Manvat Murders S01 Sinhala Subtitles හොඳයි අද මං ඔබට අරගෙන ආවේ 1970 කාලයේ ඉන්දියාව භීතියෙන් සලිත කළ බිහිසුණු සත්‍ය දාම ඝාතන සිද්ධියක් පදනම් කරගනිමින් අශීෂ් අවිනාෂ් විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ටෙලිනාට්‍යයක් වන Manwat Murders. 2024 ඔක්තෝබර් 04 වැනිදා SonyLIV වෙතින් නිකුත් වුණු මෙහි IMDb Ratings අග…
Manvat Murders S01 Sinhala Subtitles
හොඳයි අද මං ඔබට අරගෙන ආවේ 1970 කාලයේ ඉන්දියාව භීතියෙන් සලිත කළ බිහිසුණු සත්‍ය දාම ඝාතන සිද්ධියක් පදනම් කරගනිමින් අශීෂ් අවිනාෂ් විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ටෙලිනාට්‍යයක් වන Manwat Murders. 2024 ඔක්තෝබර් 04 වැනිදා SonyLIV වෙතින් නිකුත් වුණු මෙහි IMDb Ratings අගය 7.1/10ක ඉහළ අගයක් ගත්තා. එකල ‘ඉන්දියාවේ ෂර්ලොක් හෝම්ස්’ ලෙසින් හැඳින්වුණු කීර්තිමන් අපරාධ විමර්ෂණ නිළධාරියෙක් වුණු රමාකාන්ත් එස්. කුල්කර්ණි මේ කතාවේ ප්‍රධාන චරිතය වන අතර ඔහු මාන්වත්හි සිදුවුණු දාම ඝාතන සිදුවීමක් විසඳමින් ඉදිරියට ගෙන යන ආකාරය මේ කතාමාලාවේ කුතුහලය සහ සංත්‍රාසය දනවන අන්දමින් නිරූපණය කෙරෙනවා. මේ ටෙලිනාට්‍යයට පාදක කරගන්නේ රමාකාන්ත් එස්. කුල්කර්ණි විසින් රචිත සිය ස්වයං ලිඛිත චරිතාපදානය වන ‘අපරාධ වැලිතලයේ පියසටහන්’ (‘Foot prints on the Sands of Crime’) නම් විශිෂ්ඨ ග්‍රන්ථයයි.

අපරාධ විමර්ෂණ නිළධාරී රමාකාන්ත් එස්. කුල්කර්ණි (වමේ සහ මැද) සහ ඔහුගේ චරිතය නිරූපණය කරන අශුතෝෂ් ගෝවාරිකර් (දකුණේ)
මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන නළු නිළියන්
- Ashutosh Gowariker රමාකාන්ත් කුල්කර්ණි ලෙසින්
- Sai Tamhankar සමින්ද්‍රිබායි ලෙසින්
- Makarand Anaspure උත්තම්රාවෝ භාරටේ ලෙසින්
- Sonali Kulkarni රුක්මණීබායි ලෙසින්
- Umesh Jagtap පොලිස් පරීක්ෂක පරන්ජේ ලෙසින්
- Shardul Saraf පොලිස් නිලධාරී දමෝදර් ශුක්ලා ලෙසින්
- Ketan Karande පොලිස් නිලධාරී පොන්ක්ෂේ ලෙසින්
- Sagar Yadav කොස්තාපල් අම්බාදාස් ලෙසින්
- Rupesh Jadhav කෛලාෂ් භරාටේ ලෙසින්
- Kishor Kadam ඝණ්පත් සාල්වේ ලෙසින්
- Mayur Khandge වාකට්කර් ලෙසින්
කොටස් අටකින් යුතු වන මේ කතා මාලාවේ සිංහල උපසිරැසි අද ඉඳන් බයිකොප් අඩවියෙන් ඔබ වෙතට ලැබේවි. මේකේ තියෙන කතාව මොකක්ද? 1972 නොවැම්බර් 14 සිට 1974 ජනවාරි 4 දක්වා කාලය තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාන්වත් නම් දුෂ්කර ගම්මානය සලිත කළ කාන්තා මිනීමැරුම් දාමයක අබිරහස සෙවීමට මාන්වත් හි පොලිස් දෙපාර්තමේන්තුව අපොහොසත් වන විට, මුම්බායි පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් පොලිස් නිලධාරී රමාකාන්ත් ඒ වෙනුවෙන් අනුයුක්ත කෙරී මාන්වත් ගම්මානයට පැමිණෙනවා. ඒ වනවිට ඝාතනයට ලක්ව තිබුණේ කුඩා දැරියන් පස් දෙනෙකු සහ වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයේ පසුවන කාන්තාවන් සිව් දෙනෙකුයි. මේ හැම මිනීමැරුමක්ම සඳහා බොහෝවිට පොරොවක් වැනි ආයුධයක් භාවිතා කර තිබෙනවා; මළසිරුරේ ලිංගික ප්‍රදේශ වල කපා කොටා දමා තිබෙනවා. මේ මිනීමැරුම් යම් ආකාරයක බිළි පූජාවක්, මන්ත්‍ර ගුරුකමක් ලෙස පෙනෙන්නට තිබුණා. මේ මිනීමැරුම් මාන්වත් පොලිසියට විසඳගන්න බැරි වුණාම manwath ගම්මානයේ මිනිසුන්ට තමන්ගේ පොලිසිය ගැනත් තිබුණු විශ්වාසය බිඳ වැටෙනවා. මේ මිනීමැරුම් කවුද කෙරෙව්වේ? ඇයි පොලිසියට වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න බැරි වුණේ? කුල්කර්ණිට එතැනදී මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? අද කොටසින් බලන්න.
මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි. මේක මගේ එකසිය තිස් හයවැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Manvat Murders S01 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
924 downloadsDownload Manvat-Murders-S01E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ වගේ සීරිස්එහෙකට සිංහල සබ් දෙනවට