හත්වන කොටසින්, කණස්සල්ලෙන් සිටින සියක් දෑස් හා ඔහුව බලන්න ආ රැකවලාත් අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා හත්වන කොටස ආරම්භයේ දීම දැන ගන්න ලැබුණා. මේ හමුවීමේ දී ලෝටස් විසින් වූඩාන්ග් පන්සලට එල්ලවූ ප්‍රහාරයෙන් පසු තමන්ට සිදුවූ දේ ලී ජින්බාඕ නැතිනම් අන්ධ භික්ෂුවට පවසනවා. කොහොම උනත් අන්ධ භික්ෂුව කුබ්ලායිට සේව…

හත්වන කොටසින්,
කණස්සල්ලෙන් සිටින සියක් දෑස් හා ඔහුව බලන්න ආ රැකවලාත් අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා හත්වන කොටස ආරම්භයේ දීම දැන ගන්න ලැබුණා. මේ හමුවීමේ දී ලෝටස් විසින් වූඩාන්ග් පන්සලට එල්ලවූ ප්‍රහාරයෙන් පසු තමන්ට සිදුවූ දේ ලී ජින්බාඕ නැතිනම් අන්ධ භික්ෂුවට පවසනවා. කොහොම උනත් අන්ධ භික්ෂුව කුබ්ලායිට සේවය කිරීම ගැන නම් ලෝටස් බොහෝම අකමැත්තක් දක්වනවා. නමුත් තමන් ඇයි ද එහෙම කරන්නේ කියන එක ගැන නම් අන්ධ භික්ෂුව ලෝටස්ට කිසිවක් කියන්නේ නැහැ. නමුත් “සියක් දෑස්“ බලපු අය නම් දැන් දන්නවා ඒකට හේතූ මොනවද කියලා. අන්තිමට ඇය ඔහුට අභියෝග කරනවා කුබ්ලායි හෝ තමන්ව/තම වංශය තෝරා ගන්නා ලෙසට. මේ නිසා සියක් දෑස් කුබ්ලායි වෙත ගොස් තම කැමැත්ත ගැන කිවුවත් කුබ්ලායි ඊට ඉඩදෙන්නේ නැහැ. අවසානයේ සියක් දෑස් තීරණය කරනවා කුබ්ලායි සමඟ රැඳී ඉන්න. එය ලෝටස්ට පැවසීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර හොඳ සටනක් ඇති වෙනවා. සියක් දෑස් සටනින් ජයග්‍රහනය කිරීමත් සමඟ ලෝටස්ට පවසන්නේ පළිගැනීම අතහැර පිටව යන ලෙසයි.
මේ අතරේ කයිදුගේ උපදෙස් මත කුටුලන් හා ඕරස් විසින් කුබ්ලායිගේ ධජය යටත් අර්බාන්ගේ ගම්මානයට පහර දෙනවා. මෙම සමූල ඝාතනය පිළිබඳ දැන ගැනීමෙන් අර්බාන් කුබ්ලායි සමඟ විරසක වෙනවා. මේ අතරේ කුබ්ලායි වෙත පැමිණ සිටින අහමඩ් ඔහුගේ සැළැස්ම අනුව මේ ගැන සෙවීමට ජින්ගිම් යායුතු බව පවසා ජින්ගිම් ඇතුළු පිරිස නැගෙනහිරින් ඇති කයිදුගේ උගුල වෙතට පිටත් කරනවා. අහමඩ් සමඟ ආ මෙයි ලින්ට තම දියණිය දැකීමට අවශ්‍ය බව පැවසුවත් කුරුල්තායි අවසන් වනතෙක් එය කළ නොහැකි බව අහමඩ් පවසනවා. මේ හේතූවෙන් මෙයි ලින් මාර්කෝ හමුවෙනවා. මාර්කෝ ලවා තම දියණිය බේරා ගන්නා මෙයි ලින්, නැගෙනහිර ඇති මර උගුල ගැනත් මාර්කෝ සොයන තොරතුරු බටහිර ඇති බවත් පවසනවා.
කොකචින්ගේ මානසික ආතතියත් ලොකු ගැටළුවක් වෙලා නිසා චැබිට සෑම විටම කොකචින් හා නූපන් දරුවා රැක ගැනීමට මහත් වෙහෙසක් දරන්න සිදුවෙලා තියෙන්නේ. ලින්ග් ලින්ග් ගේ අතුරුදහන්වීමත් අහමඩ් දැන ගන්නවා. අවසානයේ දී මාර්කෝ විසින් නැගෙනහිර ඇති මර උගුල ගැනත් අහමඩ්ගේ ද්‍රෝහිවීම ගැනත් ජින්ගිම්ට පවසා බටහිරට යාමට ජින්ගිම්ව කැමති කර ගන්නවා. බටහිරට ගිය මොවුන් නයන්ගේ හමුදා කඳවුරු දැක ගන්නවා. එතැනදි වෙඩි බෙහෙත් පසුපස ආ බියම්බා වත් ඔවුනට හමුවෙනවා. අවසානයේ ඔවුන් දකින්නේ සමඟි වී ඇති නයන් හා කයිදු. ඒ වගේම මාර්කෝ අපේක්ෂා නොකළ පරිදි තම පියාවත් දකිනවා.
හත්වන කොටසේ අවසානයත් සමඟ දැන් මොනවා වෙයිද කියලා කට්ටිය බලාගෙන ඇත්තේ. අද මාර්කෝ තම පියාව හමුවෙනවා. මාර්කෝට තම පියාගේ අරමුණ දැන ගන්න හැකිවෙයිද? අහමඩ් මෙයි ලින් හා ලින්ග් ලින්ග් සොයා ගන්න උත්සාහ කරනවා. අහමඩ්ගෙන් බේරිලා මේ දෙන්නට පලා යාමට හැකිවෙයි ද? අහමඩ්ගේ ද්‍රෝහිවීම ගැන කුබ්ලායි මොන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද? එකතුවෙන්න අටවන කොටස සමඟින්.
Due to copyright issues, we do not provide any torrent links.
marco.polo.2014.s02e08.webrip.xvid-fum
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
991 downloadsDownload marco.polo_.2014.s02e08.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
9 comments
chamika
Isuru Chamara
thxxx
Kulanjana Maduranga
niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……
kosala
ela machooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thank u for the sub
suranuwan
thanks.......
Stranger
thanks
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankz for sub