogs (2007)
- Revolution
- Revolution
- Revolution
- Revolution
- Revolution
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- Terra Nova 2011
- American Gangster (2007)
- Star Trek Into Darkness (2013)
- Auschwitz: The Nazis and ‘The Final Solution’
- Auschwitz: The Nazis and ‘The Final Solution’
- Auschwitz: The Nazis and ‘The Final Solution’
- The Ten Commandments (1956)
- Auschwitz: The Nazis and ‘The Final Solution’
- Auschwitz: The Nazis and ‘The Final Solution’
- Auschwitz: The Nazis and ‘The Final Solution’
- The English Patient (1996)
- Revolution
- Homeland [3×01 – Tin Man Is Down ]
- Revolution
- Elysium (2013)
- Homeland [3×02 – Uh… Oh… Ah…]
- Revolution
- Homeland [3×03 – Tower of David]
- Revolution
- Homeland [3×04 – Game On ]
- Revolution
- Homeland [3×05 – The Yoga Play]
- Diamonds Are Forever (1971)
- Revolution
- Live and Let Die (1973)
- Homeland [3×06 – Still Positive ]
- The Man with the Golden Gun (1974)
- Revolution
- Homeland [3×07 – Gerontion ]
- The Spy Who Loved Me (1977)
- Revolution
- Moonraker (1979)
- Homeland [3×08 – A Red Wheelbarrow ]
- For Your Eyes Only (1981)
- Jobs (2013)
- Revolution
- Octopussy (1983)
- Homeland [3×09 – One Last Time]
- A View to a Kill (1985)
- The Living Daylights (1987)
- Homeland [3×10 – Good Night]
- Licence to Kill (1989)
- GoldenEye (1995)
- Homeland [3×11 – Big Man in Tehran ]
- Tomorrow Never Dies (1997)
- The World Is Not Enough (1999)
- Homeland [3×12 – The Star]
- Die Another Day (2002)
- Quantum of Solace (2008)
- Revolution
- Revolution
- Ripper Street [2×1 – Pure as the Driven]
- Ripper Street [2×2 – Am I Not Monstrous?]
- Ripper Street [2×3 – Become Man]
- Ripper Street [2×4 – Dynamite and a Woman]
- Ripper Street [2×5- Threads of Silk and Gold]
- The Hunger Games: Catching Fire (2013)
- Revolution
- Ripper Street [2×6 – A Stronger Loving World]
- Revolution
- Ripper Street [2×7 – Our Betrayal – Part one]
- Ripper Street [2×8 – Our Betrayal – Part two]
- The Fifth Estate (2013)
- Stargate (1994)
- Revolution
- Stargate: The Ark of Truth (2008)
- Revolution
- Human Planet
- Human Planet
- Revolution
- Stargate: Continuum (2008)
- Revolution
- The 100
- The 100
- The 100
- Revolution
- The 100
- Game of Thrones
- Game of Thrones
- The 100
- Game of Thrones
- The 100
- Game of Thrones
- Revolution
- The 100
- Game of Thrones
- Revolution
- The 100
- Game of Thrones
- Revolution
- The 100
- Game of Thrones
- Revolution
- The 100
- Son of God (2014)
- The 100
- Game of Thrones
- The 100
- Game of Thrones
- The 100
- Game of Thrones
- Under the Skin (2013)
- Mea Culpa (2014)
- Divergent (2014)
- Munich (2005)
- Collateral (2004)
- X-Men: Days of Future Past (2014)
- Under the Dome
- Homeland [4×01 – The Drone Queen]
- Homeland [4×02 – Trylon and Perisphere]
- Homeland [4×03 – Shalwar Kameez]
- Homeland [4×04 – Iron in the Fire]
- The 100
- Homeland [4×05 – About a Boy]
- The 100
- Homeland [4×06 – “From A to B and Back Again]
- The 100
- Homeland [4×07 – “Redux]
- The 100
- Homeland [4×08 – “Halfway to a Donut]
- The 100
- Homeland [4×09 – There’s Something Else Going On]
- The 100
- Homeland [4×10 – 13 Hours in Islamabad]
- 24
- The 100
- 24
- 24
- 24
- 24
- Homeland [4×11 – Krieg Nicht Lieb]
- 24
- 24
- 24
- The 100
- 24
- 24
- 24
- 24
- Homeland [4×12 – Long Time Coming]
- 24
- 24
- 24
- 24
- 24
- 24
- 24
- 24
- 24
- 24
- 24
- 24
- Children of Men (2006)
- Casablanca (1942)
- Star Wars: Episode IV – A New Hope (1977)
- The 100
- Interstellar (2014)
- The 100
- The 100
- The 100
- The 100
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Insurgent (2015)
- Fed Up (2014)
- Avengers: Age of Ultron (2015)
- Homeland [5×01 – Separation Anxiety]
- Homeland [5×02 – The Tradition of Hospitality]
- Homeland [5×03 – Super Powers]
- Homeland [5×04 – Why Is This Night Different?]
- 24
- 24
- Homeland [5×05 – Better Call Saul]
- 24
- 24
- 24
- Homeland [5×06 – Parabiosis]
- Homeland [5×07 – Oriole]
- Homeland [5×08 – All About Allison]
- Homeland [5×09 – The Litvinov Ruse]
- Homeland [5×10 – New Normal]
- Homeland [5×11 – Our Man in Damascus]
- Homeland [5×12 – A False Glimmer]
- Spectre (2015)
- Star Wars: Episode VII – The Force Awakens (2015)
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- X-Men: Apocalypse (2016)
- The Day Of The Jackal (1973)
- Jason Bourne (2016)
- Planet Earth II
- Homeland [6×01 – Fair Game]
- Homeland [6×02 – The Man in the Basement]
- Homeland [6×03 – covenant]
- Homeland [6×04 – A Flash of Light]
- Homeland [6×05 – Casus Belli]
- Homeland [6×06 – The Return]
- Homeland [6×07 – Imminent Risk]
- Homeland [6×08 – Alt.Truth]
- Rogue One: A Star Wars Story (2016)
- Homeland [6×09 – Sock Puppets]
- Homeland [6×10 – The Flag House]
- Homeland [6×11 – R Is for Romeo]
- Homeland [6×12 – America First]
- The Space Between Us (2017)
- Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017)
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- Game of Thrones
- American Made (2017)
- The Flash
- Scorpion
- Scorpion
- Dunkirk (2017)
- Scorpion
- Game of Thrones
- Scorpion
- Scorpion
- Scorpion
- Homeland [7×01 – Enemy of the State]
- Homeland [7×02 – Rebel Rebel]
- Homeland [7×03 – Standoff]
- Jumanji: Welcome to the Jungle (2017)
- Homeland [7×04 – Like Bad at Things]
- Life (2009)
- Star Wars: Episode VIII – The Last Jedi (2017)
- Homeland [7×05 – Active Measures]
- Homeland [7×06 – Species Jump]
- Homeland [7×07 – Andante]
- Homeland [7×08 – Lies, Amplifiers, F**king Twitter]
- Homeland [7×09 – Useful Idiot]
- Homeland [7×10 – Clarity]
- Homeland [7×11 – All In]
- Homeland [7×12 – Paean to the People]
- Rome [1×1 – The Stolen Eagle ]
- Avengers: Infinity War (2018)
පහළට එන්න තත්පරයක්වත් ගියේ නම් නෑ නේද? හැබැයි ඔය උපසිරැසි 400 කරන්න ගිය කාලය කියනවට වඩා ඔය එක චිත්‍රපටියක උපසිරැසියකට වැයවෙච්ච කාලයෙන් තව ෆිල්ම් දෙකක්වත් බලන්නත්, රූපවාහිනී කතා කොටසක කාලයෙන් තව කොටස් 2-3 බලන්නත් යස අගේට හැකියාව තිබුණා.
ඉතින් ඒ නාස්ති කරපු කාලය වෙනුවෙන් එක වචනෙකින් හරි, අඩුම ගානේ එකම එක වචනෙකින් හරි දිරිගැන්වීමක් දුන්න අයට මගේ හද පිරි ස්තූතිය හිමිවෙනවා. අන්තර්ජාලයට මුලින්ම නිකුත් වෙච්ච සිංහල උපසිරැසිය දුන්න කාලයට වඩා අද වෙද්දි වෙබ් අඩවියේ ගමන ගැන ඉතාමත් ආඩම්බර වෙන ගමන්ම ඒ වෙනුවෙන් සහොදර ඇඩ්මින්වරුන් සියලු දෙනාටත් ස්තූතිය පිරිනමනවා.
බලන්න තියෙන චිත්‍රපටි ලයිස්තුවත් දැන් සෑහෙන්න දිගයි. උපසිරැසි කරන්න තියෙන කාලයත් ඉතාම අඩුයි. 🙂
පහළ තියෙන අගනා ලිපිය ලියන්න මහන්සි වුණ තිසර නියෝ හා සමීර කරුණාරත්න දෙදෙනාටත්, උපසිරැසියේ අඩුපාඩු බලල දුන්න හසන්තටත් හෘද්‍යාංගම ස්තූතිය පුද කරනවා.
මේ හදිසි අය වෙනුවෙන්මයි. හොඳ කොපියක් ආව ගමන්ම අනිවා අදාළ විදියට උපසිරැසිය යාවත්කාලීන වේවී. ජය෴෴

මිනිසුන් ලෝකයේ විවිද දේ හට ඇල්ම දක්වනවා. විටෙක ඒ දේ සමඟ බැඳීමක් ඇතිකරගන්නවා. කොමික් යනු එලෙස ලොව වටා බාල මහලු භේදයකින් තොරව රසිකයන් වැලඳගත් දෙයක්. වසර ගණනාවක සිට අද වන තුරු ද කොමික් සමඟ රසිකයන් බැඳී සිටිනවා. කොමික් පොත් සඟ බැඳී සිටි රසිකයන් ඉන් ඔබ්බට රැගෙන යමින් පසුකාලීනව කොමික් පාදක කරගත් ඇනිමේෂන් නිර්මාණ සහ සිනමාපට බිහි වූවා. චිත්‍ර මගින් දැක සිටි රුව රූපවහිනියේ සහ රිදී තිරයේ දිග හැරෙද්දී ඇති දැවැන්ත රසික පිරිසක් මේ සමඟ එකතු වූවා. මේ කාලය අතරතුර කොමික් පාදක කරගත් සිනමාපට රාශියක් නිර්මාණය වූවා. මේ පැමිණි සියලුම සිනමාපට ස්වකීය ගමනක් යමින් සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හිමිකරගනු ලැබුවා.
මේ ගැන කතාකරනවා නම් කරුණු බොහොමයි. නමුත් අපි අද කතා කරන්නේ මේ කිසිවක් ගැන නොවේ. අද අපි කතා කරන්නේ කොමික් සිනමා ඉතිහාසයේ මෙතෙක් පැමිණි දැවැන්තම සිනමාපටය වෙත පැමිණි ගමන ගැනයි. ඉතින් ඒ නිසා මෙතැන් පටන් මාර්වල් සිනමැටික් විශ්වය හෙවත් MCU පිළිඹඳ කතිකාවත මුලින් ගොඩ නගන්නම්.
1939 දී Timely Comics ලෙස පැමිණ, 1947 දී Magazine Management ලෙස වෙනස් වී පසුව 1961 දී අදටත් අතිශය ජනප්‍රියතම කොමික් නාමයක් ලෙසින් Marvel Comics යන්න යොදාගනු ලැබූ මාර්වල් සමගම අද වන විට කොමික් ලොව ඉහලින්ම සිටින ආයතන දෙක අතුරින් එකක් බවට පත්ව සිටිනවා.
ආරම්භයේ සිට ස්වකීය ගමනක යෙදී සිටි මාර්වල් සමාගම මෙයට දශක දෙකකට පමණ පෙර බංකොලොත් භාවයට පත් වූවා. මේ සමඟ මාර්වල් සමාගමේ සාර්ථක ගමන තාවකාලිකව අඩපන වූවා. මේ නිසා මාර්වල් සමගම තම චරිත ගණනාවක් වෙනත් නිෂ්පාදන සමාගම් වෙත විකුණා දමන්නට යෙදුනා. මේ නිසා මාර්වල් නාමය රැගත් සිනමාපට වෙනත් නිෂ්පාදන ආයතන තුලින් නිර්මාණය වන්නට වූවා. Fox Studio වෙතින් X men, Daredevil, Electra, Fantastic 4 මෙන්ම Sony Picture වෙතින් Spiderman, Amazing Spiderman, Ghost Rider, Men In Black වැනි සිනමාපටද Universel Studio වෙතින් Hulk වැනි සිනමාපටද නිර්මාණය වූවා.
කල හැක්කක් නොමැති තැන මෙලෙස සිනමා අයිතීන් විකුණා දැමූවද මාර්වල් සමගම වෙත මෙලෙස නිර්මාණය වූ සිනමාපට වලින් ලැබුනේ අඩු ආදායමකි. මේ නිසා සහ කොමික් සඳහා පැවති ඉල්ලුම අඩුවීම තුල මාර්වල් සමාගම (Marvel Entertainment) තමන් සතු දෙවැනි පන්තියේ එතරම් ප්‍රසිද්ධියක් නැති චරිත රිදී තිරයට ගෙන ඒමට මුල්ගල් තැබීම ආරම්භ වනවා. Paramount Pictures සමඟ එකතු වී මේ සිනමාපට නිර්මාණය කිරීමට යෙදුනා. මෙලෙස ස්වකීය සිනමාපට නිර්මාණයට මාර්වල් සමාගම අතගැසුවේ එවකට මාර්වල් සිනමා අංශයේ ප්‍රධානියා වූ Avi arad ඒ වන විට නිර්මාණය වී තිබූ මාර්වල් චරිත ඇතුලත් සිනමාපට පිළිඹඳ ව කලකිරීමකට පත්ව සිටි නිසයි. ඔහු තෘප්තියට පත්ව සිටියේ Sam Raimi නිර්මාණය කල Spider Man සිනමාපට පිළිබඳව පමණි. මෙලෙස වෙනත් ආයතන නිර්මාණය කල මාර්වල් සිනමාපට පිලිබඳ මාර්වල් සමාගමේ අතෘප්තිමත් හැඟීම් නිසා ඔව්න් තීරණය කරනවා තම චරිත යොදා තමන්ම සිනමාපට නිර්මාණයට. මේ නිසා තමයි Marvel Studios නිර්මාණය වන්නේ. මෙලෙස නිර්මාණය වූ මාර්වල් ස්ටුඩියෝ ව අද වනවිට මාර්වල් ආයතනයේ ප්‍රධානතම අංශයක් වී අවසානයි. Marvel Stidios තමා Dreamworkes වලින් පසුව හොලිවුඩයේ බිහි වූ විශාලතම හා ප්‍රධානතම ස්වාධීන සිනමා ස්ටූඩියෝ ව වන්නේ.

2005 දී මාර්වල් ස්ටුඩියෝව නිර්මාණය කල විට Avi Arad ගේ තනතුරේ උප තනතුර හෙවත් මාර්වල් සිනමා අංශයේ උප අංශ ප්‍රධානි තනතුර දැරූ Kewin Feige ඔහුගේ අදහසක් ඉදිරිපත් කරනවා. ඔහු ඉදිරිපත් කල අදහස වූයේ ඔවුනේ ජනප්‍රියම චරිත කිහිපයක්ම වෙනත් ආයතන වලට ලබා දී තිබුනද Marvel Comic හි ප්‍රධානතම කණ්ඩායමක් වන Avenger චරිත මාර්වල් ස්ටුඩියෝව වෙත යොදාගත හැකි බව. ඇවෙන්ජර් හි තනි තනි චරිත වල සිනමාපට නිර්මාණය කර පසුව සියල්ලන් එක් කර සමූහ වීර සිනමාපටයක් නිර්මාණයට ඔහු අදහසක් ඉරිදිපත් කරනවා. ඔහුගේ අදහසට තවත් ප්‍රධාන හේතුවක් වූයේ වෙනත් ආයතන වලට විකුණා තිබූ ඇවෙන්ජර් චරිත නැවත මාර්වල් වෙත ලැබී තිබූ නිසාය.
- කොලොම්බියා සහ ආටිසන් එන්ටර්ටෙන්ට්මන්ට්ලක විකුණලා තිබ්බ බ්ලැක් පැන්තර් චරිත හිමිකම 2005 දි ආයේ මාවල් ස්ටුඩියෝවට ලැබෙනවා.
- 2005 වසරේදීම නිව් ලයින් සිනමා එකට විකුණලා තිබ්බ අයන් මෑන් හිමිකම මාවල් ස්ටුඩියෝවට ලැබෙනවා.
- ආටිසන් ගාව තිබ්බ තෝර් චරිත හිමිකම 2006දි මාවල්ලට ලැබෙනවා.
- ලයන්ස් ගේට්ලට අයිතිවෙලා තිබ්බ බ්ලැක් විඩෝ චරිත හිමිකම මාවල්ලට ලැබෙනවා ඒ 2006දීම.
- 2006 වසරේදීම හල්ක් අයිතියත් මාවල්ලට ලැබෙනව.[කොන්දේසි යටතේ]
මේ සියල්ලට පාදක වන්නේ දුර දැක්මෙන් නිර්මාණය කරන ලද ගිවිසුම් හෝ දෛවයේ සරදමක් විය හැකි. මක් නිසාද යත් මාර්වල් චරිත මිලදී ගත් ආයතන යම් කාලයක් තුල එම චරිතය යොදාගෙන සිනමා පටයක් නිර්මාණය නොකළ හොත් නැවතත් මව් සමාගමට එම චරිතයේ බල අධිකාරිය ලැබෙන ලෙස ගිවිසුමේ අන්තර්ගත වූ කොන්දේසියක් නිසාවෙන්. ඉතින් ඒ ඉහතින් සඳහන් කල චරිත මාර්වල් සමාගම වෙත නොමිලේම කඩාපාත් වෙන අවස්ථාවේ ඔවුන් සිහිනයකිවත් සිතන්නට නැතුව ඇති ඒ චරිතම සිනමා ලෝකය හොල්ලාවී කියල. අපේ සිත් සතන් සතුටෙන්, දුකෙන් පුරවාවී කියල (පසු කාලීනව තවත් චරිත ගණනාවක්ම මෙලෙස මාර්වල් වෙත ලබාගැනීමට ලබාගැනීමට වරම් ලැබුනා) කෙසේ වෙතත් කෙවින්ගේ මේ අදහසට Arad කැමැත්තක් දක්වන්නේ නැහැ. පසුව ඔහු සිය තනතුරින් ඉවත් වූ පසු 2007 දී ඔහුගේ දෙවෙනියාව සිටි Kevin Feige මාර්වල් ස්ටුඩියෝවේ ප්‍රධානියා බවට පත් වෙනවා. මෙයින් පසුව ඔහු තම අදහස වූ ඇවෙන්ජර් චරිත වල ඉදිරි ගමන සැලසුම් කරනවා. කෙවින් විසින් කොමික් වල ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන යාමට හයදෙනෙකුගෙන් යුතු කමිටුවක් පිහිටුවනවා. කෙවින් මෙන්ම ඔහුගේ උප ප්‍රධානී Lovis Desposito, මාර්වල් කොමික් ප්‍රකාශන ප්‍රධානි Dan Buckley සහ Joe Quesada, රචකයෙක් වන Brian Michael සහ මාර්වල් එන්ටර්ටේන්මන්ට් ප්‍රධානි Alan Fine අයත් වූවා. Avi Arad විශ්‍රාම ගෙන සිටියත් ඔහු තම මුදල් දිගටම මේ සඳහා ආයෝජනය කරමින් සිටියා. කෙවින් මුලින්ම මේ සිනමා විශ්වයට නම යෙදුවේ Marvel Cinema Univers කියාය. පසුව එය Marvel Cinematic Univers (MCU) ලෙසින් වෙනස් වූවා. එමෙන්ම මේ MCU ඒක මාර්වල් මල්ටිවර්ස් එකේම කොටසක් ලෙසට සම්බන්ධ කරගනිමින් Earth 19999 යන නාමය ලබා දීමත් සිද්ධ වුනා.
MCU සඳහා අදාල වන්නේ මාර්වල් ස්ටුඩියෝවේ සිනමාපට පමණක් නොවේ. පසු කලකදී ඔවුන් නිර්මණය කල රූපවාහිනී කතා මාලා, වන් ෂොට් කෙටි චිත්‍රපට මෙන්ම MCU tie-in Comic පොත් ද මේ සිනමා විශ්වයට අදාල වනවා. ඉතින් මේ දිහා බලනකොටම පේනවනේ MCU ඒක කෙතරම් දැවැන්තව සැලසුම් සහගත ගමනකද යන්නේ කියලා. ප්‍රධාන ගමන සිනමාපටයෙන් සිදුවන අතර එහි නොමැති කරුණු tie-in කොමික් පොතෙන් ද, අතුරු කතාවක් වන් ෂොට් මගින්ද, MCU හි වෙනමම පැතිකඩක් රූපවාහිනී කතාමාලා මගින්ද ආවරණය කරනවා. මාර්වල් ස්ටුඩියෝව ආරම්භ කරන මාර්වල් සිනමැටික් විශ්වය හෙවත් MCU එක නිලවශයෙන් ආරම්භ වන්නේ 2008 දී තිරගත වන Iron Man සිනමාපටයෙන්. පැරමවුන්ට් හා එක්ව මාර්වල් ස්ටුඩියෝව MCU එක ආරම්භ කලද 2009 දී ඩොලර් බිලියන 4 කට Walt Disney සමාගම විසින් Marvel Entertainment මිලට ගැනීම සමඟ මාර්වල් ස්ටුඩියෝව ඩිස්නි යටතට පත් වනවා. නමුත් ඩිස්නි ආයතනය මාර්වල් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිඳු වෙනස්කමක් නොකර පැවති විදියටම පවත්වාගෙන යාමට ඉඩ හරිනවා. ඩිස්නි විසින් ඒ වන විට පැරමවුන්ට් සතුව තිබු MCU හි බෙදාහැරීමේ සහ නිෂ්පාදන අයිතිය තමන් වෙත ලබාගන්නට කටයුතු සිදු කරන්නට අමතක කරන්නේ නැහැ. මේ අනුව ඔවුන් 2010 දී ඉරිදියේදී තිරගත වීමට නියමිතව තිබූ The Avenger සහ Iron Man 3 ද , 2013 දී තිරගතව තිබූ Iron Man, Iron Man 2, Thor සහ Captain America – The First Avenger සිනමාපට වල අයිතියද පැරමවුන්ට් වෙතින් ලබාගන්නට කටයුතු කරනවා. මෙයින් පසුව එනම් අයන් මෑන් 3 සිනමාපටයෙන් පසුව පැමිණි සෑම MCU සිනමාපටයක්ම ඩිස්නි යටතේ නිර්මාණය වූ ඒවා විය. නමුත් Hulk දිගටම යුනිවර්සල් සතුව පවතින අතර ඔවුන්ට බෙදාහැරීමේ අයිතිය මෙන්ම මාර්වල් සතුව එහි සිනමා නිෂ්පාදන අයිතිය පවතිනවා. 2015 දී සෝනි සමඟ කල ගණුදෙනුවකට අනුව ස්පයිඩර් මෑන් චරිතය MCU එක තුල යොදා දාගැනීමට අවසර ලැබෙන අතර, නමුත් මූල්‍යමය, බෙදාහැරීමේ සහ සම්පූර්ණ පාලන කටයුතු සෝනි තමන් වෙතම තබාගන්නවා . මීට අමතරව,
- නිව් ලයින් සිනමාවට අයිතිවෙලා තිබ්බ බ්ලේඩ් චරිත හිමිකම නැවත මාවල්ලට ලැබෙනවා ඒ 2012 දිත්
- ඩෙයාඩෙවිල් චරිත අයිතිය නැවත මාවල්ලගේ බව 2013දි ඩිස්නි ආයතනය තහවුරු කරනවා
- 2013 වසරේදීම සෝනිලට හිමිවෙලා තිබ්බ ගෝස්ට් රයිඩර් හිමිකමත් ලයන්ගේට්ස්ලට තිබ්බ පනිෂර් හිමිකමත් මාවල්ලට නැවත ලැබෙනවා ඒවගේම සෝනිල ගාව තිබ්බ ලුක් කේජ් හිමිකමත් ඔවුන් සතු වෙනවා.
- ගාඩියන් ඔෆ් ද ගැලක්සි 2 සිනමා පටයේ දී ඔබ දුටු Ego the Living Planet චරිතය ෆොක්ස්ල සමාගම සතුව තිබුණ එකක් ගාඩියන් 2 එකට යොදාගන්න මාවල්ලට අවසර ලැබුනා ඒ ඩේඩ්පුල් එකේ ආව නෙගසොනික් ටිනේජ් චරිතයට සතු බලය කොමික් තුල ඇති බලයට වඩා වෙනස් ලෙස දැක්වීමට ලැබුන අවසරය නිසාවෙන්.
ඉතින් එහෙනම් උඩ තියෙන කෙටි විස්තරෙත් එක්ක දැන් කතා කරමු අපි MCU එකේ අපේ දවසේ කතාවට අදාල ලිපිය. කොමික් පාදක කරගත්තු සිනමා ලෝකයේ මේ ගෙවෙන්නේ ස්වර්ණමය යුගය තුලයි. මාර්වල් හෝ වේවා, DC හෝ වේවා වෙනත් සමාගම් හෝ වේවා ඇති දැවැන්ත නිර්මාණ රාශියක් මේ කාලයේ නිර්මාණය කිරීමට කටයුතු සිද්ධ කෙරුනා. නමුත් මේ සියල්ල පරදවා මේ යුගයේ සිනමා විශ්වයේ ඉහලින්ම සිටිනුයේ මාර්වල් සිනමා විශ්වය හෙවත් MCU සමත් කම් පාන්නේ තමුන්ගේ සිනමා නිර්මාණ හැකි තාක් රසික සිත් සතන්තුල පැලපදියම් වන ලෙස ගොඩනගමින්. MCU ලද සාර්ථකත්වය නිසාවෙන්ම DC ආයතනය නිර්මාණය කල DCEU හෙවත් DC Extended Universe මාර්වල් සමාගම කෙමෙන් කෙමෙන් ගොඩ නැගූ විශ්වයට තරඟයක් දීම අරමුණු කොටගෙන ආරම්භ කල අධිවේගී ගමන ලත් තැනම ලොප් වී සිටින අවධියක මාර්වල් ස්ටුඩියෝවේ වසර 10 ක සැලසුම්සහගත ගමනේ එක් කූටප්‍රාප්තියක් සනිටුහන් කරමින් කොමික් පාදක කරගත් සිනමා ඉතිහාසයේ මෙතෙක් පැමිණි දැවැන්තම සිනමාපටය වන Avengers Infinity War ඇති දැවැන්ත සාර්ථකත්වයකින් මේ දිනවල ප්‍රදර්ශනය වනවා. වසර 10 ක ඉතිහාසය තුල MCU නිර්මණ අදියර තුනක් යටතේ සිනමාපට 19 ක් ලෙස අප වෙත පැමිණ අවසන්. කෙවින් එදා දුටු සිහිනය අති සාර්ථක වෙමින් සිනමා ඉතිහාසයේ ඉහලම ආදායම් ලද සිනමාපට පෙළ වීමට අද වන විට මාර්වල් විශ්වය සමත්කම්පා තිබෙන බව කිව්වොත් ඔබ කිසිවෙක් පුදුම නොවනු ඇති බවයි මගේ හැඟීම. මේ වසර 10 ඇතුලත සිනමාපට 19 ට අමතරව වන්ෂොට් කෙටි සිනමාපට 5ක් මෙන්ම රූපවාහිනී කතාමාලා 10 ක් නිර්මාණය වී දැවැන්තව මුල් බැසගිය සිනමා විශ්වයක් සරුවට දළුලා වර්ධනය වී තිබෙන්නේ “සල්ලි ගස් වල නොහැදෙන බවට” ඇති අපගේ පුරාණ කියමන පිළිබඳව සැකයක් මතු කරමින්. මාර්වල් සිනමා විශ්වය අදියර තුනක් යටතේ ගොඩ නැගුන බව කලින්ම සඳහන් කල එකේ එහි, පළමු අදියර ඇවෙන්ජර් පළමු සිනමාපටය දක්වාත්, දෙවන අදියර ඈන්ට් මෑන් පළමු සිනමාපටය දක්වාත්, තෙවැන් අදියර වර්තමානය දක්වාත් නිර්මාණය දිව ගියා. MCU හි ප්‍රධාන කතා තේමාවට අදාල වන්නේ අපරිමිත පාශානයන් හෙවත් ඉන්ෆිනිට්ය් ස්ටෝන් ය. නමුත් ඒ සියල්ලට ප්‍රථම වසර 10 ගමන් මග තුල අපි දැක්ක සිනමා පට කෙටියෙන් මතක් කරගමු, මොකද සිනමා පට 19 ක ගමන ලේසි පහසු එකක් නොවෙයි…

01) Iron Man (2008)
මාර්වල් සිනමා විශ්වයේ කුළුඳුල් නිර්මාණය වන්නේ මෙයයි. 2008 මැයි 02 පැමිණි මේ සිනමාපටයේ රොබර්ට් ඩවුනි ජූනියර් අයන් මෑන් ලෙසින් කරලියට පැමිණෙනවා. Jon Favreau අධ්‍යක්ෂණය කල මෙය පැරමවුන්ට් බෙදාහැරීමක් විය. MCU සිහිනය දුටු කෙවින්ගේ සිහිනය මල්ඵල ගැන්වීම සනිටුහන් කරමින් ලොවපුරා කොමික් රසිකයන් සිනමාපටය මෙන්ම අයන් මෑන් ලෙසින් රොබර්ට් ඩවුනි ඇති සාර්ථකව පිළිගනු ලැබූවා. කොමික් චරිතයට සමාන හැඩරුවක් හිමි ඩවුනි ඇති සාර්ථකව එම චරිතයට පිවිසුණු අතර සිනමාපට 19 අතරේ ඔහු නොමැකෙන තැනක් ලබාගන්නට සමත් වූවා. America Film Institute විසින් එම වසරේ හොඳම සිනමාපට 10 න් එකක් ලෙසද මේ සිනමාපටය තෝරාගනු ලැබුවා. බිලියනපති ටෝනි ස්ටාර්ක් ත්‍රස්ත කල්ලියකට හසුවීමෙන් පසු නිදහස් වීමට උපකාරී වීමට නිර්මාණය කරන යකඩ ඇඳුමක් සහිත යන්ත්‍රයක් සහ පසුව නිදහස් ලැබූ පසු ඔහු තීරණය නිර්මණය කල ඇඳුම (අයන් මෑන් ආමර් එක) වැඩිදියුණු කල නිර්මාණය කර තම සමාගමෙන් රහසිගතව විකිණු ආයුධ සොයා යාම සහ ඔහුගේ සගයාගේ කුමන්ත්‍රණයට හසුව එය පැරදවීම තුල මෙහි කතාව ගොඩනැගී තිබෙනවා. එමෙන්ම සිනමාපටය අවසානයේ ශීල්ඩ් අධ්‍යක්ෂක නික් ෆියුරි හඳුන්වා දෙන්නේ දැවැන්ත විශ්වයක ඇරඹුම සනිටුහන් කරනු ලැබුවා. එමෙන්ම ඉරිදියේදී විශේෂ චරිත නිරූපනයක් කරන ෆිල් කොල්සන් ද හඳුන්වා දෙනවා.
ආදායම ඩොලර් මිලියන – 585+
2008 දීම තිරගත වුනු ද ඉන්ක්‍රෙඩිබල් හල්ක් සිනමාපටය MCU හි දෙවන සිනමාපටයයි. 2008 ජූනි 13 පැමිණි මේ සිනමාපටය යුනිවර්සල් බෙදාහැරීමක් විය. Louis Leterrier විසින් අධ්‍යක්ෂණ කල මෙහි බ්රූස් බැනර් ලෙසින් එක්වන්නේ එඩ්වර්ඩ් නෝර්ටන් ය. 2003 පැමිණි ආසාර්ථක හල්ක් සිනමාපටය ඉදිරියට ගෙන යමින් නමුත් එයට සම්බන්දයක් නැති සිනමාපටයක් ලෙසින් මෙය නිමවනු ලැබුවේ අනාගතයේ MCU මේ සුපිරි දැවැන්තයා තබා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස. ගැමා පිපිරීමට හසුව විකෘර්තිවීමකට ලක්ව සිටින බැනර් තමාවම සහ තමන්ගේ ආදරය කල කාන්තාව පසෙකලා හුදෙකලා ජීවිතයක් ගෙවමින් විවිධ තැන් වල ජීවත් වන අතර ඔහුව දඩයම් කිරීමට පැමිණෙන පිරිසක් සහ ඒ මගින් සිදුවන ප්‍රතිඵලයක් නිසා බිහිවන දරුණු සතුරෙක් සමඟ සටන් වැදීම මෙහි කතා තේමාව වනවා. එමෙන්ම සිනමාපටය අවසානයේ ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන් සුළු දර්ශනයක් සඳහා එක් වීමත් සිදුවන්නේ, මාර්වල් දම්වැලේ පුරුක් සම්බන්ධ කරමින්.
ආදායම ඩොලර් මිලියන – 263+
2010 මැයි 07 තිරගත වුනු මෙය මාර්වල් විශ්වයේ තුන්වැනි වෙළුම නැවතත් යකඩ මිනිසා සඳහා වෙන් වෙනවා. පෙර සිනමාපටය මෙන්ම මෙයද Jon Favreau විසින් අධ්‍යක්ෂණය කල අතර අයන් මෑන් ට අමතරව තවත් දැවැන්ත චරිතයක් වන නටාෂා රමනොෆ් හෙවත් බ්ලැක් විඩෝ මෙන්ම වෝ මැෂින් නම් චරිතයද මාර්වල් ප්‍රේක්ෂක අපට හඳුන්වා දෙන්නට මේ නිර්මාණය කටයුතු සිදු කරනවා. අයන් මෑන් ලෙස ටෝනි ස්ටාර්ක් ප්‍රසිද්ද කල පසු ඇමරිකානු රජය ඔහුට සීමා පැනවීමට උත්සහ කරන අතර එයට එරෙහිව ඔහුගේ ගමන සහ රුසියානු විද්‍යාඥයෙක් විසින් ටෝනිගේ තාක්ෂනය ඔහුටම විරුද්ධව යොදාගෙන සිදුකරන දැවැන්ත විනාශයකින් බේරීමට කරනා සටන තුල මේ අපුරු කතාව ගොඩනැගෙන්නේ නැවතත් මාර්වල් විශ්වයට සති ගණනක් වාර්තාගත ආදායමක් උපයා දෙමින්.
ආදායම ඩොලර් මිලියන – 623+
04 Thor (2011)
2011 මැයි ඔය තිරගත වන මෙය Kenneth Branagh විසින් අධ්‍යක්ෂණය කල අතර මාර්වල් විශ්වයේ සිව්වන වන සිනමාපටය විය. මාර්වල් විශ්වයේ දැවැන්ත චරිතයක් වන තෝර් ලෙස ක්‍රිස් හෙම්ස්වර්ත් එක කරගනු ලබනවා. අද වන තෙක් මාර්වල් විශ්වයේ සාර්ථකම සතුරු ලෙස අපි හැමෝම ආදරයෙන් වෛර කල ලෝකී මෙමගින් අප සිත්තුල විජ්ජා මවන්නට එක්කාසු කරන්නටත් ඔවුන් අමතක කලේ නැහැ. වගකීම් විරහිත හැසිරීම තුල තෝර්ට සිදුවන පිටුවහල් කිරීමක් තුල ඔහු තම බලය නැවත ලබාගැනීම සහ ලෝකී ගේ කුමන්ත්‍රණ පරදවා අස්ගාඩ් රැකගැනීම වැනි කතා තේමාවන් හරහා දිය ගිය මේ නිර්මාණය කලින් අප දුටු සිනමා නිර්මාණ සියල්ලටම වඩා වෙනසක් ගැබ් වුන සිනමා නිර්මාණයක් බවට පත් වන්නේ, මේ දෙවිවරුන් අපේ ලෝකයේද මුල් බැසගත් පුරාතනයන් වීම නිසාවෙන්. නමුත් එතනින් නොනවතින මේ සොදුරු විශ්වය තවත් දැවැන්ත චරිතයක් වන හෝක්අයි චරිතය මේ සලරුව තුලින් මුල් වරට හඳුන්වා හී සැරයක් මෙන් අප හදවත් පාසා කරගෙන යාමට යොදා ගන්නවා.
ආදායම ඩොලර් මිලියන – 449+
05 Captain America: The First Avenger (2011)
2011 ජූනි 22 තිරගත වන මේ සිනමාපටය තුලින් මාර්වල් විශ්වයේ නියමුවා වන ස්ටීව් රොජර්ස් හෙවත් කැප්ටන් ඇමෙරිකා හඳුන්වා චරිතය නිර්මාණයේ සිට අතීත කතාවක් අපහට ගෙන හැර පාන්නට සමත්කම් පානවා. මාර්වල්හි විශ්වයේ අමරණීය කපිතාන්ච ලෙස ක්‍රිස් එවන්ස් සැබවින්ම ජීවමාන කොමික් පිටුවක් රිදී තිරයට ගෙන යන්නේ ඉදිරියේ පැමිණෙන මහා විශ්වයක එක ස්ථම්බයක් වෙමින්. ඔහුට අමතරව තවත් විශ්වයේ තවත් චරිත වන බකී බාන්ස් (වින්ටර් සොල්ජර්), පෙගී කාටර් (ඒජන්ට් කාටර්), රෙඩ් ස්කල් වැන්නවුන්ද මේ තුලින් විශ්වයක කුඩා තරුකැට ලෙස තමුන්ගේ ලකුණ එක් කරන්නට සමත් වෙනවා. කුඩා ශරීරය හේතුවෙන් දෙවන ලෝක යුද්ද සමයේ ඇමරිකානු හමුදාවට එක්වන්නට නොහැකිව සිටින ස්ටීව් පසුව රහසිගත හමුදා පරීක්ෂණයකට ලක්ව සුපර්සොල්ජර් සීරම් එකක් ශරීයට එක්කරගන ශරීරය වැඩිදියුණු කරගැනීම සහ නාසි විද්‍යා ඒකකය වන හයිද්‍රා ඒකකයට එරෙහිව සටන් කිරීම සහ හයිද්‍රා ප්‍රධානී රෙඩ් ස්කල් ට එරෙහිව සටන් මේ සලරුව තුල ජීවමාන කරන්නට පස්වැනි වරටත් මාර්වල් විශ්වය සමත් වෙනවා. එමෙන්ම මර්වල් විශ්වයේ මුල්ම ඉන්ෆිනිටි ස්ටෝන් ඒක ලෙස අවකාශ මාණික්‍ය හෙවත් ටෙසරැක්ට් එක හඳුන්වා දීමත් මේ නිර්මාණය තුලින් සිදු කරන්නට ඔවුන් වග බලා ගන්නේ, අද අපි දකින මහා සුළු කුණාටුවක් නම් වූ අද ඔබ දකින සුපිරි සලරුවේ අත් වැසුමට එක් අවකාශයක් ගැන අප දැනුවත් කරමින්.
ආදායම ඩොලර් මිලියන – 370+
06 Marvel’s The Avengers (2012)
2012 මැයි 04 තිරගත වන මෙය මාර්වල් සිනමා විශ්වයේ පළමු දැවැන්තම සුපිරි වීර එකතුවයි. කෙවින් එදා දුටු සිහිනය මුල්වරට පල්ඵල ගැන්වෙන්නේද මේ තුලින් වේ. ජෝස් වේඩන් නිර්මාණය කරන මෙය මාර්වල් විශ්වයේ අවසන් නිර්මාණය වුවත් එහි අවසානයක් නම් තවමත් අපට පෙනෙන මානයක නම් නැහැ. අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, තෝර්, හල්ක්, නටෂා, හෝක්අයි, නික් ෆියුරි එක්ව ලෝකී විසින් රැගෙන එන හමුදාවකින් ලෝකය ආරක්ෂා කිරීම දරණ වෑයම තුල මේ නිර්මාණය මුල් බැසගෙන තිබුණා. මෙයට පෙර සිනමාපට 5 ක් තුලින් ගෙන ආ කතාවන් එකට එක් කරමින් සිනමා විශ්වයක් යනු කුමක්දැයි මනාව පහදමින් මෙය ඇති සාර්ථක ලෙස නිර්මාණය වෙන්නේ සැබවින්ම මාර්වල් සමාගම තමුන් සතු හැකියාව ලොවට හඬගා කියමින්. මෙම සිනමාපටයෙදී පෙර සිනමාපටයේ හල්ක් ලෙස එක්වුණු එඩ්වර්ඩ් නෝර්ටන් වෙනුවට මාර්ක් රෆලෝ ආදේශ වනවා. මේ සිනමාපටයේ සිටඔහු මේ විශ්වයේ මහා අනුවන දැවැන්තයා ලෙස එක්කාසු වන්නේ ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙනයි. ඒ වගේම දෙවන ඉන්ෆිනිටි ස්ටෝන් එක වනමයින්ඩ් ජෙම් එකත්ඒ විශ්වය වෙත මේ අපුරු මිතුරු හවුල තුල හඳුන්වා දෙනු ලැබුවා. සිනමාපටය අවසානයේ වසර 10 ක සැලැස්මේ අති දැවැන්ත සතුරා වන තැනොස් නම් වන ඒ සැබෑ අලස දැවැන්තයා අප ඉදිරියේ ඔහුගේ රුව සටහන් කරන්නේ පැමිණෙන කළු වලාවක මුල්ම අඩහැරය ලෙසින්.
ආදායම ඩොලර් බිලියන – 1.5+
ඇවෙන්ජර් සිනමාපටය සමඟ සිනමා කොම්ක් පාදක කරගත් විශ්වයක් යනු කුමක්දැයි ලෝකයටම පෙන්වමින් මාර්වල්හි විශ්වයේ පළමු අදියර අති සාර්ථකව ලෙස නිමාව සනිටුහන් කරණු ලබනවා.මර්වල් විශ්වයේ දෙවැනි පිම්ම නැතහොත් එහි දෙවන අදිරය නිල වශයෙන් ආරම්භ වන්නේ Iron Man 3 තුලින් වන අතර මෙයටද පළමු අදියරේ මෙන්ම සිනමාපට 6 ක් ඇතුලත් වනවා.
2013 මැයි 3 තිරගත වන මෙය Shane Black කේ අධ්‍යක්ෂණයක් වනවා. අයන් මෑන් සිනමාපට ත්‍රිත්වය නිමාවට පත් කරමින් සාර්ථකම අයන් මෑන් සිනමාපටය වීමට මෙයට හැකියාව ලැබෙනවා. ඇවෙන්ජර් සිනමාපටයේ නිව්යෝර්ක් යුද්දයේ පසු කම්පනය නිසා PTSD තත්වයක සිටින ටෝනි විසින් මැන්ඩරීන් නැමති සතුරෙක් හා සටන් වදින අයුරු මින් අපට දැකගත හැකි වුනා. ඒ විතරක් නෙමෙයි මේ විශ්වය තුල ඔහුට ඇති තැන කියාපාමින් බොක්ස්ඔෆිස් ලොව බිලියනයක චෙක් හිමිකරුවෙක් වෙන්නත් ඔහු මෙවර තනිවම සමත් වෙනවා.
ආදායම ඩොලර් බිලියන – 1.2+
08 Thor: The Dark World (2013)
2013 නොවැම්බර් 08 තිරගත වන මෙය Alan Taylor ගේ අධ්‍යක්ෂණයක්. තවත් ඉන්ෆිනිටි ස්ටෝන් එකක් වන යතාර්ථ මාණික්‍ය හෙවත් ඊතර් එක පාදක කරගත් යතාර්ථය ව්‍යාකුල කිරීමේ සාර්ථක 8 වැනි සලරුව ලෙස ඉතිහාසපොත් අතරට එක්කාසු වෙනවා. තෝර් විසින් මැලකිත් නැමති සතුරෙක් සහ ඔහුගේ හමුදාවක් සමඟ සටන් වදින අයුරු සහ එමගින් ලෝක 9 ක් බේරාගන්නා අයුරු මෙතුලින් ඔබ දකින්නට ඇති.
ආදායම ඩොලර් මිලියන – 644+
09 Captain America: The Winter Soldier (2014)
2014 අප්‍රේල් 04 තිරගත වන මෙය මර්වල් විශ්වයේ ඉතිහාසයේ සුවිශේෂීම සිනමාපටයක් වනවා මෙන්ම මර්වල් හි අති සාර්ථකම කතාවක් සහිත සිනමාරූපී සිනමාපටයක් ද වනවා. ශීල්ඩ් ආයතනය තුල සැඟවී දියුණු වූ හයිද්‍රා හි පිබිදීම සමඟ සිදුවන ක්‍රියාවලියක් මේ සිනමාපටයට පාදක වනවා. මෙයින් සිදුවන පෙරලිය තුලින් සමස්ථ මර්වල් විශ්වය තුලම ඇති වෙන වෙනස්කම් නිසාවෙන් මෙය සැබවින්ම විශේෂ නිර්මාණයක් ලෙස තමුන්ගේ සලකුණ තබන්නට සමත් වෙනවා. සිනමා විශ්වය පමණක් නොව ඒ වනවිට විකාශය වූ ශීල්ඩ් කතා මාලාව උඩුයටිකුරු වන්නට මේ සිදුවීම බලපානවා. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කල රූසෝ සහෝදවරුන් වන Anthony Russo සහ Joe Russo තුලින් මේ සිනමාපටය ලද සාර්ථකත්වය නිසාම මාර්වල් විශ්වයේ දැවැන්තම සිනමාපට ත්‍රිත්වයකම සුක්කාන ඔවුන් සතු කරගැනීමේ මුල් පියවර මෙය වනවා.
ආදායම ඩොලර් මිලියන – 714+
10 Guardians of the Galaxy (2014)
2014 අගෝස්තු 01 තිරගත වන මෙය ජේම්ස් ගන් ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනයෙන් යුක්ත වූවා. තෝර් සිනමාපටවලින් පසුව අභ්‍යවකාශය පදනම්ව සහ පළමුවරට මාර්වල් විශ්ව ගවේෂණය මෙය මාර්වල් විශ්වය උඩු යටිකුරු කිරීමට සමත්කම් පානවා. එමෙන්ම මෙය ඇවෙන්ජර් මෙන්ම සමූහ වීර කණ්ඩායමක අලලා නිර්මාණය වුවක්. මාර්වල් විශ්වයේ සිනමා පටයක් වෙනුවෙන් හි පළමුවරට ගීත ඇල්බමයක් නිකුත් කිරීමත් මේ වෙනුවෙන් සිදු වන්නේ එහි ඇති වෙනස්ම මානයක් මොනවට කියා පාමින්. ස්ටාර් ලෝඩ්, ගමොරා, රොකට්,ග්රූට් යන චරිත මුල්වරට හඳුන්වා දෙන මෙහි, ක්‍රිස් ප්‍රේට්, සෝ සැල්ඩානා, ඩේව් බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රඩ්ලි කූපර් වැන්නවුන් එක්ව මේ සිනමාපටය අති සාර්ථක වූවා. ඉන්ෆිනිටි ස්ටෝන් වල බල මාණික්‍ය හඳුන්වාදෙන මෙහි විශ්වයේ සතුරා නැවතත් තමුන්ගේ අලසකමින්ම අවසාන කරනු දැකගත හැකි.
නමුත් මේ නිර්මාණය විශේෂම නිර්මාණයක් ලෙස මාර්වල් විශ්වය හැඩ කිරීමට සමත් වන්නේ මෙහි චරිත එතරම්ම ප්‍රසිද්ධ චරිත නොවීම හේතුවෙන් පමණක් නෙමෙයි සැබැවින්ම මෙතෙක් අප දුටු කෝණයෙන් පිටාතට පැනගොස් අතිවිශාල දම්වැලක පුරුකක් වීමට ඇති හැකියාව කියා පාමින්, අනාගතයේ මෙවැනි වෙනස් නමුත් එක කතාවක් වෙනුවෙන් බිහිවෙන විශ්වයක අලුත් පිම්මක් තබමින්.
ආදායම ඩොලර් මිලියන – 773+
11 Avengers: Age of Ultron (2015)
දෙවන වරට දිගහැරෙන ඇවෙන්ජර් සිනමාපටය වන මෙය 2015 මැයි 01 තිරය සිපගනු ලබනවා. පළමු ඇවෙන්ජර් සිනමාපටය නිර්මණය කල ජෝස් වේඩන් ම මෙවරද අධ්‍යක්ෂණ සහ තිර පිටපත් රචනයෙක් එක්වනු ලබනවා. ටෝනි ස්ටාර්ක් නම් මේ විශ්වයේ මහා චරිතය නිසාවෙන්ම ඇතිවෙන ඔහුගේම පුතෙකු වන මේ නොමිනිස් රෝබෝ නිසාවෙන් ලොවක් භයෙන් සලිත වන ආවස්තාවේ නැවතත් සුපිරි වීරයන් ඔහු හා එක්කාසු වන්නේ ලෝකයේම බර කරට ගනිමින්. පළමු සිනමාපටයේ සිටි ඇවෙන්ජර් චරිත මෙවරද සුපුරුදු පරිදි තිරය හැඩ කරනු දැකගත හැකි වේවි. එයට අමතරව තවත් මාර්වල් චරිත වන විෂන්, ක්වික්සිල්වර් සහ ස්කාර්ලට් විච් යන චරිත හඳුන්වා දීමත් මෙම නිර්මාණය තුලින් සිදු කරනවා. එමෙන්ම මාර්වල් හි සුවිශේෂී ස්ථානයක් වන වකන්ඩා ව මුල් වරට සඳහන් කරන අතර වයිබ්‍රේනියම්ද නම් සුපිරි ලෝහය පිලිබඳ අප තොරතුරු දැනගන්නේ ඉදිරියේ එන බිළාල රජෙකු වෙනුවෙන් හිත විවර කරමින්. එමෙන්ම ඉන්ෆිනිටි වෝ සිනමාපටයට පෙර අවසන් වරට තැනොස් ව දකින්නට ලැබෙන්නේ ඉන්ෆිනිටි ගන්ලට් එකද හඳුන්වා දෙන්නට මේ නිර්මාණය සමත් වන්නේ කුණාටුව අත ලගම බව අනතුරු සංඥා නොමැතිවම පෙන්වා දෙමින්.
ආදායම ඩොලර් බිලියන – 1.4+
මාර්වල් විශ්වයේ දෙවන අදියරේ අවසානය සමඟින් 2015 ජූලි 13 වනදා ඈන්ට් මෑන් නම් කුහුඹු චිරිතය මාර්වල් විශ්වය තුලින් රිංගා යන්නට සමත් කම් පානවා. Peyton Reed විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. කොමික් වල දෙවන ඈන්ට් මෑන් වූ ස්කොට් ලෑන්ග් ඈන්ට් මෑන් වන ආකාරය සහ යෙලෝජැකට් සමඟ සටන් වැදීම අකාරය මෙමගින් අපවෙත ගෙන ඒමට මාර්වල් විශ්වයට හැකියාව ලැබෙනවා. පෝල් රඩ් ප්‍රධාන චරිතය සඳහා ඔහුගේ ස්වරූපය සම්පුර්ණයෙන්ම වෙනස් කරනුයේ ගාර්ඩියන්ස් මගින් ඇති කල රැල්ල ඉදිරියටත් පවත්වාගෙන යාම්නේ.
ඈන්ට් මෑන් සමඟින් මාර්වල් විශ්වයදෙවන අදියර අවසන් අවසාන කරනා මොහොතේ 2016 දී සිවිල් වෝ සිනමාපටය සමඟ මාර්වල් විශ්වය එහි මෙතෙක් අති සාර්ථකම අධියර වනතුනවන අදියර ආරම්භ ආරම්භ කරන්නේ ලග එන අවසානය සඳහා සුදානම් වෙමින්.
ආදායම ඩොලර් මිලියන – 519+
13 Captain America: Civil War (2016)
2016 මැයි 06 තිරගත වන මෙය වින්ටර් සෝල්ජර් සිනමාපටයෙන් මාර්වල් විශ්වයේ වැඩ පෙන්වූ රූසෝ සහෝදරයන්ගේ නිර්මාණයක් මේ විශ්වයට එක්වන දෙවැනි නිර්මාණය බවට පත් වනවා. කැප්ටන් ඇමෙරිකා ගේ සිනමාපටයක් වුවත් ඇවෙන්ජර් 2.5 ලෙසින් හැඳින්විය තරම්ම මිතුරු හවුල හා සම්බන්ධ වුන ඒ සුපිරි චරිත සමඟ ගැටුන මේ නිර්මාණය සැබවින්ම විශ්වයේ සංදිස්ථානයක් බවට පත් වන්නේ, අවේන්ජර්ස් සිනමා පටයකින් පසු වැඩිම තරු සහභාගිත්වය මීට ලැබීම හේතුවෙන්. තෝර් සහ හල්ක් හැර ඒ වන විට මාර්වල් විශ්වය තුල පෘතුවිය මත සිටි සියලුම සුපිරි වීර චරිත සියල්ලම පාහේ මේ සඳහා සහභාගී වනවා. කෙතරම් චරිත සිටියද කැප්ටන් ඇමෙරිකා ප්‍රධාන කොටගෙන නිමවූ මේ සිනමාපටය අති සාර්ථක වන්නේ ඒ වන විටත් අවෙන්ජර් ඉන්ෆිනිටි වෝ හිමිව තිබූ රූසෝ සහෝදරයන් හට එවැනි දැවැන්ත සිනමාපටයක් කිසිඳු අභියෝගයක් නොවන බව සනාත කරමින් ය. හෙල්මට් සීමෝ නැමැත්තාගේ කුමන්ත්‍රණයකට නිසාවෙන් මෙතෙක් මිතුරු හවුල දෙකඩ වන හැටි සහ සුපිරි බල ඇත්තවුන් තමුන්ගේ බලයන් අවභාවිතය සම්බන්ධයෙන් යම් පාර්ශවයක් වෙනුවෙන් වග කියා යුතුය යන තේමාව මුල් කොට ගෙන කියවුන මේ කතාව බ්ලැක් පැන්තර් සහ ස්පයිඩර් මෑන් යන චරිත මේ මහා විශ්වයට හඳුන්වා දීමට සමත්කම් පානවා. අවෙන්ජර් සිනමාපටයක් නරඹන ආකාරයේ අත්දැකීමක් ලබාදීමට රූසෝ සහෝදරයන් මින් සමත් කම් පාන්නේ අනාගතයේ එන ඒ අතිවිශාල නිර්මාණයට සාර්ථකව මුහුණ දෙන්නට අප හිත තුල ඇති චකිතය තරමක් හෝ පහකරමින්.
ආදායම ඩොලර් බිලියන – 1.1+
2016 නොවැම්බර් 04 තිරගත වන මෙය තුලින් මාර්වල් විශ්වය මායාවේ ආශ්චර්යයෙන් නහවමින් ඒ තුලට තවත් චරිතයක් හඳුන්වාදෙනු ලබනවා. ඩොක්ටර් ස්ටෙෆන් ස්ට්‍රේන්ජ් ලෙසින් බෙනඩික්ට් කුම්බර්බැච් මේ විශ්වය තුලට එකතු වන අතර, ස්කොට් ඩෙරික්සන් ගේ අධ්‍යක්ෂනයක් වන මෙය මේ විශ්වය තුල මෙතෙක් නිර්මාණය වූ වෙනස්ම සිනමාපටයක් ලෙස තමුන්ගේ ලකුණ තියන්නට සමත් වෙනවා. විවිධ මානයක් පාදක කරගෙන නිමවුණු මෙහි ඩොරමාමු ලෝක විනාශ කරන්නෙකු හා ගැටෙන්නට වෛද්‍යවරයාට සිදුවන්නේ තමුන්ගේ මායා අධ්‍යාපනය නිසි ලෙස අවසාන කරගැනීමටත් මත්තෙන්. එමෙන්ම කාල මාණික්‍ය හඳුන්වා දීමත් මෙමගින් සිදුවන තවත් වැදගත් ක්‍රියාවක්.
ආදායම ඩොලර් මිලියන – 677+
15 Guardians of the Galaxy Vol. 2 (2017)
2017 මැයි 05 තිරගත වන මෙය සුපුරුදු පරිදි ජේම්ස් ගන් ගේ නිර්මාණයක් වනවා. ඊගෝ ලිවින්ද ප්ලැනට් චරිතය ෆොක්ස් වෙතින් හුවමාරුවක් යටතේ ලබාගත් පසු මේ සිනමාපටය සඳහා යොදාගනු ලබනවා. මාර්වල් තවත් දැවැන්ත චරිතයක් වන ඇඩම් වොර්ලොක් ගේ හඳුවාදීමක් මෙහි අවසානයට දැකගත හැකි වූවා. ඉතින් නැවතත් විශ්වයේ අමුතුම නිර්මාණයක් වුන මෙය කලින් සලරුව අභිබවා යමින් මුල්‍යමය සාර්ථකත්වයක් ලබා ගන්නේ මාර්වල් සිනමා විශ්වය සතු බලය නැවතත් විදහා පාමින්.
ආදායම ඩොලර් මිලියන – 863+
16 Spider-Man: Homecoming (2017)
සෝනි වෙතින් මාර්වල් විශ්වය වෙත ස්පයිඩර් මෑන් යොදාගැනීමට අවසරය ලැබුණු පසු දෙවන වරට විශ්වය වෙත පැමිණෙන්නේ තමන්ගේම කියා සිනමපටයකිනි. සිවිල් වෝ තුලින් සාර්ථක ආගමනයක් ලබා ගත් ස්පයිඩි මේ සිනමාපටය තුලින් ස්පයිඩර් මෑන් ලෙසින් ගෙවන මුල් කාලයේ කතාවක් ඉදිරිපත් කරනු ලබනවා. 2017 ජූලි 17 පැමිණෙන මේ සිනමාපටය ජෝන් වේට්ස් ගේ අධ්‍යක්ෂණයක් වනවා. වන අතර මකුළු මිනිසා නැණවත් යකඩයකින් පන්නරය ලබමින්, කුරුළු ප්‍රහාරයක් එක්ක නගරය බේරාගන්නට වෙර දරන හැටි වගේම, මෙහා යුද්ධ නිසාවෙන් ඉතිරි වුන පිටසක්වල තාක්ෂණයේ භයානක කම කියා පාන්නට සමත් වුනේ මේ විශ්වයේ ඇති මනක්කල්පිතයට තරමක යතාර්තයක මුහුණුවරක් එක්කාසු කරමින්.
ආදායම ඩොලර් මිලියන – 880+
මෙතෙක් පැමිණි සෑම මාර්වල් විශ්වයේ සිනමාපටයකටම වඩා වෙනස්ම ආකාරයේ සිනමාපටයක් ලෙස තෝර් රැග්නරොක් නිර්මාණය වන්නේ හාස්‍යෝත්පාදක සිනමාපටයක් ලෙසයි, සැබවින්ම එය සම්පුර්ණ විශ්වයක් සිනහවෙන් කුල්මත් කරන්නේ නොසිතු සාර්ථකත්වයක් ලගාකර ගනිමින්. 2017 නොවැම්බර් 03 තිරගත වන මෙය ටයිකා වයිටිටි ගේ අධ්‍යක්ෂණයක්. ඇවෙන්ජර් ඒජ් ඔෆ් අල්ට්‍රන් සිනමාපටයෙන් පසුව පළමු වරට හල්ක් මෙන්ම තෝර් ඩාර්ක් වර්ල්ඩ් සිනමාපටයෙන් අනතුරුව ලෝකී ද දක්නට ලැබෙන්නේ මේ හරහායි. තෝර් ගේ Mjölnir විනාශ වීමක් සහ හෙලා හේ පැමිණීම තුල ඇස්ගාර්ඩ් විනාශවීම දක්වා කතාවක් මේ සිනමාපටයට අයත් වනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විශ්වයේ ආරක්ෂකයා ලෙස කෙටි දර්ශනයක් වෙනුවෙන් එක්කාසු වන මෙය තුල සුපුරුදු ලෝකී වෙනස්ම මුහුණු වරකින් දැකගත කි වනවා. එපමණක් නොවෙයි, ලොව පෙනෙන දෙය සැබවිම පෙනෙන තරම් සුන්දර නැති බව නොකියා කියන මේ නිර්මාණය මාර්වල් විශ්වයට තවත් කෝණයක් එක්කාසු කරන්නේ අමුතුම ලෙසකින්. සිනමාපටය අවසන් වන්නේ තැනොස් ගේ යානයේ ආගමනය සමගිනුයි.
ආදායම ඩොලර් මිලියන – 854+
2018 පෙබරවාරි 16 තිරගත වන මේ සිනමාපටය මාර්වල් විශ්වයෙහි වෙනස්ම සිනමාපටයක් වනවා. රයන් කූග්ලර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි බ්ලැක් පැන්තර් සඳහා චැඩ්වික් බොස්මන් එක්කාසු වනවා. සිවිල් වෝ සිනමාපටය තුලින් පළමු ආගමනය සිදු කල ඔහු තමන්ගේම කියා හිමි වූ මේ සිනමාපටය අති සාර්ථකත්වයක් කරා රැගෙන ගොස් තිබෙනව බව ඔබ අද වෙනකොට සක්සුදක් සේ දන්නා කරුණක්. ඒ ලෙහෙසි පහසු අයුරකි නොවෙයි මේ මහා විශ්වයේ තෙවැනි වැඩිම ආදායම් ලාභියා හැටියට. වාර්තා ගොන්නක හිමිකරුවා හැටියට. මේ සිනමාපටය විශේෂ වන්නේ නළු නිලි පිරිසගෙන් 98% ක්ම කළු ජාතිකයන් වීමයි. එතනින් නොනවතින මේ බිළාල රජු කළු ජනතාවගේ ඉතිහාසගත ශෝකාන්තය තුල ගැබ්ගත් ශක්තිය මේ නිර්මාණය තුල බොහොම අගේට හුවා දැකිවීම නිසාවෙන් බොහොම පැසසුමක් ලැබුවා සේම, එක විශ්වයක් තුල හරවත් එනමුත් වෙනස්ම වුන කතා ලොවට හඬගා කීමට මර්වල් සමාගම තුල ඇති ඒ දැක්ම සහ අධිෂ්ඨානය විශිෂ්ඨ ලෙස ඉස්මතු කර දක්වන්නට සමත් වුනා.
ආදායම ඩොලර් බිලියන – 1.3+
එතනින් නිමාවන ආගමනය, දොර විවර කරන්නේ විශ්වයේ මාරක අවසානයට කිව්වොත් මම නිවැරදි, සැබවින්ම මෙය සංවේදී චිත්‍රපටයක්. ඔබට මට පමණක් නොවෙයි, මෙහි චරිත පවා ඒ දශකයක බර දරාගෙන තමයි තිරය ආලෝකමත් කරන්නට සැරසෙන්නේ. නමුත් ඔවුන්ගේ වෑයම එසේ මෙසේ එකක් නෙමෙයි, සිනමා පට 18ක් පුරා අප කියා පෑ කතාව තවත් දියුණු කරමින්, කතාව වෙනස් කරමින්, මෙතෙක් අලසයෙක් ලෙස තමුන්ගේ සිංහාසනයේ අරක්ගත් ඒ දැවැන්තයා නගා සිටුවීමටයි…
විශ්වයක් පුරා විසිර සිටින වීරයන් ගොන්නක් තමන්ගේ හැකියාවෙන් ලොවක් බේරා ගැනීමට තමයි සුදානම නමුත් ඔවුන් සතු හැකියාවන් වගේම ඔවුන්ගේ දැනුම වෙනත් මේ මොහොත වන විට, කෙනෙක් තමුන්ගේම කියා පවුල් ජිවිතයක් වෙනුවෙන් කාලය වෙන්කරන්නට සැරසෙනවා ඇති. තවෙකෙක් තමුන්ගේ ජීවිතය තමුන්ගේ බව වටහාගෙන තමුන්ගේ ආදරය සමග තනි වන්නට පොර කනවා ඇති… මේ සියල්ල අතරේ තමුන් ආදරය කරන මිනිසෙකු නොවුවත් මිනිසුන්ට එහා යන ගුණාත්මක ජිවිතයක් උරුම ඔහු හා තනි වෙන්නට මායාවක් හා වෙලී සිටින ඇයත් බොහොම ඇල්මෙන් පසුවනු ඇති. පෘථිවියේ තවත් කොනක තමුන්ගේ රාජධානිය වෙනුවෙන් හරි දේ කරන ඔහු ඒ රාජධානියේ විවෘත දොරගුළු තුලින් ලෝකය දෙස බලා සිටීවි…
මේ සියල්ල අතරේ විශ්වයේ ඈත කොනක දෙවියෙක් තමුන්ගේ මුළු ලෝකයම වෙනුවෙන් තමන් සතු සියල්ල පුජා කරන්නට සුදානම් වන්නේ ඒ ඔහුගේ වගකීම නිසාවෙන්… ඒ ඔහුගේ ජම්ම දායාදය නිසාවෙන්, මෙතෙක් අප සමඟින් විටෙක වෛරයේ ගිනි සිළුව රැගෙන ගිය පිරිස පවා සැබෑ සතුරා හමුවේ හරි දේ කිරීමට වෙර දරණු ඇතී… තවත් කොනක උදව් ඉල්ලා පැමිණි පණිවුඩයක් වෙනුවෙන් උදව් ලබා දෙන්න, ඔවුන් සතු දෙයක් හොරා ගන්න ගමන් ගන්නා යානයක් වීරයන් සිව්දෙනෙකුගෙන් සමන්විත බව ඔබට දැකගත හැකි වේවි…. ඒ තමයි පළමු හඳුන්වා දීම… අපේ වීරයන්ට… මේ අවස්ථාවේ ඔවුන් සිටිනා තැන…
මෙතෙක් කලක් අලස ලෙස සිහසුන දරා හුන් ඒ මහා දැවැන්තයා ඇත්තෙන්ම විටෙක සතුරෙකු නොවේවි, ඔහු පියෙක්, මිතුරෙක් සියල්ලටම ඉහලින් තමුන්ගේ යැයි කියා ගන්නා විශ්වයක් වෙනුවෙන් සාමය, සෞභාග්‍ය ගෙන එන්නට වෙර දරන තමුන්ගේම කියා සමතුලිතතාවක් අගයන සැබවින්ම කදුලක් සැලිය හැකි, උණුවෙන හදවතක් හිමි, රත්රන් අතක් හිමි රාක්ෂයෙක්. ඔහුගේ ජිවිතය එක අරමුණක් වෙනුවෙන් කැපවුවක්. ඒ අරමුණ විශ්වයේ නිර්මාණය හා පැටලුන මැණික් ගල් පහක්… නමුත් ඔහුගේ ඒ ආසාව, ඒ සමතුලිත කම ඉදිරියේ තමුගේ පැත්තෙන් ලෝකය දකින, තමුන්ගේ පැත්තෙන් තරු අතර සැරිසරන අපට වීරයන් වන ඔහුට සතුරන් වන මිනිසුන් පිරිසක්….
දැනුමට අධිපති වූ මැණික දරා සිටින ඔහු මිනිස් උප්පතිය නොලැබු සැබෑ මිනිසෙක්, කාලය පාලනය කරන ඔහු සැබවින්ම කාලය රැක ගැනීමට වෙර දරණ ජිවකයෙක්… කොතරම් වෙනස් වීමට වෙර දරණා බව පෙන්වුවත් කිසිදා වෙනස් නොවන විජ්ජාකරයෙකු වබ ඔහු දරා සිටින විශ්වයේ මාණික්‍ය සැබවින්ම බොහොම දෙනෙකුට රහසක්…. ලොවක් රකින සම්මේලනයක් සතු බල මාණික්‍ය ඇත්තෙන්ම නෝවා සම්මේලනයේ වටිනාම වස්තුවත්, භයානකම වස්තුවත් වන්නේ ඉන්ද්‍රජාලයේ ආරක්ෂකයන් එහි උරුමක්කාරයන්, සුරකින්න ලෙස ඔවුන් තෝරාගැනීම නිසාවෙන්… යාතාර්තයේ මාණික්‍ය විශ්වයේ පුරාතනයෙකු සුරක්ෂිතයි… ඉතින් මේ තමයි විශ්වයේ සිහසුන වෙනුවෙන් පොර කන අපේ දැවැන්ත සතුරාගේ ඉලක්කයන්. ඔහු මේ මාණික්‍ය තමුන් සතු කරගත යුතුයි…. නමුත් තවමත් අප කිසිවෙන් නොදන්න, ඇය පමණක් දන්න, ඔහුද නොදන්නා මාණික්‍යයක් පවා ඔහුගේ ගමන හරස් කරන්නේ ආත්මයේ නාමයෙන්… ඉතින් ඔහුට හැකි වේවිද මේ මහා බලය තමුන් සතු කරගන්න ? එක බල කේන්ද්‍රයක් ගොඩනගා ගන්න ? මේ සියල්ල සිදුවෙන තුරු අපේ වීරයන් කුමක් කරනු ඇති ද? කොහේ සිටිනු ඇති ද? සැබවින්ම කවුරු මේ සඳහා සහභාගී වන ඇති ද? අවසානයේ කී දෙනෙකු නම් අප නිහඬ තාවයේ ගිල්වමින් මාර්වල් විශ්වයේ දුහුවිලි පිරුණ ඉතිහාසගත කොමික් පොත් අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දුහුවිල්ලක් වී යනු ඇති ද? ඉතින් මේ පැටලුන ලිපිය ලෙහා ගන්නට, ඔබට කාලය කැප කරන්නටම සිදු වෙනවා, මක් නිසාද යත් දශකයක වෙහෙස ලිපියකින් කැටිකර දක්වන්නට තරම් අප බලගතු නැති නිසාවෙන්…
IMDB මීටරයේ 8.9 ක් වගේ සුවිශාල අගයක් ලබාගෙන හොඳම 250 ඇතුලත 12 වැනි තැන වැජබෙන මේ නිර්මාණය ටෝමාටෝ මීටරයේ 84% අගයක් සොරාගන්නටත් සමත්කම් පානවා… පැය දෙකකුත් මිනිත්තු 29 ක කාලයක් පුරා විශ්වයේ සටනක් ලෙස තැනින් තැන පනිමින් මරු පහර දෙමින් කියවෙන මේ කතාව වෙනුවෙන් දින 10 වගේ සුළු කාලයක් ඇතුලත බිලියන 1.1 වගේ සුවිශාල ආධායමක් ලබා දෙන්නටත් ලොව පුරා ප්‍රේක්ෂකයන් කාරුණික වෙලා තියෙනවා. එතනින් නොනැවතී…..
මේ ලිපියේ අවසානයක් තියේ ද? විශ්වය අළුවෙන තැනවත් ඔබට බලන්නට සහනයක් නැහැ නේද, මහා වැල්වටාරම් ගොන්නක්… යන්න, යන්න මේ ඔබේ වෙලාව… සතුටු වෙන්න, අඬන්න… තුශ්නිම්භුත වෙන්න… අවසානයේ නිශ්ශබ්ද වෙන්න… වචනයක් කියා යන්න… භාරයි ඔබට මේ මහා සංග්‍රාමය….
#Hail_Hydra

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR / IMAX WEB පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.
107,998 downloadsDownload Avengers.Infinity.War_.2018.Sinhala-IMAX.zip201 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Kids
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Family
- Marvel Comics
- #Anthony Mackie
- #Anthony Russo
- #Benedict Cumberbatch
- #Benedict Wong
- #Benicio Del Toro
- #Box Office Hits
- #Bradley Cooper
- #Carrie Coon
- #Chadwick Boseman
- #Chris Evans
- #Chris Hemsworth
- #Chris Pratt
- #Danai Gurira
- #Dave Bautista
- #Don Cheadle
- #Elizabeth Olsen
- #Gwyneth Paltrow
- #Idris Elba
- #Jack Kirby
- #Joe Russo
- #Josh Brolin
- #Karen Gillan
- #Letitia Wright
- #Mark Ruffalo
- #MaxxA
- #Michael James Shaw
- #Monique Ganderton
- #Must Watch
- #Offbeat
- #Paul Bettany
- #Peter Dinklage
- #Pom Klementieff
- #Robert Downey Jr.
- #Scarlett Johansson
- #Sean Gunn
- #Sebastian Stan
- #Sinhala Subtitle
- #Stan Lee
- #Terry Notary
- #Tom Hiddleston
- #Tom Holland
- #Vin Diesel
- #William Hurt
- #Winston Duke
- #Zoe Saldana Zoe Saldana
- #උපසිරැසි
- #රොයිලි ප්‍රනාන්දු
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1,118 comments
chaminda_max
viraj harsha
Ehenm 400th pahukara neda?? Good luck saho...subtitles 400 kiyanne sellamak newei...ikmantama 500th gahanna waasanawa lebewaaa...meka bluray walinma balanna oni saho...bluray aawama update ekat dennooo...thanks bro
Ajay_D
Pissu hadei... Elama sub ekata thanks... bp eka balalama meka balanna oone...
Ajay_D
Fasta lipiya
Deshan Rathnayaka
Sub එකට Thanks............෴
400 ටත් අාවා නේ....෴
සුභ පැතුම් කොල්ලො......෴තාම මඳි වගේ නම් 500 ටත් යමූ.....෴
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺nisum
400k poddak nemei jaya,
br copy ekak apu gaman aranna,
jayen jayaGihan0717
මම දැකපු හොඳම සබ් මේකර්..පෞද්ගලිකව මම රොයිලි අයියගේ ෆෑන් කෙනෙක්...බොරු බයිලා නැතුව හොඳට ලිපිත් ලියනවා.තැන්ක්ස් අපි වෙනුවෙන් කරන සේවයට...ඔබට ජය!!
Virajcom
පට්ට සහෝදරයා.. 400ක් සබ් බොහොම ස්තුතියි...
පට්ට ලිපිය.. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත..
ඉදිරියටත් මේ වගේ සබ් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..Thanusha
Summa
Paara thanks brodsdkavishka
බොහොම ස්තුතී! අයියේ.....
Mahozi
thank you
Dimuthu Nisansala
thank you!!!
sandaruwangc
Thank අයියේ ඔයාට, මේ වගේ සුපිරි movies වලට තව තවත් sub කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Jana
නියමයි! රොයිලි සහෝ :)
lakmal
Thankzzzzzzzzzzzzzz
dishan1800
thanks bro
hasiniabeywardana
සුපිරි සහෝ
ජයෙන් ජය !!!Samira
Roily Aiye Suba Pathum 400 Kada Imata.Film Eka Balanne Hoda Copy Ekak Awema.
Chamindu Madhushan
Patta sahodaraya. Sub 400 kara ehenam jaya wewa
Api venuven karana me sewayata oyata godak pin.prasangamno
වස්තුවෙ ආදරෙයි පැලෙන්න උඹට... තව film 1000k වත් sub කරන්න ශක්තිය ධෛර්යය labewa......❤️❤️❤️❤️
Hansa Jayathilaka
එලම අයියේ
kalinda gurudeniya
unusum suba pathum jayen jaya
Isuru lakshan
thanx bro.....
sadeepaT
bohoma sthuthiyi mcho ....
Wishmika Probodana
Tnx bro
Elbert
You have made this as a University... Respect bro...
Subhash13
සුපිරිම රොයිලි අයියා.. සුබ පැතුම්
devindu99
උබ ගැන කතා කරලා වැඩක් නැ බන් පට්ට උබ
priyadarshana123456789
supiri bro tnx
Hashan
congratulations brother
Chinthaka
Congratulations on your 400th subtitle. Hope it never ends
LuckyDhananjaya
400 ට සුබ පැතුම්...ලිපිය අති වි්‍ශිෂ්ටයි...Blu-rayඑනකම් ඉන්නවා...
harshahjk
මාරම මාරයි රොයිලී 400? හිතාගන්නත් බෑ අපි වෙනුවෙන් මහන්සි වෙලා තියන ප්‍රමාණය. ඒ වගේම අර වචනය 'නාස්ති කරපු කාලය' මට අදහසක් නෑ ඇයි එහෙම කියන්නේ කියලා නමුත් ඒක වැරදි වචනයක්. මම චිත්‍රපටි බලනවා ඉතාම අඩුයි මේ තියන ලිස්ට් එකෙන් බලලා තියන ච්ත්‍රපට ප්‍රමාණය ඉතාම ටිකයි. ඒත් මේ තියන හැම ටි වී සීරීස් එකක්ම මම බලපුවා එකක් වත් අත ඇරිලා නෑ. ඒ විතරක් නෙවෙයී ඒ හැම එකක්ම තවමත් මා ලඟ සුරැකිව තියනවා. මචං "එලිසබත් කීන්" වෙන්න හදන්න එපා හරිය ඒ හොල්මන වැඩිහරියක් කළේ ගොං වැඩ. ඉඩ ලැබෙන විදිහට අපි සමඟ තව දුරටත් ඉඳියි කියලා විස්වාස කරනවා ස්තූතියි ජයවේවා
3cjsasika
Elama machnn good luck
Shadow125
tnx bro :) just watched infinity war yesterday in big screen but its very complicated at the end again i m going to watch it .. because i still cant believed what was happen ..
Amila Eranda
සුබ පැතුම්! අයියා....
diyashan
Hmboooo.....lipiya nm patta...habai dnma balanne na...
400k kiynne sellam na...suba pathanawa sabodaraya..ramesh shalitha
Good luck අයියා... bluray 1 aapu gaman danda ok...
navi_madushan
හම්බෝ උපසිරැසියට බොහොමත්ම ස්තූතියි... මං සාමාන්‍යයෙන් කමෙන්ට් දාන කෙනෙක් නෙවේ... එහෙමයි කියලා උපසිරැසියක් නුදුන්නත් පරක්කු උනොත් බනින කෙනෙකුත් නෙවේ... මෙච්චර කල් උපසිරැසි ඩවුන්ලෝඩ් කරලා බැලුවට අද තමයි bicecope එකේ ඉන්න උපසිරැසි නිර්මානකරුවෝ කොයි තරම් මහන්සි වෙනවද කොයි තරම් කාලය මේ වෙනුවෙන් කැපකරනවද කියලා තේරුනේ.. කියන්න තියෙන්නේ මෙච්චරයි... මෙහෙම සේවයක් දෙනවට ඔබට සහ බයිස්කෝප්හි සියලුම දෙනාට බොහොම ස්තූතිය... ඔබට ජය
Praneethasanka5
Thankxxxx bro
Gagan
Thank u & Good Luck
Ishan Aravinda
400 ට සුබ පැතුම්…
sachintha
සිංහල උපසිරැසි 400 ක් අම්මෝ මටනම් පිස්සූ වගේ රොයිලි අයියේ ...
ඔයා පලමු උපසිරැසය අන්තර්ජාලය ට නිකුත් කිරීමත් එක්කලා මේ ඇරඹූ ගමන් මග ඉදිරියටත් මේ විදියටම කරගෙන යෑමට අවශ්‍ය කාලය,ශක්තිය ලැබේවයි පතමි....
400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා ...
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයඑල්.සී. දමැල්
බොහොම සතුටුයි රොයිලි අයියේ. බයිස්කෝප් වෙබ් අඩවියේ මුල් පියවර තිබ්බ ඔබ අද මේ පහු කරන 400 කඩයිම වෙනුවෙන් මගේ හදපිරි සුභ පැතුම්!
400ට දීලා තියෙන්නෙත් එසේ මේසේ චිත්‍රපටයක් නෙමෙයි නොවැ...
ඉතින් ප්‍රාර්ථනා කරනවා, ජීවිතයේ අනිකුත් සියලුම දේවල් සාර්ථකව ඉටු කරගන්න අතරේමමෙතනිං නොනැවතී 450,500,...1000... යන කඩයිම්වලිනුත් මේ විදිහටම හමු වෙන්න ලැබේවා කියල...
සබ් එක්ක චිත්‍රපටි බලන එක දැන් අඩු වෙලා තිබුනත් ඔන්න මේකනම් අයියගේ සබ් එක එක්කම තමයි බලන්නේ.
තිසර සහෝදරයාටත් ස්තුතියි කියනවා, ලස්සන බොහොම විස්තරාත්මකව ලිපිය ලියල තියෙන එක වෙනුවෙන්.nishannw
එළ නියමයි..400ක් කියන්නේ සුලු පටු ගානක් නෙවේ.මේ විදියට දිගටම සබ් දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න සම්පූරණ ලිපියම කියෙව්වා.දන්නෙ නැති දේවල් ගොඩකුත් ඉගෙන ගත්තා.බලන්න තියෙන හදිසිය නිසාම මේක බාගෙන බලනවා.ගොඩක් ස්තූතියි.ජය වේවා
Kawi Jayasinghe
Wooooowww 4000 ta suba pethum loku aiyee 450,500 thamai iilagata aa
malithmadhushan45
Unusum suba pathum royli aiyee bohoma sthuthi sub ekta ikmanatama 500 karanna labewai pathanawa
gihan perera
Wow machan congratulations for 400 subtitle...keep it up....balan hitapu film ekak...bluray apu gaman danne machan...good luck and god bless you...
kavika supun
සුපිරි අයියේ 400 ට සුබ පැතුම්.....
lord voldemort
THnx roily ayya....lankawe no. 1 subtitler oya thamai
swarna_udayanga
Roili aiya kyala wadk na .. kynna wachna naa english knowledge eka adu knkt sinhala sub gdk watiwa aiya wade digatama kragena ynna mona badakyk awat nawtnna epa api oyat ekka innw god luck bs
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Avengers-Infinity-War-2018.jpg)
good luck 400 ta thawa loku gamanak yanna wasanawa sakthiya labewa.biscope ekata oyawa loku hayyak sakthiyak. thanks sab ekata