කිව්වත් වගේ මං කතාව කලේ මේකේ පිටපත අන්තර්ජාලයට නිකුත් වුන දවසට පස්සේ දවසේ. ඒ කියන්නේ සිකුරාදා රෑ තමයි ඉවරයක් කලේ. පුංචිම සෙට් එකක් විතරක් බලන කොටසකට මහන්සි වෙනවා කියන්නේ හරියට පාඩු පිට ලෝ බජට් මූවී එකක් දුවනවා වගේ වැඩක්. 😛 දෙවන කතාමාලාව මං කරන්න හිටපු එකක් නෙවෙයි. නමුත් ඉතින් ආසාවට කරලා දැම්මා. කතා…

කිව්වත් වගේ මං කතාව කලේ මේකේ පිටපත අන්තර්ජාලයට නිකුත් වුන දවසට පස්සේ දවසේ. ඒ කියන්නේ සිකුරාදා රෑ තමයි ඉවරයක් කලේ. පුංචිම සෙට් එකක් විතරක් බලන කොටසකට මහන්සි වෙනවා කියන්නේ හරියට පාඩු පිට ලෝ බජට් මූවී එකක් දුවනවා වගේ වැඩක්. 😛 දෙවන කතාමාලාව මං කරන්න හිටපු එකක් නෙවෙයි. නමුත් ඉතින් ආසාවට කරලා දැම්මා. කතාමාලාවේ කොටස් දොළහක් විකාශය වුනා. කොටස් දොළහම අඩුවක් නැතුව සති පහකින් ලබා දෙන්න පුලුවන් වුනා. ඒ ගැන සතුටුයි. ඒවගේම අඩුවක් නැතුව හැමදාම අදහස් දක්වපු සෙට් එකක් හිටියා. ඒ අයට ගොඩක් ස්තුතියි. ඒ වගේම මං මේක ඉල්ලුවහම මටම මේක බාරදුන්න, විමෝ ගොඩක් ස්තුතියි!.
ගොඩක් දෙනා දෙවන කතාමාලාව පලවෙනි කොටස බලලම අතහැරියා කියලා මට තේරුණා. එක් හේතුවක් මේක පලවෙනි කතාමාලාවට වඩා වෙනස්ම පැත්තකට යොමු කලේ. මොකද කියනවනම් පෙර කතාමාලාවේ වැඩි වැඩියෙන්ම හැකින් වෙන සිද්දීන් ගොඩක් තිබ්බා. නමුත් මේක ගොඩක්ම වෙනස් වුනේ එලියට්ගේ තාත්තා මැරිලා කියල දැනගත්තට පස්සේ. ඒ නිසා දෙවැනි කතාමාලාව තනිකරම එක විකාරයක් වුනා. කෙටියෙන් කියනවනම් මවා ගැනීම් නිසා තමයි මේ හැමදේම රදා පැවතුණේ. එහෙමයි කියලා හැබැයි කුතුහලයෙ නම් කිසිම අඩුවක් වුන බවක් මං දැක්කේ නැහැ. එලියට්ගේ තාත්තා ඇත්තටම මැරිලා වගේම එයා එලියට්ගේ මනසින් යන්නේ නෑ. මොනාහරි බෙහෙතක් අරන් එයාව යැව්වත් ආයේ ටික වෙලාවකින් එනවා. ඇත්තටම වෙලාවකට එලියට්ගේ තාත්තා එයාට උදව් වුන අවස්ථාද තිබුණා. මේ නිසා වෙලාවකට ඒ චරිතේ ගැන දුකත් හිතුණා. නමුත් ඒ හැමදේම නැති වෙලා යයි අන්තිම අද කොටස බැලුවහම. තවත් කාරණයක් තමයි, මේ කතාව සමහරක් දෙනාට තේරෙන්නේ නෑ. ඒක සාධාරණයි. හැබැයි ඒකට මං වත් මේ කතාව හදපු අයවත් පලි නැහැ. කොහොමෙන් කොහොම හරි එලියට්ගේ තාත්තා බිදපු කේත වලින් ට්යිරෙල් ඉන්න තැන හොයාගත්තනේ. නමුත් පෙර කොටස බලපු අයට හිතෙන්න ඇති ඒ හිටියේ ඇත්තම ටයිරෙල් නෙවෙයි කියලා. ඒකත් මවා ගැනීමක් නැත්තම් එලියට්ගේ තාත්තගේ වැඩක් කියලා. මොකද එලියට්ගේ තාත්තා(එලියට්) කිව්වා එයාලා ටයිරෙල්ව මැරුවා කියලා. එතකොට ඒක බොරුවක්ද? ටයිරෙල් මැරිලා නැද්ද? නෑ. එයා මැරිලා නැහැ. ඒක ලොකු බොරුවක්. එහාකොට ඩාර්ලින් හා සිසිකෝ එක්ක රෙස්ටුරන්ට් එකේ ඉන්නකොට අදුරු හමුදාවේ කට්ටිය ඇවිල්ලා වෙඩිතියලා ගියා. එවෙලේ ඩිපීරෝත් හිටියනේ. එතනින් වුන දේ පෙන්නුවේ නෑ. වෙඩිතියපු වෙලාවේ සිසිකෝ නම් මැරිලා. නමුත් ඩිපීරෝ ඉල්ලුවා වගේම එයාට සම්මුඛ සකච්ඡාව කරන්න අවසර දෙනවා ඩාර්ලීන් එක්ක. ඇය නම් පොඩ්ඩක්වත් ඇත්ත කියන්න කැමති වෙන්නේ නෑ. නමුත් සිස්කෝ නැවතිලා ඉන්න තැනට එදා FBI එකෙන් කඩා වැදුණු වෙලාවේ ටේප් ඇරෙන්න හැමදේම හොයාගෙන. ඩාර්ලීන්ට කර කියාගන්න දෙයක් නැති ගාණටම හිරවෙනවා. එයා ඇත්ත කියයිද? එතකොට අර ඇන්ජෙලා. එයත් දැන් අර ගෑනි එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට දැන් ටයිරෙල්, ඇන්ජෙලා, කියන්නේ එක කණ්ඩායමක කට්ටිය. මේ අයට තියෙන්නේ හෙන කැත සැලසුමක්. ඒවගේම තමයි අර මොබ්ලි හා ට්‍රෙන්ටන් දෙන්නට මොනවා උනාද කියලා පෙන්නුවේම නැහැ. නමුත් ඒ දෙන්නා බලාපොරොත්තුවක් අද එකතු කරගන්න පුළුවන්.
මේ කතාමාලාවේ තුන්වැන්න ලබන අවුරුද්දේ විකාශය වෙනවා කියලා දෙවැන්න විකාශය වෙන අහරේම සදහන් කලා. මට නම් ඒක කරන්න අදහසක් නැහැ. නමුත් ඉතින් මං වෙනුවට වඩා හොද උපසිරැසිකරුවෙක් ඔයාලා හමුවට එයි කියල මං බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E12.PROPER.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
831 downloadsDownload Mr.Robot_.S02E12.Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
37 comments
madushan
Edward Kenway
thanks bro
Asiri
බොහොම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් Mr.Robot දෙවෙනි සීසන් එකට සබ් දුන්නට.මම කැමැත්තෙන් බලපු කතා මාලවකට කවුරුවත් සබ් නොදෙන වෙලාවක සබ් දෙන්න බාර අරන් අප්සෙට් කමෙන්ට් වැටෙද්දී උනත් ඔබ සීසන් එකටම අඩුවක් නැතුව සබ් දුන්න.ඇත්තටම බොහොම ස්තූතියි ඔබට
Ravindu Rukshan
thx for the sub
Soori
සීසන් දෙකම බැලුවා ඔබේ උපසිරැසි වලට පින් සිදු වෙන්න.
ගොඩාක් ස්තුතියි සහෝ....CHANDIKA
THANK YOU
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjula Jeter
බොහොම ස්තූතියි!
nishan
Thanks for sub machan
Kasun
බොහොම ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
onna api nm hri asawen me kathawa baluwa...
sanjeewa
thanks macho sub dunnata
tbs darshana
Thanx Very much ur subtitle,tnx
Geeth Tharanga
කාලෙකට පස්සේ ගොඩක් හොද කතාවක් බලන්න ලැබුනේ. ගොඩක් අසාවෙන් බලපු කතාවක්. මේකට උපසිරසි කරන්න මහන්සි වුන හැමෝටමත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ගොඩක් ස්තුතියි...
Isuru Dilshan
Thanks bro... Ptta katawak
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
shady
sub ekata thanks
.nj
thanks bro...
Udara Cooray
Thank you
Lahiru
Season 3 සබ් ඕනි ඉක්මනට
Sudesh
පුලුවන් නම් සීසන් 3 එකේ සබ් එකත් ඉක්මනට දෙන්න බ්‍රෝ. මේ වෙනකල් දීපු හැම සබ් එහෙකටම ගොඩක් ස්තූතියි.
hasalaka
Please, Mcn season 3 ekata sub karane nadda kawruth ? salli walata hari gannawa karoth ! pls
Lushan Tharinda
Season 3 sub denne nedda bro...
Puluwan nam mekatath sub denna.chanaka_naveen
බොහොම ස්තූතියි සහෝ… :D
ThushDhananjaya
ela bro season 3 eketh sub denna ikmanata
KaveeshBro
season 3 sub ikamanata oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
KaveeshBro
season 3 sub ikamanata dennaooooooooooo
ලෝෂණ
Season 3 ekata sub oniiiiiiiii..
Sachin519
බොහොම ස්තූතියි සහෝ…
Sudheera Kasun
Season 3 bala api balan inawa sub denaln...!
Isuru Sampath
season 3 tath daannoooo...api balan innawoooo
OmarAshen
Season 3
sandunnc99
mr robot s3 ekatath sub onna
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
tharidu16
okkomatama comment kare na. sorry. thanks
Shehan kavishka
Do not stop this service ever. This is the best web site for Sinhala subtitles I ever seen. Keep it up brothers
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මුලින්ම සබි වලට ස්තුතියි ...දවස් ගානක් බලපු කථාවෙි අවසානයටම ඇවිල්ලා මම නමි කැමැත්තෙන් බලපු කථාවක් .... තව ටිකක් කථාව දිග වෙනවා නමි. ...
.ලැබෙන කොමෙන් මදි උනාට .... කනගාටුවෙන්ට ඵපා... මෙි කථාව ගොඩක් දෙනෙක් බලනවා කියලා නමි සුවර්.තුන්වන සිසන් ඒකත් බයිස්කොපේ ඒකෙන් .කියා බලාපොරෝත්තු වෙන් ඉන්නේ.....