Watch Trailer

Lost in Space (2018-) [S02 : E04] Sinhala Subtitles | රෙසලූට් එක පැද්දේ කවුද? [සිංහල උපසිරසි]

පසුගිය කොටසින්. ============ ජීවත් විය නොහැකි මෙතේන් පිරුණු ලෝකයකට කඩා වැටුනායින් පසුවත් රොබින්සන් පවුලෙහි මූලිකයා වුනු ජෝන් රොබින්සන් තීරණයක් ගෙන තිබුනේ තම පවුලත් සමග අපහසුවෙන් හෝ එම ලෝකය තමුන්ගේ නිවස කොටගෙන ජීවත් වීමටයි. දිවි බේරාගැනීමේ දක්ශයෙකු වූ ජෝන් රොබින්සන් පෙර තිබූ නාවුක සීල් බලකායේ අත්දැක…

පසුගිය කොටසින්.
============

ජීවත් විය නොහැකි මෙතේන් පිරුණු ලෝකයකට කඩා වැටුනායින් පසුවත් රොබින්සන් පවුලෙහි මූලිකයා වුනු ජෝන් රොබින්සන් තීරණයක් ගෙන තිබුනේ තම පවුලත් සමග අපහසුවෙන් හෝ එම ලෝකය තමුන්ගේ නිවස කොටගෙන ජීවත් වීමටයි. දිවි බේරාගැනීමේ දක්ශයෙකු වූ ජෝන් රොබින්සන් පෙර තිබූ නාවුක සීල් බලකායේ අත්දැකීම් සමග තම පවුල ආරක්ශා කර ගනිමින් පිටස්තර ග්‍රහලොවක් තුල වගා බිමක් ගොඩනගා ගනිමින් තම පවුල මාස 7ක් පමණ දීර්ඝ කාලයක් නඩත්තු කරන්නට යෙදුනා. එහෙන්ම රෙසලූට් මව් යානයේ ඉංජිනේරුවෙකු වූ මොරීන් රොබින්සන්ද සහ තම දරුවන්ද මේ දිවි බේරාගැනීමේ ප්‍රයත්නයට උර දෙන්නට වුනා.

මේ අතරතුර පිටස්තර ආම්ලික වායුගෝලයෙන් වගාබිම ආවරණය කරගෙන තැබුනු හරිතාගාරයේ බාහිර ආරක්ශිත ආවරණය යම් හේතුවක් නිසා පලුදු වන්නට යෙදෙනවා. එමෙන්ම මොරීන් දවසේ බොහෝ කාලයක් පිටසක්වල යානාවේ එන්ජිම පණගැන්වීමට උත්සාහා කරනවා. නමුත් මොරීන්ට මේ පිලිබඳව කිසිදු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. නමුත් හොඳින් සිතා විශ්ලේෂණය කරන ලද තර්කයක් වශයෙන් ඇය නැවතත් අභ්‍යවකාශගත වීමට අදහසක් ඉදිරිපත් කර සිටියත් ජෝන් රොබින්සන් විසින් එය ප්‍රතික්ශේප කරන්නේ, මෙතෙක් කාලයක් ඔහුට පිලිවෙලකට විඳගැනීමට නොලැබුනු පවුලක අත්දැකීම නිවි හැනහිල්ලේ මාස ගනනාවක පටන් විඳගැනීමට ලැබුනු නිසාවෙන්. නමුත් හරිතාගාරයට සිදුවුනු අනතුරත් සමග ඔහු මොරීන්ගේ අදහස ක්‍රියාත්මක කිරීමට එකඟ වනවා. ඒ අනුව ඔවුන් මෙතේන් ගහණ මුහුදක් මැදින් තම අභ්‍යවකාශ යානය නියමිත වෙලාවකට අකුණු වදින කුණාටු ස්ථානයක් කරා රුවල් බෝට්ටුවක් ලෙසින් යාත්‍රා කිරීම ආරම්භ කර සිටිනවා.

එයින් පසුව ගමන අතරතුර සිදුවුනු අනතුරු නිසාවෙන් මෙතෙක් කාලයක් යානය තුල සිරකරුවෙකුව සිටි ඩොක්ටර් ස්මිත්ව එලියට ගැනීමට මොරීන්ට සිද්ධ වෙනවා. මේ අතරතුර ඔවුන්ට මුහුද මැද ලෝහයෙන් සැදූ සද්ධන්ත ප්‍රමාණයේ ලෝහ පටියක් ලෝකය වටේටම දිවෙන ආකාරය දකින්න ලැබෙනවා. මෙම ලෝහ පටිය මත රොබෝ විසින් අඳින්නට යෙදුනු ගනයේ අක්ශර විශාල ප්‍රමාණයක්ද දකින්නට ලැබෙනවා. එමෙන්ම මෙය නිසා නියමිත වේලාවට එම ප්‍රදේශයට අකුණු එල්ල වන බව ඔවුන්ට දැනගැනීමට ලැබෙනවා. මෙම අකුණු වලින් යානය පණගන්වා ගැනීමට ඔවුන් සමත් වන්නේ සිදුවුනු අනතුරු වලින්ද දිවි බේරා ගනිමින්.

යානය ගුවන්ගත වීමෙන් පසුව ඔවුන්ට අභ්‍යවකාශයේදී රෙසලූට් යානයේ සම්ප්‍රේශණයක් හසුවනවා. එහිදී ඔවුන් විශ්මයට පත් වූවත් රොබින්සන් පවුල මෙන්ම ඔවුන්වත් රිෆ්ට් එකට හසුවී අභ්‍යවකාශයේ අතරමං වූවන් බවට පත්වී තිබෙන බවක් දැනගන්නට ලැබෙනවා. ඊට ප්‍රථම ඔවුන් රෙසලූට් යානයට ගොඩ වදින්නේ පිරිස හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔවුන් ගොඩවැදුනු ක්ශණයෙන් දකින්නට ලැබෙනුයේ හිස්වී අතහැර දමා තිබෙන රෙසලූට් යානයයි.

රෙසලූට් එකට ගොඩවැදුනු මේ පිලිබඳව කිසිවක් නොදන්නා රොබින්සන් පවුලට තවත් අනතුරකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ අතිශය පලුදුවීමකට ලක්වුනු දෙවනි රොබෝ කෙනෙක් ඔවුන්ට හානි කිරීමට පැමිණීමයි. මේ කලබල අතරතුර අනපේක්ශිත අයුරින් රෙසලූට් මව් යානයේ ඔවුන් සමග පැමිණි නිලධාරීන් පිරිසක් මොවුන්ගේ සහයට පැමි‍ණෙනවා. නමුත් ඒ වන විටත් පුරුදු පරිදි රොබින්සන් පවුල තමුන්ට සිදුවන හානි වලින් ආරක්ශා වීමට සමත් වනවා.

නමුත් කතාවේ ලොකු අභිරහසක්ව තිබුනු රොබෝ සහ රොබෝ මුලින්ම යානයට හානි කිරීමට පැමිණීමට හේතුව, රොබෝ සහ රෙසලූට් අතර ඇති සම්බන්ධතාවය පිලිබඳ ලොකු හෙලිදරව්වක් මේ කතාංගයෙන් පැහැදිලි වනවා. ඉතිං මේ කතාංගය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,754 downloadsDownload Lost-in-Space-S02-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

5,754 downloadsDownload Subtitles28 KB

16 comments

  1. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. isuruanuradha8

    machanla meke torrent link eka dawas 9kata kalinda out une,, koi link ekada hari eka??

    1. Pasindu16022

      Thanks for the sub bro.

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  6. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  7. ප්‍රශාත් මදුෂංක

    Thanks brother!

  8. Ayesh Prashan

    Thank You

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sanjeewakbg

    thanks bro..

  13. chinthaka.max4

    thankx machan

  14. Anonymous

    Thanks Brother

  15. Anonymous

    Thanks