Manvat Murders S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, අද මං අරගෙන ආවේ Manwat Murders කතාමාලාවේ දෙවැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔබ දකින්න ඇති මුම්බායි වලින් මාන්වත් වලට ගමන් කළ රමාකාන්ත් එස්. කුල්කර්ණි මාන්වත් වල මිනීමැරුම් පරීක්ෂණ දියත් කිරීම ආරම්භ කළ හැටි. ඒ වගේම පළමු දවසෙම රාත්‍රිය වෙද්දී මාන්ව…

Manvat Murders S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, අද මං අරගෙන ආවේ Manwat Murders කතාමාලාවේ දෙවැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔබ දකින්න ඇති මුම්බායි වලින් මාන්වත් වලට ගමන් කළ රමාකාන්ත් එස්. කුල්කර්ණි මාන්වත් වල මිනීමැරුම් පරීක්ෂණ දියත් කිරීම ආරම්භ කළ හැටි. ඒ වගේම පළමු දවසෙම රාත්‍රිය වෙද්දී මාන්වත් ගම්වැසියන් එක් දියණියක් ඔසවාගෙන යාමට තැත් කළ මිනිහෙක්ව අල්ලාගෙන පොලිසියට දන්වන ආකාරය. ඔහුගේ ජීවිතය නැති කිරීමට භීතියට පත් ගම්වැසියන් දැරූ උත්සාහය ව්‍යර්ථ වෙන්නේ රමාකාන්ත් විසින් එය වැළක්වීම නිසයි. අද කොටසින් මොකද වෙන්නේ. එන්න අපි බලමු. අද කතාව මොකක්ද? කළින් කොටසේ අල්ලගත්ත මනුස්සයාගේ ජීවිතය පොලිසිය විසින් බේරා ගන්නවා. ඒ ගම්වැසියන් ඔහුව ඝාතනය කිරීමට තැත් කිරීම පොලිසිය විසින් නැවැත්වූ නිසා. ඔහුව කුටියක රඳවා තැබෙන අතර රමාකාන්ත් කුල්කර්ණි විසින් ඔහුව පාපොච්චාරණය කරවාගන්නට උත්සහ කරනවා. එහෙත් ඔහු ඒ සඳහා අනුගමනය කරන්නේ ඉතාම කාරුණික ස්වරූපයක්. කෙසේ වෙතත් අවසානයේ රමාකාන්ත්ට ඒත්තු යනවා මේ ඝාතන වලට ඔහුගේ දායකත්වයක් තිබීම විය නොහැකි දෙයක් බව. එසේ නම් කවුද මේ ඝාතන සිදු කළේ? මේ අතර දෙවැනි මිනීමැරුම වුණු තැනට රමාකාන්ත් ගමන් කරන්නේ එතැන පරික්ෂා කිරීමටයි. ඒ මිනීමැරුම වුණු ආසන්න ස්ථානයේ තියෙන ශ්‍රී රංග් භරාටේගේ ඉඩම ඔහුගේ අවධානයට ලක් වෙනවා. ඔහුගේ ඉඩමේ නිධානයක් ඇතැයි ගමේ කටකතාවක් තියෙනවා. නිධානය ලබාගැනීමට ඔහු මේ ඝාතන සිදු කළා වත් ද? ශ්‍රීරංග් භරාටේව පොලිසියට කැඳවන කුල්කර්ණි ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔහුගේ ප්‍රකාශයන් අනුව මිනීමැරුම් ගැන අදහසක් ගත හැකිවෙයිද? මේ අතර හදිසියේ කුල්කර්ණිගේ කාමරය තුලින් මතුවන අද්භූත වස්තුව කුමක්ද? අද කොටසින් මේ දේවල් බලමු.   මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ, Manvat.murders.s01e02.the.voodoo.doll.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [308 MB] පිටපතටයි. මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි.

මේක මගේ එකසිය තිස් හත්වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!   Manvat Murders S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

804 downloadsDownload Manvat-Murders-S01E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

Subtitles

804 downloadsDownload Subtitles18 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ප්‍රබුද්ද සහෝ සබ්එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.