Watch Trailer

Mare of Easttown (2021) [S01 : E02] Sinhala Subtitles | පියෙකුගෙ ආදරය! [සිංහල උපසිරැසි]

කේට් වින්ස්ලේට් ප්‍රධාන චරිතය හොබවන HBO නාළිකාවේ විකාශය වූ අතිශය ජනප්‍රිය වූ බොහොම කුතුහලය දනවන, ජීවිතවල නොදකින පැතිකඩක් හොවා දක්වන මනා නිර්මාණයක් වන MARE OF EAST TOWN කතාමාලාවේ දෙවැනි කොටසයි මේ අරගෙන ආවේ. හොදයි එහෙමනම් කට්ටිය මොකෝ හිතන්නෙ? පළවැනි කොටහේ නිකන් මොකුත් උනේ නෑ ඔහේ ගලාගෙන ගියා වගේ කියලා…

කේට් වින්ස්ලේට් ප්‍රධාන චරිතය හොබවන HBO නාළිකාවේ විකාශය වූ අතිශය ජනප්‍රිය වූ බොහොම කුතුහලය දනවන, ජීවිතවල නොදකින පැතිකඩක් හොවා දක්වන මනා නිර්මාණයක් වන MARE OF EAST TOWN කතාමාලාවේ දෙවැනි කොටසයි මේ අරගෙන ආවේ. හොදයි එහෙමනම් කට්ටිය මොකෝ හිතන්නෙ? පළවැනි කොටහේ නිකන් මොකුත් උනේ නෑ ඔහේ ගලාගෙන ගියා වගේ කියලා හිතුනාද? එහෙනම් ඔන්න ඒක මෙතනින් පස්සෙ වෙනස් වෙනවා.

පළවැනි කොටහේ අපි දැක්කා මේයර් පොලිස් නිළධාරිනියක් විදිහට වගේම අම්මා කෙනෙක්, දුවෙක්, දික්කසාද උන බිරිදක් විදිහට මූණ දෙන ප්‍රශ්න ටිකක්. ඒ අතරින් මේයර්ගෙ පොලිස් ජීවිතය තුළ තියෙන ලොකුම ප්‍රශ්නයක් උනේ වසරකට අතුරුදහන් තරුණියක් පෙර හෝඩුවාවක් සොයාගන්න අසමත් වීමත් ඒ තුළින් සමාජයෙන් ඇයට එල්ල වෙන පීඩනයත්. පවුලේ ප්‍රශ්නනම් ඉතින් එමටනෙ..

ඔය අතරෙ අපි දැක්කා බොහොම අහිංසක පෙනුමට ඉන්න ලස්සන තරුණියක් පුංචි බබෙක් ඉන්නවා. දැක්ක ගමන්ම හිතුනේ ඒ බබාගෙ අක්කා කෙනෙක් වෙන්න ඇති කියලා නේද? නෑ ඒ අක්කා නෙවෙයි අම්මා. එයාගෙ නම උනේ එරින්.. ඉතින් මේ එරින් බාල වයස්කාර අවිවාහක අම්මා කෙනෙක්. ඒ නිසාම බබාගෙ තාත්තා වෙනමත් එරින් තමන්ගෙ පියාගේ ගෙදරත් තමයි ජීවත් වෙන්නෙ. පේන හැටියට මේ දෙන්නා අතරෙ යම් විරසකයක් එහෙමත් තියෙන පාටක් නෙව පෙනුනෙ.

ඉතින් කතාවේ චරිත කීපයක් හදුන්වලා දෙමින් කම්මැලිකමේ ගලාගෙන ගිය කතාව අන්තිමේ අවසන් උනේ මේයර්ට ලැබෙන දුරකථන ඇමතුමක් එක්ක. ඒ ඇමතුම ලැබෙන්නෙ එරින්ගෙ ඝාතනය සම්බන්ධව. කට්ටිය දැක්කානෙ එරින්ව නිර්වස්ත්‍රව ඔලුවේ තුවාලෙකුත් එක්ක මරලා දාලා තියෙනවා.

ඔන්න අද කොටසින් නගරෙ අප්‍රසාදයට ලක් වෙලා ඉන්න මේයර්ට එරින්ගෙ ඝාතනය විසදීමේ වගකීමත් ලැබෙනවා. වසරකට පෙර බාර උන තරුණියගෙ අතුරුදන් වීමේ පරීක්‍ෂණය සාර්ථකව විසදීමට අසමත් උන නිසාම මේ පාර මේයර්ගෙ සහයට ඉහලින් පරීක්‍ෂකවරයෙක් එහෙමත් ගෙන්නනවා. ඉතින් අපි බලමු ඊස්ට්ටවුන්හි මේයර්ට එරින්ගෙ මරණය ගැන හොයාගන්න පුළුවන් වෙන්නෙ මොනාද කියලා.

එහෙමනම් මේයර් එක්ක එකතු වෙලා එරින්ගෙ මරණයේ රහස විසදන්න ආරාධනා කරමින් මා සමුගන්නෙ යළි තුන්වැනි කොටසින් හමුවෙන අපේක්‍ෂාවෙන්. එතෙක් ඔබට ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,842 downloadsDownload Mare-of-Easttown-2021-S01-E02.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,842 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Kushan

    Sub akta thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. indika75

    thanks..

  4. Chandima Prasad

    Thanks.........

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

  7. Anonymous

    Thnx for sub ...❤️

  8. Udara Damith

    elaaaaaa

  9. Dewadithya

    Thanks for Sub!