ඔන්න එහෙමනම් ගෙනාවා MANHUNT කතාමාලාවේ තුන්වැනි කොටස හෙවත් අවසාන කොටස. ඉතින් සැබෑ පොලිස් විමර්ශනයක සත්‍ය කතාව දකින්න ලැබීම ගැන කට්ටියට මොකෝ හිතෙන්නෙ? හොදා එහෙමනම් අපි බලමු විමර්ශනයේ අවසානය කොයි වගේ වෙයිද කියලා. ඇමෙලිව මරලා දැම්මට පස්සෙ හෝඩුවාවන් හොයාගෙන ගිය පොලිසියට ඇත්තටම ලැබුනේ වාහනයක් ගැන හෝඩුවාව…

ඔන්න එහෙමනම් ගෙනාවා MANHUNT කතාමාලාවේ තුන්වැනි කොටස හෙවත් අවසාන කොටස. ඉතින් සැබෑ පොලිස් විමර්ශනයක සත්‍ය කතාව දකින්න ලැබීම ගැන කට්ටියට මොකෝ හිතෙන්නෙ? හොදා එහෙමනම් අපි බලමු විමර්ශනයේ අවසානය කොයි වගේ වෙයිද කියලා.
ඇමෙලිව මරලා දැම්මට පස්සෙ හෝඩුවාවන් හොයාගෙන ගිය පොලිසියට ඇත්තටම ලැබුනේ වාහනයක් ගැන හෝඩුවාවක් විතරයි. හැබැයි ඒ වාහනේ ලියාපදිංචි අංකයක් හෝ රියදුරා පිළිබදව කිසිම හෝඩුවාවක් පොලිසියට ලැබෙන්නේ නෑ. අවසානයේ අපේක්ෂා භංගත්වයට පත්වෙලා ඉන්න වෙලාවක යම්කිසි කාන්තාවක් ලබා දුන්නා වූ කට උත්තරයකින් සැකකරුවෙකු ගැන ප්‍රථමවරට පැහැදිලි තොරතුරක් ලැබුනා. ඒ සැකකරුවා වෙන්නේ ලිවී බෙල්ෆිල්ඩ්. ඉතින් මේ බෙල්ෆිල්ඩ් ගැන හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා ඔහු එතරම් හොද පුද්ගලයෙක් නොවන වග. කොටින්ම කිව්වොත් සල්ලාලයෙක් වගේ කෙනෙක් තමයි මේ බෙල්ෆිල්ඩ් කියන්නෙ.
නමුත් බෙල්ෆිල්ඩ්ව අත්අඩංගුවට ගන්න පැහැදිලි සාක්ෂියක් නොමැතිකම නිසා ලන්ඩන් පොලිසිය උත්සහ දරනවා ඇමෙලිගේ සිද්ධියට අමතරව බෙල්ෆිල්ඩ්ව මාෂා මැක්ඩොනෙල්ගේ සහ මිලී ඩොව්ලර්ගේ ඝාතනයන්වලටත් සාරා නයිට්ව යට කර පලා යාමේ සිද්ධියටත් සම්බන්ධ කරන්න. කෙසේ වෙතත් මාෂා සහ මිලී ගැන විමර්ශන බාර පොලිසිවලින්නම් මේකට කිසිම උදව්වක් ලැබෙන්නේ නෑ. තමන්ගේ මතය 100%ක්ම නිවැරදියි කියන තැන තමා ඒ හැමෝම ඉන්නෙ. නමුත් කෙසේ හෝ අවසානයේ කොලින් සට්න් ප්‍රමුඛ කණ්ඩායම බෙල්ෆිල්ඩ්ව අත්අඩංගුවට ගන්නවා. කොහොම නමුත් ඒ කට්ටියට ඔහුව සිරබාරයේ රදවාගන්න පැහැදිලි සාක්ෂියක්නම් හොයාගන්න බැරි වෙනවා.එවන් අසීරු අවස්ථාවක ඉන්න කොට බෙල්ෆිල්ඩ්ගේ බිරිය ලෝරා මාෂ් තමයි ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්නේ. ඇත්තටම ඇය සාක්ෂි දෙන්නේ තමන්ට සිද්ද වූ ගෘහස්ත හිංසන ගැන. නමුත් එයින් පොලිසියට වැඩිපුර කාලයක් ලැබෙනවා ඒ ගැන සොයන්න.
හොදයි එහෙමනම් ඊට පස්සෙ මොකද වෙන්නේ? බෙල්ෆිල්ඩ් වැනි සාහසික වගේම උපායශීලි ඝාතකයෙකුට විරුද්ධව ලන්ඩන් පොලිසියේ කොලින් සට්න් ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම සාක්ෂි සොයාගෙන මියගිය තරුණියන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කළේ කෙසේදැයි ඔබම බලා දැනගන්න.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV MTB පිටපත් සඳහා අදාළ වේ.
1,467 downloadsDownload Manhunt-S01-E03.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
Prabodha Madhusankha Hettiarachchi
lahirumax
thanks.
mewata sub danne nedda baiscope.........12 Monkeys se 4
Colony se 2 . 3
Quantico se 3
Mr, Robot se 3me katha tika compelet karannako.season okkotoma sub davi kiyala hithan balanna gaththe
MAALnath
Thanks ..........
Colony season 03
Exorcist season 02
Sub denna...................MAALnath
I zombie season 04 sub denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKulanjana Maduranga
subata thanks saho....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
The Punisher Season 2 එකට සබ් දෙමුකෝ ඉක්මනටම...Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
D.Chamara
bohoma sthuthi sahooo
jeewantha
මට නම් හිතෙන්නේ මධුකප්‍රිය පෙරේරා බයිස්කෝප්lk එකට තවත් "රොයිලි" යුගයක් උදාකරලා තියෙනවා. අප වෙත ගෙන එන රස වින්දනය වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි.
MAALnath
Thanks ...............good luck ..................
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Manhunt [S01 : E03] Sinhala Subtitles | යුක්තියේ නිමාව!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Manhunt-2019-TV-series.jpg)


Sthuthi broo sub ekata...